ඉස්කෝලේ කාලේ කතා කිව්වම කාට වුනත් තියෙන්නේ හරි ලස්සන මතක. ටික ටික වයසට යනකොට ඒ කාලේ නැවත මතක් කර කර සතුටු වෙන එක හරිම ආශ්වාද ජනක දෙයක්. මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි පොතම බදාගෙන මෙලෝ රහක් නැතිව ඉන්න හෙනම අපතයෙකුත් නොවන අතර මැද වගේ චරිතයක්. දැන් සහ ඒ කාලේත් එහෙම තමා. ඒ නිසා ඉස්කෝලේ කාලේ ගැන තියෙන මතක මාධ්‍යස්තයි. ගුටි කාපු සීන් නම් එකක් හෝ දෙකක් තමයි.. ඒකත් ඉතින් පන්තියම කන වෙලාවට කාපු ඒවා තමා. ඊට පස්සේ ඉතින් අනිත් සියලු කුපාඩි වැඩ මොනවා හරි කරලා තියෙනවනම් ඒවත් ඔය පන්තියේම උන් සෙට් වෙලා කරද්දී කරපුව මිසක් වෙන වෙනම කරපු සිද්දි නම් නැද්ද කොහෙද... මම කලින් ඒ වගේ සිද්දි දෙක තුනක් ලියල ඇති. මේ තියෙන්නේ පරණ කතා...
ඉස්කෝලේ කාලේ ප්‍රේම කතා නැගල යනවනේ... අනිත් උන්ට ඕවා නැගල ගියාට මට ඒ සබ්ජෙක්ට් එකත් ඒ හැටිම නැගල ගියේ නෑ... ඒ කියන්නේ හැමදාම 50% වගේ තමා තිබ්බේ... හෙහ් හෙහ්.. හැබැයි ඉතින් මෙහෙමයි, 50% කියන එක 100% කරන්න අවස්ථා තිබුනට සමහර වෙලාවට අනිත් පැත්තේ 50% ඇවිල්ලා මගේ පැත්තේන් 50% නැති සිද්දීත් තිබ්බා... අපරාදේ චෙහ් කියල දැන් හිතුනත්... ඒ කාලේදී මම මට හිතට අල්ලලා ගියේ නැත්නම් වැඩේ දිගට ගෙනිච්චේ නෑ... එහෙම කරලා ආතල් එකක් ගැනීම කියන දේ මට ඉස්සර ඉඳල කරන්න නොහිතුනු දෙයක්... හැබැයි ඉතින් එහෙමයි කියල සත්‍ය ප්‍රේම බ්රුංග රාජයා වගේ හිටියේ නෑ... තියෙන කුපාඩි සහ ගොන්පාට් වැඩ හැම එකම වගේ කරලා තියෙනවා.. මම මේ කිව්වේ කෙල්ලෝ පස්සේ යාම ගැන... එහෙම නැතුව කෙල්ලෝ රවට්ටලා කරන කුපාඩි වැඩ නෙවෙයි...හෙහ් හෙහ් ( ඔය කොච්චර කිව්වත් රට්ටු හිතන දේවල් අපිට නතර කරන්න බෑනේ...)
දැන් ඔන්න ඔහොම බෝ පැලේ වගේ ඉන්නකොට ඔය උඩින් දාපු 13 B පන්තියේ ට්‍රිප් එක යද්දී කරපු වැඩක් සහ එකේ ප්‍රතිඵලයක් විදියට සිද්ද වෙච්ච දෙයක් සහ ඊට පස්සේ වෙච්ච පොඩි හුටපටයක් ගැන මේ ලියන්නේ. ට්‍රිප් එකේ කතාව ආයේ මෙතන ලියන්න ඕනේ නෑ.. ඒක කියවල ආව නම් මිට වඩා ආතල් එකක් තියෙයි... ට්‍රිප් එක යද්දී ඔන්න උදේ කෑමට බස් එක නතර කලානේ... ඊට පස්සේ වුනේ මෙහෙමයි...
