අද ට මම, අපි වෙලා හරියටම මාසයයි... තනිකඩව ලිව්ව 99ට පස්සෙ ලියන 100 වෙනි පෝස්ට් එක මේක... එක දිගට මාස 6-7ක් තිස්සේ එහෙට මෙහෙට දුව දුව කරපු යුද්දෙ දැන් යාන්තම් ඉවරයි... සියල්ල බොහෝම හොඳින් සිද්ධ වෙලා රැස් ව සිටි සියලු දෙනා සතුටින් විසිර ගියා... අපි දෙන්නත් හැමදේම අළුතින් ම පටන් ගත්තා... දෙන්න කිව්වට දෙකම එකයි.. ඒ නිසා පිස්සු ඩබල් ගතියකුත් ටිකක් විතර තියෙනවා හික් හික් හික්..... කොහොම වුණත් ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගලාගෙන යන්න පටන් ගත්තා ඒක නම් හිතට මාර සැනසීමක්...
මේ දවස් වල ඉතින් හතර වටේ ගමන් බිමන් යන එක සහ යන යන තැන් වලින් කන බොන එක තමා කරන්නේ... අපි දෙන්නගේ උයන වැඩෙත් සෑහෙන්න නැඟල යනවා... අපරාදේ කියන්න බෑ උයන ඕනේ දෙයක් බඩ පැලෙන්න කන්න පුලුවන් (අපේ එක්කෙනාගේ අත් ගුණේ නේ.. හිහ්)... පොල්ගෑම (පිටිකළ පොල්කිරි කඩෙන් ගෙනත් දීම) වගේ දේවල් වලට මටත් උපන් හැකියාවක් තියෙන නිසා කොයි වෙලාවේ වත් බඩ ගින්නේ ඉන්නේ නෑ... එක එක පරීක්ෂණ කර කර හැදෙන ඕනේම දෙයක් කනවා...
ගිය සතියේ ඉඳල වගේ ෆිල්ම් ෆෙස්ටිවල් තියන්නත් නිදහස පොඩ්ඩක් ලැබුණා.. ඒ එක්කම ස්ටාර් ගේට් සීසන් ටික ඔක්කොමත් ලැබුණා... පොඩ්ඩක් බැනුම් අහ අහ ෆිල්ම් බලන එකත් පට්ට ආතල් වැඩේ... කොහොම හරි පවුල් ජීවිතේ කියන එක අපූරුවට යනවා... කිරිගහට මෝල්ගහෙන් ගැහුව වගේ අපි දෙන්න එකම වගේ වෙච්ච එක (එකම දේ එකම වෙලාවට හිතීම කියන එක නිතර වීම) නිසා හැමදේම හොඳින් සිද්ධ වෙනවා.... කොහොම වුණත් අපි දැන් බැඳල නේ කියන එක නම් කොයි වෙලාවෙ වත් මතක් වෙන්නෙ නෑ... මුද්ද දැක්කම තමා ඒක මතක් වෙන්නෙ...
බ්ලොග් ලියන එක අද ඉඳන් නිල වශයෙන් පටන් ගන්නයි ඉන්නෙ... ඉලංදාරියාගේ සමුගැනීම අවංකවම දුක හිතුන දෙයක් මොකද පහුගිය දවස් වල එක දිගට තිබ්බ වැඩයි ගමන් බිමනුයි නිසා මට එක සැරයක් වත් ඉලංදාරියව හම්බ වෙන්නවත් හරිහමන් උදව්වක් කරන්නවත් අඩුම තරමේ මල ගෙදරවත් යන්න බැරි උණා... මොනව කරන්න ද.... පිං අතේ වැඩක් කරන හැම වෙලාවෙදිම ඉලංදාරියව මතක් කරල පිං දෙන එක තමා අපිට කරන්න පුළුවන්...
ජීවිතේ හැටි... මම බොහෝම සතුටින් ජීවිතේ පටන් ගන්න කොට මම වගේම තව කෙනෙක් ජීවිතෙන් සමු අරන්... රෝදේ කැරකෙන විදිය තමා... මොනව කරන්නද ඉතින්...
ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී කියල ඉස්සර පිස්සු පූසා කියන කතාව තමා කියන්න වෙන්නෙ...
අපි දෙන්නගේ පොටෝ කෑලි ටිකක්....
සහ මගේ හෙලිකොප්පරය...
හෙලිකොටර් එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්...
විදේශ අංශයේ වත්මන් තත්ත්වය
-
පසුගිය 2024 වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,206ක
අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඊට පෙර, 2023 වසර තුළද ඩොලර් මිලියන 1,559ක
ජංගම ගිණුම් අත...
1 hour ago