හිපි සංස්කෘතිය ජනප්‍රිය වෙලා තිබුනේ 1960-1970 දශක වල . අපි පොඩි කාලේ හිපියෝ කියන්නේ මහා නරක මිනිස්සු ජාතියක් විදියට තමා ඔලුවේ තිබුණේ . මම හිතන්නේ හිපි සංස්කෘතිය මේ වෙද්දී දකින්න නැති තරම් ... නමුත් මම හිතනවා 2000 විතර වෙනකම් ඔය සමාජයේ අය හිටියා කියල .. (මම හරියට දැනුවත් නැහැ .. දන්නා කෙනක් විස්තර කියයි කියල හිතමු )
අපි තරුණ කාලේ වෙද්දී (15-20) වගේ ඔය හිපියන්ගේ ගන්න තරම් දේවල් අපේ ලෝකේ තිබුනේ නැහැ .. ගංජා ගහපු එවුන් කොහොමත් හිටියා .. අනිත් විෂයන් වලට ඇදිලා ගිය කොල්ලොත් ඕනේ තරම් හිටියා .. නමුත් ඒවා කෙලින්ම හිපි සංස්කෘතියේ බලපෑම කියල මම හිතන්නේ නැහැ ..
ගෙවල් වලින් පැනල ගිහින් වීරක්‍රියා කරපු ළමයි ගැන නම් අපිට කියවන්න ඔය කාලේ හැකිවුනා . මඩොල් දුවේන් වෙන්න ඇති ඔය කතා අපි අතරට එන්න පටන් ගන්න ඇත්තේ . පොඩි කාලේ එහෙම වීරක්‍රියා කියෙව්වට කවද හරි ගෙදරින් පැනල ගිහින් හිපියෙක් වගේ ඉන්න නම් මට හිතිලා නැහැ ..එහෙම හිතුනු අය ඉන්නවද ? නමුත් මම රට රටවල ඇවිදින්න ආසාවෙන් හිටියා .
මට මතකයි පත්තර වල හිපියන්ට/ ඕෂෝ ට එහෙම බනිනවා සහ ඒ කාලේ තිබ්බ සමහර කල්ට් ගැන ලිපි .. මම එහෙම ලිපි කියවල තියෙනවා .. හැබැයි ඒ මේ මොනවාද කියල දැන ගන්න මිසක් එච්චර අවබෝදෙකින් නෙමේ . අපි තරුණ කාලේ හිපි සංස්කෘතිය විනාස වෙමින් තිබුනේ .
අපි පොඩි කාලේ සුද්දෝ අපේ ගෙවල් පැති වල පාරවල් වල දුවනවා උදේට .. එයාල සමහර හන්දි වල සුදු පාට පොඩි කොළ කෑලි දදා යනවා පාරවල් හොයා ගන්න පහසු වෙන්න .. අපිට තිබ්බ විනෝදයක් තමා ඒ පොඩි කොළ කෑලි (සෙන්ටිමීටරයක් වගේ දිග ත්‍රිකෝණාකාර පොඩි කඩදාසි කෑලි ) ඔක්කොම එකතු කරලා පාර වරදින විදියට වෙන කොහේ හරි හන්දියකට ගිහින් දාන එක හෙහ් හෙහ් .
අපි හිටියේ බියගම නිසා මේ සුද්දෝ බොහෝ විට කොකා කොලා කොම්පැනියේ වැඩට ආපු අය හෝ නැත්නම් බියගම වෙළඳ කලාපේ ෆැක්ටරි හදන කාලේ ආපු ය වෙන්න ඇති . වෙන සංචාරකයෙක් හෝ හිපියෙක් වෙන්න ඉඩක් නැහැ ..
මම මේ ටිකේ පොතක් කියෙව්වා. කියවල ඉවර කළා . One Night's Shelter කියන පොතේ සිංහල පරිවර්තනය එක් රැයෙක නවාතැන - පරිවර්තනය කුරුණෑගොඩ ධම්මාලෝක හිමි
මේක සරසවි ප්‍රකාශනයක් .
මේක ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදානය. පොත කියවල හොයල බලද්දී ඒ හාමුදුරුවොත් බ්ලොගර් කෙනෙක් . මේ තියෙන්නේ බ්ලොග් එක
මේ පොතේ තියෙන්නේ ඇමරිකන් ජාතික තරුණයෙක් යුරෝපෙට ගිහින් එතනින් ආසියාව හරහා හිපියෙක් විදියට ඇවිදිමින් ගෙවන ජීවිතය ගැන . රසවත් කතාවක් . මත්කුඩු බාවිතය , වෙළඳාම සහ රටවල් අතර මත්කුඩු ගෙනියද්දි අහුවෙලා හිර ගත වෙච්ච හැටි .. නිදහසේ කාන්තාවන් සමග හිටපු හැටි ආදී වශයෙන් නියම හිපියෙකුගේ ජීවිතය ඒ කතාවේ තියෙනවා .
ඔවුන්ට තිබුණු ඒ නිදහස නිසා ඔවුන් ජිවිතයේ විවිද සැප දුක් විදපු හැටි ගැන සමහර වෙලාවට ඉරිසියා හිතෙන තරම් දේවල් තියෙනවා .
කතාව අවසන් වෙන්නේ මේ ඇමරිකන් ජාතික තරුණයා ලංකාවට ඇවිල්ලා යෝගාවචර රාහුල නමින් පැවිදිවෙලා .
ඒ ගමන ඔහු ආපු හැටි සහ සියලු සැප අත්හැර මහණ වීම තෙක් ඔහුගේ සිතුවිලි කොහොමද වැඩ කලේ කියන දේ ලස්සනට ලියල තියෙනවා . මම කෙනෙක් මහණ වීම කියන අදහස ගැන මෙච්චර කල් ගැඹුරට හිතල තිබුනේ නැහැ .. ලංකාවේ අපි දකින පන්සල් මහණුන් ගැන අපිට තියෙන නොපහන් හැඟීමට එහා ගිය , හුදෙක් භක්තිය හෝ මොළ සෝදනය නිසා නොව , තම හිත ගැන සැබෑ විදර්ශනාවකින් පසුව මහණ වෙච්ච කෙනෙකුගේ කතාවක්
ඔහු හිනයානයට කලින් මහායානය ඉගෙන ගන්නවා . ඒ නේපාලයෙදී ටිබෙට් ලාමා වරුන්ගෙන් , ඊට පස්සේ භාවනාව , යෝග ඉගෙන ගන්නවා , දවසට එක වේලක් කනවා නැත්නම් නොකා දින ගණන් ඉන්නවා . අල්පේච්ච ලෙස ජිවත් වෙනවා .. මත් ද්‍රව්‍ය වලින් දැනෙන මනසේ සැහැල්ලුව භාවනාවෙන් ලැබෙන කම් ගැඹුරට භාවනා කරනවා . මේ භාවනාව එස් එන් ගොඑන්කා තුමාගෙන් සහ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව ඉඳලත් ඔහු ඉගෙන ගන්නවා . ඒ හැම අවස්තා වලදීම ඔහුට සිතුනු දේ , ඔහු ඔහුගේ සිත දැකපු හැටි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා .
මම මේ ඊයේ පෙරේදා අපේ නිහඩපාල මහත්මයා ලියපු මේ ලිපියට කමෙන්ට් එකක් විදියට මම මම මිට අවුරුදු 10කට විතර කලින් ලියපු ලිපි දෙකක් ගැන දැම්මා . ඒක දාලා මම ආයෙත් ඒ ලිපි දෙකම සහ දෙවෙනි ලිපියේ තිබ්බ දීර්ඝ කමෙන්ට්ස් ඔක්කොම ආයේ කියෙව්වා . ආසන්න වශයෙන් අවුරුදු 15-20ක් විතර කාලයක් තිස්සේ මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියල මම අවදියෙන් ජිවත් වෙනවා . මේ හාමුදුරුවන්ගේ කතාව කියවද්දී මට හිතුනේ ඇත්තටම අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවා නම් බුදු හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න අමාරු නැහැ කියල . නමුත් ඒ ගමන යන්න ඕනේ . වචන වලින් එහා ගිය අවබෝධයක් දක්වා සිත පත් කරගන්න ඕනේ . ඒක හිපියෙක් ලෙස යන්නත් පුළුවන් , මහණෙක් ලෙස යන්නත් පුළුවන් , ගිහියෙක් ලෙස යන්නත් පුළුවන් .
හිපියෙකුට හෝ ගිහියෙකුට වඩා මහණෙකුට ඒ ගමන යන්න තියෙන බාදක අඩුයි .. නමුත් මහණ වුණ පමණින් ගමන ලේසි වෙනවා කියල මම නම් හිතන්නේ නැහැ ..
මේ කතාවේ තියෙන්නේ අසීමිත නිදහසකින් ජිවිතය ජිවත් වෙන ගමන් එකේ තියෙන නිෂ්පල බව දැකීම සමග එයින් පස්සේ ඒ නිෂ්පලතා වලින් පුළුවන් තරම් ඈත් වී ජිවත් වීමටත් , තමා අවබෝධ කරගත් දෙය අනුන්ට වටහා දීමටත් පහසු වෙන අයුරින් මහණ වූ කෙනෙකුගේ කතාවක් කියල තමා මම හිතන්නේ .
නමුත් අපි හිතන්නේ සියලු දෙයින්ම ඈත් උනාට පස්සේ විතරක් ඔය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් කියල .. ඒක අපිට කුඩා කාලේ ඉඳල කාවැදිච්ච වැරදි වැටහීමක් කියල තමා මට තවමත් හිතෙන්නේ ..
අර ලිපි දෙකේ දී , නුවර කුමාරි සහ අනිත් අයගේ තර්කය උනෙත් , අපිට ඔය බණට කියන මාර්ගයේ ඒ විදියට යන්නේ නැතුව ඔය අවබෝධයට ලගා වෙන්න බැහැ කියන එක . නමුත් මට ඒ ලිපි ලියල අවුරුදු 11කට විතර පස්සෙත් , ඒ තර්කයට එකඟ වෙන්න බැහැ ..
නිවන කියන්නේ මේ දැන් මෙතන තියෙන දෙයක් . ඔබට එය දැකීමට අවශ්‍ය නම් එව බලව කියල තමා බුදුන් වහන්සේ කියල තියෙන්නේ . ඔබ එය දකින්නේ ඔබ ඔබේ මනසින් නිදහස් උනාම , ඔබත්, මනසත්, ලොවත් කියල දෙක තුනක් නැහැ කියල ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ඕනෙම අවස්තාවක ඔබ ට නිවන් දකින්න පුළුවන් . නමුත් එහෙම දකින්න නම් ඔබේ හිත ගැන ඔබට මනා අවබෝධයක් තියෙන්න ඕනේ ,
හිත ගැන ඔබට එන අවබෝධය ජිවිතයේ ඔබ සිහියෙන් සිටින හැම මොහොතකම වැඩි වෙනවා . ඔබ කරන කාර්යය කුමක් උනත් ඔබ ඒක කරන්නේ සිහියෙන් නම් ඒක මේ සත්‍යාවබෝධයට හේතුවෙනවා.
1970 දශකයේදී හිපියෙකුව ඇවිදලා , ලංකාවේ ජිවත් වෙලා , ලංකාවේදී මහණ වෙලා නැවත ඇමරිකාවට ගිහින් මම හිතන්නේ තවම ඇමරිකාවේ ජීවත්වෙනවා මේ හාමුදුරුවෝ .
ගිහින් බලන්න බ්ලොග් එකට..

දැන් පැතුම් මම බ්ලොග් කමෙන්ට් වල ලියල තියෙන්නෙත් ඒකම නෙමෙයිද ? නුවර කුමාරි කුරුන් කුරුන් හෙම ඒ දවස් වල මා සමග වාද කලෙත් බුද්ධාගම බදාගෙන . ලංකාවේ ඒ වගේ බදා ගත්ත ආගමක් තියෙන්නේ . මම මහායාන ආගම හුඟක් දුරට හැදෑරුව . අනු ගණන් වල මට තිබුන ප්‍රශ්න , කඩා වැටීම් වලින් ගොඩ එන්න හුඟක් හේතු වුනේ මහායාන ඉගැන්වීම් මිසක් අපේ ථෙරවාද ඒවා නෙමේ . ඔයාගේ ලිපි දෙක හොඳයි . අපේ වාද කිරම තව සංවර වෙන්න තිබුන කියල මට අද හිතෙනවා . නිරාගමිකත්වය හරියට ගත්තොත් නිවනට ලඟා වීමක් හැටියටයි මට හිතෙන්නේ .
