උපුටා ගැනීම - නිදහස් චින්තන ධාරාවේ බින්දු කිහිපයක්. ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් තුමා ගේ සිතිවිල්ලක්
මේ මට හිතෙන දේ..
මම නැති විට ආදරය කරන්නේ කවු ද?ආදරය ලැබෙන්නේ කාට ද? කරන්නෙක් හෝ ලබන්නෙක් නැති නම් ආදරයක් පවතී ද? ආදරය කිසිවෙකුටත් අයිති දෙයක් නොවන බව වටහා ගත හැකි නම් මම නැති විට ආදරය කළ හැකි වනු ඇත. ගස් වැල් තුළ ආදරය ඇත. මම නැත. ගංඟා ඇල දොළ තුල ආදරය ඇත. මම නැත. මිහිකත තුළ ආදරය ඇත. මම නැත. අප තුළ මම ඇත. ආදරය.....
ආදරය ලෞකික බැඳීමක් පමණක් ලෙස දකින විට මම නොමැතිව ආදරය කළ නොහැකිය. ආදරය මට ලැබිය යුතුය. මම ආදරය කළ යුතුය. මම ආදරේ නම් මා විසින් මේ මේ දේ කළ යුතුය... මට ආදරේ නම් මට මේ මේ දේ ලැබිය යුතුය. ඒවා මට නොලැබෙන්නේ නම් හෝ මම ඒවා නොදෙන්නේ නම් මම ආදරය කරන්නේ නැත. මට ආදරය ලැබෙන්නේ ද නැත. මා වෙනුවෙන් කර ඇති දේ අනුව මට ඇති ආදරය මැනිය හැකිය. මම කර ඇති දේ අනුව මගේ ආදරය ද මනිනු ඇත. කරන දේ නැවතුන විට ආදරය ද නිමවේ.
ආදරය ආධ්‍යාත්මික බැඳීමක් ලෙස දකින විට කිසිවෙක් කිසිවෙකු වෙනුවෙන් කිසිවක් කළ යුතු නැත. කළ ද නොකළ ද ආදරය ඔවුනොවුන් තුළ පවති. ඔවුනොවුන් වෙනුවෙන් ජීවත් වේ.
මට හිතුන දේ හරි ද වැරදි ද දන්නෙ නෑ... නමුත් දෙදෙනෙකු අතර පවතින සැබෑ ආදරය යනු... Live, Let Live ලෙස මා ඉගෙන ගෙන ඇත.
සමාජ සම්මත විසින් ආදරයට වටිනාකමක් නියම කර ඇති හෙයින් නියම ආදරයක් කිරීමට සහ ලැබීමට නම් අපට කළ යුතු බොහෝ දේ ඇත...
දැන් මේක ලියන එක නවත්තල මට කරන්න තියෙන දේ ගැන හිතන්න ඕනේ...
Top 10 Servlet Interview Question Answers for Java JEE Developers
-
This time its servlet interview questions, I was thinking about what to
pick for my interview series and then I thought about J2EE and Servlet is
my favo...
1 hour ago
අම්මො පැතුම් ... මෙක ලොකුම භයානක දෙයක්.. ඔතන මම නැති වුනොත් ආදරෙ පිහිටන්නෙ නැහැ.. නිකම්ම පිස්සෙක් විතරයි ඉතුරු වෙන්නෙ.. සිවුරක් දාන් හිටියොත් මිනිස්සු වඳීයි. මම නැතිවිගෙන එද්දි තරුත් හැංගෙනවා.
