Sunday, March 23, 2014

ලංකාවේ සතා මොකාද ? මැලේසියාවේ නම් Big Bad Wolf

ලංකාවේ ඉන්න අපි කතා වලින් කියවපු නපුරුම භයානකම  සතා මොකාද (මනුස්සය නැතුව..) ? උලම ද? උලමාගේ රාත්‍රිය කියල මම ඉස්සර පොතක් කියෙව්වා වගේ මතකයි.. හැබැයි මොනවගේ කතාවක් ද කියල මතක නෑ.. 

ඊට පස්සේ එහෙම බය ජනක හැඟීමක් අපිට දුන්න සත්තු මොකුන්ද? 

ගුරුලා, නරසිංහ,ඇත්කඳ ලිහිණිය පදනම් වෙච්ච කතා අපේ සාහිත්‍යයේ තියෙනවද? 

අර කණට කොඳුරලා යන වළහ මම හිතන්නේ අපේ කතාවක් නෙවෙයි..

වලි කුකුළා ජාතික සතා විදියට මොකට සලකනවද මන්ද මෙච්චර කාලෙකට දාපු වලියක් නම් අපි දැකල නෑ..

කබර ගොයා ළිඳ වටේ හිටියට ඉතින් අපිට මොකද.. දියබරියෙක් කකුල කන එකත් ඉතින් එච්චර සීන් එකක් නෙවෙයි නේ..

තිස්ස රජ්ජුරුවෝ මුවෝ මැරුවට නිකමටවත් ඔය කොටියෙක්, වළහෙක් මරපු සීන් එකක් අපි අහල නෑනේ...

සිංහයා හිටියට වැඩක් නෑ.. සිංහබාහු කතාව ටිකක් ඇඩල්ට්ස් ඔන්ලි ගතියක් තියෙනවා...  පොඩි උන්ට කියන්න විදියක් නෑනේ..

ඒ කියන්නේ ලංකාවේ අපිටත් ඉතින් අන්තිමට ඉතිරි වෙලා ඉන්නේ රතු හැට්ට කාරිගේ වෘකයයි, ඔය රුසියන් කතා වල ඉන්නේ නපුරු සත්තු ටිකයි, ඊට පස්සේ එතනින් ගියාම ඉතුරු වෙන මකරු ටිකයි තමයි නේද..  

අඩුම තරමේ රාවනාවත් ඔය වගේ මොකෙක් හරි සතෙක් එක්ක මොකක් හරි ඇඩ්වෙන්චර් එකක් කරලා නැද්ද? 

ඇත්තටම අපිට අපේම කියල සතෙක් නැද්ද හැබෑටම පොඩි උන්ව බය කරන්න..  

අපිට බොහොම සෞභාග්‍යමත් රටක් , දුෂ්ට රජෙක් සහ දුෂ්ට ඇමති මණ්ඩලේ ඉන්නවා.. වීරයෙක් අඩුයි, කුමාරියෙක් අඩුයි...කුමාරි ගැන නම් ඉතින් ඔය මොකක් හරි කරගන්න පුළුවන් නේ .. ඔය හැටක් විතර ඉන්නේ..

හරි වීරයෙක් බිහිවෙන්න නම් වීරයාට හරි යන්න සිරා සතෙක් ඕනේ..  ඒ කියන්නේ එක්කෝ මරන්න හරි, නැත්නම් මෙල්ල කරගෙන පිටේ යන්න හරි..

ඔන්න පේනවනේ රටේ තියෙන සැබෑ ගැටලුව... අපිට හරි හමන්  සතෙක් නැති කම..

මම හිතන්නේ අපි මේ රජාට බැන බැන ඉන්න වෙලාවේ ඒ වගේ සතෙක් ගැන මොනවා හරි යමක් කළා නම් මිට වඩා ප්‍රයෝජනයි...

ලංකාවේ එහෙම වුණාට මැලේසියාවේ ඉන්නවා බොහොම අපූරු වෘකයෙක්... (ඔව් ඔව් ඉතින් රතු හැට්ට කාරිගෙන් කුලියට ගත්ත එකා තමා)

කුලියට ගත්ත වුණත් මේ වෘකයා බොහොම අපුරු වැඩක් කරනවා..

දැන් හැදෙන වෘකයෝ හෙන ඇඩ්වාන්ස් ... උන් ඔය කෙල්ලෝ රවට්ටන්න මෝඩ ආතල් දෙන්නේ නෑ ආච්චිලගේ ගෙවල් වලට ගිහින්..

මේ වෘකයා අවුරුද්දට කීප සැරයක් මැලේසියාවේ මිනිස්සුන්ට කියවීම උගන්නනවා...

ලංකාවට පොත් බෙදන්නත් මේ වගේ තඩි නපුරු වෘකයෙක් හිටියනම්...  සිරාවට

මෙහෙ තියෙනවා හරි අපුරු ප්‍රදර්ශනයක්... දැන් වසර කීපයක් තිස්සේ ඉඳන් තියෙන පොත් ප්‍රදර්ශනයක් මේකේ මුලිකත්වය ගන්නේ තඩි නපුරු වෘකයෙක්..

මේ ඉන්නේ

ප්‍රදර්ශනේ නම BIG BAD WOLF BOOK SALE ලංකාවේ තියෙන මහා පොත් ප්‍රදර්ශනේ තරම් ලොකු නෑ.. නමුත් හොඳ පොත් තියෙනවා..

සැප්තැම්බර් මාසේ කට්ටිය දාන පොත් ගැන පෝස්ට් බල බල ඉරිසියා කර කර හිටපු මට දෙන්නම් බැටේ කියන්න චෑන්ස් එකක් ආවා..

මේ ප්‍රදර්ශනේ මේ සැරේ තිබ්බේ ටිකක් අමුතු විදියකට (හැම සැරේම එහෙම ද දන්නේ නැ..)
අපිට ප්‍රදර්ශනෙන් කෙලින් ම පොත් ගන්න බෑ.. පොත් ගන්න නම් අපි ඉස්සෙල්ල ගන්න ඕනේ වෘකයා ඉන්න පෙට්ටියක්..  ඊට පස්සේ ඉතින් පෙට්ටිය පිරෙන්න හිතේ හැටියට පොත් ගන්න එකයි තියෙන්නේ.. එකම නීතිය තමයි පෙට්ටිය වහල සෙලෝ ටේප් එකක් අලවල සීල් කරන්න පුළුවන් වෙන්න තරමට තමයි පොත් ගන්න පුළුවන්..

පෙට්ටි වල මිල ගණන් දෙකක් තියෙනවා

එකක් රිංගිට් 79.90යි  ඒ කියන්නේ රුපියල් 3200ක් වගේ
අනිත් එක රිංගිට් 99.90 යි ඒ කියන්නේ රුපියල් 4000ක් වගේ

තමන්ට පොත් ගන්න හිතෙන තරමේ හැටියට පෙට්ටිය තෝරාගෙන ඉතින් පොත් පුරවන එක තමයි කරන්න තියෙන්නේ.. හෙහ් හෙහ්

හරි ආතල් වැඩේ.. සැරෙන් සැරේ ගණන් හද හද ඉන්න ඕනේ නෑ.. බස් එකේ යන්න සල්ලි මදි වෙයි ද කියල හිතන්න දෙයක් නෑ...

මේ තියෙන්නේ සීන් එක


ඔය තියෙන්නේ 4000 හේ පෙට්ටිය..

මේ තියෙන්නේ පොත්


තියෙන පොත් ඔක්කොම අලුත්ම ඒවා නෙවෙයි.. ස්වර්ණ පුස්තක, රාජ්‍ය සම්මාන තියෙන ඒවාද නැද්ද කියල ෂුවර් නෑ..  හැබැයි සිරා පොත් තියෙනවා

හරි දැන් මෙතන ඉඳන් නයා....

මේ තියෙන්නේ මම ගත්ත කාඩ් බෝඩ් පෙට්ටිය
පොතුත් සමග බර කිලෝ 17ක් විතර..


මේ තියෙන්නේ අන්බොක්ස් කිරීමට පෙර අවස්ථාව


අන්බෝක්සින් අවස්ථාව..

අන්බොක්ස් කලාට පසු අවස්ථාව


පොත් ගොඩේ උස


 ඔක්කොම පොත් 38ක්... රුපියල් 4000කට පාඩු ද?

මෙතන තියෙන පොත් ටිකක් පරණයි නමුත් තත්වය අතින් ඉතාම උසස්.. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 1500ක්-2000ක් වෙන සමහරවිට ඊට වඩා ගණන් දීල ගන්න වෙන වර්ණ පින්තුර සහිත උසස් නිමාවෙන් යුක්ත පොත් තමයි ඔක්කොම..

මට තියෙන ඔලුවේ අමාරුවේ තරම ගැන පොඩි අදහසක් මේ පොත් ටික ගැන බලල හිතා ගන්න පුළුවන් වෙයි..

ඒ කියන්නේ සින්ඩරෙල්ලා කුමාරිගේ ඉඳන් , චිත්‍ර කතා වල ඉන්න බොරු කාටුන් වීරයින්, මකරු ඉන්න ෆැන්ටසි කතා, එතකොට මුහුදු හොරු, ඊට පස්සේ ලෝක සම්බාව්‍ය ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරෝල්ස්, ටොම් සෝයර්, පීටර් පෑන්, එතනින් ගියාම ස්ටීවන් කින්ග් කියන හාදය ලියන ටිකක් හොල්මන් කතා, මයිකල් ක්‍රිව්ටන්ගේ විද්‍යා ප්‍රබන්ද, එඩ්ගාර් රයිස් බරෝස් ගේ අගහරු ලෝකේ කතාවක්, ඊට පස්සේ පාවුලෝ කොයියෝගේ බයෝ ග්‍රැපිය,ජුල්ස් වර්න්ගේ ලෝකය වටේ අසු දවසකින් යන සීන් එක..

ඊටත් පස්සේ අයින්ස්ටයින් ගැන සියලු විස්තර (මේ පොත ඇතුලේ තියෙනවා අයින්ස්ටයින් ලියපු ලිපි, ඇමරිකානු ජනාධිපතිට යැවු ලිපිය, සහ තවත් බොහෝ ලිපි ලේඛන ඒ අත් අකුරින් ම පොත ඇතුලට දාල.. ඒ කියන්නේ පොතේ පිටු විදියට නෙවෙයි වෙනම...)

ඔය ඔක්කොම පිස්සු අස්සේ මට තියෙනවා චිත්‍ර පිස්සුව .. මයිකල් ආන්ජලෝ ගැන බොහෝ දේ අඩංගු.. (කට්ටිය ඇඳුම් නැතුව ඉන්න පින්තුර ඔක්කොමත් එක්ක)

ඊටත් පස්සේ ඔය පොෂ් තැන් වලට ගියාම පෙරල පෙරල ඉන්න තියල තියෙන ජාතියේ සිරා මැගසින්.. එකක් කෙන්යාව ගැන, අනිත් එක ගැලපගොස් දුපත් ගැන, අනිත් එක ආසියාවේ තියෙන උද්‍යාන ගැන.. පේරාදෙණියේ උද්භිද උද්‍යානෙ ගැනත් තියෙනවා

ඒ ඔක්කොමත් හරි  ඔය ස්පිරිචුවල් සයිඩ් එකේ පොත්..(කිසිම ආගමික නොවන) 2ක කුත් ගත්තා

කවද හරි හදන ගෙට ඕනේ වෙයි කියල ආර්කිටෙක්ට් ඩිසයින් පොතකුත් ඔබා ගත්තා...

අපරාදේ කියන්න බෑ කරන රස්සාවට අදාලව කියල කිසිම විෂය පොතක් ගන්න තියා හැරිලා බලන්නවත් මට හිතුනේ නෑ.. (ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙද්දී මොන මගුලට සල්ලි දීල ගත්ත පෙට්ටිය පුරෝ ගන්නවද )

හරි මිත්‍රවරුනි එහෙනම් මගේ පොත් නයා අවසානයි.. හුටා තව පොඩ්ඩෙන් අමතක වෙනවා .. මේ ඔක්කොම පොත් ඉංග්‍රීසි.. ඒ කියන්නේ මේ පොත් ඔක්කොම මම කවදාවත් කියවන එකක් නෑ.. කවද හරි කවුරු හරි කියවයි කියන උදාර බලාපොරොත්තුවෙන් තමයි මම මේවා ගත්තේ...

Thursday, March 06, 2014

කොම් පැණියට බ්ලොග් එකක්

මේ වැඩේ මම කලින් වැඩ කරපු තැනකදී අත්හදා බලපු පොඩි දෙයක්. බ්ලොග් කියවන්න ලියන්න කැමති අය ඉන්න තැනකදී ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්.  මේක ඇත්තටම වැඩ කරපු ආයතනයේ නිල වශයෙන් කරපු දෙයක් නෙවෙයි. එක ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු අපි සෙට් එකක් කරන්න පටන් ගත්ත වැඩක්..

වැඩ කරන කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම ටිකක් දියුණු කරන්න හොඳ විදියක් කණ්ඩායමේ ඉන්න අයගේ විවිධ දක්ෂතා ඒ කියන්නේ කවි,කතා,නිසදැස් වගේ එලියට ගන්න පුලුවන් ඒ වගේම දැනුම බෙදා ගන්න,පොඩි මඩක් ගහන්න, ඔය ලොකු තැන් වලට කියා ගන්න බැරි දේවල් හීනියට වගේ කියා ගන්න පුළුවන් සරල ක්‍රමයක්..

මම මේ වැඩේ කලේ  10-15ක් විතර ඉන්න ගෘප් එකක.. ඊට වැඩිය උනත් අවුලක් නෑ.. ටිකක් ඇක්ටිව් විදියට ලියන  කීප දෙනෙක් හිටියනම් මුළු ආයතනයටම වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ අය දැන් ඔක්කොම විසිරිලා.. ඉතින් තව දුරටත් මේක ඇක්ටිව් නෑ... කාටවත් අපහසුතාවයක් සිදු වන දේවල් මේකේ නැති නිසා මේ විදියට පොඩි ප්‍රචාරයක් දෙන්න හිතුවා.. බැරි වෙලා හරි කාට හරි එහෙම එකක් දැනුනානම් අනේ මචං සොරි.. මම මේ පොඩි අයිඩියා එකක් දෙන්න කරපු වැඩක්.. හෙහ් හෙහ්  

අපි මේක පබ්ලික් සර්විස් එකක කලාට ඕනේ නම් කෙනෙකුට පුළුවන් තමන්ගේ ආයතනයේ පෞද්ගලික ජාලය තුල වුනත් මේ වගේ පොදු බ්ලොග් එකක් කරගෙන යන්න... 

හොඳට නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නිසා ටිකක් වගකීමෙන් කරන්න ඕනේ...

හරි එහෙනම් ඔච්චරයි කතාව