Saturday, November 08, 2025

පළමු යාලුවාගේ මරණය !

ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා . සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා . ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ .. හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා. 

සුදුවගේ නම චමින්ද , මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ ..හැමදාම සුදූ , සුදුවා තමා .. ඌට සුදූ කිව්වේ මොන මගුලටදැයි අපි කවදාවත් අහලත් නෑ, හිතලත් නෑ .. 

උගේ මරණය ගැන අහපු වෙලාවේ මට දැනුනේ දුකක් නෙමේ සංවේගයක් ! ඒ කියන්නේ යාලුවෙකුගේ මරණයට වඩා මේ ලෝකේ ඕනෙම කෙනෙක් මැරුණා කියල ඇහුවම දැනෙන හැඟීම වගේ දෙයක් .

මම අර සෙල්ලම් කාලේ පොස්ට් එකේ දී දාල තියෙන අපේ පරණ ගෙදර ඉන්න කාලේ ඉඳල සුදුලෑ පවුලයි , අපේ පවුලයි අඳුරනවා .. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි හපුතලේ ඉඳල බියගමට පදිංචියට ආපු කාලේ ඉඳල අපේ අසලවැසියෝ උනේ සුදුලයි, සුගත්ලයි .. මට මතකයි අපේ අම්මා කියනවා අම්මලට බොන්න තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු කෑම  බිම ගෙනල්ල දුන්න හැටි ගැන .

මට සුදුව කියන්නේ ජිවිතේ මම හැමදාම දැනගෙන හිටිය එකෙක් වගේ .. ඒ  කියන්නේ ඌව අඳුරගත්ත දවසක් මගේ මතකේ නැහැ ...  ඌ මට වයස අවුරුදු දෙකේ තුනේ විතර ඉඳල මාත් එක්ක සෙල්ලං  කරන්න ඇති .. ඌයි මායි එක වයසේ ..!

අපි දෙන්නා ගියේ එක ඉස්කෝලෙට, හිටියේ එකම පන්තියේ ..සෙල්ලං  කලේ කෑවේ බිව්වේ එකට ..

හැබැයි ඌ මැරුණා කියල ඇහුවම මට සංවේගයක් එක්කම සහනයකුත් දැනුනා කියල මට හිතෙනවා!

සුදුවා කියන්නේ තනිකර බුලියෙක් ! ඌ මාව පොඩි කාලේ ඉඳල බුලි කළා කියන එක තමා මට ඌ ගැන තියෙන මතකේ 

ඒක මට තේරෙන්න පටන් ගත්තේ ගොඩක් පහු වෙලා ...  මට ඒක පොඩි කාලේ ප්‍රශ්නයක් උනත් , මම ගණන් ගන්නේ නැතුව හිටියා .. හැබැයි අවුරුදු 18-20දී තේරෙන්න ගත්තට පස්සේ මම ටික ටික උගෙන් ඈත් වුණා ..

උගේ ඒ  බුලි කම මට විතරක් තිබ්බ දෙයක් නෙමේ ... ඌව ආස්සරේ කරපු ගොඩක් උන්ව ඌ බුලි කළා ..

ඒ දවස් වල අපේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ට තිබ්බේ එක්කෝ පොල් අතු ගෙවල් නැත්නම් යන්තම් කටු මැටි / ඔය මැටි ගඩොල් වලින් හදපු ගෙවල් .. ඒ කාලෙත් සුදුලට තිබ්බ සිමෙන්ති වලින් බැඳලා කපරාරු කරපු ගෙයක් ... පොඩි ගෙයක් නමුත් ඒක අනිත් ඒවට වඩා හොඳ ගෙයක් 

සුදුලෑ තාත්තා වැඩ කලේ විදුලි බල මණ්ඩලේ .. මම හිතන්නේ මනු කියවන්නෙක් ලෙස පටන් අරන් ඊට පස්සේ ඉහලට යන්න ඇති .. නමුත්  මොනවා කලාද කියල මම දන්නේ නැහැ .. හැබැයි ඔහුව තාමත් ගමේ හැමෝම දන්නේ ලයිට් බාසුන්නැහැ කියල .. ඉලෙක්ට්‍රික් වැඩ එහෙම හොඳට දන්නවා  .

සුදුලෑ අම්මා ගෙදර හිටියේ .. සුදුලෑ  අම්මා අපි පොඩි කාලේ හරි සැර නපුරු කෙනෙක් විදියට තමා අපිට පෙනුනේ .. කොයි වෙලෙත් රණ්ඩු වෙන ,  සුදුවට ගහන , බනින අර නපුරු කුඩම්මා කියන චරිතේ වගේ කෙනෙක් ... හැබැයි අපි ලොකු වෙනකොට සුදුලෑ අම්මා මාත් එක්ක ගොඩක් හිතවත් උනා .. මට ගොඩක් හොඳින් සැළකුවා ..  ඇය මිය ගිය දවසේ මට ඇත්තටම ලොකු දුකක් පාළුවක් දැනුනා කියල මට අදටත් මතකයි !