"දයිවයේ හැටි කියන්නේ ...ඒ දවසේ, ඒ වෙලාවෙම,ඒ පැත්තටම යන,ඒ කඩෙන්ම උදේට කන්න තව බස් එකකුත් ඇවිල්ල නතර කරලා තිබ්බ... මහා බ්‍රහ්මයත් කරන වැඩ කියන්නේ ඒ බස් එකේ හිටියේ කොහෙද මන්ද ඉස්කෝලෙක කෙල්ලෝ ටිකක්... කරුමෙක මහත කියන්නේ ඒ කෙල්ලොත් අපි වගේම උසස් පෙළ කරන වයසෙමයි... මම කියන්නේ එහෙම දේවල් සිද්ද වෙනකොට ගම්පහ තිබිච්ච එකම සිරා කොල්ලන්ගේ ඉස්කෝලේ වෙච්ච (අනිත් ගෑනු ඉස්කෝල අපි ඒ දවස් වල තඹේකට ගණන් ගත්තේ නෑ.. ඒවායේ හිටපු කෙල්ලන්ව තනි තනි වශයෙන් ඔලුව උඩ තියන් ගණන් ගත්තට ) අපේ ඉස්කෝලේ උසස් පෙළ කොල්ලෝ වශයෙන් අපිට ඇහැ කන පියාගෙන ඉන්න බැහැනේ ...
මොනවා උනත් අපි එතන චාටර් කර ගන්නේ නැතුව ඒ නංගිලා එක්ක ජනෙල් වලින් කතා බහ කරගෙන නම ගම ඇඩ්රස්, ටෙලිෆෝන් නම්බර් එහෙම තිබුන නම් ඒවා හුවමාරු කරගෙන බොහොම වැදගත් විදියට හැසිරුණා... බස් එකෙන් බැහැල ගිහින් ඒ බස් එකට නගින්න හදපු අවස්ථා එහමත් එකක් දෙකක් තිබ්බ මම හිතන්නේ.. කොහොම වුනත් පොලිසි නොයන මට්ටමින් උදේට කාල අපි එතනින් ආව.. "
ඔන්න ඔහොමයි එතන සිද්දිය වුනේ...
දැන් ට්‍රිප් ඔක්කොම ගිහින්, වලි ෂේප් වෙලා, ඉස්කෝලේ හුටපට ඉවර වෙලා ආපහු බැක් ටු නෝමල් වේගෙන එනකොට මෙන්න දවසක් මට කෝල් එකක් ආවා...
ටින් බෙලෙක්ක ටෙලිෆෝන් එකකින් කතා කරන කාටුන් එකක්
මට කෝල් එකක් ආවා කිව්වේ අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒ දවස් වල එක ෆෝන් එක හැමෝටම අයිති යුගය නේ. තනි තනි ෆෝන් නෑ.. කෝල් එකක් ආවත් හරි අමාරුයි ජාමේ බේරාගෙන කතා කරන්න. ඒ දවස් වල ඩයල් අප් (Dial-up) එකෙන් ඉන්ටර්නෙට් යන හින්ද මම කොහොමත් ගෙදර ඇතුලේ තව ලයින් එකක් ඇදගෙන තිබුනේ මගේ කාමරේට. ෆෝන් එකේ වයර් එකත් සෑහෙන්න දිගට දාගෙන තිබ්බේ උස්සගෙන කාමරේට දුවන්න පුළුවන් විදියට. මුලින් ම (Dial-up) වලින් ඉන්ටර්නෙට් යද්දී තිබ්බ ආතල් මතක් වෙනවා දැන්... හෙහ් හෙහ්... 10kbps ඩවුන්ලෝඩ් කියන්නේ නිකන් කියල වැඩක් නැති ආතල් එකක්... දැන් 4K ෆිල්ම් එකක් stream වුනත් එහෙම ආතල් එකක් නෑ... ඉන්ටර්නෙට් කතා වෙනම ලියන්න තියල... කෝල් එක ගැන කතාවට එමුකො...
කෝල් එක ගත්තේ මම ද කොහෙද... මොකද ඒ දවස් වල දවල් දවසේ අපේ ගෙදර කවුරුවත් නෑ.. අම්ම වැඩ.. තාත්තත් වැඩ... අක්ක කැම්පස් එකේ හින්ද ගෙදර ආවේ සතියකට සැරයක් වගේ... ඉතින් දවල් දවසේ මගේ රාජ්ජේ තමා තිබ්බේ..