ReplyDeleteඅජිත්, ඔබ ඒ පොස්ට් එකේ දාපු අදහස් ගැන මට කිසි ගැටලුවක් තිබුනේ නැහැ .. මට ඕනේ උනේ අනිත් අය මතු කරපු ආගමික පැත්තේ තර්ක වල , මට නොවැටහුණ / මම වැරදියට ගත්ත දෙයක් තියෙනවද කියල ඉගෙන ගන්න .
Deleteමට හැබැයි මහායාන ගැන මට තේරෙන දේ තමා , ඔවුන්ගේ දැක්ම පුළුල් , ඔවුන් හැම කෙනෙකුම බුද්ධ ලෙස සලකනවා .. ඒක ඇතුලේ තියෙන්නේ මමත්වය හීන කරන්න පුළුවන් යටත් වීමකට සමාන ස්භාවයක් කියල තමා මට හිතෙන්නේ .
නමුත් අපිට අපේ හිත ගැන අවබෝධයක් ගන්න නම් , හිතේ ස්භාවය තේරුම් ගන්න නම් ථෙරවාද ක්‍රමය තුල තියෙන විදර්ශනා භාවනා ආදිය කරන්නම වෙනවා .
මේ රාහුල හාමුදුරුවෝ ඒ දෙකම හොඳින් වටහා ගත බවක් තමා මට හිතුනේ .
නිරාගමික වීම කියන්නේ ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මිසක් සත්‍යාවබෝධයට මගක් නෙමේ කියල තමා මම හිතන්නේ .
මට ඕනනම් මුස්ලිම් පල්ලියට ගිහින් දණගහන්නත් , කතෝලික පල්ලියේ යදින්නත් පුළුවන් .. මට ඒවා ගැන ගැටලුවක් නැහැ .. නමුත් මම කැමතියි මම බෞද්ධයෙක් කියල කියන්න . හැබැයි ඒ බෞද්ධ කමත් නිකම්ම නිකන් ක්‍රියා ටිකක් විතරයි
මහායානය කිව්වහම විවිධ දාර්ශනික බෙදීම් තියන සමුහයක්. අජිත් මහත්මයා හැදෑරුවේ මෙයින් කොයි දර්ශනයද ? ථේරවාදය කිව්වාම එක දර්ශනයක විවිධ සංස්කෘතික වෙනස්කම් තියන එකක්. එහෙම නේද? ලංකාවේ බොහෝ නිරගමිකයෝ විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියට මිස ථේරවාද දර්ශනයට නෙමෙයි. අජිත් මහත්මයත් එහෙමද? මමත් නිතරම කියන දෙයක් තමයි මම බෞද්ධ කියන එක. බෞද්ධ දර්ශනයත් එක්කම තියන ආගමික සංස්කෘතික දේවල් හෙළා දැකීම නොකළ යුතු හේතු තියනවා. එකක් තමයි බෞද්ධ දර්ශනය පුළුල් පිරිසක් අතර පැතිරිලා තියෙන්නේ ආගමක් නිසා. නැත්නම් මේකත් ග්‍රීක දර්ශනය වගේ පුස්තකාල වල විශ්වවිද්‍යාල වල විතරක් තියන දෙයක්. අනිත් එක බෞද්ධ ධර්මයේ හුදෙක් ඉතා සුළු පිරිසක් වන ප්‍රඥාවන්තයන්ට පමණක් නෙමෙයි බහුතර ප්‍රජාව ශ්‍රද්ධා සම්පන්නයන් බවට පත් කරලා යහපත් ජීවන මාර්ගයක් හොයා දෙනවා.ඉතා සුළුපිරිසක් අන්තවාදීව මේ දහම අදහනවා වෙන්න පුළුවන් වැරදි තැන්වලින් මේ දහම අල්ලගන්නවා වෙන්න පුළුවන් . ඒ අයට සමාව දෙන්න. හැබයි නිරාගමිකත්වය අන්තවාදයට පිළිතුරක් නෙමෙයි
Deleteමම දෙදෙනාටම එක පිළිතුරක් සපයන්නම් මගේ හිතන විධි කමය අනුව. පැතුම් කියන්න සතුටුයි ඔය කෙම්න්ට් එකක එක්හාර්ට් ටොල් ගේ පවර් ඔෆ් නව් කතාව ඒ කාලෙම ගත්ත. ඔය කමෙන්ට් යන කාලෙම. ඒ දවස් වල බ්ලොග් එකේ ලිව්වා වගේ මතකයි ඩොක්ටර් තින් තින් ගේ ඉගැන්වීම් ලිවින් මෙඩිටෙෂන් , ලිවින් ඉන්සයිට්, වෙබ්සයිට් එකක් තියෙනව https://www.buddhanet.net/ ගිහින් බලන්න. නිහන්දපල මහතය බොහෝවිට වජ්‍රයානය , සාක්‍ය ස්කූල් එක වගේ තමා. ඔය නව් හෙවත් එළඹ සිටි සිහිය හෙන වැදගත්. නිර්වාණය ලබන්න නිරගමික වෙන්න ඕනේ ඇයි කියල මම දැන් කියන්නම්. ඊට කලින් නිහන්දපල මහත්මය අනේ ඔය ලංකාවේ නිරගමික සෙට් එකයි මාවයි එකට දාන්න එපා. ඒ සමහර අය අතරේ කතෝලික මුස්ලිම් අයත් ඉන්නව වෙන ඇජෙන්ඩ තියන. - සිංහල බෞද්ධ සංකල්පයට මමත් විරුද්ධයි. බෞධයෙක් සිංහලයෙක් හෝ දෙමළෙක්, තායි හෝ චීනෙක් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයෙක් කියන්න ජාතියට බෞද්ධ කම ගෙන හදපු එකක්. මම එතැන් නැහැ. සිංහල ජාතියේ හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් -(දෙමළ මුස්ලිම් අය ඉන්නව වගේ) අය ඉන්න ඕනේ. කතෝලික අයනම් දැනටත් ඉන්නව. සංස්කෘතිය ගත්තොත් ඒවා රකින්නැ ඕනේ කියන අදහසේ මම ඉන්නේ, ඊට වැඩිය අවහ්‍ය නැහැනේ. ලංකාවේ ඇසළ පෙරහැර බලන්න ගියා. එක දුවකට හොඳට උඩරට නැටුම් පුළුවන්. ඒ ඇතිනේ දැනට. නැත්නම් මාතෘකාව අමතක වෙනවා.
Deleteලංකාවේ කණගාටුවට කරුණ ඔබ කියනා වගේ සුළු පිරිසක් නොවේ අන්තවාදී. බහුතරයක් අන්තවාදියි. ඒකෙන් අදහස් කළේ කවුරුහරි පොඩි විවේචනයක්, ධරම් චක්‍රය ඇඳන් ගියත් අත් අඩංගුවට ගන්න ඒක හරි කියන අය ඉන්නේ නැහැයි කියනවද? මම අර සංචාර ගැන ලියන කොට බුදු පිළිමයට පිටි පස්ස හැරෙව්වා කියා බැන වැදුන ගයිඩ් කෙනෙක්. මම අන්තවාදය කියන්නේ ඒවාට. සිදුහත් කුමාරය සහ ඔහුගේ නෑදෑයින් මුලින් ඇදහුවේ යක්ෂයන්, නාග , ව්ර්ක්ෂ සහ වේදාන්තනොවන ආගමක්. සිදුහත් තවුස ඒ අගමැ අත හැරියා. අලාර කාලම, උද්දක් රම පුත්‍ර ආදීන්ගේ සෙවනේ ආගම් හැදෑරුවා , නිගන්ට ආගම ගැන හෙව්වා. හොඳයි කිව්වා. ඒ ආගම් නුත් අයින් කළා. තපසුන්ගේ ශරීරයට දුක් දීම වැළඳගත්ත. ඒකත් අයින් කළා. සම්පුර්ණයෙන්ම නිරාගමික වුනා. සුජාතාගේ කිර්පින්දු දනය වළඳා බොහොම ප්‍රබෝධමත්ව නැගෙන පිරිසදු වී සමනය ජිවිතයක් ඇතළු වී නිදහසේ භාවනා කළා. නිර්වාණය අවබෝධ අකර ගත්ත. මුලික සිද්ධාන්තය නිරගමික වීම. හිත නොයෙකුත් වල්පල් වලින් නිදහස් කර ගැනීම. නිවන් යන්න අවශ්යම් කරුණක්.
Deleteඅජිත් සහ නිහඩපාල , මම හිතන්නේ ඔබ දෙදෙනා සහ මගේ මේ බ්ලොග් එක කියවන්න එන කිහිප දෙනාම වගේ ඔය නිරාගමික සංකල්පය හොඳින් තේරුම් ගත්ත අය . මම හිතන්නේ අපි ඔය අන්තවාදය සහ එදිනෙදා ටීවී එකේ තියෙන බෞද්ධ කම ගැන කතා කරලා තර්ක කරන්න මහන්සි වෙන එක තේරුමක් නැහැ .. මම කැමතියි අපිට හිතන්න පුළුවන් අදහස් ගැන කතා කරන්න .
Deleteමම අජිත් කියපු present moment ජිවත් වීම සහ නිහඬපාල කියන ආගමෙන් වෙන සේවය කියන දෙකටම එකඟයි .
ඔබලා දෙදෙනා awareness නැත්නම් සිහිය කියන දේ ගැන හිතන්නේ මොනවද කියල මම දැන ගන්න කැමතියි
ඔව් ඒකට එකඟයි . අර එක්හාර්ට් ටොල් ගේ පවර් ඔෆ් නව කතාව ඔයාගේ බ්ලොගයේ කමෙන්ට් එකක් තිබිල ගත්ත කීවනේ . අමං අවුරුදු පහකට කලින් අලුත් කම්පැනි එකට ගියහම එමොෂනල් ඉන්ටලිජන්ස් එකට ට්‍රේනින් කෝස් එකකට යැව්වා . ඒකෙ පොත් ගැන කිව්වා . වැඩ්ඩ වගේ අත ඉස්සුවා මම විතරයි කියවල තිබුනේ . පස්සේ කට්ටිය මගේ POV එකත් කියන්න දුන්න
Deletepresent moment, awareness ගැන මතුපිටින් කතා කරන අය ගොඩක් ඉන්නවා .. නමුත් බොහෝ වෙලාවට ඒ අයට ජිවිතේ මොනවා හරි ප්‍රශ්නයක් උනාම ඔය මොකුත් නැතුව හිතට එන එන දේ කරනවා .. වචන වලින් කියන තරම් ලේසි නැහැ ඔහොම ජිවත් වෙන්න
Deleteඅවසානයේ කියපු එක තමා ඇත්ත . ඔයට එක අවබෝධ වීම ගැන සතුටුයි . සිදුහත් තවුස දුෂ්කර ක්‍රියා නවත්වල , හොඳට මධ්‍යම විධිහට කාල බීල , සුජාතාවගේ කිරිපිඬු දානය වළඳලා හොඳට නිදාගෙන ඊට පසේ භාවනා කරලා සත්‍යා අවබෝධ කර ගත්තේ . හිතන්නට යමක් නැත්ද එතන
ReplyDeleteමම හිතන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජිවත් වෙමින් , තමාගේ ඇතුලට අවධානය යොමු කරන්න ඕනේ .. එහෙම නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජිවත් වීම විතරක් වැඩක් නැහැ .
Deleteසත්‍ය සොයාගෙන යාම ගිහිගෙයි ඉදන් කරන්න පුලුවන්ද කියන එක එදාත් ඔයගොල්ල විවාදයට ලක් කරලා තිබ්බා. මට හිතෙන විදිහට අපිට යම් දුරක් ගිහිගෙයි ඉඳගෙන ගවේෂණයක යෙදෙන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතම බුදු හිමි අපිට නොතේරෙන යමක් හොයාගන්න ඇති. ඒ සොයාගත් දර්ශනය පැතුම් කියන විදිහට // ඔබ එය දකින්නේ ඔබ ඔබේ මනසින් නිදහස් උනාම , ඔබත්, මනසත්, ලොවත් කියල දෙක තුනක් නැහැ කියල ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ඕනෙම අවස්තාවක ඔබ ට නිවන් දකින්න පුළුවන්// වගේ එකක් කියල හිතමු.හැබැයි මේක අවබෝධ උන දවසට පැතුම්ට ගිහි ගෙයි ඉන්න හිතෙයිද? ඒක අවබෝධයට ලක්කරගත්තු සිද්ධාර්ථ ගෞතම හිමි නැවත ගිහි ගෙයට පැමිණියේ නැහැ. ඕනෙම නම් ගිහිගෙයි මැදුම් පිළිවෙතකට යන්න තිබ්බ නේද? ග්‍රීක දර්ශනිකයෝ වගේ ගුරුකුළ හදා ගන්න තිබ්බා. හැබැයි වුනේ පුළුවන් හැමෝම, රාහුල යශෝදරා පවා ගිහිගෙයින් නික්මෙන තැනට වැඩ යෙදුන එක.
