Tuesday, June 17, 2025

තේරුමක් නැති වාලම්පුරි

වාලම්පුරි ගැන හොඳ පොස්ටුවක් ඉකොනෝ ලියල තිබුනා .. එකෙන් තමා මම ඔය ගැන යමක් දැන ගත්තේ .. ඒ එක්කම මට මේ දවස් වල පෙන්නන වාලම්පුරි චිත්‍රපටිය බලන්නත් චාන්ස් එකක් ආවා .. යන්න හිතාගෙන හිටියේ නැහැ .. නමුත් ක්ෂණික තීරණයක් අරගෙන ඔන්න ඔහේ ගියා බලන්න .

බැලුවට පස්සේ හිතුනේ තේරුමක් නැහැ කියල .. බලන්න ගියේ ඒක හදපු ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ හොඳ නිසා . බලනකොට සහ බැලුවට පස්සේ කුඹියෝ හදපු කෙනා කියල හිතේ තිබ්බ මෙව්වා එකත් නැති උනා වගේ ..

ඒක  මගේ ෆිල්ම් ටේස්ට් එකේ අවුලක් නිසා වෙන්න ඇති . 

මම ෆිල්ම් එකේ කතාව කියල බලන්න ඉන්න අයගේ ආතල් කඩන්නේ නැහැ .. මට ඔය චිත්‍රපටි විචාර කරන්ඩ තේරෙන්නෙත් නැහැ ... හැබැයි ඕනෙම ෆිල්ම් එකක් බලල ඉවර උනාම මට දැනෙන දේ ගැන මම සෙන්සිටිව් .. ඒ කියන්නේ මේකේ තියෙන ගත යුතු දේ මොකක් ද කියල හිතෙනවා .. මොකද ඕනේ තරම් චිත්‍රපටි නොමිලේ ගෙදර ඉඳල බලන්න පුළුවන් කම තියෙද්දී හෝල් එකකට ගිහන් බලල ගන්න ආතල් එක ඇරුනම ෆිල්ම් එකේ මොනවාද තියෙන්නේ කියන එකගැන මම හිතල බලනවා .

එකේ තිබ්බ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක පට්ට . නළුවන්ගේ රඟපෑමත් සිරා . හැබැයි ඒ කතාව හෙන ගොබ්බයි 

තවමත් කොළඹ මැජික් වෙච්ච ගොඩයෝ ඉන්නවා කියල පෙන්නන , උසස් පහත් බේදය ඉස්මතු කරන්න හදන , අසරණ මිනිස්සු හැමදාමත් අසරණයි කියල අන්තිමට නෙගටිව් හැඟීමක් ඉතිරි කරන පැය දෙක හමාරක්.. නමුත් ඕක ඇතුලේ හොඳ දර්ශන , රඟපෑම් , සිනේමටෝග්‍රපි කියන ඒවා ඇති .

ෆිල්ම් හැම එකම පට්ට වෙන්න ඕනේ නැහැ .. එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න තමා ෆිල්ම් තියෙන්නේ .. නමුත් සම්පුර්ණ කතාවේ හරය ඇතුලේ තියෙන්නේ මිට අවුරුදු 40කට විතර කලින් ලකා ලගේ සහ අපේ පරම්පරා වල අය  දැකපු දේම නම්, 2025 දීත් මිනිස්සුන්ට අපි පෙන්නන්නේ උඹල මෙහෙම තමා උඹලට මිට වඩා දෙයක් බැහැ  කියල නම් ඒ චිත්‍රපටි බලන එකෙන් ඇති වැඩේ මොකක් ද ...

ඔය චිත්‍රපටියේ සෙට් එක ගහන ගේම වගේ ගේම් ගගහ ජිවත් වෙන්න දඟලන අය්ය කෙනෙක් අපේ පවුලෙත් ඉන්නවා .. මම හිතන්නේ ලංකාවේ පවුල් හැම එකකම එහෙම චරිත ඉන්නවා .  චිත්‍රපටියේ අරමුණ ඒ චරිත සිනමාවට ගේන එක නම් ඒක සිද්ද වෙලා තියෙනවා . හැබැයි බලන මිනිස්සුන්ට අලුත් දෙයක් නැහැ ... උදේ හවස ගෙදර දොරේ අහන දකින දේ ම තමා ...