මුල්ම කතාවේ දෙබස් දැන් මතක නෑ.. හැබැයි ඉතින් එහා පැත්තෙන් කෙල්ලෙක් කතා කරනකොට මතක් වෙන පැණි ටෝක් ඔක්කොම ටික දාන්න ඇති...
මොරටුව පැත්තේ ගෑනු ළමයෙක් මෙන්න දැන් මට කතා කරනවා. ඉස්කෝලේ මොරටුව ප්‍රින්සස් ඔෆ් වේල්ස් ද කොහෙද. මේ ළමයට කොහෙන්ද ඉතින් අපේ ගෙදර නම්බරේ... හෙහ් හෙහ්...
"අර එදා ඔයාල අපේ බස් එකට කොළ කෑලි වල ලියල නම්බර් වගයක් දැම්ම නේද.. ඔයාගේ නම මොකක් ද?"
ඔන්න ඔහොමයි වැඩේ පටන් ගත්තේ...
එදා ඉදල හැමදාම වගේ එක්කෝ මොරටුවෙන් කෝල් එකක් අපේ ගෙදරට හෝ අපේ ගෙදරින් කෝල් එකක් මොරටුවට අනිවාර්යෙන් ගියා... ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ 3.30 ට විතර ඊට පස්සේ ඉතින් පැය බාගෙක පැයක විතර මල් කැඩීමක් තමා ඉතින්...
මේ ළමයා ගැන විස්තර බ්ලොග් එකේ ලියන එක හරි නෑ... නමුත් ගෙදර පොඩි පොඩි කචල් වගයක් නිසා නෑදෑයෙකුගේ ගෙදර නතර වෙලා හිටපු ළමයෙක්... කරුණාවන්ත කට හඬක් තිබුනේ... පෙනුමත් නරක නෑ... මතක විදියට තලෙලුයි.. පවුලේ විස්තර නම් මට දැන් මතක නෑ... හරි හොඳට කතා බහ කරගෙන ගියා ඉතින්... වැඩි හරියක් ඉතින් අධ්‍යාපනික දේවල් තමා ... හෙහ් හෙහ් හෙහ්... ඉගෙන ගන්න වයස නිසා හැමදේම අධ්‍යාපනිකයිනේ ඒ කාලේ...
ඔය කතා බහ දුර දිග ගිහින් ඉතින් දැන් අපේ ගෙදර කට්ටියටත් වැඩේ මාට්ටු... මම හැමදාම මේ මොරටුවේ කෙල්ලෙක් එක්ක කයිය ගහනවා කියල... අපේ අක්ක අහන්නේ "තමුසෙගෙ අර මොරටුවේ කෙල්ල කතා කලේ නැද්ද" ඔන්න ඔහොම...
ඊට පස්සේ කාලෙක තව ගෑනු ළමයෙක් මට ඔහොම දිගට කතා කළා.. එයා නම් මගේ බුදු ෆිට් එකක්.. ඒ කෝල් එක එද්දී අපේ අක්ක කියන්නේ මෙන්න මෙහෙම "මල්ලි මෙන්න තමුසෙට "පැතුම් ප්ලීස්" කතා කරනවා" හෙහ් හෙහ්... ඒ දැරිවි ගැන පස්සේ කාලෙක එකක් ලියන්නම් කෝ...
