මේක අපි හැමෝම වගේම ගොඩක් වෙලාවට කතා බහ කරන... හැමදාම විසඳුමක් හොයන ප්‍රශ්නයක්.. මේක ප්‍රශ්නයක් නොවන අය සාමාන්‍යයෙන් ඉන්නෙ ගොඩක් අඩුවෙන්... හැබැයි මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද? පහුගිය දවස් ටිකේ මම මුහුණ දුන්න පොඩි සිද්දියක් නිසා තමයි මේක ලියන්න හිතුණේ..
මම වැඩ කරන ස්ථානයට අලුතෙන් කෙනෙක් ව ගන්න පොඩි ඉන්ටර්විව් වගයක් තිබුණා.. තාක්ෂණික පැත්තේ ඉන්ටර්විව් එක කළේ මම... ඔක්කොම ඇවිත් තිබුණේ උපාධීධාරි අය... රටේ පිළිගත් විශ්වවිද්‍යාල වල දක්ෂකම් දක්වල විවිධ ස්ථාන වල කලක් වැඩ කරපු අය තමයි ගොඩක් හිටියේ... සම්මතයක් වශයෙන් අපේ රටේ ඉන්ටර්විව් තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා මේකත් අපි කළේ ඉංග්‍රීසියෙන්... එහෙම කරන්න හේතුව තමයි අපි කරන සෑම වැඩක් (කතා බහ හැර) ඉංග්‍රීසියෙන් කළ යුතු නිසා ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමත් එක අරමුණක් වුණා.. විදේශීය සමාගම් සමඟ කෙලින් ම සබඳතා පැවැත්විය යුතු නිසා ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව අපි කරන මෘදුකාංග හදන වැඩ වලදි අනිවාර්යයි. කඩ්ඩ පොලිෂ් වෙන්නම ඕනේ නෑ.. හැබැයි කඩුවෙන් යමක් කර ගන්න(කොස් කොටන්න) හරි පුළුවන් වෙන්න ඕනේ...
ගොඩක් අයට සාමාන්‍ය මට්ටමින් තාක්ෂණික පැත්තේ දේවල් ටික තේරෙන විදියට පැහැදිලි කරගෙන සාකච්චාව දිගට ගෙනියන්න පුළුවන් කමක් තිබුණා..
ආපූ අය අතරින් දෙන්නෙක් හැසිරුණු විදිය මම කියන්නම්...
පස්සේ දවසේ ආපු එක්කෙනෙක් ගේ ඉංග්‍රීසි හැසිරවීම අනිත් අයට සාපේක්ෂව ටිකක් දුර්වල ගතියක් (මටත් වඩා දුර්වල) ගතියක් තිබ්බා... මම අහපු සරල තාක්ෂණික ප්‍රශ්නයක් පැහැදිලි කරන්න එයාට ටිකක් අමාරු වෙලා එකපාරටම මගෙන් ඇහුවා ඉස් ඉට් ඕ.කේ ටූ ස්පීක් ඉන් සිංහල කියල... මම කිව්වා කිසි ප්‍රශ්නයක් සිංහලෙන් කතාකරමු කියල...පස්සේ අපි දෙන්නා දිගටම කතා කළේ සිංහලෙන්...
සිංහලෙන් කතා කරද්දි වඩා පැහැදිලිව ඒ මල්ලි ප්‍රශ්න වලට උත්තර දුන්නට අපිට තිබුණ මූලික අවශ්‍යතාවයක් වෙච්ච විදේශීය ජාතිකයින් සමඟ කටයුතු කරන එක අනිවාර්‍ය නිසා එයාව ඉවත් කරන්න සිද්ද වුණා..
ඊට පස්සේ ආව තව එක්කෙනෙක්, එයා මුල ඉඳල අවුලක් නැතුව ඉංග්‍රීසියෙන් වැඩේ ගොඩ දාගෙන ආවා.. හරියටම මම එදා අර මල්ලිගෙන් අහපු ප්‍රශ්නෙදිම මිනිහත් මගෙන් ඇහුවා කැන් අයි එක්ස්ප්ලේන් දිස් ඉන් සිංහල කියල... මම කිව්වා කිසි අවුලක් නෑ කියන්න කියල.. මිනිහ ලස්සනට අදාල දේ සිංහලෙන් උදාහරණ සහිතව පැහැදිලි කරල නැවත් ඉංග්‍රීසියෙන් වැඩේ කරගෙන ගියා...
එකම ප්‍රශ්නෙකට දෙන්නෙක් දෙවිදියකට මුහුණ දුන්නේ ඔන්න ඔහොමයි...
අපේ මූලික අවශ්‍යතා 2කම මේ දෙන්නගෙන් හරියටම ඉටු උනේ නෑ.. ඒ කියන්නේ තාක්ෂණික දැනුම සහ ඉංග්‍රීසි භාවිතය කියන දේ පිළිබඳව දෙන්නගෙම ගැටළු තිබුණා නමුත් එකම ගැටළුවට මුහුණ දුන්න විදියේ තියෙන වෙනස නිසා එක්කෙනෙක් වඩා සාර්ථක උනා.