ෆිල්ම් එක බලල , අම්මට හුඩු මෙහෙමනේ යකෝ සිරා ගේමක් දෙන්නේ කියල දවස් ගණන් කල්පනා කරන්න පුළුවන් ෆිල්ම් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා .. මම හිතන්නේ අපි හැමෝම එහෙම ඒවා බලල තියෙනවා ..කුඹියෝ  ගැහුවේ එහෙම ගේම් ..

මට හිතෙන්නේ සිනමාවේ තියෙන සිරා බර සාර දේවල් ගැන බලන්න කතා කරන්න එන අයට  සහ අර ටිපිකල් මම මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තමා මේ පෙන්නුවේ කියල කියන අය ඇර , රසවින්දනය , ආතල් එක , ත්‍රිල් එක , බය , දුක , රාගය,  ආශාව ආදී අටෝ රාශියක් වෙච්ච මිනිස් හැඟීම් වෙනුවෙන් හදන චිත්‍රපටි බලන්නත් මිනිස්සු එනවා .. ඒ මිනිස්සුන්ට බලන්න , ජිවිතේට අලුතින් දෙයක් ගන්න . නැත්නම් සිරා හොරෙක් වෙන්න , තාක්ශනේ පාවිච්චි කරන්න , හිතල මතල වැඩක් කරන්න , ගේමක් ගහනවනම් ලොවෙත් නැති විදියට ප්ලෑන් කරලා ගහල දිනන හැටි පෙන්නන චිත්‍රපටි අපි 2025දිවත් හදන්න ඕනේ.

අපේ චිත්‍රපටි වල තාම ගහන්නේ හෙන සීනිබෝල ගේම් , කියන්නේ අතේ පැලවෙන බොරු . පරිණත නිලියෝ තාම රඟපාන්නේ හෙන ගොබ්බ විදියට 

අපරාදේ සුපියල් පහ කෑවා !

ලකා මේ දවස් වල ඉන්නේ මෙල්බන් .. හම්බුනොත් මමම ඌට මේ ටික කියන්නම් 


  

43 comments:

  1. අජිත් පොන්නපෙරුම-ලන්ඩන්Wednesday, June 18, 2025 12:48:00 PM

    ඔච්චර චිත්‍රපට ගැන දන්නවා නං හේරත්ට පුළුවන්නේ හොද චිත්‍රපටයක් හදල පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් කරන්ඩ පුළුවන් නම් මේ බ්ලොග් ලිය ලිය ගොං ආතල් ගන්නේ නෑනේ .. හෙහ් හෙහ්

      Delete
    2. මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?
      ➖➖➖➖➖➖➖🔸🔶🔸➖

      මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙන්න අනිවාර්‍යයෙන් ඉකෝන් ඇන්ඩ් එකවුන්ට්ස් වගේම ග්ලෝබල් ට්‍රේඩීන් ඇන්ඩ් ටැක්සේසොන් දැනගෙනත් ඉන්ටම එපාය...

      එතෝට සිරිවර්ධන මහත්තයා ඔය ඔක්කෝගෙම ප්‍රවීනයෙක් වෙන්ට ඇති....

      ඒත් එයාගේ කාළෙම තමා ගෝටා විදෙස් ණය ගැන්ම නැවැත්තුවේ...

      වාහන අපනයනය නැවැත්තුවේ...

      රට බංකොලොත් රාජ්‍යයක් වුනේ....

      ඊට පස්සේ ගෝටා විසිවෙලා රනිල් ආවමත් සිරිවර්ධන මහත්තයාමයි වුන්නේ... හැබයි රනිල් බංකොලොත් වෙච්චි රටේ imf යෝජනා අනුව ජනප්‍රිය නොවන තීන්දූ තීරණ අරගෙන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරනවා වගේම..