ReplyDeleteපැතුම්, මේ බ්ලොග් එක හරියටම හරි. සබැ ආදරයක් පවතින්නේ 'මම' කියන කෙනා නැති තැනම පමණි. උදාහරණයක් ගත්තොත් මම මගේ ගැහැණු ළමයට ගොඩක් ආදරෙය්. මම එහෙම කියන්නේ එයාගේ බැල්ම හරිම ලස්සනය්. එයා බලනකොට මගේ හිත ආදරයෙන් පිරි ඉතිරි යනවා. එයාගේ බැල්ම නිසා මට ලොකු සතුටක් ඇති වෙනවා. මේ උදාහරණය ගත්තොත් ඒ ගැහැණු ළමයාගේ බැල්මෙන් සැනසෙන්නේ මගේ හිත විතරය් නේද? එතන ආදරේ තියෙන්නේ මටම මිසක් ගනු ළමයට නෙමෙය් නේද? සතුටු වෙන්නේ මගේ සිත මිසක් ගැණු ළමයාගේ සිත නෙවෙය්. ඒ ළමය මගෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියොත් මට ලැබුණු ඒ ලස්සන බැල්ම අනිත් කෙනාට ලැබෙනවට මම ඊර්ෂ්යය්. මට තිබුණු දෙයක් මට නැති වුන එක ගැන මට දුකය්. ඒ දුක සහ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මම ආදරේ මටම නිසා නෙවෙද? ගැණු ළමයට ආදරෙ නම් එයා අනිත් කෙනා එක්ක සතුටින් ඉන්න නිසා මටත් ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒත් මට ඒක දුක හිතෙනවා මිසක් සතුටක් නම් නෑ.
ReplyDeleteඊළඟ උදාහරණය විදියට රෝස මලක් ගන්න. රෝස මල ඒකෙ සුවඳ ලෝකේ හැමෝටම පතුරනවා. ඒකට ලොකු පොඩි බේදයක් නෑ. ඒකට උස මිටිකම්, ලස්සන කැත, දුප්පත් පොහොසත් බේදයක් නෑ. හැමෝටම එක වගේ සලකන්නේ. ඒකට හේතුව රෝස මල සප්‍රාණික වස්තුවක් නොවීමය්. එකට මම කියා දෙයක් නෑ. රෝස මලේ සුවඳින් පිනා යන්නේ ඒ සුවඳ ලබා ගන්න තැනැත්තා මිස රෝස මල නොවේ. රෝස මල කඩා බිඳ දැම්මත් අන්තිම මොහොත වෙනකල් හැමෝටම වෙනසක් නැතුව සුවඳ දෙනවා. අපිට පුලුවන්ද අපිට හතුරුකම් කරන අයටත් අපිට ආදරේ කරන අයට වගේම සලකන්න? අම්මෝ බෑ... ඒ අපේ ආත්මාර්ථය නිසා. ආත්මාර්ථය කියන්නේ මම, මගේ සහ මට කියන හැගීම නේද??? ඒක අයින් කලොත් අපිට හතුරත් මිතුරත් සමානය්. රෝස මලට පන තිබුනානම් පතුම්ට මට වැඩිය සුවඳ දෙන්න හිතේවි. මොකද එවිට මල සාපේක්ෂව බලන්න පටන් ගනීවි. රෝස මලටත් නොයෙක් දේ හිතෙන්න පටන් ගනීවි.
එම නිසා අපිට ඇත්තටම ආදරය කරන්න ඕනේ නම් මම මගේ මට කියන හැගීම් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ. එවිට ආත්මාර්ථකාමී නොවූ සත්‍ය ආදරය දෙන්න පුළුවන් වේවි. ඒ ආදරයට තමය් බුදුන් වහන්සේ දේශනා කරපු මහා කරුණාව සහ මෛත්‍රිය ඇතුලත් වෙන්නේ. මේක පොත් වලින් කියවල concept එක ගැන හිතුවට අවබෝධය සහ අත්දැකීම ගන්න බෑ. බුදු දහමේ දේශනා කරන අනාත්ම concept එක අවබෝධ වෙච්ච දාට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරය්. ඒවාට ගොඩක් විදර්ශන භාවනා කරලා මාර්ග ඵල අවබෝධ කරගන්න ඕනේ.
අනේ අපිට කවද මේවා අත්දකින්න පුළුවන් වේවිද????