තාක්ෂණික දේවල් සහ අනෙකුත් බොහෝ දේ වලදි අපි මේ නොදන්නා භාෂාවකින් නොදන්නා දේවල් ඉගෙන ගෙන අමාරුවෙන් ගැට ගහ ගහ ඒවා තේරුම් ගන්නයි.. තේරුම් කරන්නයි දඟලන දැඟලිල්ල ගැන හිතල බැලුවහම අපි රටේ සහ අනෙකුත් ඉංග්‍රීසී සිය මව් භාෂාව නොවන රටවල වෙසෙන අය උපතින් ම ඉංග්‍රීසි කතා කරන මිනිසුන්ට වඩා ඉහල බුද්ධි මට්ටමක ඉන්නව වගේ කියල මට හිතුණා...
පරිගනක භාෂාවක් හෝ අදාල තාක්ෂණික දේවල් සිංහලෙන් ඉගෙන ගන්න හදන එක තේරුමක් නෑ.. කවුරු කොහොම කිව්වත් ඒ දේවල් අපිට ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් සහ භාවිතා කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්... හැබැයි අපේ ඔළුවෙන් අපි ඒ දේවල් තේරුම් ගන්නේ සිංහලෙන්... මොකද අපි හිතන්නේ සිංහලෙන් නිසා... සිංහලෙන් තේරුම් අරං නැවත ඉංග්‍රීසියෙන් එළියට දාන්න ගියාම අපිව අනාත වෙනවා.. එතකොට අර අමාරුවෙන් තේරුම් ගත්ත දේට වඩා අපේ ඔලුවෙ තියෙන්නේ කොහොමද මම මේක ගැටගහ ගන්නේ කියන එකනේ...
මම හිතන විදියට මේ ඉංග්‍රීසි සහ සිංහල අපි අතර තියෙන ගැටුමට තියෙන හොඳම විසඳුම තමයි ඉංග්‍රිසියට විරුද්ධ නොවී අපි පුලුවන් විදියට ඉංග්‍රීසි ඉගෙන ගෙන වැරදි වැරදි හරි ඉංග්‍රීසි භාවිතා කරන එක. ලැජ්ජාව හෝ සවුත්තු වීම හෝ කියල දෙයක් අපි අපේ ඔළුවට දාගෙන මඟ අරින්න, ලිස්සල යන්න ට්‍රයි කරන්නෙ නැතුව දන්න විදියට ඉංග්‍රීසියෙන් වැඩ කරල අවශ්‍ය ඕනෑම විටකදී සිංහල භාවිතා කරල අපේ වැඩ ටික සාර්ථකව කරගන්න එක.. බොහෝ වෙලාවට නිවැරදිව ඉංග්‍රීසි උගත් සහ බුද්ධිමත් අය සහ ඉංග්‍රීසි මව් බස වෙච්ච විදේශිකයින් අපි අතින් වෙන ඉංග්‍රීසි අඩුපාඩු ගණන් ගන්නේ නෑ... සිංහල එකෙක් එක්ක සිංහලෙන් කතා කරන්න කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ නේ.
අපිත් එක්ක ඉන්න බොහෝ(90%) අය ඉංග්‍රීසි කතා කරන කොට ඕනේ තරම් වැරදි කරනවා (ගොඩක් වෙලාවට ඔය පොෂ් පවුල් වල ඉන්න අවුල් ඩයල්) නමුත් කිසි ප්‍රශ්නයක් නෑ නේ අවශ්‍ය වැඩේ කෙරෙනව නම්... අපි ඉංග්‍රීසි දන්නේ නෑ කියල පස්ස ගහල ඉන්නේ නැතුව දන්න ඉංග්‍රීසි සහ දන්න සිංහල දාල අපේ වැඩේ කරගන්න ආකල්පය අපිට දියුණු කරගන්න පුළුවන් නම් ඉංග්‍රීසිත් එක්ක අපිට ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්... අපේ ජීවිත ඉංග්‍රීසි නිසා පස්සට යන්නෙ නෑ.. හැබැයි ඒකට අපේ ඔළුවේ තියෙන පුහු මාන්නය සහ ලැජ්ජාව ටිකක් අඩු කර ගන්න වෙනවා.
ලොකු ටෝක්ස් දැම්මට මගෙත් කඩ්ඩ අන්තිමයි. හැබැයි මගේ ලැජ්ජා බය දෙකම නැති වෙලා නිසා ඕනේ තැනක බයක් නැතුව ඕනේ එකක් කියල මට අනුව පොරක් සහ ඌට අනුව චාටර් පොරක් වෙලා එන්න තරම් පුරුෂ අරක මට තියෙනවා... ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මම කිව්ව දේ ගැන අනිත් මනුස්සය හිතන්නේ මොකද කියන එක ගැන හිතන්නේ නැතුව ඉන්න මට පුළුවන් කම තියෙනවා.. මොකද අපිට අනිත් අය හිතන දේ ගැන හිතනවට වඩා වැඩ තියෙනවනේ මේ ජීවිතේ කරන්න.
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
12 hours ago