      2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) ගෙනත් තවදුරටත් මුදල් අච්චු ගැසීම වගේම රාජ්‍ය මූල්‍ය කළමණාකරනයේ නව නීතී රීතී රෙගුලාසි විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙනවා පමනක් නොව....

      (ඔය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබූ උත්සවයකදි මේක විශාල ජයග්‍රහණයක් බව ඔය සිරිවර්ධන මහත්තයන පිලිගත්තා... හැබයි බුවා ඊයේ ඉමෝෂනක් වෙච්චි නිසා කතාවේ ඒ කෑල්ල කඳුළු වලින් කවර් වෙන්නැති... අපේ අය මේවට ඕසෙට රැවටෙන්නේ 😁.... අනික මේ ජනපති ඉස්සරහා ඕක කියලා ... අර කිව්වා වගේ පොරට ජම්පරේ දායි කියලා බයත් හිතෙන්නැති)

      76% තිබූ උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දුන් සියලුම ඉලක්ක සපුරමින්.. ජාත්‍යන්තර බැඳුම්කර පවා ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කරමින්.... 5% ආර්ථික වර්ධනයක්ද සමඟ කජු හා ඇල්ගීත් කමින් ඩොලර් බිලියන 6 ක විදේශ සංච්තත් ඉතුරු කරමින් ගිනි තිබ්බ ගෙදරට යනවා....

      දැන් සීයා ගිහින්....

      තබුත්තේගම මහේන්ද්‍ර ප්‍රසාධිනී කයිතන් උන්නැහේ ඇවිත් මාස 6 ක්...

      තාමත් ඊයේ වෙනකන් සිරිවර්ධන මහත්තයා ලේකම්....

      හරි විදියට ඩොලර් සංචිතේ ඩොලර් බිලියන 7.5 ක් වෙන්ට ඕන... ආර්ථික වර්ධනේ 5% ට වැඩි වෙන්ට ඕන...

      හැබයි එහෙම වුනේ නෑ.....

      ඉතින් වැඩ්ඩා සිරිවර්ධන මහත්තයාද?

      කජු කාපු සීයද?

      සත්‍යයේ සටහන

      බුද්ධියේ විමසුමට....

      Delete
  2. මේක මම කැමති වර්ගයේ චිත්‍රපට විචාරයක්. හොඳයි මේක ලියපු එක.

    ReplyDelete
    Replies
    1. බලනකොට සහ බැලුවට පස්සේ හිතුන දේ ..

      Delete
  3. බලල දින ගාණක් යනකම් ඔලුවෙ තියෙන ජාතියෙ සිනමා, ටෙලි දැන් අඩුයි. ඒක, එක එක්කෙනාට දැනෙන්නෙ වෙනස් විදිහට වුනාට, "කූඹියෝ" ඒ හැඟීම එක තැනකට ගෙනාව. ඒකත් අර සිංදු වල තියනව වගේ "වන් හිට් වන්ඩර්" එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා?

    ReplyDelete
    Replies
    1. මේකයි ..මේ චිත්‍රපටිය සත්‍ය කතාවක් ෆිල්ම් එකක් කරපු සිද්දියක් නෙමේ ..එතකොට ඕනේ විදියට හදන්න නිදහස තියෙනවා . මට පෙනුනේ අර ටිපිකල් ලංකාවේ අසරණ මිනිහගේ ජිවිතේ විතරයි මේක ඇතුලේ තියෙන්නේ කියන එක ..

      යතාර්ථය ඕක තමා .. හැබැයි ඒ යතාර්ථය ඒ විදියටම බලන්න අපි චිත්‍රපටි හදන්න ඕනෙද ? මිනිස්සුන්ට යතාර්ථයෙන් එහා ට ගිහින් පොඩ්ඩක් inspire කරන්න චිත්‍රපටි හදන්න බැරි ඇයි කියලයි මට හිතුනේ

      Delete
  4. හ්ම්....මේ අවුරුද්දෙ දැනටම පෝස්ට් පහක් ලියලා. නරකම නෑ, උන්නු හැටියට මලා මඳැයි.😋👌🙏

    ReplyDelete
    Replies
    1. යැස් !! AI පිහිට තමා .. නැත්නම් මම පණ යනකම් වැඩ මෙලහට හෙහ් හෙහ්

      Delete
  5. කූඹියො වගේ තව එකක් නෙමේ කියල ලකාම කීවනෙ.

