ANDROID ගැන මේ දවස් වල නොදන්න කෙනෙක් නෑ නේ (අපේ අම්මලගේ පරම්පරාවේ අය නැතුව). මමත් මේ අද ඉඳල පොඩි ANDROID ඇප්ලිකේෂන් එකක් හදන්න පටන් ගත්ත නිසයි මේ ලියන්නෙ හිතුනෙ. මම ANDROID ගැන දන්න දෙයක් නම් නෑ. තාම ඉගෙන ගන්නවා.
ANDROID ලෝගෝ එක දැක්කම කෙනෙක් ව මතක් උණා. ඇත්තටම ඒක නිසයි මේක ලියන්න හිතුණේ... ටී.වී එකේ කාටුන් බලපු... මම හිතන්නේ ITN එකයි රූපවාහිනියයි විතරක් පෙනුන කාලේ වගේ ට්.වී එකේ කාටුන් බලපු අය ඉන්නවනම් මෙයාව මතක් වෙන්න ඕනේ...
මේ ඉන්නෙ C3PO(See-Threepio).
මේ ඉන්නේ ලෝකප්‍රසිද්ධ චරිතයක්. අපි හැමෝම දන්න Star Wars කතා මාලාවේ ඉන්න දන්න කියන ඩ්‍රොයිඩයක්.
මේ ඉන්නේ R2D2 (Artoo-Detoo). See-Threepio ගේ අතිජාත මිත්‍රයා. මේකේ C3PO කියන්නෙ පිස්සු ලෝකයක් හැබැයි මේ බට්ටා R2D2 මොළ කාරයා. C3PO ගේ පිස්සු වැඩ වලට උදව්පදව් දෙන්නෙ වගේම ටිකක් හිතල බලල වැඩ කරන්නෙ මෙයා තමයි. එකම දේ මෙයාට තේරෙන්නේ මැෂින් භාෂාව විතරයි. ඒ කියන්නේ ඔය එක එක බීප් සද්ද වගේ දේවල්. මිනිස්සු එක්ක වැඩ කරද්දි මෙයාගේ සහයට ඉන්නෙ C3PO. මොකද මෙයාගේ යන්ත්‍ර භාෂාව තේරෙන්නෙ C3PO ට විතරයි.
ලියාගෙන යනකොට ලුක් ස්කයිවෝකර්, ඩාත් වේඩාර් ,ඔබී-වන්-කෙනෝබි ඔය ඔක්කොම ඉතින් මතක් නම් වෙනවා.
ඔක්කොම ගැන ලියන්න ගියොත් මේ ඩ්‍රොයිඩයන් ගැන මතක් වෙලා ලියන්න පටන් ගත්ත එකට නිකන් හරි නෑ වගේ නේ. කොහොම හරි Star Wars ගැන අහලවත් නැති කාලේක ටී.වී එකේ මේ රොබෝල දෙන්න ඉන්න කාටූන් එක බලන්න හරි ආසවෙන් හිටපු හැටි මතක් වෙනවා.. පස්සේ කාලෙක Star Wars ෆිල්ම් එක බලද්දි තමා මෙයාල කවුද කියල හරියටම දැන ගත්තේ. R2D2 සහ ANDROID ලෝගෝ එක අතර සම්බන්ධයක් තියෙනව ද කියල නම් මම දන්නේ නෑ. නමුත් ANDROID දැන් දැන් මොබයිල් මාකට් එක වේගයෙන් ආක්‍රමණය කරන්න හේතුව මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉන්න මේ පුංචි රොබොට්ට ද කියල නිකමට වගේ හිතුණා.
ANDROID Open source කියන එක වගේ තාක්ෂණික දේවල් පාවිච්චි කරන ගොඩක් මිනිස්සු දන්නෙ නෑ නේ..
කොහොමත් අපේ හැංඟිච්ච සිතුවිලි මාකට් කරන එක තමා මේ කාලේ ගොඩක් අය කරන්නේ...
Architects of Terror: A Comparison of Hitler and Stalin
-
*Dr. Ruwan M Jayatunge *
When comparing Hitler and Stalin, we uncover significant similarities and
differences in their ideologies and methods of gove...