Deleteපැතුම් විදර්ශන භාවනා අරව මේවා කරන්න ඕනේ නැහැ නිවන අවබෝධ අක්රගන්න්. සුනිත, සෝපාක, අංගුලිමාල, පටාචරා මේ කිසි කෙනෙක් නිවන් අවබෝධ අකර ගත්තේ ඒවා කරලා නෙමෙයි. (ඒවා හොඳ නැහැ කියනව නෙමේ) අවශ්‍යම නැහැ කියන එක.
Delete[පැතුම් විදර්ශන භාවනා අරව මේවා කරන්න ඕනේ නැහැ නිවන අවබෝධ අක්රගන්න්]
Deleteමම හිතන්නේ මේක වැරදි කතාවක් .
සුනිත, සෝපාක, අංගුලිමාල, පටාචරා මේ අය ගැන අපි දන්නේ බොහොම සුළු දේවල් ටිකක් නේ .. ඔවුන්ගේ හිත වැඩ කරපු හැටි අපි දන්නේ නැහැ .. ඔවුන් මුහුණ දුන්න අත්දැකීම් ගැන අපි යන්තම් දන්නවා .
ඔබ හිතල බලන්න ජීවතේ ඒ විදිහේ අත්දැකීම් විඳින අය කොපමණ හිතනවා ඇතිද ? ඔවුන්ගේ මනස ඒ වේදනාවන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියල කොච්චර දුරට උත්සාහ කරලා තියෙනවද කියල ඔය බණේ කියවෙන්න් නැහැනේ ..
එහෙම තදින් පිඩනයට පත්වෙච්ච හිත් වලට ප්‍රඥාවන්ත වචන කිහිපයක් ඇසුනත් ඇති ගැඹුරු සත්‍යයක් අවබෝධ කරගන්න .
අපි දන්නා උදාහරණයක් තමා Eckhart Tolle. ඔහුත් එහෙම පිඩා විඳි කෙනෙක් .
විදර්ශනාව අපි දැනුවත් ව හෝ නොදැනුවත්ව අපේ හිත ඇතුලේ සිද්ද වෙනවා . භාවනාව කියන්නේ ඒක පිළිවෙලට කරන්න පුළුවන් ටෙක්නික් එකක් .
[හැබැයි මේක අවබෝධ උන දවසට පැතුම්ට ගිහි ගෙයි ඉන්න හිතෙයිද?] නිහඬ පාල , ඇයි මේක අවබෝධ උනාම ගිහිගෙයි ඉන්න බැරි වෙන්නේ ?
Deleteබුදුවුනු පසුවත් බුදුන් වහන්සේ මිනිස්සු එක්ක ජිවත් උනා . මිනිස්සුන්ගේ කරුණු වලට මැදිහත් උනා . මිනිස්සුන්ට බනින්න ඇති , රජවරු/බමුණෝ එක්ක තර්ක කළා .. උන් වහන්සේ ඒ හැමදේම කලේ ඒ කිසිවකින් තමන්ගේ අවබෝධයට හෝ තමන්ට හානියක් නොවන ලෙස .. ඒ කියන්නේ අර නෙලුම් කොලේට වැටෙන වතුර වගේ ..
මම අහපු කතාවක් කියන්නම් .
බුදු හාමුදුරුවෝ දවසක් දැක්කලු රටේ රජතුමා කැලැ කපල ගස් කොටන් ගඟට දානවා. ඕක දැකපු වෙලාවේ උන් වහන්සේ කිව්වලු .. මේ රජාට නම් හොඳක් වෙන්න එපා කියල ..
මේවා ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. මොන පොතේ ද තියෙන්නේ කියලත් අහන්න එපා ..
මේක අහපු වෙලාවේ මට හිතුනා බුදුන් වහන්සේගේ ජීවිතය ගැන වඩා ප්‍රායෝගිකව හිතන්න . එතකොට මේ නිවන හෝ අනිත් මැජික් වගේ කියල අපිට හිතෙන සංකල්ප ගැන වෙනස් විදියකට හිතන්න පුලුවන්
ඔබට ඔබේ හිත දෙස අවධානයෙන් ඉන්න පුළුවන් නම් හිත වැඩ කරන්නේ කොහොමද කියන එකේ කන්ට්‍රෝල් එක ඔබට තියෙනවනම් .. ගිහි පැවිදි කියල වෙනසක් ඇති වෙන්න බැහැ .. පැවිදි ජිවිතේ සාපේක්ෂව ගැටළු අඩු ඇති ..
//හැබැයි මේක අවබෝධ උන දවසට පැතුම්ට ගිහි ගෙයි ඉන්න හිතෙයිද?// මමත් පැතුම් ගේ අදහසේ ඉන්නේ . ටිබෙටන් බුදු දහමට කැමති ඒකයි . බිරින්ඩ් අසහා ස්වාමියා දෙන්නම ජිවත් වෙනවා හාමුදුරු සහ මෙහෙණි වශයෙන් එක ගෙදර . තමන් අවබෝධයෙන් ඉන්නව නම් ගිහිගෙය ප්‍රශ්නයක් නෙමේ . පැතුම් විදර්ශනා භාවනාව වගේ භාවනා හිත හදාගන්න ක්‍රම නිර්වාණය ලැබීමේ කෑල්ලක් විතරනේ . ආර්ය ශ්ටන්ගික මාර්ගය නේ නිවනට යන මග කියල කියන්නේ . නමුත් නිවන ඉට්සෙල්ෆ් එහෙම මහන්සි වෙලා ගන්න දෙයක් වගේම මහන්සි නොවී අවබෝධ අකර ගන්න පුළුවන් දෙයක් හැටියට තමා බුද්ධ චරිතය අනුව පෙනෙන්නේ
Delete[විදර්ශනා භාවනාව වගේ භාවනා හිත හදාගන්න ක්‍රම නිර්වාණය ලැබීමේ කෑල්ලක් විතරනේ]
Deleteමම නම් හිතන්නේ , අනිත් භාවනා ක්‍රම වලින් හිත calm down කරන්න පුරුදු කරන ගමන් විදර්ශනා භාවනාවෙන් හිතේ ඇතිවෙන සිතුවිලි දෙස බලන් ඉන්න පුරුදු කරනවා .
එක එක්කෙනාගේ ස්භාවය අනුව මේවා අවශ්‍ය වෙනවා ඇති .
present moment එකේ ඉන්න මේ පුරුදු වැදගත් . ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක්ගේ හිත නතර වෙන්නෙත් ඔය තැනම තමා .
සමහර අයට උපතින්ම වැඩි කලබල කාරී නැති තැන්පත් සිතක් තියෙනවා එහෙම අයට ඔය බණේ තියෙන හැමදේම නොකලත් ටක් ගාල හිතේ තියෙන නිශ්චල තැනට යන්න පුළුවන් . present moment එකේ ඉන්න ලේසියි .
නමුත් අපි කොහොම කිව්වත් සමහර අයට එහෙම ඉන්න බැහැ . ඉතින් ඔය භාවනා අසහා අනෙකුත් ක්‍රම වැදගත් .
මම හිතන විදියට , බහුතර මිනිස්සු ගැන හිතුවහම බෞද්ධ ක්‍රම වලින් ගොඩක් අයට සෙතක් වෙනවා . නමුත් තමන්ට ස්භාවිකවම ඔය මනසේ නිසල තත්වයට යන්න පුළුවන් කමක් තියෙනවා නම් කරන්න ඕනේ පුළුවන් තරම් විවෘත මනසකින් ජිවත් වෙලා තමන්ගේ සිත හැමදෙයින්ම නිදහස් කරගන්න එක .
ඒකටත් ලොකු කැපවීමක් අවශ්‍යය වෙනවා
හිපියෝ කියන්නේ පට්ට ලස්සන හිත හොඳ මිනිස්සු . මගෙත් යහළුවෝ දෙතුන් දෙනෙක් හිටිය හිපි අනූ ගණන් වල මුල . පෞද්ගලිකයි නිසා වැඩි විස්තර කියන්න බැහැ . ඔවුන්ගේ ජිවිත හුඟක් ඕපන්. වැඩි කරදර භාර ගන්නේ නැහැ . බඩු මුට්ටු ගොඩ ගහන් නැහැ . තියෙන දේ බෙදා ගන්නවා . ලිංගික ජීවිතය පවා. අපිත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක් හිටිය පසන් කොඩිකාර කියල ඒ දවස් වල . ටිකක් හිපි , බොහිමියන් ජිවිතයක් තිබ්බේ .
ReplyDeleteපසන් කොඩිකාර දැන් අවුරුදු කිහිපයකට කලින් නැති වුනා නේද ? මම ඔහු පරිවර්තනය කරපු සිය වසක හුදෙකලාව කියවන්න ගත්ත සෑහෙන කාලෙකට කලින් , තාම ඉවර කරගන්න බැරි උනා .. හෙහ් හෙහ් ...
Deleteමම හිතන්නේ හිපියෙක් හෝ බොහිමියන් වීම කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක් ... හැබැයි ඒ ජිවිත වල අවසාන කාලය ඔවුන් කොහොම ගෙවනවද ? තරුණ කාලේ එහෙම ඉඳල අවුරුදු 50-60 වෙද්දී ඔවුන් සාමාන්‍ය ජිවිතයක් හොයනවද ?
පසන් කොඩිකාරගේ පොත මුද්‍රණය කරන කාලේ මට එයාව හමුවෙලා තියෙනවා. ජනක ඉනිමන්කඩ මහතාත් එක්ක ප්‍රෙස් එකට ආවාම. විදර්ශන වෙනුවෙන් පසන් තවත් පොත් කීපයක්ම පර්වර්තනය කළත් එක්ක.
Deleteපසන් කියන්නේ සිරිලාල් කොඩිකාර මහතාගේ පුතා විත්තියයි මට මතක
https://iranga.lk/archives/1424
Deleteඉතා හොඳ මාතෘකාවක්. මිට අවුරුදු 10 පෙර පැතුම් ලියපු ලිපියෙත් comment වලත් තිබ්බේ සත්‍ය සොයා යාම.හිපියෝ කියන්නේ සත්‍ය සොයා ගියපු අය නෙමෙයි. ඒගොල්ලෝ ගියේ දුකින් මිදෙන මගකට වඩා නිදහස හොයා ගෙන. බටහිර විද්‍යාවේ සහ ආර්ථිකයේ දියුණුවත් එක්ක සදාචාරය පවුල ගැටුණා. ඒ ගින්නට පිදුරු දැම්ම දේශපාලන බල අරගල සහ යුද්ධ (වියට්නාම් යුද්ධය ). මේවයින් නිදහස් වෙන්න ගිය තරුණයින්ට නිවැරිදි ගුරුවරු හිටියේ නැහැ. ඔවුන් ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය සමග නිදහස හොයාගෙන ගියා. පවුල වෙනුවට commune වල ජිවත් වෙන්න පටන් ගත්තා. ඒ ගොල්ල ආසියාතික දර්ශන වෙත ඇදී ආවත් අල්ලාගත්තේ වැරදි කොනකින්. රාජ්නීෂ් වගේ අය මේ හිපි තරුණයෝ මුලාවට ලක්කරලා කල්ට් හදාගෙන අධ්‍යාත්මික නායකත්වයට පත්වෙන්න උත්සහ කරා. පස්සේ කාලයක ඔය හිපි තරුණයෝ බහුතරයක් පවුල සහ සම්ප්‍රදායික සමාජයට එකතුවෙලා. ඉතා සුළු පිරිසක් දිගටම අධ්‍යාත්මික ගවේෂණයට යොමුවෙන්න ඇති. යෝගාවචර රාහුල හිමි වගේ. පොත හොයාගන කියවන්න වටිනවා.
Deleteනිහන්දපල මහත්මය හරි විවරණයක් දීලා තියනව හට ගණන්වල වියට්නාම යුද්ධෙත් එක්ක තමා ඇදිල ආවේ . මගෙත් එක්ක යකු වෙලා හිටි අයත් - හැරේ ක්‍රිෂ්ණා ආගම , සෙන් බුද්ධාගම, ටිබෙටන් බුද්ධාගම , හිපි ටයිප් ක්‍රිස්තියානි ආගම (යේසුස් දුප්පතෙක් කියල පිලි අරන් ජිවත් වීම ) කරපු කට්ටිය . ලිංගික ජීවිතයත් නිදහස් .