අක්කා වගේ නෙවෙයි අපේ නංගි... මාත් එක්ක හෙනම ෆිට්... අපි දෙන්න ඔය ගෑනු ළමයි සහ නංගිගේ පිරිමි ළමයි සබ්ජෙක්ට් වලදී හරිම සහයෝගෙන් වැඩ කළා... හෙහ් හෙහ්
කොහොම හරි මේ මොරටුවේ ළමයාගේ සීන් එක අපේ තාත්තා අපේ බාප්පා එක්කත් කියල... අපේ බාප්පා බොහොම පහු කාලෙක, ඒ කියන්නේ තාත්තා නැතිවෙලත් අවුරදු 5-6ක් විතර ගිය දවසක, ඔය කයියක් ගහගෙන ඉන්න වෙලාවක, එක පාරටම "තමුසෙගෙ අර මොරටුවේ කෙල්ලගේ වැඩේට මොකද වුනේ කියල මගෙන් ඇහුවා... හෙහ් හෙහ්.." අපේ බාප්පත් හරි ආතල් පොර..මම ඉතින් හොල්මං... කොහොමද ඒක ගැන දන්නේ කියල මම ඇහුවා.. "මට දවසක් තාත්තා කිව්වා... මේ කොල්ලා බස් එකේදී ඇඩ්රස් දීලා මෙන්න මෙහෙම කෙල්ලෙක් කතා කරනවා කියල... හෙහ් හෙහ්... වැඩේ එච්චර දුර ගිහිල්ලා..
මේ හුට පටේ ඉතින් ගෙදර අයට කලින් ඒ දවස් වල උදේ හවස එකට වැටී කකා බිබී හිටපු මගේ අතීසාර යාලුවෝ වෙච්ච කොටා සහ බෝගොඩයත් දන්නවා. උන්ට ඩේලි රිපෝට් දෙන්න ඕනේ ඉතින්... උන්ගෙන් මට අපරාදේ කියන්න බෑ නියම උපදෙස් ටිකක් තමා ලැබුනේ...
ඔය දවස් වල විභාගේ කිට්ටු වීම සහ මම අර පොත ලියන වැඩේ හින්ද මේ ළමයව හම්බ වෙන්න නම් ගියේ නැද්ද කොහෙද...
කොහොම හරි මගේ පොතේ දොරට වැඩුම තිබුණ උත්සවේට ආවා. එයයි එයාගේ කවුද නෑයෙක් හිටිය වගේ මතකයි.. එදා තමයි අපි මුල් වරට දැක්කේ ඔන්න. ඒ වෙද්දී අම්මලත් දන්න හින්දා ඉතින් අමුතුවෙන් චාටර් වෙන්න දෙයක් තිබ්බේ නෑ... මම ගිහින් අඳුන්වල දුන්නා "අම්මේ මේ ඉන්නේ අර මොරටුවේ...." කියල... හෙහ් හෙහ්
මට දැන් මතක නෑ... පොතේ සිද්දියට පස්සෙද ඊට කලින් ද මන්ද දවසක මේ ළමයට මොකක් හෝ පොඩි වැඩක් කරගන්න ඕනේ වෙලා මමයි දිනේෂ් හෙවත් කොටා එකතු වෙලා ඒක කරලා දුන්නා. ඔය මොකක් හරි
සරල සීන් එකක්. ටයිප් සෙටින් වැඩක් වගේ එකක්... මට ඒ දවස් වල කොම්පුටරෙන් ඔය ෆොටෝ එඩිට් වැඩ එහෙම හොඳට පුළුවන්. මට මතක විදියට ෆොටෝෂොප් 5.0 හරි 5.5 හරි තමා පාවිච්චි කලේ... ග්‍රැෆික් වැඩ වලට මම තාම ආස වුනාට දැන් කරන්න වෙන්නේ නෑ... ඕක හදල දුන්නට පස්සේ එක දවසක් මමයි දිනේෂයයි ගියා කොල්ලුපිටියේ ඒක දෙන්න. අන්න එදත් එක සැරයක් හම්බ වුනා. ඒ සැරේ මම කරලා දුන්න වැඩේ වෙනුවෙන් මට ඔය ප්ලාස්ටික් වගේ ජාතියකින් හදල දුන්න ෆොටෝ ෆ්‍රේම් එකකුයි, දිනේෂයටත් ඔය මොකක් හරි එකකුයි ඒ ළමය දුන්න... හෙහ් හෙහ් අපිට ඉතින් හෙන ආතල්...
දැන් ඔහොම සරල විදියට වැඩේ යද්දී විභාගෙත් කිට්ටු වෙලා එහෙම ඉද්දි අපේ ගෙදර අයගෙන් මට උපදෙස්... වෙන මොනවත් නෙවෙයි ඉතින් විභාගේ ගැන තමා... ඔය ටෙලිෆෝන් එකේ දවසම එල්ලිලා ඉන්නේ නැතුව පාඩම් කරන්න කියන එක තමා එකම උපදෙස... මාත් ඉතින් හා හා කිය කිය වැඩේ කරගෙන යනවා...