සුදුවා බුලියෙක් වෙලා , සමාජෙට බරක් වෙච්ච , අකාලයේ අන්ත අසරණව සෑහෙන දුකක් විඳලා මැරෙන්න හේතුව ඒ දෙමව්පියෝ කියල තමා මට අදටත් හිතෙන්නේ ..

ඌයි මායි හැදුනේ එකම පරිසරයක , ආස්සරේ කලේ එකම යාලුවෝ , ගිය එකම ඉස්කෝලෙට , ඌට නැති වුණේ දෙමව්පියන්ගේ ආදරේ කියල විතරමයි මට හිතෙන්නේ .. සමහරවිට ජාන වලින් එන අවුල් තියෙන්න ඇති .. නැත්නම් කර්මය හරි සර්වබලදාරි වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති .. හැබැයි සියයට සියක් මට කියන්න පුළුවන් උගේ ජිවිතේට අඩුවෙන්ම ලැබුනේ කරුණාවන්ත කම , ආදරය , රැකවරණය ආදී මුලික මිනිස් අයිතිවාසිකම් කියල ..

ඌ අම්මගෙනුයි තාත්තගෙනුයි අමු තිත්ත කුණු හරුපෙන් බැනුම් අහද්දී ඌට වයස අවුරුදු 10ක් වත් නැතුව ඇති ..  ඒ දෙමව්පියෝ ඌව හැදුවේ වදයක් විදියට සලකල .. සුදුවට හිටියේ අක්කා කෙනෙක් විතරයි ..  මට හිටියෙත් අක්කා විතරයි .. අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි  අහසයි අපායයි වගේ කියල තමා මට හිතුනේ ..

ඌ අඬපු හැටි මට මේ දැනුත් මැවිලා පේනවා ..   O/L  විබාගෙට කලින් දවසේ පන්සලට  ගිහින් එන්න කියල ගෙවල් වලින් ළමයින්ට කියන එක සාමාන්‍ය දෙයක් නේ ..

සුදුවට ඒක උගේ අම්මා කිව්වේ " කාලකන්ණි වේ* ගේ පුතා පලයන් පන්සලට ගිහින් වැඳලා වරෙන් .. තෝව මරණව දැනගනින් .."  මේ වචන මම  උන්ගේ ගේ ඉස්සරහ ඌ එනකං ඉන්න ටිකට මට ඇහුන ටික .. ඌ ගෙදරින් එලියට බැස්සෙත් අම්මට අමු කුණුහරුපෙන් බැනගෙන .. හැබැයි ඌ මග දිගට අඬ අඬ ගිහන් බියගම ගනේවත්ත පන්සලේදී හොඳටම අඬුව .. මට ඒක  ජිවිතේට අමතක නොවෙන සිද්ධියක් .. 

උගේ ඉගෙනීම ගැන මම මොකුත් කියන්නේ නැහැ ..!

බියගම වෙළඳ කලාපෙට ආපු ගෑනු ළමයින්ට බෝඩින් කාමර හදන එක ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක් .. සුදුලා එයාලගේ ගෙදරට පිටිපස්සෙන් තව ලොකු ගෙයක් හැදුවා ඔය කාලේ .. ඒ කියන්නේ අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර ...

ඔය කෙල්ලෝ නාන ලිඳ තිබ්බේ අපේ ගෙදරට හොඳට පේන විදියට , මම මුලින්ම ගෑනු නිරුවත දැක්කේ ඒ කාලේ .. මොකද ඒ කෙල්ලෝ නාද්දී දිය රෙද්ද හදන්නේ අපේ ගේ පැත්ත හැරිලා .. 

මම ඕවා බලල තේ ගහනකොට සුදුවා මම හිතන්නේ ඒ බෝඩිමේ හිටපු හැම කෙල්ලටම ගහන්න ඇති !.. ඒ අතින් ඌ ලෙජන්ඩ් එකක් !!!

මම දන්න විදියට A/L  ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකම් අපි හොරෙන් වැල පීස් බලනකොට සුදුවා ඒ පැත්තේ හිටපු වයස 30,40,50 වෙච්ච ඇන්ටිලා කිහිප දෙනෙක් එක්කත් සෑහෙන සෙල්ලං දදා හිටියේ .. 

ඔය කාලේදී සුදුලෑ ගෙදරට වෑන් එකක් ගත්තා .. ටොයෝටා හයිඑස් එකක් .. සැරයක් මගේ කොම්පුටර් එක කැඩිලා එක හදන්න බම්බලපිටියේ MC  එකට එහා පැත්තේ unity plaza එකේ  තිබ්බ  PC හවුස් හරි මොකක් හරි ඒ දවස් වෙල හෙන ජනප්‍රිය කොම්පුටර් කඩේට ඌයි මායි සුදුලෑ අම්මයි ගියා ..

