ඔන්න අද දෙවෙනි වතාවට මම කලා පොලට ගියා..ගිය සැරේ වගේ නෙවෙයි මේ සැරේ ඇක්සිඩන්ට් ෆ්‍රී.. ගන්න සල්ලි නැති නිසා අංකිත කොපි ටිකක් අරං ආවා හිතේ දුක යන්න.. ගන්න අදහස අත ඇරල දාලයි යනකොට ගියේ. කොහොමත් ගාන සැරයි නේ..එකක් ගත්තොත් මාසයක් හිඟාකන්න සිද්ධ වෙන තරමේ ගනන් තමයි ගොඩක් චිත්‍ර වල තිබුණේ... හැබැයි කීයක් දුන්නත් පාඩු නෑ කියල හිතෙනව සමහර ඒව දකිනකොට
මේක චිත්‍රයක් නෙවෙයි...කළුගල් පතුරක්... දැක්ක වෙලාවේ පිස්සු හැදුණා... නිර්මාණශීලීත්වයේ දිග පළල ගැන හිතල..
වැදගත් ම දේ තමයි... මම ගිය සැරේ ගිය වෙලාවේ ගත්ත කැන්වස් එක තාම ගත්ත විදියටම තියෙන එක... හික් හික්..