8 hours ago

C3PO ට විතරක් R2D2 ගෙ යාන්ත්‍රික භාෂාව තේරෙන්න හේතුව C3PO ගෙ දත්ත ගබඩාවට විවිද භාෂා හැට දහසකට වඩා ප්‍රෝග්‍රෑම් කරල තියන නිසයි. එයාට ඒ හැම භාෂාවක්ම 100% ක් හොඳින් හැසිරවීමේ හැකියාව තියනව. C3PO ඔය ගැන පැහැදිලි කිරීමක් කරනව "රිටර්න් ඔෆ් ද ජෙඩායි (එපිසෝඩ් 6)" එකේ "ඊවෝක්" ලව මුනගැහෙන වෙලාවෙ. C3POට ඊවෝක් ලගෙ භාෂාවත් හොඳින් පුලුවන්.
ReplyDeleteමම හිතන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් වල ලෝගෝ එක විදියට අරගෙන තියෙන්නෙත් R2D2ම තමයි. මොකද අපිට මතක ඉතිහාසෙක මුලින්ම ඉන්න රොබෝල කිහිපදෙනාගෙන් ජනප්‍රියම රොබෝ තමයි R2D2.
අනිත් රොබෝලත් ටිකක් මතක් කලොත් . . .
* ලොස්ට් ඉන් ද ස්පේස් එකේ රොබින්සන් ලගෙ රොබෝ . . .
* බක් රොජර්ස් එකේ ඉන්න රොබෝ
* ස්මෝල් වොන්ඩර් එකේ ඉන්න "විකී"(http://www.youtube.com/watch?v=1sEWuVQgYcI)
ඔය මට මතක කට්ටිය . . . .
දොස්තර හොඳහිත කාටූන් එකේ දිය රකුස්ගෙ කොම්පියුටරේ වැඩකරනකොට කියන්නෙත් . . . . . "ආටෝ ඩීටෝ . . . කොම්පියුටර් ස්පීකිං" කියල නෙ . . . . ඒ පාවිච්චි කරල තියෙන්නෙත් R2D2 කියන එකම තමයි.
ප.ලි.
දිග කොමෙන්ට් එකක් . . . . මචං උඹට දාන්න සෙට් වෙන කොමෙන්ට් ඔක්කොම හෙන දිග ඒව. මේකත් මට තව කැලි ටිකක් එකතු කරල මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියටම දාන්න හිතුනත් . . . . ඔන්න ඔහෙ මෙතනම දැම්ම
ඔව්. දන්න කාලේ ඉඳන් රොබෝකෙනෙක් කිව්වොත් මට කියවෙන්නෙත් ආටූඩීටූ කියල තමා හික්... කොහොම වුණත් දාපු කමෙන්ට් එකට ස්තූතියි. ඔයා රොබෝල ගැන වෙනම පෝස්ට් එකක් බ්ලොග් එකේ දාන්න.
ReplyDeleteඅම්මලාගේ පරම්පරාවේ කෙනෙක් විය හැකි නිසා (වයස නිසා ටත් වඩා මට ඔය කියන ඇන්ඩ්‍රොයිඩ් කතා තේරෙන්නේ නැති නිසා) පුතේ කියලාම කතා කරන්නම් කෝ...
ReplyDeleteඉතිං පුතේ මටත් ඔය පුංචි සන්දියේ බලපු දොස්තර හොඳහිත කාටුන් එකේ ආ..ටූ.. ඩී...ටූ.. කම්පියුටර් ස්පීකිං කියන කතාව නං මතකයි. එතනිං එහාට රොබෝ තාක්ෂණය හා බැඳුනු මුල්ම අවස්ථාව මේක කියලයි මට හිතෙන්නේ... මොනවා වුණත් ලිපියෙන් කතා කරලා තියෙන කාරණා ටිකෙන් අපිටත් ඔයාලගේ ලෝකෙට එන්න චෑන්ස් එකක් දෙන්වද කියලත් හිතෙනවා...
අපේ අම්මට වයස දැන් හැටයි. මට හෙට අනිද්දට 30යි. මම අම්මලගේ පරම්පරාව කිව්වේ හැට සහ ඊට එහා වයසෙ ඉන්න රජයේ රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවන ලංකාවේ බහුතරයක් ඉන්න මිනිස්සුන්ගේ පරම්පරාව.
ReplyDelete