Deleteපසන් මාත් එක්ක පොඩි අමනාපයක් ඇති කරගත්ත වෙනේ කෙනෙක් ගේ ප්‍රශ්නයකට අන්තිම කාලේ . එනිසා කතා බහ වුනේ නැහැ , පළමුවෙනි බ්ලොග් සම්මාන කරපු කාලේ 2015 පසන් මැරුණේ . මම ගියා අවමංගල්‍යට. සන්නා ලිය තියනව පාන් ගැන
Deleteහ්ම් හිපියො, බොහිමියන්ලා, යෝගාවචරලා හැමෝම වෙලාව ආවම මැරෙනවා. දැන් රාහුල හාමදුරුවො වුනත් ලෝකෙ වටේ සංචාරය කරනවා, ඇමරිකාවෙ ජීවත් වෙනවා. ඉන්න කං අපි අරයා මෙ හෙමයි, මෙයා මෙහෙමයි, හිපියො මෙහෙමයි කියල හිතා ගන්නවා. කැමති කෙනෙක් ඕනෙ නං බවුන් වඩලා, ඉහල තැනකට ගියත් මට අවුලක් නෑ. මට
Deleteනං ඕව හොයන්න කම්මැලියි.
මලාම මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. තියෙන්නෙ දිව්‍යලෝකෙද, ස්වර්ගයද කියල දන්නෙත් නෑ. ඉන්න කං අනුන්ට බරක් නොවී, හැකි තරම් සාධාරණ විදිහට ජීවත් වෙන්න තමයි කැමති.
බස්සා , මේ දේවල් තේරුම් ගත්තා කියල ඔය ගෙවන බරක් නොවෙන සාධාරණ ජිවිතේට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ .
Delete[රාහුල හාමදුරුවො වුනත් ලෝකෙ වටේ සංචාරය කරනවා, ඇමරිකාවෙ ජීවත් වෙනවා.] වෙන මොනවා කළා නම් ද හොඳ ?
මම මේව ගැන හොයන්න පටන් ගත්තේ මට අවුරුදු 22-23 වගේ කාලේ . දැන් මට 44ක්. ගෙවිච්ච අවුරුදු 20 බොහොම ලේසියෙන් පහසුවෙන් ගෙවන්න මේ සමහර දේවල් මට මාර විදියට උපකාරී වෙලා තියෙනවා .
වැදගත්ම දේ ඉදිරියට එන නාකිවෙන වසර 20-30 පන්සල් පල්ලි ආගම් වලට යට නොවී ඉන්න පුළුවන් කියල මට සැකයක් නැතිව කියන්න පුළුවන්
නිහඩපාල , හිපියන් ගැන පැහැදිලි කිරීමට ස්තුතියි .. මම ඔය තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ ..
Delete[රාජ්නීෂ් වගේ අය මේ හිපි තරුණයෝ මුලාවට ලක්කරලා කල්ට් හදාගෙන අධ්‍යාත්මික නායකත්වයට පත්වෙන්න උත්සහ කරා]
ඕෂෝ ගේ සමහර කරණු සෑහෙන වැදගත් කියල මම හිතනවා .
අපිට ආගමෙන් නිදහස් උනාම තියෙන වාසියක් තමා මේ බහුතර ජනතාව විරුද්ධ වෙන රැඩිකල් මත තියෙන අය කියන දේවල් ගැන විවෘත මනසකින් බලන්න පුළුවන් වෙන එක .
එහෙම කරනකොට ඉබේම අපේ හිත විදර්ශනා වෙනවා ..
නිවන කියන දෙය ඇතිවෙන්නෙම සංසාරයට සාපේක්ශව. සංසාරය ගැන විශ්වාසයක් නැතිනම් මේවා ගැන හොයන්නේ බලන්නේ නැතුව මරණයෙන් කෙලවර වන ජීවිතයක, අවශ්‍යනම් යහපත් වැඩ කරගෙන, අනුන්ට කරදරයක් නැතුව, සාධාරණව ජිවත් වීම ඇති. එහෙම ජිවත් වෙන අපිට දුකක් කරදරයක් නොවුනොත් ඒක Bonus එකක්. හැබැයි අපි හැමෝටම එහෙම වාසියක් අත්වෙන්නේ නැහැ.
DeleteAwareness කියලා මට හැගෙන්න බාහිර සංවේදනා වලට අපේ පංචෙන්ද්‍රිය දක්වන ප්‍රතිචාර මනසට ඇතිකරන දෙයක් වගේ. මේ මම මේ මට බාහිරය වගේ බෙදීමක් ඇතිකරලා Self Awareness එකක් හදනවා. මේකට අපි attention කියන වචනය ත් පාවිච්චි කරපුවහම සතිය (mindfulness) කියන දෙය ඇතිවෙනවා. තවමත් මේක ලෞකික තලයේ.මොකද mindfulness තියන ලෝක හොරෙක් ඉන්නත් පුළුවන්. සතිය තියනවා හැබයි සම්මා සතිය නෙවෙයි. දෘෂ්ටිය තියනවා හැබැයි සම්මා දෘෂ්ටිය නෙමෙයි. ලෝකෝත්තර අවබෝධයකට, පැතුම් කියනවා වගේ විදර්ශනා හෝ යම් ක්‍රමයක් වුවමනාවෙයි.
අනෙක අතට නිර්වාණය සෑම කල්හීම පවතින දහමක් හැබැයි සංසාරික පුරුද්දක් නැතිව අවබෝධය දුෂ්කරයි. බුදු හාමුදුරුවන්ගේ කාලයේ එක බණ පදයකින් නිර්වාණය අවබෝධ කරගන්නේ සාංසාරිකව මනස පුහුණු කල නිසා. ( ආයෙත් සංසාරය ගැන විශ්වාසයක් නැත්නම් නිවන් මාර්ගයක් අනවශ්‍යයි.)
සංසාරයේ සැරිසරන්නේ කවුද ? සංසාරික මනසක හිමිකාරයා කවුද වගේ අතුරු ප්‍රශ්ණ අහලා තමයි සංසාරය ගැන සැක දුරු කරගන්න වෙන්නේ.
ඕවා ඉතිං මුළු ජීවිතේටම එක අවුරුද්දක් දහම් පාසල් ගිහින් තියන මට හිතෙන හැටි. ධර්මය ගැන දන්නා අය අපේ සැක දුරුකරත්වා අපේ වැරදි නිවැරිදි කරත්වා.
මෙන්න මේක -මොකද mindfulness තියන ලෝක හොරෙක් ඉන්නත් පුළුවන්.- ඕව ඒක තමා මම මේ කියන්නේ . //ලෝකෝත්තර අවබෝධයකට, පැතුම් කියනවා වගේ විදර්ශනා හෝ යම් ක්‍රමයක් වුවමනාවෙයි.// නැහැ පලවෙනි එකයි හරි . එහෙම ක්‍රම හදල තියෙන්නේ ජිවිතේ හද ගන්න . අංගුලිමාල මිනිස්සු 999 මරපු සීරියල් කිලර් කෙනක් . දැන් හිටියනම් කෙලිනම් චෙයාර් එකේ ඇමෙරිකාවේ නම් . චිනේ නම් වෙඩි තියනව . බුදු හමුදුර්වෝ බණ කියල නිවන් අව බෝධ අකර ගන්නවා . විදරශ්න වැදීමත් එක ක්‍රමයක් විතරයි . එකම නෙමේ .
Deleteනිහඬපාල , ඔබේ තර්කය වැදගත් . සංසාරය කියන දේ ඇත්ත කියල පිළිඅරගෙන කතා කරනකොට , සංසාරය පුරා ගමන් කරන "මම " ඉන්නවා කියල අපිට පිළිගන්න වෙනවනේ . මේ "මම " කියන කෙනා හැදිලා තියෙන්නේ හැමවෙලේම ඇතිවෙමින් , නැතිවෙමින් යන සිතුවිලි ගොඩකින් සහ , බුදු දහමට අනුව නම් මරණයට පෙර ඇතිවන අවසන් සිතුවිල්ල අනුව ඊළඟ උපත තීරණය වෙනවා .
Deleteදැන් කවදාහෝ කෙනෙක් නිවන් දකින්න නම් , ඒ කියන්නේ සංසාර ගමන නතර කරන්න නම් , මේ "මම " කියන සිතුවිලි වලින් හැදිච්ච කෙනා මොහොතින් මොහොත එකින් එක සිතිවිලි අල්ලාගෙන අල්ලාගෙන යන ගමන නතර වෙන්න ඕනේ නේ .
ඔය ගමන අපි යනවා කියල අපි හැමෝම දන්නවා .. හැබැයි ඒ ගමන අපිව අරන් යන අපේ හිත දෙස අපි බලන්න දන්නේ නැහැ .. අපේ හිත මොනවගේද කියල පිළිගන්න අපි කැමති නැහැ .. ඔබ හැදිලා තියෙන සිතුවිලි සමුහය ඇතුලේ තියෙන , කුණු දැකල, ඒ කුණු වලින් ඈ ත්වෙන්න අපි බයයි , "කුණු කිව්වට මේකට සියලු හොඳ නරක සිතුවිලි ඇතුලත් ,
මේ සියලු සිතුවිලි වලින් හැදිච්ච "මම " කියන කෙනාගේ සැබෑ ස්වරුපය දකින්න අපිට පුළුවන් එකම ක්‍රමය තමා අපේ හිත ගැන අපි කොච්චර aware ද කියන එක , මේ awareness කියන දේම තම "සිහිය " කියලත් කියන්නේ .
කෙනෙක් mindfulness වෙනවා කියන්නේ ඔහු මේ ගතවෙන මොහොතේ සිත ගැන සිහියෙන් ඉන්න එකට .
mindfulness තියෙන ලෝක හොරෙක් ඉන්න පුළුවන් , නමුත් ඔහු සැබෑවටම තමන්ගේ හිත සහ සිතුවිලි ගැන අවදානයෙන් ඉන්නවනම් ඔහු කරන හොරකම් වලින් කාටත් හානියක් වෙන්නේ නැහැ ..ඒ හැමදේම ඔහුට තවත් එක ක්‍රියාවක් පමණක් වෙන නිසා ..
අර සර්කානි බේබද්දෙක් වෙලා සෝවාන් උනා වගේ තමා..
[එක බණ පදයකින් නිර්වාණය අවබෝධ කරගන්නේ සාංසාරිකව මනස පුහුණු කල නිසා] මේක හරි කියල මමත් හිතනවා , මේ නිසා තමා අපි අපේ ස්භාවය දැනගෙන ආගම වෙත යන්න ඕනේ .. නැත්නම් රැල්ලට හැමෝම කරන දේ කරන්න යාමෙන් අපිට මේවා තේරුම් ගන්න තියෙන අවස්තාව නැතිවෙන්න පුළුවන් .
මේව දීර්ඝව හිතල / කතාබහ කරලා තේරුම් ගන්න ඕනේ දේවල් .. ඕනනම් වෙලාවක online සෙට් වෙලා කතා කරමු .
අජිත් , [විදරශ්න වැදීමත් එක ක්‍රමයක් විතරයි] මම හිතන්නේ , දැන හෝ නොදැන කෙනෙක් තමන්ගේ හිත දෙසට යොමුඋනොත් විතරයි , බුදුන් කියන බණ පදයකින් හරි දෙයක් අවබෝධ වෙන්නේ ..
Deleteඅංගුලිමාල මිනී මරපු එක විතරනේ අපි දන්නේ .. අංගුලි මාල ඒකෙන් කොච්චර suffer කලාද කියල අපි කවුරුත් දන්නේ නැහැනේ .. ඔහුගේ හිත තුල තිබ්බ ඒ suffer කරන සිතුවිලි වලින් නිදහස් වෙන්න බුදුන්ගේ බණ උපකාරී වෙන්න ඇති . ඒ නිදහස ඇතිවෙන්නේ ඔහුගේ හිත තුල නිසා , ඔය විදර්ශනා process එක දැන හෝ නොදැන වෙනවා ..
බුදුහාමුදුරුවෝ හැමෝටම පාවිච්චි කරන්න කියල ඒක ටූල් එකක් විදියට අපිට දීලා තියෙනවා
එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රධාන තර්කය බුද්ධ කාලයේ තිබූ ඔවැනි උදාහරණ නිසා නිවන අවබෝධ වෙන්න විදර්ශනා භාවනා ඇතුළු ක්‍රම සියල්ල පිලි පැදීම අවශ්‍ය වෙලා නැහැ කියන එක.
Deleteවෙන කතාවක් . මෙන්න පැතුම් ලියපු දේ වෙනවා . -https://www.theguardian.com/technology/2025/aug/10/tiktok-trust-safety-team-moderators-ai
ReplyDeleteහෙහ් හෙහ් .. තව අවුරුදු දෙකක් යද්දී අර කියපු ලෙවල් එකක් වෙන්න බැරි කමකුත් නෑ ..
Deleteබොහොම අගේ ඇති මාතෘකාවක්.
ReplyDelete⛪🛕🕍🕊️✌️
ආයෙ එන්නම් පස්සෙ.