සුදුවගේ වයිෆ්ව යාලු කරගන්න ලියපු පළවෙනි ලව් ලෙටර් එක ඕකට ලියල දුන්නේ මම .. ඌ එක ඌ ලිව්වා වගේ ගිහින් දීලා කොහොමහරි ඒ කෙල්ලව යාලු කරගත්ත ..  පස්සේ අපි දෙන්න ඒ කතාව උගේ වයිෆ්ට කියා කියා හිනා වෙවී හිටියා ..

ඌයි මායි O/L  ඉවර වෙලා මියුසික් ක්ලාස් ගියා ඔය දෙල්ගොඩ හරියේ .. ඌ ගිටාර් ඉගෙන ගත්තා මම කීබෝඩ් , මට ඒ වැඩේ සෙට් උනේ නැති උනත් සුදුවා ඒ වැඩේ දිගටම කළා .. ඌ ලීඩ් ගිටාර් ගහන බෑන්ඩ් එකක් හදා ගත්තේ පස්සේ කාලෙක .. පස්සේ පස්සේ කලේ ඔය Sounds බඩු එහෙම කුලියට දෙන එක තමා .. මම හිතන්නේ මැරෙනකම් ම කලේ ඒක .. වෙන කිසි දෙයක් ඉගෙන ගත්තේවත් කවදාවත් රස්සාවක් කලේ වත් නැහැ ..

ආ වෙළඳ කලාපෙට කෙල්ලෝ අරන් හයර් දිව්වා වෑන් එකේ ..

සුදුවා බුලියෙක් හින්දා ඌට බජාර් එකේ කට්ටිය හිටියා .. ඌ වචන වලින් එහාට මිනිස්සුන්ව බුලි කරන ජාතියේ එකෙක් .. 

අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර දුර මීටර් 50-100ක් ඇති ඕනනම් .. මම කඩේට ගිහින් උන්ගේ ගේ පාස් කරලා එන ටිකට ඕක මාව අල්ලගෙන එක්කෝ කඩෙන් ගෙනාපු දේ බලෙන් අරන් කනවා .. ඊට පස්සේ මට ගෙදර යන්න ඇරලා මු මට ගල් වලින් ගහනවා .. ඒක විහිලුවට වරක් දෙවරක් කරපු දේකට  වඩා අර හිංසා කරලා සතුටු වෙන්න කරපු වැඩක් .. මේ විදියේ වැඩ ඕනේ තරම් ඕක අපේ සෙට් එකේ සහ ඌව ආස්සරේ කරපු බොහෝ දෙනෙකුට කරලා තියෙනවා .. ඒ පොඩි කාලේ,  පස්සේ ඒවා ඊට වඩා දුර දිග ගිය බව මට ආරංචි උණා ..

මම කොහොමත් A/L කාලෙන් පස්සේ ගමේ උන්ගෙන් ටික ටික ඈත් උණා .. සුදුවත් ඔය යන එනකොට එහෙන් මෙහෙන් හම්බුනාට වැඩි ගනු දෙනුවක් තිබ්බේ නැහැ .. මම ඌට සෑහෙන වතාවක් ඔය කුපාඩි වැඩ නතර කරලා මනුස්සයෙක් වෙයං කියල කියල තියෙනවා.. හැබැයි ඌට ඒ කාලේදී බජාර් එකේ ලොකු කකුල් සෙට් වෙලා හිටියා .. අපිව ගණන් ගන්න තරම් ඌට උවමනාවක් තිබ්බේ නැහැ ..

සුදුලෑ අම්මා නැති උනේ ඊට අවුරුදු 5-6කට පස්සේ .. එතකොට සුදුව බැඳලා හිටියේ .. සුදුලෑ අම්මා ඒ වෙනකොට පොඩ්ඩක් සතුටින් ඉන්න , හිත හොඳ කෙනෙක් විදියට තමා මට හිතුනේ ..  උන්ගේ ගෙදරට ටෙලිපොන් හම්බ උනේ අපිට කලින් .. ඒ කාලේ මම මම ඔය එව්වා මෙව්වා තිබ්බ කෙල්ලන්ට දෙන්නේ උන්ගේ ගෙදර නම්බරේ ..  සුදුලෑ අම්මා ඉතින් එක්කෝ එනවා වැට අයිනට ඇවිල්ලා කෑ ගහනවා "මෙන්න කෝල් එකක් එන්ඩෝ .."කියල .. එහෙම නැත්නම් දොර ගාවට ඇවිල්ලම කියනවා "අන්න ගෑනු ළමයෙක් කතා කරනවා ඔයා දුවල යන්න මම හෙමින් එන්නම්.." කියල .. හෙහ් හෙහ් ..

සුදුලෑ අම්මා, සුදුවටත් ඒ කාලේ වෙනකොට එච්චර බැන්නේ නැද්ද කොහෙද .. මම හිතන්නේ ඒ වෙද්දී අම්මලා තාත්තල උගේ හැටි දැනගෙන හිටියේ .. බැනල හදන්න ගියේ නැහැ ..