එක දවසක් ඔන්න මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා. එදා මොකක් හරි හේතුවකට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර...
මම දන්නවා දැන් 3.00-3.30 වෙද්දී කෝල් එක එනවා කියල... අදත් කෝල් එක ආවොත් නම් ඉතින් වැඩේ අමාරුයි කියල තේරිලා මම හීන් සීරුවේ ටෙලිෆෝන් එකේ වයර් එක ගලවල දැම්ම අර පොඩි පෙට්ටියෙන්. ඊට පස්සේ නාල කාල හොඳ ළමය වගේ පොතක් එහෙම අරගෙන දැන් සාලෙට යනවා. පාඩම් කරන්න.
"අර මොරටුවේ ළමයා මොකද ඔච්චර කතා කරන්නේ... තාත්තද කොහෙද එහෙම ඇහුවේ... දැන් වැඩිය කතා කරන්නේ නෑ අනේ... මම ෂේප් වුනා.."
"එහෙනම් මේ දැන් ටිකකට කලිනුත් කතා කලේ... ඕවා හරියන වැඩ නෙවෙයි... ඔන්න ඕක නතර කරලා දාල විභාගේ පාස් වෙනවා... ඊට පස්සේ ඕනේ එකක් කරගන්නවා... අම්මද කොහෙද එහෙම කිව්වා..."
"මම හොඳට මොලේ කල්පනා කරලා ටෙලිෆෝන් එකේ වයර් එක ගලවල තිබ්බට මොකද.. මේ කෙල්ල මම එන්න විනාඩි 10කට විතර කලින් සුපුරුදු කෝල් එක අරන්...."
ලොකු අවුලක් නැතුව එදා එහෙම ෂේප් වුනා. හැබැයි ඉතින් අවංකවම කිව්වොත් මම යාළුකමට වගේ තමා මේ ළමයා එක්ක කතා කලේ.. ඒ ළමයත් එහෙම වෙන්න ඇති... හැබැයි ඉතින් ඒ ළමයාගේ හැසිරීම ගැන දැන් හිතල බලද්දී මම මගේ 50% දැම්ම නම් ඒක 100% කර ගන්න ඕනේ තරම් ඉඩ තිබුනා. නමුත් ඉතින් මම මගේ 50% එහෙම කෙලින් දුන්නේ නෑ.. ඔහේ වල්පල් කියව කියව ගෙවල දැම්ම... මොකද ඔය කොච්චර හිටියත් හිතට වදින කම් කොල්ලෝ වශයෙන් අපිත් එහෙම කෙල්ලන්ට අහු වෙන්නේ නෑ... කලාතුරකින් කොල්ලෝ මෝඩ කමට අහු වෙලා චාටර් වෙනවා තමා.. හැබැයි මේ සිද්දියේදී එහෙම චුනේ නෑ...
ඒ දවස් වල තමා අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මය කියන "සඟවන්න එපා හසරැල්..." සිංදුව ජනප්‍රිය වෙලා තිබුනේ... අපි ඔය කතා කර කර ඉන්නකොට මම සිංදුවක් කියන්න කිව්වම මේ ඔය සිංදුව තමා ඉතින් කියන්නේ.... ලස්සනට සිංදු කියන්න පුළුවන් හැකියාවක් එයාට තිබුනා... හෙහ් හෙහ්...
ඔන්න ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගියා...
ඊට පස්සේ විභාග ඉවර වෙලා මම NIBM එකට ගියා. ඒ අතරතුර, ඔය පොත කියවපු තව ගෑනු ළමයෙක් මට ලියුම් එවන්න පටන් ගත්තා.. මම ඒකත් ගානට බැලන්ස් කරගෙන යද්දී තව NIBM එකේ අක්ක කෙනෙක් ගේ හුටපටේකුත් ඒ දවස් වල පැටලුනා...අනිත් පැත්තෙන් මම කැමති තව ළමයෙකුගේ සීන් එකකුත් තිබුනා.. හෙහ් හෙහ්... තනි මම ම එපෑ මේවා කරන්න කිය කිය ඉතින් අමාරුවෙන් ඇදගෙන ගියේ...