එව බලව
Deleteපැතුම්, post එකෙන් දීලා තියෙන linksවලට යන්න ආයෙම එන්න වෙනවා. ස්තුතියි!
ReplyDeleteඒ linksවලට ගියා. කියෙව්වා. ගොඩක් ස්තුතියි මහත්තයො!
Deleteඑල එල
Deleteවිජේරාමේ ඔස්ටින් හිපියෙක් වෙන්න පුළුවන් හේරත්
ReplyDeleteහා
Deleteහේරත් මාමා වීරයෙකි එඩිතර
ReplyDeleteකාලා ලෑතර ගමනක් යන අතර
යනවා බඩ නිතර කරනු බැහැ නතර
පුක මසා දොස්තර ඇලෙව්වා පැලැස්තර
හා
Deletehttps://www.webmd.com/sex/what-is-tantric-sex
ReplyDeleteඕෂෝ කියන්නේ ඕක ගැන නේද ?
Deleteඕෂෝ ගේ සමහර සංකල්ප නම් මට හෙනට අල්ලලා ගියා Duality කියන දේ මම තේරුම් ගත්තේ ඕෂෝ ගේ පොත් වලින් .
හේරත් අයියා හපුතලේ
ReplyDeleteදැන් ඉන්නේ මිනිහා විදෙසේ
හේරත් නැන්දත් ඉන්නේ එහෙමනේ
හිපියෝ ගැනයි ලියුම් ලියන්නේ
හේරත් මාමා උගතෙකි හිටගෙන
එනමුත් මට ඇත දැනුම හොදටම
අපි රට ආවේ අනුවෙයි ඉදගෙන
ඒ නිසා ඉන්න කරබාගෙන
ඩිස්ටි ඩිඩින්
Deleteලොකු ලොකු කට්ටිය කමෙන්ට් කරල තියෙන එකේ පොඩි අපි ලිස්සල යන්නං එහෙනං.
ReplyDeleteලොකු කට්ටිය විතරක් නෙමෙයි, මේවා අපට බරසාර වැඩියි. මාත් සුරුස්......
Deleteලිස්සන්න කලින් කියවල යන්න .. එතකොට ලිස්සන එක උනත් නොඇලී නොගැටී යන්න පුළුවන් .. WD 40 වගේ තමා මේවා
Deleteකවූරු හරි උස කෙනෙක් ගැනද කියන්නේ , ඇනෝ ලට අනුවත් සැබෑවට ත් මම නම් උස නැත
Deleteබස්සා මහතා - අර මම භෞතිකවාදියෙකු වහයෙන් කියා අලියු ලිපි පෙලේ සඳහන් මළවුන් සමග කතා කරන්න මට පුහුණු කල ලවුලන් හෙවත් ජේමි විල්සන් හල ඉන්නේ ටොරොන්ටෝ වල . එයාගේ ටෙලිෆෝන් එක හොයා ගන්න විධිහක් නැත්ද ?
Deleteමෙන්න මෙයා -https://www.quora.com/profile/Jamie-Wilson-Hull
Deletequora එකේ ටැග් කරලා පණිවිඩ දාන්න බැරි ද
Deleteපේන විදිහට එයා දැන් සීන් එකේ නෑ. quora එකෙත් අන්තිමට අවු 3 කට කලින් තමා ඉඳලා තියෙන්නෙ. සමහර වෙලාවට මිනිසුන්ට, එහෙම වාෂ්ප වෙන්න හිතෙනවා. එතකොට අපි ඒ අයගෙ ප්‍රයිවසි එකට ගරු කරන්න ඕනෙ නේද?
Delete[අපි ඒ අයගෙ ප්‍රයිවසි එකට ගරු කරන්න ඕනෙ] කතාව ඇත්ත . මේ ලෝකේ මනුස්සයෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්වක් තමා පාඩුවේ ඉන්න අරින එක !
Deleteනැහැ මේක වෙන කතවක් . ඔය මගේ ලිපි පෙළ බැලුවනම් තේරෙයි . ඕනෙනම් ලින්ක් එක ආයේ දෙන්නම් . ජේමි හෙවත් ලවුලන් අන්තිම සැරේට මට ඊමේල් එකක් එව්වේ 2022. එයා හැමෝටම මෙසේජ් එක්ක දැම්ම එයත් එක්ක සම්බන්ධකම් තියෙන අය ඒ සටිහ්ය ඇතුලත පණිවිඩයක් එවන්න . එයා නොම්මරේ සහ ලිපිනය දෙන්නම් කියල . මම හොලිඩේ ගිහින් හිටියේ . ඒ සතිය පහුවෙලා ඇවිත් දැකපු ගමන් යැව්වා ඊමේල් එකක් . ඒ වෙනකොට එයා ගිහින් අන්තර්ජාලයෙන් .
Deleteඑයා ඔය මළවුන් ගෙන්වන් වද නිසා හෙම දුව තරහ වෙලා ගෙදරින් ගියා . අවුරුද ගානක් . දහයක් විතර . යනතං කෝවිඩ් කාලේ ආයෙත් ආව . එයා මළවුන් ගෙන්වන කතා නතර කළා . ඒකට මමත් බලපෑවා කියල හිතනවා . මෝඩ මම ප්‍රශ්න අහලම තහවුරු කර ගත්ත ඒ මගේ පියා නෙමේ ආවේ . නැතිනම් වෙන අයත් නෙමේ . මොකක් හරි මාස්ටර් කෙනෙක් එයාට කතා කරන්ව් අකියල් කිව්වේ . දත්ත ගන්න එයාගෙන් ලු . ඒක තමාම අන්තිමට කිව්වේ . අපි දෙන්න අතර පොඩි ගිවිසුමකුත් තිබ්බ . කලින් මැරෙන ඒකෙන අනිත් එක්කෙනා හම්බ වෙන්න එනව එහෙම සිස්ටම් එකක් තිබ්බොත් කියල . හේ හේ
Delete[මෝඩ මම ප්‍රශ්න අහලම තහවුරු කර ගත්ත ඒ මගේ පියා නෙමේ ආවේ . නැතිනම් වෙන අයත් නෙමේ] අපි ගෙන්වන්න හදන මැරිච්ච කෙනාට ඉංග්‍රීසි බැරි නම් .. ඕක ටක් ගාල හොයා ගන්න පුළුවන් නේද ?
Deleteඔය මීඩියම් ල ගැන ෆිල්ම් එකක් බැලුව මම Kardec. (https://www.imdb.com/title/tt9213932/)
//අපි ගෙන්වන්න හදන මැරිච්ච කෙනාට ඉංග්‍රීසි බැරි නම් .. ඕක ටක් ගාල හොයා ගන්න පුළුවන් නේද ?//
Deleteඒක එච්චරම ලේසි නැහැ . පැතුම් අහලා තියනවද foreign language syndrome ගැන. බහුලව තියෙන්නේ Foreign Accent Syndrome (FAS). මේ ජිවතුන් අතර ඉන්න අයට හැබැයි.
පැතුම් මගේ ලිපි පෙළ ඇත්තම කියවල නැහැ. හේ හේ 😀 නැතිනම් මතක නැති වෙන්න ඇත්ත. ඔය ඕල්කට් , මේරි බ්ලවට්ස්කි සෙට් එක තමා මළවුන් කෙනකුට ආරුඪ කරවල කතා කරන්න උත්සාහ කළේ . ඒකට ඉතින් භාෂාව ඕනේ ආරුඩ වෙන කෙනා කතා කරනෙන් එයාගේ භාෂාවෙන්. ලවුලන් (ජේමි විල්සන් හල් ) සහ අපි භාවිතා කලේ වෙනත් ක්‍රමයක්. මෙන්ටල් මීඩියම්ශිප් එකක්. ඒ කියන්න එයාට පින්තුර සහ සංකේත වලින් කියන දේ එය පරිවර්තනය කරලා කියනවා. ලවුලන් මට පුහුණු කල විධිහට මමත් දෙතුන් පාරක් කළා. එක පාරක් ඉතා සාර්ථක වුනා. (මේක මම ලියල තියනව බ්ලොග් ලිපියේ ). අපේ ගෘප් එකට ආව ඩිව් (පිනි බිඳු කියන අර්ථයෙන්) කියල කෙනෙක්. එයා ඉන්න තැන ඈත , සහ එයා ළඟ තව කෙනෙක් ඉන්න බව, එයා සුදු බැනියමක් වගේ එකක් ඇඳන් ඉන්න බව මම කිව්වා. පස්සේ බලන කොට එයා ලංකාවේ අමල් ප්‍රනාන්දු කියල තරුණයෙක්. එයා ගාව හිටියේ එයාගේ අයිය. රෝයල් එක මගේ පන්තියේ හිටපු මගේ යාළුවෙක්. උපුල් . උපුල් මේව ගැන හරි උනන්දුයි. මම වගේ ස්කෙප්ටික් කෙනෙකුත් නෙමේ. මම 1984 ලංකාවෙන් පිට වුනාට පස්සේ දැකලවත් කතා කරලවත් නැහැ. ඔහොම තමා ආයේ හම්බ වුනේ. බුදුන් වහන්සේ කියා තියනව නේද භාවන කරහම නොයෙකුත් ධයන් මට්ටම් තියනව කියල. නේවසඤ්ඤායතන වගේ නම් වලින් කියන්නේ. එහෙම එකක් වෙන්නත් පුළුවන් නේද? ඔය ක්‍රමය කරන්න කලින් මනස හොඳ ඒකාග්‍ර තාවයක් තියා ගන්න ඕනේ අමල් ප්‍රනාන්දු ගෙන් මේ ගැන ඕනේ නම් අහන්න. මගේ තාත්ත ගැන ලවුලන් පළමු දවසෙම කීවේත් එහෙමයි. මම ඉන්න තැන ඉඳන් කිමි හය හත්දාහක් ඇතින් හිටිය කෙනෙක් කියල. මම නිහඬපාල මහත්මයාගේ නාඩි කියවීමත් සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන්න නැත්තෙත් ඒකයි.
Deleteමම අජිත්ගේ ලිපි ටික කලින් කියෙව්වා .. නමුත් දැන් ආයේ කියෙව්වේ නැහැ .. ඔබ සුද්දෙක් ගෙන් ඔබේ තාත්තව ගෙන්නපු කතාවක් අහුවම මට නිකන් ජොලියට වගේ හිතුනා සුද්ද කොහොමද තාත්තා වගේ සිංහලෙන් කතා කරන්නේ කියල .. ඕක ඊට එහා ගිය දෙයක් කියල මම පිළිගන්නවා
Deleteඅපේ තාත්තා නැති වෙච්ච වෙලාවේ අම්මයි අක්කයි ගිහිනුත් ඔහොම තැනකින් ඇහුවා .. හැබැයි එකෙන් නම් වැඩක් උනේ නැහැ මට මත විදියට ..
[නිහඬපාල මහත්මයාගේ නාඩි කියවීම] නැවත අපිව හොඳ කතා බහකට යොමු කළා නේද
දැන් ඔයාටත් බස්සා මහතා ටත් තේරුනාද දන්නේ නැහැ ඇයි මම ජේමි ව හොයන්නේ කියල අර ඉහත කියපු අමල් ප්‍රනාන්දු එක්ක කල පර්යේශනේ ආපහු රිපීට් කරන්න එයාව ඕනේ . මොකද ඊට පස්සේ ඒක කරන්න බැරි වුනා . වෙන මිඩියම් ල කියා ගන්න අය එක්ක උත්සාහ කළා . හරි ගියේ නැහැ මෙයා තමයි conduit එක . එයාට මොකක් හරි සිස්ටම් එකක් කන්ටැක්ට් කරන්න පුළුවනි . ඒකයි එයාව ඕනේ .
Deleteපැතුම්, මං නිරාගමිකද සර්වාගමිකද කියලා මංවත් තවම දැනගෙන නැහැ.
ReplyDeleteඒත් ගහකොළ සතා සීපාවා පවා අපෙම කොටසක් කියන චින්තනයට කැමතියි. ඒකට කියන්නේ පරමාත්මයද කොහෙද...