සුදුවා ගැන මට තියෙන්නේ අන්තිම මතක කීපයක් විතරයි .. එක දවසක් මම ඔය මැලේසියාවේ ඉඳල ලංකාවට ගිය දවසක මු මට කෝල් කළා . බිලද,  කුඩු ගහලද මම දන්නේ නැහැ .. ඒ කෝල් එකෙන් පස්සේ මම ආයේ ඌ දැක්කේ 2023 ලංකාවට ගිහින් ගෙවල් පැත්තේ ඇවිදලා එන්න ගිය වෙලාවේ .. එතකොට ඌ හොඳටම අසනීප වෙලා හිටියේ .. දිය වැඩියාව වැඩිවෙලා ..  මම ගෙදරට ගියා ඌව බලන්න , හොඳටම අමාරුවෙන් හිටියේ .. වයිෆ් හිටියේ නැහැ, ළමයි තුන් දෙනෙක් ද කොහෙද ඉන්නවා  .. මුළු ගෙදරම චු ගඳයි , අපාය වගේ .. මූ ඇත්තටම වේදනාවෙන් ඉඳගෙන මට කිව්වා පොඩ්ඩක් මේ පිට අතගාපන්කෝ රිදෙනවා බන් කියල ..  මම ටික වෙලාවක් පිට අත ගගා ඉඳල එන්න ආවා ..

2024  දෙසම්බරුත් මම ගියා සුගත්ලගේ ගෙදර රෑ කෑමට ... ඒ සැරේ සුදුව බලන්න යද්දී සුගත්ලගේ තාත්ත ගාමිණි මාමා කිව්වා "ඔයා යන්න එපා පුතේ අපාය වගේ විසබීජ ගොඩක් , යන යන මිනිසුන්ට කියල වැඩ ගන්නවා .. ඔයා යන්න එපා කියල ..  මම එදා රෑ අනිත් ගොඩක් කොල්ලෝ හම්බවෙන්න උන්ගේ ගෙවල් වල ගිහින් ආපහු ආවා .. සුදුවව බලන්න ගියේ නැහැ ..

මම එත් සුගත් අතේ ඌට පණිවිඩ යැව්වා ඔය දියවැඩියාවට බෙහෙත් ගන්න මම දන්නා දොස්තරලා ගැන .. නමුත් ඌ ඒවා ගණන් ගන්නේ නෑ කියල සුගත් කිව්වා 

ඊට මාස දෙක තුනකට පස්සේ  සුගත් මැසේජ් එකක් දැම්මා සුදුවගේ කකුල කැපුවා බන් කියල .. 

ඒ වෙද්දී සුදුවගේ වයිෆ් රට ගිහින් .. හැබැයි ඌව දාල ගිහින් නෙමේ .. ළමයි ටික හදා ගන්න හිතාගෙන ගිහින් තියෙන්නේ ..

ඊට පස්සේ ගිය සෙනසුරාද මැසේජ් එක  ආවා සුදුවා මැරුණා බන් කියල .. ඌ සෑහෙන දුකක් විඳලා , මුළු ඇඟටම විසබීජ ගිහින් ඉස්පිරිතාලේදී මැරිලා තියෙන්නේ ..

සුගත් අන්තිමට කිව්වෙත් ඌ මැරුණේ විහින් බන් .. මැරිච්ච එක හොඳයි බන් කියල ..

ගෙවුණු සතියේ කීප සැරයක් මට ඌව මතක් වෙලා ඇඩුනා.. ඒ ඌ නැති දුක හින්දා නෙමේ . ඌ පව් කියල ..   මට ඌ පොඩි කාලේ අම්මලට බයේ අඬපු හැටි මතක් වෙනවා .. උගේ මුනේ තිබ්බ අසරණ කම සමහර වෙලාවට මැවිලා පේනවා .. ඌ ලොකු වෙලා බජාර් එකේ මැරයෙක් වෙච්ච චරිතේ මම ආස්සරේ කරලා නැති හින්දා මට උගේ ඒ නරක රූපේ මැවෙන්නේ නැහැ ..  හොඳටම රිදුනු අසරණ පොඩි එකෙකුගේ රුපයක් විතරයි මගේ ඔලුවේ තියෙන්නේ ..

නිවන/ ස්වර්ගය/ දෙව්ලොව කියල දේවල් මේ ලෝකේ තියෙනවනම් ඇත්තටම ඒවා අත්විඳින්න ලැබෙන්න  ඕනේ මේ විදියට අපා දුක් විඳලා, මේ ජිවිතේ සතුට කියල දෙයක් විඳින්න නොලැබු න සුදුවා වගේ මිනිස්සුන්ට තමා. කෙළවර තියෙනවයි කියන අමාමහ  සැනසීමවත් උන්ට ලැබෙන්න ඕනේ ! 

උඹට නිවන් සුව ලැබෙයි මචං !!!!


43 comments:

  1. හේරත්ගේ යාළුවා සුදුට නිවන්සැප පාර්ථනා කරමු.