ඊට පස්සේ මේ ළමයත් මොකක් හරි කෝස් එකකටද කොහෙද ගියා... පස්සේ පස්සේ කෝල් අඩු වෙලා අපි දෙන්න ලියුම් ලියන්න පටන් ගත්තා... හෙහ් හෙහ්... ලියුම් වැඩෙත් මම කාලයක් තිස්සේ කරපු වැඩක්... අපේ නංගි අතේ ලියුම් යවපු වැඩ එහෙමත් තිබුනා ඉතින්... ඒවා පසු කාලෙක ලියන්නම්කො...
ඔය ඔක්කොමත් එක්ක යන අතරේදී මම දවසක් ජොලියට වගේ මේ ළමය එවපු ලියුමක තිබ්බ අඩුපාඩු ටිකක් රතු පෑනෙන් හදල ආපහු තැපැල් කළා ...ඒ කිව්වේ මේ ජොලියට පොඩි කමෙන්ට්ස් එහෙම ටිකක් දාල.. ඉරි ටිකක් ගහල ආතල් එකට කරපු වැඩක්...
ඒක තමයි අපි දෙන්නගේ අන්තිම ලියුම් ගනුදෙනුව... ඒ වෙද්දී ටික ටික දියවෙලා යමින් තිබ්බ කතාබහ ඒ ආපසු යවපු ලිව්වමත් එක්ක නතර වෙලාම ගියා... ඊට පස්සේ ඉතින් බොහෝ දේවල් සිද්ද වෙලා මේ වෙද්දී කිසිම සම්බන්ධයක් නැතිවෙලා තියෙන්නේ... අඩුම තරමේ මට දැන් ඒ ළමයෙගේ සම්පුර්ණ නමවත් මතක නෑ.. ඉතින් ෆේස්බුක් එකේ ඉන්නවද කියල හොයන්නත් විදියක් නෑ... හැබැයි ඉතින් ලස්සන මතකයක් ඉතිරි වෙලා තියෙනවා... මේ වෙද්දී කොහේ හරි හොඳින් ඇති කියල හිතනවා..
ඔන්න ඔහොමයි ඉතින් ඕවා වෙන්නේ... තව වයසට ගියාම මතක් කර කර ඉන්න අලුත් දේවලුත් මේ දවස් වල සිද්ද වෙනවා.. හෙහ් හෙහ්... ඒවා නාකි වෙලා ලියන්නම්...
(බය වෙන්න දෙයක් නෑ... ගෙදර උන්දැත් දන්නවා මගේ හුටපට ගැන... )
ලස්සන මතක. මටත් එක එක ඒවා මතක් වෙනවා ඒත් සමාර දේවල් අමරුවෙන් යටපත් කර ගන්නවා. ඔය රතු ඉරි කේස් එක වගේ වැඩම තමා මාත් කරන්නේ. සෙට් වෙලා හොදට ඉදල ඩිංගක් තරහ උනාට පස්සේ චාටර් වැඩක් කරනවා. ඊට පස්සේ ඉතිං පස්සවත් නොබල ඒ ලමයා යනවා. හැක් හැක්
ReplyDeleteයටපත් කරගෙන ඉන්නේ නැතුව ලියල දාපන් බං..
Deleteමට නම් අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න දේවල් ඉතිරි වෙලා නෑ... මේ විදියේ සීන් තමා ගොඩක් තියෙන්නේ.. හෙහ් හෙහ්...
රතු පෑන් ඉරි කියන්නේ එච්චර අවුලක් තියෙන දෙයක් කියල මම දැනගෙන හිටියේ නෑ... මම ඔන්න ඔහේ ජොලියට කරපු වැඩක්... හැබැයි ඉතින් ඒ වැඩෙන් හිත රිදෙන්න ඇති... පව් වැඩේ..
එතකොට අර අරව... ඒවා ලියන්නේ නෑ ? හි හි හි
ReplyDeleteකට කහනවා ඉතින් මේවා කියෙව්වම
අරව කිව්වේ මොනවාද?