    එක සිදුවීමක් මගින් හැමෝම දුවන මේ rat race එක ගැන පිළිබිඹුවක් වගේ දෙයක් තමයි තියෙන්නෙ... ෆිලුමෙ. අර වාලම්පූරිය විකුණන්න දෙන තැන් වගේ ඒවා පොඩ්ඩක් අවුල්. ඒත් සමස්තයක් විදිහට හොඳයි. (පොඩි නෙගටිව් ලයින් එහෙකුත් නැතුව නෙමේ. ඒකත් ඉතිං බලන කෙනා අනුව තමයි)

    ReplyDelete
    Replies
    1. කූඹියො වගේ වෙන්න ඕනේ නෑ කොහොමත් .. හැබැයි බලල ඉවර උනාම තේරුමක් නැති හැඟීමක් ආවා මට නම් ..

      සමහර විට වෙනස් දෙයක් දකින්න හිතාගෙන බලන්න ගිහින් අර හැමදාම ලංකාවේ චිත්‍රපටි වල තියෙනවා අසරණයට කෙල වෙන කතන්දරේ මයි කියල දැක්කම එපා උනා ..

      අසරණ කම පෙන්නන එක වරදක් නෙමේ .. හැබැයි මේ කාලේ ඕනේ තරම් ඔප්ෂන් තියෙද්දී අර 1990 ස්ටයිල් එකට ගෑනි ගාමන්ට් යන අසරණ චරිත නොපෙන්වා හෙනම සරලව ෆේස්බුක් එකෙන් සෙට් වෙන සුද්දෙකුට ඕක දීලා උන් සෙට් එකම ගොඩ යන සිරා පැත්තකට ඕක ගෙනියන්න තිබ්බා .. කතාවට තේමා වෙන්නේ මේ වර්තමාන කාලෙනේ ..

      අඩුම තරමේ ඕක බලන ඔය සබ්ජෙක්ට් වල ඉන්න අලුතින් දෙයක් හිතන්න ඉඩක් දෙන්න තිබ්බ

      Delete
  6. මෙතන වුනේ මේක . කුඹියෝ ලිව්වේ දමිත. මේ එයාගේ කතාව . -https://kolambagamaya.blogspot.com/2022/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. Into the Wild මම බලල තියෙනවා .. මට හැමදාම හිතුනේ ඌ පිස්සෙක් කියල .. extremist කෙනෙක් කියල

      මට නම් හිතෙන්නේ අර details හිතන්න තියෙන කම්මැලි කම , අලුත් අදහසක් ගෙනාවොත් ෆේල් වෙයි කියන බය වගේ දේවල් තමා .. වෙන සෙට් එකක් ඔය වගේ ෆිල්ම් එකක් හැදුව නම් ඔච්චර හිතන්නේ නැහැ ..

      මේ සෙට් එක ගැන පොඩි විස්වාසයක් තිබ්බා . මම හිතන්නේ මට අවුල් යන්න හේතුව එකයි .. හෙහ් හෙහ්

      Delete
    2. අජිත් ලියපු දමිත චන්ද්‍රසිරි ගැන ලිපිය ආයෙ කියෙව්වා. එහෙනං ඒකයි කතාව, අපි නොදන්නව වුනාට?

      කූඹියා වසං වූයේ ඊළඟ වැඩේටද?

      Delete
    3. එහෙම නම් හොඳයි

      Delete
  7. එතකොට වාලම්පුරි ලියන්න ගත්තත් එයා ඒවා ඔක්කොම අත ඇරලා කලකිරීමෙන් ගියා කියල කියන්නේ . අනිත් අය , ඉතින් ඔය කළා ලෝකේ අනිත් අය වගේම තමයි . කල දුටු කල වල ඉහගන්

    ReplyDelete
    Replies
    1. මට තාම ජයන්ත චන්ද්‍රසිරි ගේ ෆිල්ම් බලල නම් කවදාවත් ඔහොම හිතිලා නැහැ .. හැමදාම අලුත් දෙයක් තිබ්බා

      Delete
    2. ජයන්ත චන්ද්‍රසිරි ගෙ නිර්මාණ වලින් ඒ රසය මමත් විඳලා තියනවා.