[ඒත් ගහකොළ සතා සීපාවා පවා අපෙම කොටසක්] මේ හැමදේම සහ "මම" කියන්නේ දෙකක් නෙමේ එකක් කියල වටහා ගන්න එක තමා වෙන්න ඕනේ දේ
Deleteජේවීපී වහලෙක්
Deleteපැතුම් ඔය ' එළඹ සිටි සිහිය ' හෙවත් "හිතීම" නවත්වා ඉන්න කොට දැනෙන දේවල් තියෙනවා . උදාහරණයකට මට මගේ ගෙදර යට තට්ටුවේ සෝෆාවේ නිදා ගන්න බැහැ . ඇහැරෙනවා කවුරු හරි පිරිසක් ඉන්නව වගේ දැනෙනවා . නැත්නම් පෙනෙනව. මේක මගේ ගෙදර අයත් දන්නවා. ඔය ජේමි කියල සුදු ලයිට් එකක් දාගෙන නිදාගන්න පුරුදු වුනහම ඒක හරි ගියා . නමුත් ඒකට හේතුව මම අදත් දන්නේ නැහැ. මට නම් ඇත්තටම නිවන් දකින්න අවශ්‍ය නැහැ . මම හිතන්නේ වෙන ජාතියක ඉපදෙන්න තියනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ කියල . එහෙම ඉපදෙන්න තියනවානම් ඉපදිලා බලන එක තමයි මගේ අදහස . හේ හේ
ReplyDelete[ ඔය ' එළඹ සිටි සිහිය ' හෙවත් "හිතීම" නවත්වා ඉන්න කොට දැනෙන දේවල් තියෙනවා] මෙහෙම ඉන්න කොට එක විදියක් සහ නැති විට වෙන විදියක් කියල දෙවිදියක් තියෙන්න බැහැ නේද අජිත් ?
Deleteමම කියන්නේ අපි හොඳටම නිස් චල සිතකින් ඉන්නකොට සහ කලබලෙන් වැඩක් කරනකොට තියෙන කලබල සිත කියන දෙක නෙමේ
එළඹ සිටි සිහිය කියල මම තේරුමක් ගන්නේ හැමවෙලාවෙම අපි හිතන දේ ගැන අපිට දැනෙන , අපි හිතන්නේ මොකක් ද කියල අපි දන්න , අපිට කන්ට්‍රෝල් එකක් තියෙන ස්භාවයට . ඒක තමා awareness හෝ සිහිය කියල කියන්නේ .. (සිහිය නැතිවෙන වෙලාවල් තියෙනවා ) හරියට හිතට උඩින් ටෝච් එකක් ගහල බලනවා වගේ තත්වයක් .
අවංකවම මමත් කැමතියි මේ විශ්වය පුරා නැවත ඉපදෙමින් පොඩ්ඩක් බලන්න .. හැබැයි කලින් ඉපදිච්ච මතකයත් තියෙන්න ඕනේ . හෙහ් හෙහ් ..
“නිවන කියන්නේ මේ දැන් මෙතන තියෙන දෙයක් . ඔබට එය දැකීමට අවශ්‍ය නම් එව බලව කියල තමා බුදුන් වහන්සේ කියල තියෙන්නේ ... . හිත ගැන ඔබට එන අවබෝධය ජිවිතයේ ඔබ සිහියෙන් සිටින හැම මොහොතකම වැඩි වෙනවා“. පැතුම් අන්තිමට කියලා තියෙන ඒ අදහස් වලට මමත් එකඟයි. මම පොතක කියවලා තියෙනවා අපිට නිවන momentarily experience කරන්න පුලුවන් කියලා. මතක විදිහට ඒ පොත ලියලා තිබුනේ අජාන් චා tradition එකේ පැවිදි වුණු, බටහිර ස්වාමීන්වහන්සේ කෙනෙක්. (Could be Ajahn Sumedho but can't recall now). මුලින්ම නම් මට ඒ අදහස තේරුනේ නැහැ. දැන් නම් මම අවබෝද කරගෙන ඉන්නෙ අපේ සිතුවිලි දිහා තත්පර ගාණක් හරි mindfully බලන්න පුලුවන් නම් අපේ ego එක, අපි 'prove it' ගේම් එක ප්ලේ කරන හැටි, තරහෙන් සමහර දේට රිඇක්ට් කරන හැටි වගේම අපේ සිතුවිලි කොච්චර ප්‍රබලද කියලත් අපිට හරියට තේරුම් ගන්න පුලුවන්. ලඟදි මම Ajahn Brahmගෙ dhamma talk එකක් ඇහුවා ; Ajahn Brahm කියනවා "infinity is not just a concept, it's an emotion" කියලා. එතෙන්දි Ajahn Brahm අදහස් කලේ අපේ සිතුවිලි and past conditioning නිසා කොයි තරම් අපේ ජීවිත අපි limit කරගෙන ඉන්නවද කියන එක. සිතුවිලි දැකලා එතනින් එහාට යන්න පුලුවන් නම් අපිට කොයි තරම් දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුලුවන්ද, there are infinite possibilities, right (තව සැරයක් ඒක අහන්න ඕනෙ දැනට මම තේරුම් ගත්තෙ එහෙම).
ReplyDeleteTypo- limiting සිතුවිලි දැකලා, එතනින් එහාට යන්න පුලුවන් නම්, i.e. not letting fear and doubt to drive your mind.
ReplyDeleteනිවන 'පොඩි මැජික්' එකක් වගේ කරගෙන කියන එක මටත් හිතිලා තියෙනවා. මේ ළඟදි යාලුවෙක් එක දිගට 'පට්ටානයක්' ගැන කියනවා, මම ඇහුවා what the hec* is this පට්ටානෙ කියලා. කාලෙන් කාලෙට එක එක දේවල් එකතු කරගෙන, ඒවා අවබෝද කරගන්න පුලුව උගත්, යම් උසස් කොට්ටාශයක අයට කියලා perceptions හදාගෙන දඟලන සීන් තියෙනවා.
ReplyDeleteමගේ සාමාන්‍ය අත්දැකීම බටහිර හුඟක් අයට (හැමෝම නෙවෙයි) wisdom faculty එක අවශ්‍ය තරමට තියෙනවා කියලා (compared to us who were brought up in the Buddhist culture). ඒ නිසා රාහුල හාමුදුරුවො වගේ අයට "අසීමිත නිදහසකින් ජිවිතය ජිවත් වෙන ගමන් එකේ තියෙන නිෂ්පල බව දැකීම" අමාරු නෑ කියලයි මට හිතෙන්නෙ, whereas our people in the same circumstances tend to indulge in the freedom. (මේ ඔක්කොම අදහස් විතරයි, මම හරි කියන්න උත්සාහ කිරීමක් නෙවෙයි).
Lotus, ස්තුතියි! තේරුම් ගැනීමකට වඩා මෙතන තියෙන්නේ , දැකීමක් , a different perspective කියල තමා මම තේරුම් අරන් තියෙන්නේ .
Deleteඔබ හිතන , තේරුම් ගන්න බොහෝ දේවල් මනසේ තවත් මායාවක් වෙන්න බොහෝ ඉඩ තියෙනවා .
නමුත් මනසට ඉහලින් ඉඳගෙන මනස දිහා බලන්න පුළුවන් වෙනකොට ඒ මායාවන් ගේ එහා තියෙන තත්වය අපිට අත්දකින්න පුළුවන් . එතකොට හැමදේම infinite තමා .
සරල උදාහරණයක් තමා අපි ඉන්නේ කැලයක කියල හිතන්න . අපි කැලේ තියෙන උසම ගහ මුදුනට නැග්ගම අපිට පහලින් තියෙන කැලේ සීමාවන් පේනවා .. ඒවගේම අනන්ත ආකාශයත් අත්දකින්න පුළුවන් වෙනවා .
මේ තියෙන්නේ ඔය දේ විදර්ශනා පැත්තෙන් හිත ඇනලයිස් කිරීමෙන් ලැබෙන තත්වය ගැන සරල පැහැදිලි කිරීමක් .
ඒ වගේම universal love කියන බොහෝවිට අනිත් ආගම් වලදී මතු කරන සංකල්පයෙනුත් කෙනෙකුට මේ තත්වය අත්දකින්න පුළුවන් කියල මම හිතනවා .
එතකොට තියෙන්නෙත් "මම/මගේ" කියල ගොඩනැගෙන හිතුවිලි වලින් තොරව සමස්තය දිහා ආදරණිය හැඟීමකින් බලන්න පුළුවන් වීමත් මේ වගේ තමයි
ඔබ කිව්වා වගේ අපේ ඔලුවේ තියෙන conditioning නැති කරගෙන අපි Learn to unlearn කරනකම් මේ වැඩේ අමාරුයි !
උත්සාහය වැදගත්
නාමරූප හෙවත් ද්‍රව්‍ය හා ශක්තිය
ReplyDelete==========================
නාමරූප පිළිබඳ බුද්ධ දේශිතය විශ්වය පිළිබඳ ඉතාම ගැඹුරු විවරණයක් ලෙස ගත හැකියි. මෙම වචනය පමණක් ම මේ ලෝකය කුමක්දැයි අර්ථකථනය කර ගැනීමට යොදාගත හැකි මොඩලයක් වේ. වචන දෙකක් ලෙස පෙනුනද බුදුන් වහන්සේ මෙය නිරන්තර ව යොදාගෙන ඇත්තේ තනි වචනයක් ලෙසයි. ඊට ප්‍රබල හේතුවක් තිබෙනවා.
සරලව ගතහොත්, බුදුදහමට අනුව, නාම (name) යනු මනෝමය ලක්ෂණ වන අතර, රූප (form) යනු භෞතිකමය ලක්ෂණයන්ය. බුදුදහමට අනුව එම ආකාර දෙක එකතුවෙන් පුද්ගලයා නිර්මාණය වී ඇත.
බුදුදහම නිවන ඉලක්කගත කර තිබෙන හෙයින්, එනම් බුදුන් වහන්සේට භෞතික විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නොවූ බැවින්, මෙම ඉගැන්වීම් අපගේ පොදු භෞතික ලෝකය න්‍යායගත කිරීම සඳහා යොදා ගත්තේ නැහැ. එහෙත්, පුද්ගල යථාර්ථය අරමුණු කළ මෙම ඉගැන්වීම් පැහැදිලිව ම ලෝකය තේරුම් ගැනීම සඳහාත් යොදාගත හැකිබවට විවාදයක් නැහැ. මන්ද මේ විශ්වයේ ඕනෑම කුඩා අංශු නියැදියක සමස්ත විශ්වයම අඩංගු නිසායි.
නාම ලෙස බුදුන් වහන්සේ මෙහි උගන්වන්නේ, ශක්තිය (energy) බව අපට පැහැදිලි ව ගත හැකියි. රූප යනු, ඒ අනුව, ද්‍රව්‍ය (matter) වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් භෞතික විද්‍යාවට සිය පෙරළිකාරි විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන විට භාවිත කර ඇත්තේ, ඉහත බුදුදහමේ එන නාමරූප පිළිබඳ සංකල්පය බව ම බව මේ අනුව සිතිය හැකියි. ඉන් අදහස් වන්නේ, ඔහු එය බුදුදහමින් කොපි කළ බව නොවේ. අයින්ස්ටයින් විසින් තම ගුරු Ernst Mach හරහා බුදුදහම දැනගෙන සිටි බව වෙනම කතාවකි.
නාමරූප යනු බුදුදහමට අනුව දෙකක් වෙමින් ම එකක් ලෙස ද, එකක් වෙමින් දෙකක් ලෙස ද ක්‍රියාත්මක වන ද්විරූපතාවකි. එනම් එක ම යථාර්ථයක දෙවිදියක පෙනීසිටීමකි. ඒ අනුව, නාමය රූපය බවටත් රූපය නාමය බවටත් පෙරළිය හැකිය. මේ දෙක එක වචනයක් ලෙස යොදා ගන්නේ, ඒ දෙක එකිනෙක මත යැපෙමින් පවතින හෙයිනි. එනම් මේ දෙකින් එකකට හෝ ස්වාධීන පැවැත්මක් නැත. එකක් අනෙක මත යැපේ. සැරියුත් හිමියන් විසින් මීට දුන් උදාහරණයක් නම් එකිනෙකට හේත්තු කර තිබෙන දරමිටි දෙකකි. එක් දර මිටියක පවා එය මිටියක් වී තිබෙන්නේ, ඒ තුළ ඇති දර කෝටු සමූහයක් නිසාය. ඒ අනුව, නාමය තේමේ ද විවිධ හේතුඵල මත ක්‍රියාත්මක වෙමින්, එය, තවත් එකක් මත, එනම් රූපය මතද යැපේ. මින් පැහැදිලි වන්නේ, මේ දෙක ම එකිනෙක බවට පත්වෙමින් පවතින බවයි. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සමීකරණයේ matter සහ energy එකිනෙක බවට පත්වන්නේ ද මේ අනුවයි. එනම් වරක් එය ද්‍රව්‍ය ද, තව වරක් එය ම ශක්තිය ද වේ.
අපගේ ශරීරය තුළ මෙන්ම එහි ම දිගුවක් වන මහා භෞතිකය තුළ ද ආලෝකයේ වේගයෙන් සිදුවන ගැටීම් (collision) නිසා ශක්තිය නිපදවී ශරීරය සජීවිව පවතී. අප ආස්වාස කරන ඔක්සිජන් එම දැවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. අප මියයන්නේ තවදුරටත් අපට දැවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය අහිමි වූ විටයි. සූර්යා පවා යම් කලක මිය යන්නේ ඊට අනුවයි. පූර්ණ වශයෙන් දැවී ගිය අඟුරු නැවත පිළිස්සිය නොහැකියි.