    ReplyDelete
  2. කියෙව්වාම " මේකත් ලෝකයක්ද මරතේලිස්?" වගේ හැඟීමක් තමයි ආවෙ. කතාව ලෙසටම ලියල තියනවා. මේකත් බලල, ලින්ක් දෙකේ කතාත් බැලුවා.👌

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා , ලෝකේ නරකයි කියනවට වඩා මට නම් හිතෙන්නේ නුගත් , නොදියුණු මිනිස්සු නිසා සිද්ද වෙන නරක දේවල් කියල .. සුදුවගේ පවුල වගේම හැදුනු නමුත් ඊට වඩා ගොඩක් අසරණ දුප්පත් පවුල් වල ඉන්න යාලුවෝ ඌට වඩා හොඳ ජිවිතයක් ගත කරනවා .. සල්ලි වලින් නෙමේ .. නමුත් උන් තවම යහතින් ජිවත් වෙනවා ..

      වෙනස තියෙන්නේ දෙමව්පියන්ගේ ආකල්ප , ආදරය මත කියල තමා මට නම් හිතෙන්නේ ..

      Delete
  3. ඔන්න ඕක තමයි ජිවිතේ පැතුං. ජිවිතේ දුකයි. ඒ නිසා මුදල් හදල් වියදම් කරලා ඉදලා වැඩක් නැහැ. ගේදොර අඹු දරුවෝ දන්දීලා මහන කෙනෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මහන කෙනෙක් වෙන එක තේරුමක් නෑ නේද දැන් ? ඉස්සරහට රොබෝලා ඔක්කොම මහන වැඩ කරයි .. ජිවිතේ හැටි..

      Delete
  4. මේ චරිතය දෙස හෙලන උපේක්ෂා සහගත බැල්ම කතුවරයා ගැන යමක් පවසනවා. දුබලකම් සහිත චරිතයක් ගැන උනත් අකමැත්තක් සිතෙහි ඇතිනොවන අයුරින් ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. හීන දකින කෙනා ආයේ ආවද

      Delete
    2. Litseeker, මට ඌ ගැන තරහක් නැහැ .. සුදුව අපිත් එක්ක සෙල්ලම් කළා , කෑව බිව්වා .. ඌ අපිත් එක්කම ජිවත් වුණා .. උගේ චරිතේ හයිලයිට් කරන්න තිබ්බ ලක්ෂණ ගැන විතරයි මම ලිව්වේ .. ඌ මිනිස්සුන්ට උදව් කරලා ඇති .. දරුවෝ තුන් දෙනෙක් හදල තියෙනවා .. හොඳ තාත්ත කෙනෙක් ද කියල මම හරියටම දන්නේ නැහැ .. නමුත් සුදුව ගැන යාලුවෝ කතා කරද්දී ඉස්සෙල්ලම මතක් වෙන වචනේ අපෝ මහා එපා කරපු එකෙක් වගේ හැඟීමක් ..

      මට ඕනේ උනේ ඌ ඒ තත්වෙට පත්වුණේ ඇයි කියන එක ගැන හිතන්න .. පහුගිය සතියම වගේ මගේ ඔලුවේ වැඩ කලේ ඒක

      Delete
    3. ඔය ලියල තියෙන විස්තර අනුව නං, සුදුවා ගැන ඒ හැටි අනුකම්පාවක් හිතෙන්නෙ නෑ. බාල කාලේ බලපාන්න ඇති, ඒත් මට ඊට වඩා කණගාටු හිතුනෙ කලාපෙ කෙල්ලො ගැනයි

      Delete
  5. ස්වර්ගය, දෙව්ලොව, නිරය තියෙන්නෙ මේ ලෝකෙම තමයි කියලයි මට හිතෙන්නෙ. තමං කරපු යම් යම් වැඩ හින්ද අන්තිම කාලෙදි සුදුවට නිරයක ජීවත් වෙන්න සිද්ද උනා.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්නත් පුළුවන් බන් .. හැබැයි අනිත් බොහෝ පවුල් වලට සාපේක්ෂව උන්ගේ පවුලට සල්ලි තිබ්බා .. උන් ගෙවල් දෙකක් හදල වෑන් එකක් අර ගත්තා 2000 විතර වෙනකොට , අපිට සුගත්ලට , සහ අනිත් කොල්ලෝ හැමෝටම වගේ බයිසිකල් එකෙන් , බයික් කට්ටකින් එහාට ආර්ථිකව දියුණු වෙන්න පුළුවන් කමක් ඒ කාලේදී තිබ්බේ නැහැ ..

      එහෙම හිතල බැලුවොත් , උන්ට සල්ලි වලින් බොහෝ සැප විඳින්න හැකියාව තිබ්බා ..