Deleteහිතෙන දේ කියල දාන්න මෙයා..
බලාගෙන ගියාම මුගේ හොඳ හොඳ සෙල්ලං තිබිල තියෙනව ඒ කාලෙ. හැක්..
ReplyDeleteබොලාගෙ ගෙදර ෆෝන් බිල ගෙවන්න සෑහෙන්න වියදමක් යන්න ඇති ඒ දවස්වල නෙහ්.
හොඳ සෙල්ලං තමා බං තිබ්බේ... මම නරක සෙල්ලං කලේ නෑ... හෙහ් හෙහ්..
Deleteෆෝන් බීල නම් ගියා... අක්ක එහෙමත් ඒ කාලේ මල් කැඩුවනේ.. ඉතින් ඒවා ෂේප් වෙලා ගියා.. හෙහ් හෙහ්..
This comment has been removed by the author.
ReplyDeletefor the wellbeing of the blogger because, although the post has been passed by the domestic sensor the comments are not.
Deleteමොකද වුනේ? මට මේ කොමෙන්ට්ස් දැම්ම ම ඊමේල් එන්නේ නෑ දැන්.. මොකක් හරි අවුලක්..
Deleteකමෙන්ට් එක ඩිලීට්කලා // (බය වෙන්න දෙයක් නෑ... ගෙදර උන්දැත් දන්නවා මගේ හුටපට ගැන... ) //පෝස්ට් එකට අදාල වුනාට කමෙන්ට්වලට නැති නිසා
Deleteබ්ලොගර් ඕපන්අයිඩී කේස් එකට සපෝට් කරන්නෑ කියල කලින් මැසේජ් ආවා. ඒකද දන්නෑ හේතුව. මටත් එන්නෑ.
Deleteබ්ලොගර් එකේ ප්‍රශ්නයක් වගේ.. මම හිතන්නේ මොකක් හරි පොඩි බග් එකක්...
Deleteඔය කියන විධිහට උඹ එච්චර හොඳ ළමයෙක් නෙමේ...
ReplyDeleteකවුරු හරි කියල තියෙනවද මම හොඳ ළමයෙක් කියල... ? කවුද හැබෑටම එහෙම කිව්වේ?
Deleteකවුද හොඳයි කිව්වේ? ම්ම කිව්වේ හොඳ ළමයෙක් නෙමේ කියලා... කියන ඒවා හරියට තේරෙන්නැති එකත් නරක ළමයෙක්ගේ ලක්ෂණයක් තමා... :D
Deleteමේ සෙන්නා, මොනවා හරි ලිව්වා නම් නරකද හැබෑටම...අර එබෝලා රෝගියා මලා ද?
Deleteඇයි එබෝලා රෝගියා ඉතුරු ටික කියෙව්වේ නැද්ද ?
Deleteකලින් හිටිය කෙල්ලක ගැන අලුත් කෙල්ලට කියන එක නම් මහා මෝඩ වැඩක්.
ReplyDeleteඒක හරි.. එකෙන් වෙන්නේ කෙල්ලෝ දෙන්නම නැති වෙන එක.. හෙහ් හෙහ්
Deleteතමුසේ වගේ රට කපටියොන්ටනං ඕවා මෝඩ වැඩ තමා.
Delete//තව වයසට ගියාම මතක් කර කර ඉන්න අලුත් දේවලුත් මේ දවස් වල සිද්ද වෙනවා.. හෙහ් හෙහ්... ඒවා නාකි වෙලා ලියන්නම්... //
ReplyDeleteඒකියන්නේ මැරෙනකං ලියන්න හිතාන ඉන්නවා ...එලකිරි
ඔන්න ඔහේ ඉතින් හිතෙන දෙයක් ලියල දානවා බං.. මහ අමාරු වැඩක් නෙමේනේ.. හෙහ් හෙහ්
Delete/මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි හෙනම අපතයෙකුත් නොවන අතර මැද වගේ චරිතයක්./
ReplyDeleteමේ වාක්‍යය අවුල් නේද බං?....දෙකෙන්ම කියන්නෙ එකමනෙ...නේ?