කාලය යනු ඉහත ගැටීම තුළ හුදු සම්මතයක් පමණක් බව දැන් අපට වැටහිය යුතුය. මන්ද මේ ගැටීම කාලය ඉක්මවා සිදුවන හෙයිනි. පස්වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික භික්ෂූවක් වන නාගර්ජුන විසින් සිය මූලමාධ්‍යමිකකාරිකා නම් සුප්‍රකට කෘතියේ අතීත වර්තමාන අනාගත යනුවෙන් කාල බෙදීමෙහි පදනම් විරහිත බව වෙනම පරීච්ඡේදයකින් ම දක්වා ඇත. වර්තමාන පටන් ගැනෙන්නේ කොතනද යන්න ඔබට සිතිය හැකි ද? එය සිතන විට ම ඔබ අතීතයට ගොස් අවසන්ය. අප භාවිත කරන සම්මත කාලයට එම සූක්ෂම ක්‍රියාවලිය හසුකරගත නොහැක. අයින්ස්ටයින් මෙය time dilation ලෙස දක්වා ඇත.
හොඳ ප්‍රතිචාරයක් . මම කලිනුත් ලීවේ ඒකයි මහායාන සම්ප්‍රදායේ වත්මන විද්‍ය්වන්ට අදාල බොහෝ දේවල් හෙලෙඉ කර තිබෙනව කියල . නාගර්ජුන සහ ධර්මකීර්ති හිමිය වරුණේ ගේ කාලයේ සහ නාලන්දාවේ . ක්වන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ බොහෝ විද්‍යාඥයෝ මේව අගන දැනීමක් තිබූ ය බව මම කියල තිබෙනවා . මේ හැරී ගෙල්මන් ප්‍රථමික අන්න්ෂුන් වලට අරී අට මග කියල නම් කල බව ම මහේෂ් හපුගොඩ ට පිඉලිතුරක් ලියද්දි ලීව එක : /උදාහරණයක් ලෙස භෞතික විද්‍යාවේ ක්වන්ටම් භෞතිකයේ අරී අට මග ගනිමු. (eightfold way). පරමාණු වල ද්විතියික අංශුන් (subatomic particles) වන හඩ්රෝන්ස් (hadrons) නිවැරදිව ව්‍යුහගත කිරීම සඳහා වන නියමයන් භෞතික විද්‍යාඥ මරේ ගෙල්මන් (murray Gell-Mann) හැඳින්වුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසය. ඔහු බෞද්ධයෙකි (සමාවන්න, සිංහල බෞද්ධයකු නොව ඇමෙරිකානු බෞද්ධයෙකි ). ඔහුගේ මෙම අරී අට මග ව්‍යුහගත කිරීමෙන් ක්වාර්ක් මොඩල සොයා ගැනීමට මග පෑදුනි. බෞද්ධයෙකු වශයෙන් ඔහු එම නම භාවිතා කලේ ක්වන්ටම් අංශුන් වල පුදුම සහගත හැසිරීම් නිසා විය හැකිය. (ස්ට්‍රෙන්ජ්නස් strangeness කියා තත්වයක්ද මේ අංශුන් වලඇත . සිනා නොවන්න ) //උදාහරණයක් ලෙස භෞතික විද්‍යාවේ ක්වන්ටම් භෞතිකයේ අරී අට මග ගනිමු. (eightfold way). පරමාණු වල ද්විතියික අංශුන් (subatomic particles) වන හඩ්රෝන්ස් (hadrons) නිවැරදිව ව්‍යුහගත කිරීම සඳහා වන නියමයන් භෞතික විද්‍යාඥ මරේ ගෙල්මන් (murray Gell-Mann) හැඳින්වුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසය. ඔහු බෞද්ධයෙකි (සමාවන්න, සිංහල බෞද්ධයකු නොව ඇමෙරිකානු බෞද්ධයෙකි ). ඔහුගේ මෙම අරී අට මග ව්‍යුහගත කිරීමෙන් ක්වාර්ක් මොඩල සොයා ගැනීමට මග පෑදුනි. බෞද්ධයෙකු වශයෙන් ඔහු එම නම භාවිතා කලේ ක්වන්ටම් අංශුන් වල පුදුම සහගත හැසිරීම් නිසා විය හැකිය. (ස්ට්‍රෙන්ජ්නස් strangeness කියා තත්වයක්ද මේ අංශුන් වලඇත . ) https://kolambagamaya.blogspot.com/2019/02/blog-post_25.html , කාලය යනු හුදු සම්මතයක් ලෙස ගත් නිසා අයින්ස්ටයින් ට සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන්න පුළුවන් වුනා . ඒ කියන්නේ කාලය ඒ ඒ රාමුවට පමණක් අදාල බව වටහා ගැනීම
Deletehttps://www.youtube.com/watch?v=b3JYJr6JLIM
Deleteමහින්ද පතිරණ මහතා , දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි . මට ඔය පැහැදිලි කරපු විද්‍යාත්මක පැත්ත ටිකක් විතර තේරුම් ගන්න පුළුවන් . නමුත් ඔය සියල්ල දැනුම විතරයි නේද ? ඔය අදහස් ම බණ වලත් ඇති , අපිට ඔය දැනුම එකතු කරගැනීමෙන් විතරක් ලැබෙන ප්‍රයෝජනේ මොකක් ද ? මම දන්නවා දැනුම ඉදිරියට ගෙන යන්න ඒක වැදගත් , හැබැයි කෙනෙක් නිවන හෝ ඔය සියල්ලගෙන් ගැලවීමට උත්සාහ කරනවා නම් ඔය දැනුම කොහොමද යොදා ගන්න පුළුවන්
Deleteඅජිත් , මම අර කලින් ලිපියක කිව්වා වගේ Quantum කොම්පියුටර් එකක AI දුවන කාලෙක මරු දේවල් හොයා ගන්න පුළුවන් වෙයි හෙහ් හෙහ්
Deleteහැබැයි ඔය සියල්ල දැනුම ගොඩට නේද අයිති වෙන්නේ ?
අපිට end of suffering හෙවත් සංසාරෙන් ගැලවීමට ඔය දැනුම කොහොමද පාවිච්චි කරන්න පුළුවන්
අජිත් , මේ ලිපිය බලන්න
Deletehttps://www.scientificamerican.com/blog/cross-check/from-my-archives-quark-inventor-murray-gell-mann-doubts-science-will-discover-e2809csomething-elsee2809d/ මෙහෙදී Gell-Mann කියල තියෙනවා ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ කියල .. [He called his particle-classification system the Eight-fold way, after the Buddhist road to wisdom. (The name was meant to be a joke, he emphasized; he is not one of these flakey New Age types who thinks physics and Eastern mysticism have something in common.)
නැහැ ඔතන වෙන කේස් එකක් තියෙන්නේ. මේ වක්ය්ය ඇතුලත් කරලා තියෙන්නේ ලිපිය ලියපු කෙනා නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ පරමාණුක අංශුන් අතර කිසිම සම්බන්ධයක් නැහැනේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවනේ. ((The name was meant to be a joke, he emphasized; he is not one of these flakey New Age types who thinks physics and Eastern mysticism have something in common.) මෙතැන ලියපු එකා හිනාවෙනවනේ බෞද්ධ දර්ශනයට New Age types who thinks physics and Eastern mysticism කියල. ගෙල්මන් ට විරුද්ධත්වය පල කරල් සමහරු නම් දැම්මට. ගෙල්මන් එහෙම නමක් දාන්න එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල එක්ක තියෙන බව වත් දැනගෙන ඉන්න එපැයි . ඒ කියන්නේ බුද්ධාගම වගේ ආගමක් හියන්ව කියල දැනගෙන ඉන්නත් එපැයි . විහිළුවට දාන්න හරි. ගෙල්මන් ගේ වැඩේ මට කීවේ මහාචාර්ය බර්නාර්ඩ් කාර් . මම ක්වීන්ස් මේරි එකේ තාරකා විද්‍යා උපාධිය කරන කොට ඩිසටේෂන් එකට මාතෘකාවක් ගන්න එයාට කතා කරන්න ගිය වෙලේක කිව්වේ. ප්‍රොෆෙසර් කා බහුමාන විශ්ව ගැන විශ්වාස කරන කෙනෙක්. එයා මට කීව තවත් කතාවක් තමයි පෞලි බහිෂ්කාරක නියමය (එක වගේ ෆෙර්මියන් අංශු දෙකක් එකම කවන්ටම් ස්ටේට් එකක් තියෙන්නේ නැහැ කියන එක) හොයාගත්ත පෞලි මහායාන බෞද්ධ දර්ශනය හොඳට හදාරල තියනව එක. බර්නාඩ් කාර් ගැන අජාන් බ්‍රහ්ම් කියනව මේ වීඩියෝ එකේ. https://www.youtube.com/watch?v=PR0w_6F8xDs#t=19m50s
Deleteඅජිත් මේ දේවල් මෙහෙම සිංහලෙන් පැහැදිලි කරනවට බොහොම ස්තුතියි .
Deleteදැන් ඔය වීඩියෝ එකේ අජාන් බ්‍රහ්ම් කියනවා වගේ විවිධ දැනුම තියෙන අය එක්ක ආස්සරේ හෙන වැදගත් ,
මේ කාලේ රහත් වෙච්ච කෙනෙක් උනත් මේ නවීන දැනුම නොසොයා ඉන්නේ නැහැනේ ..
ආගමකින් තොර වීමේ තව වාසියක් ඒක .. අලුත් දැනුම් වලට අපේ ඔලුවේ ඉඩ තියෙන එක .. හෙහ් හෙහ්
හැබැයි මම හිතනවා දැනුම විනිවිද දකින්න පුළුවන් තරමට අපි අපේ හිත පුරුදු කරන්න ඕනේ කියල
ටයිම් dilation කියන්නේ ඒකම ද කියන එක සුවර් නැහැ . ඒකෙන් කියන්නේ ආලෝකයේ වේගයෙන් යන වස්තුවක කාලය හෙමින් යාම ගන්නේ . මම හිතන්නේ අවකාශ කාලය කියල - space-time - කවන්ටම් භුඅතිකය බිඳින්නේ ඒක . මේ ඒ කාලේ ලියපු එක්ක ඒ ගැන , එනිසා නැවත ලියන්නේ නැහැ . https://kolambagamaya.blogspot.com/2014/10/blog-post_19.html
ReplyDeleteඅර උඩින් lotus කිව්වා වගේ , time වලින් තොර වෙච්ච infinite තලයක් තමා මනසෙන් එහා තියෙන්නේ .. එතකොට
Deletespace-time සහ "මම " කියන හැමදේම එකම වෙනවා .. මේ මම හිතන හැටි .. මේවා ඉතින් සමහරවිට සංකල්ප විතරක් වෙන්න පුළුවන් .
විශ්වයේ පැවැත්ම තියෙනකම් අර උඩින් මහින්ද පතිරණ මහත්තයා කිව්වා වගේ අපේ නාම /රුප (energy/matter) තියෙයි ..
මම ලඟදි දැක්කා Dr Neil Degrasse Tyson. ඔය විදියට විශ්වය පුරා පවතින energy/matter සම්පුර්ණයෙන්ම විනාශ වෙන්නේ balck hole එකක් ඇතුලෙදි විතරයි කියල .
සමහරවිට නිවන කියන්නේ black hole එකක් වෙන්න ඇති ... හෙහ් හෙහ් හෙහ් ..
අපිට side track ගිහින් එක එක මනස්ගාත වලට හිර වෙලා ඉන්න අපේ මනස යොමු කරන හැටි පේනවද
අභිධර්මය පිළිබඳ දැනුම ලබාගැනීමට ඩිප්ලෝමා, උපාධි බොහොමයක් තියනවා. නමුත් අවබෝධාත්මකව හිතනවා කියන්නේ වෙනම දෙයක්.
ReplyDeleteපැතුම් සමග මම එකඟයි අපි දැනුම ලබා ගත් පමණින් අවබෝධයක් ලැබුවා වෙන්නේ නැහැ. යම් දැනුමක් සාංසාරිකව හෝ මේ වර්තමාන බවයක හෝ ලබා ගැනීම උදව්වක් වෙයි. නමුත් අවබෝධය තියෙන්නේ වෙනම තලයක.