      Delete
    3. පැතුම්, බස්සා...
      දේවි කුසුමාසන බැලුවද? ඒක තව හොඳයි.
      නන්නත්තාරේ ටෙලිය බැලුවද?

      Delete
    4. අන්තිමට රසවින්දෙ ඝරසරප. ස්තූතියි නිදි, ඒත් මම කැමති ජාතියෙ ඒවා නෙමෙයි.

      Delete
    5. මම සෑහෙන කාලෙකින් බලපු චිත්‍රපටිය මේක .. මේ දවස් වල Star wars ආයේ බලනවා .. සිංහල ආයේ කාලෙකට බලන එකක් නැහැ .. හෙහ් හෙහ්

      Delete
    6. 5 Obscure Sci-Fi Gems for Black Mirror Fans

      මේ ටිකෙන් Lapsis, Marjorie Prime දෙක බලන්නයි හදන්නෙ.

      Delete
    7. ඒ දෙකම මම බලා නැත .. ස්තුති වේවා

      Delete
  8. සිංහල ෆිල්ම් කියන ඒව කවදාවත් ඉස්සරහට යන ඒව නෙමෙයි. මට පේන්නෙ දැන් බොලිවුඩ් සිනමාවත් පහු කරල දෙමළ, මලයාලම් ඒව ඉස්සරහට එනව.

    ඔහේ බලපු එකනං මම ලොකු වෙලා බලන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට .. එකම අච්චුවේ ..

      ඔව් පොඩි ළමයින්ට හොඳ මදි .. නරක වචන කියනවා .. ලොකු වෙලාම බලන්ඩ :)

      Delete
  9. මමත් ගියේ ඉන්න නළුනිළි සෙට්ම එක හොඳ නිසා. ඒත්, ඒ මිනිස්සු පාවිච්චි කරල බාල වැඩක් කරල. එච්චරයි.

    ReplyDelete
  10. මට නං වැදුණි 'වාලම්පුරි' film එක
    ඒ හින්දමයි ලිව්වේ මං post එක
    හැබැයි ඔබේ මතයත් ඔබ ලිව්ව එක
    අගයමි- විශේෂෙන් නොබියව කියන එක

    මගේ අදහසත් කියවන්න කැමති අයටයි මේ:

    අපේ සිනමාවට වාලම්පූරියක්!
    https://nidigepanchathanthare.blogspot.com/2025/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. මම ඒ පැත්තේ ගිහින් ලිපියට කොමෙන්ටුවක් දාලම ආවා .. අපි බලන් ඉමු

      Delete
  11. මමත් ඕකෙ Trailer එක දැක්කෙ රාණි බලන්න ගියවෙලාවෙ. Plot එක මටත් ඇල්ලුවෙ නෑ, ඒ නිසා ඩොලර් 30කුත් ගෙවලා, ඉරිදා නිවාඩු දිනේ වෙන්කරගෙන ඕකට යන එක තේරුමක් නෑ කියලා හිතුණා. ඒ වුණාට බලන්න එපෑ ලකා යුබටවල දෙන පොර ටෝක්.... මම ඉන්නෙ ඇඩිලේඩ්වල, මෙල්බර්න්වල ඉන්න ලංකාවෙ උන්, වස්තිලගෙ ඉඳන් ඕනෙම කුණු ගොඩක් මෙල්බර්න්වලට ගේනවා, එහෙම එන ගොඩක් උන් මේ පැත්තෙනුත් වටයක් දාගෙන යනවා ගාන කපා ගන්න, හරියට ප්‍රයිවෙට් බස් ඕනෙම තැනකින් වංගුවක් දාගෙන සෙනග දා ගන්නවා වගේ 😝

    ReplyDelete
    Replies
    1. Robert, කතාව ඇත්ත .. පුම්බල උඩ යවන සීන් එකක් තියෙන්නේ .. මාත් දැක්ක

      [මම හිතන්නේ ලකා එයාගේ හිස්තැන් ඔක්කොම මේ ෆිල්ම් එකේ දී අපිට පෙන්නුවා...’] අර උඩින් දාල තියෙන නිදී ලියපු එකට කවුද දාපු කොමෙන්ට් එකක් ..
      බලමු තව ටික කාලයක් ...