      හැබැයි ගියේ වැරදි පැත්තට .. ඒ වරදේ මුල දෙමව්පියෝ කියලයි මට හිතෙන්නේ

      Delete
  6. “ඒ සැරේ සුදුව බලන්න යද්දී සුගත්ලගේ තාත්ත ගාමිණි මාමා කිව්වා “ඔයා යන්න එපා පුතේ අපාය වගේ විසබීජ ගොඩක්,යන යන මිනිසුන්ට කියල වැඩ ගන්නවා .. ඔයා යන්න එපා කියල ..“ මේ වගේ situations හරිම tricky නේද. උදව් කරන්න හෝ බලන්න ගිහින් අමාරුවෙ වැටෙන්න බෑනෙ. මේ රටවල නම් අදාල authority එකකට රිපෝර්ට් කරන්න පුලුවන්; එතකොට යම් දෙයක් හරි රෝගියා වෙනුවෙන් කරයි. එහෙම බලනකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ civic sense එක සාපේක්ශව අඩුයි නේද (තිබුනත් effectively දෙයක් කරන්න බෑ).

    "නිවන/ ස්වර්ගය/ දෙව්ලොව කියල දේවල් මේ ලෝකේ තියෙනවනම් ඇත්තටම ඒවා අත්විඳින්න ලැබෙන්න ඕනේ මේ විදියට අපා දුක් විඳලා, මේ ජිවිතේ සතුට කියල දෙයක් විඳින්න නොලැබු න සුදුවා වගේ මිනිස්සුන්ට තමා". Absolutely, they deserve it.

    ReplyDelete
    Replies
    1. [මේ වගේ situations හරිම tricky නේද] ඔව් ලෝටස් ඒක ඇත්ත .. මට සමහර වෙලාවට හිතෙනවා මට ඌ වෙනුවෙන් තව දේවල් කරන්න තිබ්බා කියල .. නමුත් ඌ කවුද කියල දන්න නිසා මට ආයෙත් පැටලෙන්න උවමනාවක් තිබ්බේ නැහැ ..

      ඇත්තටම මිනිස්සු අසරණ වෙනකොට උදව් කරන්න හරි හමන් ක්‍රමයක් රටක නැතිවීම දරුණු ප්‍රශ්නයක් .. ඔබ කිව්වා වගේ අල්ලපු ගෙදරක මනුස්සයෙක් නොකලොත් , ලංකාවේ එහෙම දෙයක් සිද්ද වෙන්නේ නැහැ ..

      [මිනිස්සුන්ගෙ civic sense එක සාපේක්ශව අඩුයි නේද] මට හිතෙන්නේ අපිට අනුන් ගැන සහකම්පනය නැතුව නෙමේ .. ප්‍රයෝගිකව යමක් කරන්න ආර්ථික හැකියාව/ system එකක් නැතිවීම නිසා අපි බැරි අවස්ථා වල අහක බලන්න පුරුදු වෙලා ..

      Delete
  7. “මම හිතන්නේ ඒ බෝඩිමේ හිටපු හැම කෙල්ලටම ගහන්න ඇති !.. ඒ අතින් ඌ ලෙජන්ඩ් එකක් !!!“ ගෙදරින් අත්වින්ද trauma එකේ ඇරියස් මේවයින් කවර් කරගන්න ඇති 😉. දෙමව්පියන්ගෙ නූගත්කම, දුප්පත්කම නිසා දරුවන්ට කොයි තරම් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවද. ඕකෙම අනිත් extreme එක, හැම සැප සම්පතක්ම තිබිලා, තමන්ගෙ අම්මගෙ favourite දරුවා වෙලත්, නොහික්මුණු වැඩ කරලා, උපතින් ලැබුනු prince title එකත් නැති කරගත්ත ඇන්ඩෲ මෞන්ට් බැට්න් වින්ඩ්සර් 😜. 60 Minutes (Australia) වල Tara Brown එක වාක්‍යකින් ඔහු ගැන කිව්වා "The young, dashing prince, believed to have been the Queen's favourite child, unencumbered by boundaries or consequences, has turned a life of promise into a trainwreck කියලා. මේ පෝස්ට් එක කියෙව්වම මට හිතුනෙ කොයි විදිහෙ පවුල් පසුබිමක ඉපදුනත්, ජීවිතේ හරියට navigate කරගන්න කොයි තරම් wisdom එකක් අවශ්‍ය වෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් හරියටම හරි .. ඒ navigational skill එක දරුවන්ට දෙන්න ඕනේ දෙමව්පියෝ කියල මම හිතන්නේ ..

      ඔය කිව්ව බෝඩිමට රිංගල ඌ එක්ක මටත් ඕවට සෙට් වෙන්න ඕනේ තරම් හැකියාව තිබ්බා .. හැබැයි මම ඒවාට බය උනා .. මට කාවැදිලා තිබ්බේ එහෙම කරන එක වැරදි දෙයක් කියල ..

      ඒවා මට උගන්නන්න ඇත්තේ අම්මයි තාත්තයි , නැත්නම් ඉස්කෝලෙන් වෙන්න ඇති ..

