මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව). බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්.
ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල මතක නෑ.. හැබැයි වහලේ බෝට්ටුවට කලින් කුරුල්ලෝ හදන්න ඉගෙන ගත්ත වගේ මතකයි.. වහලේ බෝට්ටුව ටිකක් අමාරුයි නේ..
මම හිතන්නේ මේ කඩදාසි බෝට්ටු හදන එක මම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි එදා සිට අද දක්වා සියළුම පොඩි උන් ඕක දන්නවා.. ඉස්කෝලෙ කාලේ සහ ටියුෂන් කාලේදි කුරුල්ලෝ,රොකට් එක්ස්පර්ට්ල නොවෙන්නේ ඔය ගෙවල් වල ටියුෂන් ගිය ළමයි තමා ඉතින්..
රබර් පටි වලින් වැලක් එකට ගැටගහල ඊතල වගේ යවන රොකට් ඒ දවස් වල මගේ ප්‍රියතම එකක්.. ඒක යවන්න සෑහෙන්න ඉඩක් ඕනේ (ටියුෂන් ක්ලාස් වල අන්තිම පේලියත් මදි රබර් බෑන්ඩ් දාල යවන ඒවට). යවල තියෙන අය දන්නව ඇති..
ඔය හැමෝම දන්න ඒවට අමතරව නෙලුම් මල්,ගෙම්බෝ,ප්ලේන්,තාරාවෝ,පෙට්ටි,පිරමීඩ, හංසයෝ වගේ සිරාම සිරා ඒවා මේ කොලවලින් හදන්න පුළුවන්. කොලෙන් විතරයි.. කතුරු ගම් වගේ දේවල් නැතුව
මම ඔය පොඩි උන් ඉන්න ගෙවල් වලට හදිසියේවත් ගිහින් පැයක් 2ක් චාටර් වෙන වෙලවක් ආපු ගමන් කරන්නේ ඉන්න පොඩි එකාට කොලේකින් ඔය මොකක් හරි එකක් හදල දෙනව.. කොල්ලෙක් නම් ප්ලේන් එකක්.. කෙල්ලෙක් නම් තාරාවෙක්.. දෙන්නෙක් හිටියොත් දෙන්නටම තාරාවෝ දෙන්නෙක් වගේ.. ඊට පස්සෙ ඉඳන් ඕනෙ පොඩි එකෙක් මාත් එක්ක ෆිට්.. ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්..
මම දන්න ඒවා හදන හැටි ස්ටෙප් බයි ස්ටෙප් ලියන්න මට කම්මැලියි.. මට වඩා හොඳට ඕව හදන්න දන්න අය යූ බටේ ට දාපු වීඩියෝ ටිකක් දාන්නම්.. කැමති අය බලන්න..
මේවගේ ඒව එකක් දෙකක් හදන්න ඉගෙන ගෙන තියෙන එක පාඩුවක් නෑ.. ලොකු පොඩි සැමට වටින විනෝදාංශයක්
හපුතලේ ඉන්න අපේ ලොකු අයිය(අපේ කිව්වට අපේ තාත්තගේ අක්කගේ ලොකු පුතා දැන වයස 65ක් විතර ඇති.. මට අයියා,අපේ අම්මට පුතා, හැබැයි අම්මට වඩා වැඩිමල්) ඉස්සර මට ගනන් උගන්නන්න කඩදාසි වලින් ඝණකයි,පිරමීඩයි හදනවා... ඝණකය,පිරමීඩය වගේ දේවල් මුලින්ම තේරුම් ගත්තෙ මේ වයෙන් තමා..
අපි මේ ජොලියට පොඩි පොඩි දේවල් හැදුවට ඔරිගාමි කියන්නේ ලෝකෙ පුරා හරිම ජනප්‍රිය විනෝදාංශයක්.. සෑහෙන්න දේවල් තියෙනව ඉගෙන ගන්න.. කරන්න පුළුවන් නිර්මාණත් හරිම අපූරුයි..
හරි මේ තියෙන්නෙ වීඩියෝ ටික..
නෙලුම් මල
http://www.youtube.com/watch?v=eGPK1vvdyLE
ගෙම්බා
http://www.youtube.com/watch?v=2p4SyN8Y8Is
ප්ලේන් (එක එක විදියේ ප්ලේන් වර්ග තියෙනව)
http://www.youtube.com/watch?v=ox2djol29ts&feature=related
තාරාවා (මම තාරාව කිව්වට නියම ඔරිගාමි වචනේ ක්‍රේන් (කොකා))
http://www.youtube.com/watch?v=FSijU52XJ7w
හංසය (මේක මම හදන්න ඉගෙන ගත්තෙත් මේ වීඩියෝ බලල)
http://www.youtube.com/watch?v=f0zTNCRg-Uc&feature=relmfu
භණකය (ලොකු අයියා උගන්නපු ඝණකේ.. අමතක වෙලා තිබ්බේ)
http://www.youtube.com/watch?v=PNm7g7YVsgA
පිරමීඩේ (අමතක වෙච්ච එකක්)
http://www.youtube.com/watch?v=FaXqIoeIjak
ඔය වීඩියෝ බලනකොට තව තව ඒව හදන හැටි තියෙනවා.. ඒවත් බලල සිරා ඒව ටිකක් හදන්න ඉගෙන ගන්න පුළුවන්.. මේ දවස් වල ඔපිස් එකේ ලයිට් ගියාම මම කරන වැඩක් මේ.. අනිත් උන් කැරම් ගහනවා..හික්...
බලි ඇඳීමේ පෝස්ට් එකට නම් වීඩියෝ හොයා ගන්න බැරි නිසා මම ඉදිරි කාලයේ අඳින බලි එකතු කරල පොටෝ අරන් ලෑස්ති වෙලා ඒක ලියන්නම්..
The family elephant part 1 ඉංග්රීසි සහ සිංහල කතාව
-
In Galagedara, people gave directions by reference to the Wijesundara
family’s elephant.
“Go past the boutique, take the road beside the paddy field...
6 hours ago