      Delete
  12. හේරත් මාමා හෙන ගොඩේ නේද

    ReplyDelete
  13. තාම බැලු‍ව‍ෙ නැහැ. බැලිය යුතුයි. ජයන්ත චන්ද්‍රසිරිගෙ චිත්‍රපටවල තියෙන ඔලුවට වැදෙන ගතිය මං ‍ම‍ෙහෙ ‍ව‍ෙන චිත්‍රපටිවල දැකලා නැහැ.

    ReplyDelete
    Replies
    1. [ජයන්ත චන්ද්‍රසිරිගෙ චිත්‍රපටවල තියෙන ඔලුවට වැදෙන ගතිය] ඇත්ත . මේ ගොඩක් චිත්‍රපටි වල එහෙම කිසි දෙයක් නැහැ .. ඔහේ බලන් ඉඳල යන්න විතරයි තියෙන්නේ . ගත යුත්තක් නැහැ .

      Delete
  14. නොබැලුවෙමි. ඕවා බලන්න වෙලාව තියෙනවා නම් නෙට්ෆ්ලික්ස් එක දාලා තව මලයාලම් චිත්‍රපටියක් බලනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඩොලර් 30ක් ගෙවල පැය දෙකක් විතර චූ බරේ හිටපු එක විතරයි අන්තිමට

      Delete
  15. යාන්තම් ඕන් මමත් බැලුවා... අඩු වැඩි වශයෙන් මෙතැන කියලා තියෙන දේවල් වලට එකඟයි. ලකාගේ වැඩක් කියලා කියන්න බැරි තරමට අවුල්. මෙහෙම හරි ලංකාවේ සිනමා කර්මාන්තය දුවන්න ඕනේ නිසා ලොකුවට විවේචනයක් කරන්න බෑ. මේ බ්ලොග් වල ලියලා තියෙන ඒවා දැකලා හරි ලකා ඊළඟ වැඩේ ගොඩදාගනී කියලා පොසිටිව් ඉඳිමු නේද

    ReplyDelete
    Replies
    1. [ලංකාවේ සිනමා කර්මාන්තය දුවන්න ඕනේ නිසා ලොකුවට විවේචනයක් කරන්න බෑ] උදය මේ සිතුවිල්ල හින්ද තමා ලංකාවේ සිනමා කර්මාන්තය දියුණු නොවෙන්නේ

      අපි අනේ පව් නේ, මෙහෙම එකක් හරි හැදුවනේ , යනාදී වශයෙන් තේරුමක් නැති සෙන්ටිමෙන්ටල් හැඟීම් වලට යට වෙලා .. අපේ සුපියල් 5 අනුන්ට දීලා පිං සිද්ද වෙනවනේ කියන හැඟීමෙන් එලියට එනවා ..

      ඊට පස්සේ හදපු එකාව මෝඩ ආතල් දීල උඩ යවනවා ..

      ඊට පස්සේ සිනමාව දියණු වෙනකං බලං ඉන්නවා

      Delete
  16. වාලම්පුරිය හෙන මෝඩ චූන් එකක් කියලා දැනෙන්න ඒක බලන්නම ඕන බන් . . තාම ෆිල්ම් එක දුවන නිසා මම මගේ පොස්ට් එකේ ටිකක් තනුක කරලා ලිව්වේ . . ඇත්තම කියනවනම් අපේ සුපියල් පහ කෑවා කියන එක තමයි හරි .

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ .. අර ක්ලැරන්ස් ගේ එක නම් හොඳයි වගේ නේද

      Delete