//විදරශ්න වැදීමත් එක ක්‍රමයක් විතරයි . එකම නෙමේ//
අජිත් කියන ආකාරයට නිර්වාණයට තියන එකම මග විදර්ශනාව නොවිය හැකියි සමහරවිට හින්දු හෝ මහායාන දාර්ශනික ක්‍රම වල වෙනස් ආකාරයක මාර්ගයක් විස්තර කරනවා වෙන්න පුළුවන්.තවත් හොයලා බැලුවට වරදක් නැහැ.
//මේ සියලු සිතුවිලි වලින් හැදිච්ච "මම " කියන කෙනාගේ සැබෑ ස්වරුපය දකින්න අපිට පුළුවන් එකම ක්‍රමය තමා අපේ හිත ගැන අපි කොච්චර aware ද කියන එක , මේ awareness කියන දේම තම "සිහිය " කියලත් කියන්නේ .// පැතුම් මේ අදහස එන්න ඇත්තේ The Power of Now වගේ පොතක දැනුමකින් වෙන්න ඇති කියලා හිතනවා. මම කියනකෙනා දැක්කත් ඔහුව අත් හරින්නේ කොහොමද? මම කියන කෙනා දැක්කට මදි, ඔහු හැදෙන්නේ කොහොමද සහ ඔහු නැතිකරන්නේ කොහොමද කියන එකයි වැදගත්.පොත මම කියවන්න පටන් ගත්තා.එක කියවලාම තමයි මේක ගැන තව දුරටත් හිතන්න වෙන්න. ථෙරවාදයේ නම් මම කියනකෙනා බිහිවෙනවිදිහත් අත්හරින විදිහත් දැනුමක් වශයෙන් කියවෙනවා.
කාලය අවකාශය කාලයේ විස්තාරණය ඔය හැම දෙයක්ම අපිට සම්මුති සත්‍යයන් සහිත ලෝකයක තියන දැනුම. ඒ දැනුම අපිට ලබා දෙනවට අජිත් මහත්මයට ස්තුතියි. මමත් කියවන්න බොහොම කැමතියි. ඒවායින් නිර්වාණය වගේ දෙයක් (පරමාර්ථ ධර්ම) විස්තර කරගන්න අමාරුවෙයි.
මේ සංවාදය මගේ දැනුමත් පරිකල්පනයත් දියුණු කරා. ඒකට දායක වුන හැමෝටමත් බිත්තියක් සපයපු පැතුම්ටත් පින් (සිංහල බුද්ධාගමේ හැටියටම පින් දුන්නා 😇)
[පැතුම් මේ අදහස එන්න ඇත්තේ The Power of Now වගේ පොතක දැනුමකින් වෙන්න ඇති කියලා හිතනවා] මම ලංකාවේ ඉන්නකම් හැම මාසෙකට සැරයක් වගේ මේ පිළිබඳව උනන්දුව ඇති , මේවා ගැන හොයන අය එක්ක සාකච්චා කරන කණ්ඩායමක් සමග මේවා ගැන කතා බහ කරන්න පුරුදු වෙලා හිටියා . ඒ .එස් බාලසුරිය මහතා තවමත් මේ විදියට මේ හමුවීම් කරනවා .
Deleteමේ කතා බස් වලට විවිධ අදහස් තියෙන අය එනවා . ඒ ඒ අයගේ අත්දැකීම් , කියවපු පොත පත ගැන කතා වෙනවා . ඔය හැම එකකම සාරාංශය විදියට ගත්තහම තියෙන්නේ , කොහොමද මේ හිත දිහා බලන්නේ , කොහොමද සිතුවිලි ඇතිවී නැතිවී යන හැටි බලන්න මනස පුරුදු කරන්නේ , සිහිය කොහොමද මේ සිත දිහා බලන්න යොදා ගන්නේ ආදී දේවල් ගැන කරන කතා බහ තමා .
දැනට අපි හැමෝම මේ ධර්මය ගැන අවබෝධයක් තියෙන විදියට අපි පිළිගන්න ප්‍රසිද්ධ හාමුදුරුවරු / දේශකයෝ (අජාන් බ්‍රහ්ම /අචාන් චා / thich nhat hanh/ ක්‍රිෂ්ණ මුර්ති තුමා / Alan watts etc.. ) ආදී සියලු දෙනාගේත් කතාවල හරය වෙන්නේ ඔය mindfulness /awareness /present moment තමා
මම නිකමට මේ සටහන ලියන්න මුල් වෙච්ච යෝගාවචර රාහුල හාමුදුර්වන්ගේ වීඩියෝ එකකුත් ටිකක් බැලුවා.. එකේ කියන්නෙත් මේ දේම තමා
විවිද පාරවල් ඔස්සේ ගිහින් අවසනට එන්නේ මෙතනට කියල තමා මම නම් තේරුම් අරන් තියෙන්නේ .
මට තවම ඕක ඔහොම නෙමේ කියල පිළිගත හැකි විදියට කරුණු කියන කෙනෙක් හම්බවෙලා නැහැ ..
නමුත් විවිධ අය විවිධ මාවත් දිගේ මෙතනටම යනවා කියල මම හිතනවා
තව උදාහරණයක් ඕෂෝ ..
ඒවගේම සෙන් වගේ දේවල් වලත් හරි ගැඹුරු ලෙස මිනිසුන්ගේ thought provoking කරන දේවල් තියෙනවා
පිටරට වල ඉන්නකොට අපේ ජිවිත නිකන් හිස් වෙනවා තේරුමක් නැති දැනුම විතරක් එකතු කරලා . . බලන බලන තැන තියෙන්නේ විවිධාකාර දැනුම් ගොඩවල් නේ ..
ඉඳල හිටලා මේ වගේ දේවල් ගැන කතා කලහම ජිවත් වෙන එකෙන් වැඩක් තියෙනව කියල හිතෙනවා ... හෙහ් හෙහ් ..
හිතන්න විවිධ පැති පෙන්නලා දෙන බුද්ධිමත් පිරිසක් මගේ මේ බ්ලොග් එකට යන එකත් මටත් ලොකු සතුටක් ..
[මේ සංවාදය මගේ දැනුමත් පරිකල්පනයත් දියුණු කරා. ඒකට දායක වුන හැමෝටමත් පින් (සිංහල බුද්ධාගමේ හැටියටම පින් දුන්නා 😇)] X
[නිහඬපාල මහත්මයාගේ නාඩි කියවීම] තමා කාලෙකට පස්සේ මේ වගේ කතා බහකට පාර කැපුවේ .. ඔබට බොහොම ස්තුතියි
Delete//සිංහල බුද්ධාගමේ හැටියටම පින් දුන්නා// සිංහල බෞද්ධ කියන එක වැරදි කීවහම ඔබතුමන් ලට ඌයිය වෙලා තියෙන බව තමා මේ සෙන්ටෙන්ස් දෙකෙන් තේරුම් යන්නේ . 🤔 ඉන්දියාවේ උපත ලැබුවෙකු දෙසූ දර්ශනයක් හෝ දහමක් තමන්ගේ කරගෙන බදා ගැනීමත් ඒ දහමට විරුද්ධව යාමක්. ☺️ මේ සාකච්චාව අරගෙන ගියාට දෙදෙනාටම ස්තූතියි . මමත් අලුතෙන් හොයාගත්ත ඉන්දියන් ස්කොලර්ස් ලා මහායාන බුද්ධාගමේ නාගර්ජුන / දර්මකිර්ති කාලයේ දේශනා , පොත් ගොඩක් අන්තර්ජාලයට එකතු කරලා තියනව කියල . මේ අවුරුද්දේ ඒව පරිශීලනය කරන්න හිතන් ඉන්නව . ලබන වුරුද්දේ ආයේ බලමු .
Delete[සිංහල බෞද්ධ කියන එක වැරදි කීවහම ඔබතුමන් ලට ඌයිය වෙලා තියෙන බව තමා මේ සෙන්ටෙන්ස් දෙකෙන් තේරුම් යන්නේ] හෙහ් හෙහ් ..
Deleteඅජිත් , මම ඒක කිව්වේ , අපි මේ මොනවා කතා කලත් අපි හැදුනු වැඩුණු අපේ සංස්කෘතියෙන් අපිට ආපු සරල ප්‍රාර්ථනයක් විදියට, බොහොම ස්තුතියි කියන එකට අමතරව .. .. මම කලින් කිව්වේ මට බෞද්ධයෙක් හෝ වෙන ඕනෙම ආගමිකයෙක් වෙන්න කිසි ගැටලුවක් නැහැ කියල .. ඒක හරියට විවිද රටවල ඇවිදලා බලනවා වගේ .. අපි ඉන්න රට තමා රට කියල ඉන්නේ නැතුව
හේරත් මාමා හපුතලේ තමයි ගම. ඔහුගේ පියා සාර්ලිස්. හවසට රා අරක්කු බොන ගැමියෙක්.
ReplyDeleteහැබැයි හේරත් මාමා බණ්ඩාරවෙල පාසලේ උගත්. ඉන්පසු මැලේසියාවේ රැකියාවක් කරා.
දැන් ඕස්ට්‍රේලියාවේ තමයි වැඩ වසන්නේ.
මිනිහා සිංහල බෞද්ධයෙක්. දෙමළත් ටිකක් දන්නවා.
හේරත් නැන්දාත් සිංහල කෙනෙක්. නැන්දයි මාමයි දැන් එන්නේ බැඳලා
හේරත් ගැන අගනා සටහනක්.
Deleteහේරත් හාමි නිවං යයි
ඇනෝ මම නම් පුළුවන් හැමවෙලාවෙම නිවං තමා යන්නේ .. නැත්නම් බිල වැඩිවෙනවා
Deleteකෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.
ReplyDeleteනමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.
ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්
අනාගතයේ මරණය
ReplyDeleteනෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.
මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.
මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කොහොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.
මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.
අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.
තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.
අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.
ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.
නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.
ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්
මේ නුතන විද්‍යාවේ දියුණුව නිසා මම ඔය දුක කියන සංකල්පය ගැනම අලුතින් හිතන්න පටන් අරන් ඉන්නේ ,
Deleteඔය විදියට ඩිජිටල් විදියට ජිවත් වීම කියන්නේ කල නොහැකි දෙයක් නෙමේ .. අපිට ඇත්තටම අඩු හොඳ පවර් සෝස් එකක් .. ඒ ප්‍රශ්නය මම හිතන්නේ තව දසකයක් දෙකක් යනකොට විසඳ ගන්න පුළුවන් වෙයි .. ඊට පස්සේ ඔය කිසිවක් ප්‍රශ්න නෙමේ ..
මිනිස්සුන්ගේ ලෙඩ හොඳ වෙලා ,ආයුෂ වැඩි වෙලා , ජිවත් වෙන මැරෙන එක අතර තියෙන ගැප් එක අඩු වෙනකොට මිනිසුන්ට තියෙන දුක් මොනවා වෙයිද කියල හිතා ගන්න අමාරුයි ..
තව දුරටත් දුක / දුකට හේතුව දුකින් මිදීම ගැන මිනිස්සු සැලකිල්ලක් දක්වයි ද ?
ඔත්තුවට ස්තුතියි . ඒ ෆිල්ම් එක බලන්නම් . බ්ලොග් ලියන ඒවා ගූගල් සමගම ඩිලීට් කළේ නැත්නම් අනාගතයේදී කවුරුහරි බලයි නේ කියන අදහස මටත් ආවා කාලයක් . දැන්නම් සමහර ඒවා මම හාඩ් ඩිස්ක් වල දාල තියනව . ඒවා ඉස්සර විනාශ කළා . දැන් තියන් ඉන්නව . කවා හරි අනාගතයේදී කවුරුහරි බලයි කියල හිතල .
ReplyDeleteමාත් මගේ බ්ලොග් එක download කරා .. දැන් හැබැයි කාලෙකට කලින් , ආයේ බැකප් එකක් ගන්න ඕනේ .. ගුගලා මේක වැහුවොත් අපි පව්
Deletehttps://www.youtube.com/watch?v=mxTtzCt-1lI
Deleteඅවුරුදු දහයකට පස්සෙ මේ පැත්තෙ ආවෙ
ReplyDeleteලිංගික ජිවිතේ කොහොමද රාජ්.
Deleteරාජ් දවල් වැඩ. නෝනා රෑ වැඩ.
හලෝ රාජ් , නැවත දැකීම සතුටක් ! ආයේ ලියමු මොනවා හරි
Deleteහේරත් මාමා නිවන් යයි. ලයිට් බිල ගොඩක් ගනන්
ReplyDeleteකමෙන්ට්ස් ටික වෙනම වෙලාවක් අරන් බලන්න ඕනි.
ReplyDeleteඇවිල්ල බලල හිතෙන දේත් ලියල යන්න
Deleteහේරත් මා මම මොකද මේ පේන්න නැත්තෙ දැම්මාසයක් තිස්සේ හේරත් නැන්දත් එක්ක ගෝරිද
ReplyDelete