      ඔව් ..සුදුවට ඕනේ උනේ දෙමව්පියන්ගෙන් පලි ගන්න වගේ දෙයක් .. උගේ ඇතුලේ තිබ්බ තරහ මම දැකල තියෙනවා ..

      පස්සේ කාලේ නම් ඒ දවස් වල බෝඩිමට පැනපු නැති එක අපරාදේ කියල හිතුන අවස්ථාත් තියෙනවා .. හෙහ් හෙහ් ..

      Delete
  8. හපුතෙලේ සුවාරිස්ගෙ පුතා හේරත්.
    සමලිංගික මිතුරුකමක් පවත්වාගෙන ගියේ චමින්ද නොහොත් සුදුවා සමග

    ReplyDelete
    Replies
    1. මෝඩ ඇනෝ , අර උඩින් ඉන්න හොඳ ඇනෝ වගේ මැරිච්ච මනුස්සයට නිවන් සුව පතල , යහපත් මනුස්සයෙක් වෙන්න .. බොරු කියල ගොං ආතල් ගන්නේ නැතුව

      Delete
    2. ඒකත් ඇත්ත තමයි. මෝඩයොත් ඉන්න එපැයි.

      ඒකනේ අනුර කුමාර ජනාධිපති උනේ

      Delete
  9. පළමු යාළුවා පැතුම්ගේ ඇහින් බලලා කියවපුවහම මේ ජීවිතය ගතකරලා තියෙන්නේ වින්දිතයෙක්, පරපිඩකයෙක් , සෙල්ලක්කාරයෙක්, දරුණු රෝගියෙක් විදිහට . නිවන් සුව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා , පුරුද්දට. හැබැයි පළමු යාළුවා නිවනට වඩා තවමත් සසරට ලැදියාවක් පෙන්වපු කෙනෙක්.මතක ස්මෘතියක් සහිත තලයක නම් දැන් ඉන්නේ නම් විඳපු දේවල් ගැන මතකයක් දරුණුවටම දැනෙයි.පස්චත්තාපයකට පත්වෙයි.මනුස්සයෙක් වශයෙන් ඉඳලා වේලාසන ගියාට ගමන ඉවරනැහැ වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. නිහඩපාල, එක ආගමික ඇසකින් බැලුවහම එහෙම හිතෙනවා .. සමහරවිට පව්කාරයාට සමාව දෙන සිස්ටම් එකක් තියෙන ආගමක් යටතේ ඌට සැනසිල්ලක් ලැබෙයි කියල අපිට හිතන්නත් පුළුවන් නේද ?

      නිසි ආදරයක් , රැකවරණයක්, අධ්‍යාපනයක් නැතුව හැදුනු අසරණ ළමයෙක් නොදැනුවත් කම නිසා සමාජ සම්මත විදියට ජිවත් නොවුනා කියල සදාකාලික පවුකාරයෙක් වෙනවද ?

      ජිවිතේ අවසන් කාලේ විඳපු දුක් වලින් ඒ නොදැනුවත් කම නිසා සිද්ද වෙච්ච පවු ගෙව්වා වෙන්නේ නැද්ද ?

      මම කැමතියි ඌ දැන්වත් සැනසීමෙන් ඉන්නවා ඇති කියල හිතන්න ..

      කවද හරි සැනසීමක් ලැබෙන්න නම් මෙන්න මේවා කරලා තියෙන්න ඕනේ කියන ඩීල් සහිත ආගම් ගැන මට ඇත්තටම ඒ හැටි විස්වාසයක් නැහැ දැන් ...

      Delete
  10. ඉපදුනි දුකක් සුදුවා ගැන කියවද්දී
    අනේ සුදූ නිසි සරණක් නොලද විදී
    හරි මඟ පෙනේවා මතු අත් බවයකදී
    දැනුවත් කෙනෙකු ලෙස ඉපදුණු කාලෙකදී

    ReplyDelete
    Replies
    1. හරි මඟ කියන්නේ මොකක් ද ?

      Delete
    2. හරි මඟ කියන එකෙන් මම අදහස් කළේ පැතුම්- සැනසීමක් ලැබෙන මාර්ගයයි.

      Delete
  11. අපි හැමෝටම මේ වගේ යාළුවෙක් ඉන්නවා. මේක කියවල මගේ ඒවගේ එකාට කෝල් එකක් දුන්නා. RIP සුදුවා

    ReplyDelete
    Replies
    1. [මේක කියවල මගේ ඒවගේ එකාට කෝල් එකක් දුන්නා] ඒක වැදගත් .. මම ඌව බලන්න නොගිය එකටත් කෝල් එකක්වත් නොදුන්නා එක ගැන සමහර වෙලාවට මට දුකක් දැනෙනවා .. නමුත් මම එහෙම කළා කියල උගේ හැටි හෝ තත්වය දසමෙකින්වත් වෙනස් නොවන බවත් මම දන්නවා ..