මම ඔතන අපතයා කියන එකෙන් අදහස් කලේ මෙලෝ රහක් නැතුව පොත් බදාගෙන ඉන්න උන් ගැන.. වාක්‍යය වැරදියි දෙකම එක අදහසින් ගත්තොත්.. කොයි එකටත් වෙන විදියකට හදල දාන්නම්...
Deleteතැන්කු රවී අයියේ...
ඊයේ ඉවරයි. හෙට ඇවිත් නෑ. අතීතය තළුමරමින් වමාරා කන්නේ හරක් විතරයි.. මමත් වෙලාවකට හරකෙක් වෙන්න යනවා ...මට අතීතය මතක්වෙනකොට මං ඔහොම හිතල එව්ව අයින් කරනවා.
ReplyDeleteහෙහ් හෙහ් හොඳ වැඩක්... හැබැයි ඉතින් සමහර ඒවා මතක් කරන එකේ පොඩි ගතියක් තියෙනවා..
Deleteමතක වල එල්ලිලා ඉන්නේ නැති තාක් කල්... මතක් කරලා විඳින එක අවුලක් නෑ කියලයි මම හිතන්නේ.. විඳලා ඉවර කරලා දානවා...
ඒ...
ReplyDeleteමම මේ මුල කියවලා අග ටික කියවන්ටත් කලින් මේක දාන්ට ආවෙ මාත් ඔය වගේම චරිතයක් තමයි කියලා යන්ට...
අන්තිමට නතර වුණේත් මටත් සම්බන්ධයක් තියෙන තැනක...
Deleteමම දැන් ඉන්නේ ත් ගම්පහ...
පට්ට ලියමන...
මට මාව මතක් වුණා...
මතක් වෙන දේවල් ලියල දාන්න.. අපි ඔක්කොම එකම තමා මචං...
Delete'පැතුම් ප්ලීස්' කියද්දී මතක් උනේ.. මගෙත් ඔය වගේ පොඩි සීන් එකක්.. එයා අපිට පහල පංතියේ.. එයැයිගෙ අක්ක අපිට ඉහල පංතියේ.. හැබැයි අපේ ඉස්කෝලේ නෙවෙයි අපේ ගමේ ඉස්කෝලේ.. මගේ පොඩි මෙව්වා එකක් එයා එක්ක තියෙනවා කියල එයයිගේ අක්ක දන්නවා.. දන්නවා විතරක් නෙවෙයි ඒකට හෙන කොක්ක.. මම දවසක් එයා ලගේ ගෙදෙට්ට කෝල් එකක් අරගෙන (නොගෙනම බැරි වෙච්චි වෙලාවක) '.... ප්ලීස්' කියුව.. අක්ක තමයි ආන්සර් කරේ.. මේකි ගත්ත කටටම කා ගහල කියුවනේ.. ".... මෙන්න උඹට සුද්දෙක් කතා කරනවා" කියල.. හැක්. :)))) ආ මේ.. 'පැතුම් ප්ලීස්' ගේ කතාවත් ලියල දාපං.. හෙහ්.. ලියන්න කම්මැලි උනාට කියවන්න තවම මනාපයි අපි..
ReplyDeleteඔය කම්මැලි කම් පැත්තක දාල ඔය දේවල් ලිව්ව නම් නරකද බං...
Deleteමේ ළමය ගැන ලිව්වා වගේ ඒ ළමය ගැනත් ලියන්නම්.. තව ටික කාලෙකින්.. එයා තාමත් මගේ බුදු ෆිට් එකක්... ලියන්න වෙන්නේ පරිස්සමින් හෙහ් හෙහ් ...
පරිස්සමින් ලියන්න වෙන හින්ද තව ටිකක් නාකි වෙලා ලියන එක සරීර සෞක්‍යට හොඳයි... හෙහ් හෙහ්...
بسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل
ReplyDeleteانواع العالميه التى تحافظ على السيراميك
شركة تنظيف منازل بحائل
شركة تنظيف بالطائف
شركة تنظيف بجازان
شركة تنظيف بحائل
شركة تنظيف مجالس وكنب بحائل
ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة