ජීවිතේ අස්ථීර කම කොච්චර ද කියන එක කවදා හරි අත්විඳල තියෙනව ද? අපි හැමෝම දන්නවා මේ ජීවිතේ ස්ථීර නෑ කියන එක. හැබැයි තමන්ටම ඒක අත්විඳින්න ලැබෙන කම් ඒක මොනවගේ ද කියල හරියටම තේරුම් යන්නෙ නෑ.
මගේ නෑදෑ අක්ක කෙනෙකුගේ එකම පුතා
අපූරූ දරුවෙක් වයස 15-16 විතර, කඩිසර , දක්ෂ , ටෙකී , උනන්දු , කටකාර , පවුලේ හුරතලා වෙච්ච බොහෝම පැහැබර අනාගතයක් තියෙන කොල්ලෙක් කියල බය නැතුව කියන්න පුළුවන්.
දැන් ඉන්නෙ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.
කොළුකමට නැගපු ගසකින් වැටී මොළයට සිදුවූ දරුණු තුවාල නිසා ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේත්....
වෛද්‍යවරු කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියලා. එයාට තනිවම එක හුස්මක් ගන්න පුළුවන් වුණොත් අපිට මොනවහරි කරන්න පුළුවන් කියන එක.
අපි හැමෝම ඒ එක හුස්ම වැටෙන තුරු බලාගෙන ඉන්නවා.
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
3 days ago
සංසාරේ... දරුවෝ ගහකට නගිනකොට නවත්තලත් බෑ... පව් අප්පා... දරුවට සිරි මහා බෝධියේ ආනුභාවෙන් ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteඉක්මන් සුව පතනවා..
ReplyDeleteමල්ලියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව........!!!!
ReplyDeleteබුදුසරණින් එයාට හොඳවෙන්න කියල පතනව................
ඉක්මන් සුව පතනවා..!!!
ReplyDelete