      ජිවිතේ හැටි

      Delete
  12. ගොඩාක් ලක්ෂණ ලිපියක්. මෙහි අකුරු කිරීම සම්බන්ධයෙන් අපගේ උපහාරය.

    මෙවැනි ලිපි ඉදිරියටත් ලියන්න. ගොඩක් හොඳයි ඉතින් මේ වගේ දේවල් ලියලා සමාජය දැනුවත් කිරීම මේ කට්ටාන මාසේනේ ඒ කියන්නේ වස්සාන මාසයේනේ කඨින චීවරය වැඩම්මන මාසය

    ReplyDelete
  13. ඒ කතාව කියවලා දුක් වෙන්නද තරහ ගන්නද කියලා හිතාගන්න බෑ . මොක වුණත මනුස්සයෙකුට එහෙම ජීවිතයක් ලැබෙන්න නරකයි . ලබන ආත්මෙවත් ඒ සතුට ඔහුට ලැබෙන්න කියලා පතමු .

    ReplyDelete
    Replies
    1. ඔව් බන් . . අපි වෙන මොනවා කරන්නද

      Delete
  14. මිතිල දියොනිස් ප්‍රනාන්දුTuesday, November 11, 2025 1:14:00 AM

    ඇත්ත වශයෙන්ම පැතුං හේරත් මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් ක්‍රිස්තියානිකරුවෙක්ට මෙවැනි බරපතල කරදරයක් සිදුවීම සම්බන්දව. සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    පැතුං මැතිතුමා කියන්නේ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපටත් පැතුං මහත්මයාගේ කරදරයේදී කණගාටුවක් දැනීම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ශෝක ජනක දේවල් අසන්නට ලැබෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් පැතුං මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න පැතුං මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ සුදූගේ මරණයේ පණිවිඩය රැගෙන ඇවිත් තිබෙන්නේ ඔබතුමාගේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
    Replies
    1. මම රොබෝලා සරණ ගිහින් ඉන්නේ .. බයිලා කියන්න යුනිකෝඩ් නාස්ති කරගන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න .

      Delete
    2. පැතුම් හේරත් දියතලාවේ හෙළකදුරුගමුවේ හෙන ගොඩේ.

      පියා සාර්ලිස් සුවාරිස් බේබද්දෙක්.

      පැතුම් කුඩා කල සිටම දිළිඳුකමින් පීඩිතවී බෙබදුකමේ පියාගෙන් පීඩිත වී සාගතිය හාමත් වූ සමාජයේ විහිළුට ලක්වූ අයෙක්.

      එම නිසා ඔහුටයි යම් අයේක්‌ ආසිර්වාද කලත් එයත් දරා ගැනීමට නොහැකි.

      රොබෝ සරණ නෙමෙයි යන්නේ දිළිඳුකමේ පැවිදිද තමයි ඔය ඔබ සරණ ගොස් ඇත්තේ.

      Delete
    3. ස්තුතියි නැවත එන්න

      Delete
  15. අජිත් ඩී කුමාරTuesday, November 11, 2025 3:29:00 PM

    සුදුලාට මුදල් හදල් තිබුනා.
    ඔයාලට තිබ්බේ නෑ. ඒ වෛරය නේද මේ අකුරු කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න

      Delete
    2. හේරත් ගේ බ්ලොග් එකට ආයේ එන්නේ නැහැ

      Delete
  16. ඒ කතාව පුරාම දැක්කෙ උපේක්ඛාව
    එච්චරයි. අපි පුරුදු වෙලා තියන හැටිද.
    වෙන රටවල බුලියන්ට සලකන විදිහ වෙනස්. අනික මෙතන මැරුණ කියල සතුටක් නෑ. නේහ්. දුකක් ද?
    නැත්තං මැද හැඟීමක්ද.. උපේක්ඛාව කියල කිව්වෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ් මට ඌ ගැන තියෙන්නේ එහෙම හැඟීමක් .. උගේ කකුල කැපුවා කියල ඇහුවම මගේ හිතේ මැවුනේ කකුලක් නැති අහිංසක චරිතයක් .. මම හිතුවා ඊට පස්සෙවත් පරිස්සම් වෙලා ඉන්න ඇති කියල ..

      හැබැයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත .. අපි මොනවා කරන්නද තමන් ගැන තමන් බලා ගන්න ඕනේ

      Delete
  17. බුලී කාරයෙක් වුනෙ ගෙදරින් ලැබුන පීඩනෙ... ඇරියස් කවර් කිරීමක් හැටියට තමයි පෙනෙන්නෙ.
    ඔහුට සුබ ගමන් පතනවා!

    ReplyDelete
  18. කතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)

    කතරගමින් පිටත්වීම රාත්‍රී 08:00

    තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.


    වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00

    මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00

    හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00

    කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00

    කඩවතට ලගා වීම උදැසන 06:15

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00

    ගමනේ මුළු දුර කිලෝමීටර් 344

    අනුමත ධාවන කාලය - පැය 11 යි

    තේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.

    පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ReplyDelete