මට එදා සිටම ක්‍රිකට් බැරිය.
හැමදාම කොල්ලන්ගෙන් බැනුම් අසන්නේ "බෝලේ දිහා බලල ගහපන් බන් " යනුවෙනි. කොපමණ වැනුවත් වදින්නේ හෙනම කලාතුරකිනි. බෝලයේ කුඩා බව හෝ පිත්තේ කෙට්ටු බව හෝ විකට්(පොල්පිති,කැඩුණු පුටු,ලෑලී,මහත ටින් බෙලෙක්ක) ආදියේ පළල් බව යන හේතු කිහිපය හෝ එකක් හෝ නිසා මම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට (0<=5) බොහෝ අවස්ථාවල දැවී යයි. උන් මාව සෙල්ලමට ගන්නේ බොහෝවිට පැති දෙක බැලන්ස් කරගැනීමට අවශ්‍ය නිසා හෝ හරියට ලකුණු ටික ගැන ගැනීමට ඕනෑ බැවිනි.
වැඩිපුර ක්‍රිකට් සහ අඩුවෙන් ෆුට්බෝල් ගැසූ නිසා ෆුට්බෝල් වලදී මම එතරම් බැනුම් අසා නැත. කල්පනා කර බැලීමේදී මම ෆුට්බෝල් වලදී අපේ කොල්ලන් සැට් එකට අත්‍යාවශ්‍ය වූ අවස්ථා කිහිපයක් මතකයට නැගේ...
නමුත් එය එතරම් වැදගත් නොවූයේ අපිට ෆුට්බෝල් උණ හැදෙන්නේ වර්ල්ඩ් කප් අවස්ථා වලදී පමණක් වීම නිසාය. අනිත් හැමදිනම ක්‍රිකට් පමණකි.
මගේ ක්‍රිකට් උණ 96 වර්ල්ඩ් කප් එකත් සමඟම අවසන් වී ගියේය. අවංකවම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා වත් මම දන්නේ නැත... වර්ල්ඩ් කප් ෆයිනල් එකකට ලංකාව ආවොත් එදාට මැච් එක බලනවා මිස අනිත් වෙලාවට මැව් බැලීම වස කම්මැලි වැඩකි.
වැරදිලාවත් කොල්ලෙක් මැච් එකට මොකද බන් වුණේ (මං ගැන නොදන්න එකෙක්) යැයි ඇසුවහොත් "අනේ උඹ... අනේ තෝ... " ආදියෙන් පටන් ගෙන වෙන එකෙකුගෙන් අවසන් වෙන සාකච්ඡාවක් බවට පත් වෙයි.
ෆුට් බෝල් යනු අතිශය සරල ක්‍රීඩාවක් ලෙස මම දකින නිසා සහ පැය 1.5 කින් දෙකෙන් එකක් වන නිසා ෆුට්බෝල් වලට කැමති වීම සාධාරණ ලෙස මට පෙනෙයි.
ඉස්සර මැරඩෝනා ගැන හෙන උණක් තිබීම නිසා සහ මෙවර ආජන්ටිනානූ කණ්ඩායමේ පුහුණු කරු මැරඩෝනා වීම නිසා මෙම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීම අදහස මට පහුගිය දිනවල ඇතිවී තිබිණි.. අද හයිලයිට්ස් බල බල ඉන්න වෙලාවේ වැඩේ ස්ථීර කර ගත්තා.
කොල්ලෙක් වුණහම එක ක්‍රීඩාවක වත් පිස්සෙක් විය යුතු බව දැන් ටිකකට කලින් හිතුන නිසා මේ අදහස ආවා වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් බෝලයක් පසුපස එලවා ගෙන ගොස් දැලකට ගැසීම වැනි සරල මූලධර්මයක් සහිත ක්‍රීඩාවක ෆෑන් කෙනෙක් වීම අතිශය බුද්ධිමත් තීරණයක් බව මම සිතමි.
කැමරූන් සහ ඩෙන්මාර්කය අතර මේ දැන් පටන් ගැනීමට සැරසෙන මහා තරඟයත් සම්ඟ මගේ ෆුට්බෝල් ගමන පටන් ගැනීම (ජූලි 11 වන තෙක්) මෙසේ සටහන් කරමි.
ප.ලි.
DO IT FOR AFRICA යන බැනර් එක දැක අප්‍රිකාව කෙරෙහි ඇති වූ පහන් සංවේගය නිසා මම කැමරූන් පිලට සපෝර්ට් කිරීමට මේ දැන් තීරණය කළෙමි.
මැච් එක ඉවර වෙන්න කලින් නින්ද ගියොත් කරුණාකර සමාවන්න.
HERE WE GO....
Psychological and Anthropological Analysis of the Pattini Cult's Role in
Sri Lankan Culture
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD*
In The Cult of the Goddess Pattini (1984), Gananath Obeyesekere analyzes
the historical, sociological, and psyc...
3 hours ago
ඕක තමයි අයියෙ මටත් තියෙන ප්‍රශ්නෙ. ෆුට් බෝල් මැච් එක පටන් අරන් ටිකවෙලාවකින් මම දොයි :P
ReplyDeleteඔයාගෙ කථාවමනෙ මටත් තියන්නෙ, මටත් වැඩිය කිරිකොට් බැහැ. ෆුට් බොල්, වොලිබොල් මෙන්න......
ReplyDeleteකිරිකොට් මොකට බලනවද මන්දන්නෙ නැහැ. දැන් ඉස්සර වගෙ අවංක, ප්‍රතිපත්ති ගරුක මිනිස්සුත් නැහැ. මහානමලා, ගුරුසිංහලා, අරජුනලා , මම හරිම ආදරෙ කරන මිනිස්සු. දැන් එවගෙ මිනිස්සු නැහැ. බොරු ලොකුකම් පෙන්නගෙන ගිහිල්ලා, බින්දුවෙන් අවුට් වෙලා එනවා. ඔනැ වෙලාවට ගහන්නෙ නැහැ. හැබැයි කෙල්ලගෙ උපන්දිනෙ දවසට නම් ජෙසු පිටයි බොලර්ස් ලට.
ෆුට්බොල් එක ගැන නම් කියලා වැඩක් නැහැ. බලන්න නෙමෙ ඔනා සෙල්ලම් කරන්න, අයෙ ලෙඩක් දුකක් , ඇස්වාහක් නැහැ සුපිරිම මහන්සියක්, පැය කාලක් හරියට සෙල්ලම් කරත් ඇති අවුරුදු දහයක් නිරොගීව ඉන්න....