සාහිත්‍ය මාසේ අවසාන දවසේ ලියන්න සිරාම මාතෘකාව...හික්... මම මේ අවුරුද්දේ ඇර අනිත් හැම අවුරුද්දෙම ඔය පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා... ගියාම ගන්නේ පරිවර්තන විතරයි... එහෙම කරන්නේ මම ආස දේ එක නිසා මිසක් වෙන මහප්‍රාණ හේතුවක් නිසා නෙවෙයි... ඉංග්‍රීසි පොත් ගත්තට වැඩක් නැත්තේ කියෙව්වට හරියට තේරෙන්නේ නැති කම නිසා.. මොකද මගේ කඩ්ඩ පට්ට නේ.. සිංහල පොත් කියවන්න ආස උනාට හැම පොතකම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම ජාතියේ කතා නිසා එච්චර උනන්දුවෙන් සල්ලි දීල ගන්න හිතෙන්නේ නෑ...
ප්‍රධාන මාතෘකාවට ආයේ ආවොත් ඔරිජිනල් එක සිංහලෙන් ලියවුනු පස්සේ ලොව පුරා ජනප්‍රිය වෙලා ඔය මම කිව්ව විදියේ බෙස්ට් සෙලර් එකක් වෙච්ච පොත් තියෙනවද?
එහෙම එකක් හෝ 2ක් තිබුනත් මහා ගොඩක් නම් නැති බව මම දන්නවා... මට තියෙන ප්‍රශ්නේ ඇයි අපිට එහෙම ඒවා ලියන්න බැරි කියන එක.. පොතක් ලොවපුරා ජනප්‍රිය වෙන්න හේතුව මාකටින් ද? නැත්නම් ලියල තියෙන දේ ගත යුත්ත වැඩි කම ද? හිතට වදින කතා ලංකාවේ අයත් ලියල තියෙනවා.. හැබයි ඇයි ඒවා ලොව පුරා නොයන්නේ.. ? අපිට සුද්දන්ගේ පොත් පරිවර්තනය කරන්න හිතුනට සුද්දන්නට අපේ පොත් පරිවර්තනය නොකරන්න හිතෙන අවුල මොකක් ද? අපි ක්‍රියේටිව් කියල දකින දේ ක්‍රියේටිව් මදිද..?
මම මහා ගොඩක් පොත් කියවල නෑ.. මම කියවපු හොඳම සිංහල පොත මොකක් ද කියල ඇහුවොත් මට මතක් වෙන්නේ කුලසේන ෆොන්සේකා මහත්මය ද කොහෙද ලියපු ගමක වත කියල එකක්.. එකේ තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ද කොහෙද මොකක් හරි කේස් එකකට හැංගිලා ආපු කට්ටියක් අලුතින් ගමක් හදන හැටි.. ගමේ ලොක්ක වෙන්නේ මහපතිරන්නැහෙ කියල සරල බුද්ධිමත් මනුස්සයෙක්.. ඒ මනුස්සය අතු පැලේ ඉඳන් ගම ගොඩ නගන හැටි එකේ තියෙනවා.. මිනිස්සුන්ගේ හිත් වැඩ කරන විදිය සරලව අපේ විදියට ලියල තියෙනවා.. එක තව පොතක පරිවර්තනයක් ද කියල මම දන්නේ නෑ.. ගොඩාක් ඉස්සර බැලුවේ හැබැයි අදටත් මගේ හිතේ රැදුණු කතාවක්..
ඔය විදියටම ගුරුගිතය කියන පොත ගැන බැලුවොත් මට දුයිෂෙන් සහ මහපතිරන්නැහෙ එක සමානයි.. කතාව වෙනස්.. අල්තිනායි කෙනෙක් එකේ නෑ... හැබැයි දුයිෂෙන් ගැන අපි ඔක්කොම දන්නවා.. ලෝකෙම දන්නවා.. මහපතිරන්නැහෙව දන්නේ ලියපු කෙනයි..කියවපු අපි කීප දෙනෙකුයි විතරයි.. ලංකාවේ දුයිෂෙන් ල නැද්ද? ඇයි ඒ කතා ලංකාවෙන් එලියට නොයන්නේ..
ඔය වගේම තමා ෆැන්ටසි .. අවුරුදු 100ක 200ක ඉතිහාසයක් තියෙන රටවල මිනිස්සු අනුන්ගෙන් අදහස් උස්සල හරි ලෝකෙම හෙල්ලෙන විදියේ කතා ලියනවා.. ෆැන්ටසි චරිත තිස්තුන් කෝටියකුත් තව පොඩ්ඩක් ඉන්න අපිට පට්ට කතාවක් ලියන්න හරි හමන් එකෙක් නෑ....
අපි හිතන්න බයයි ද කොහෙද.. අපිව හිතන්න බය කරපු ගතියක් මට නම් දැනෙනවා.. (මමත් බයයි නේ නැත්නම් මෙතන පොර ටෝක් දාන්නේ නැතුව මට එකක් ලියන්න තිබ්බනේ..)
මේ දවස් වල ලෝකෙම හිට් වෙලා ඉන්න පවුලෝ කොයියෝ ගේ සන්තියාගෝ නම් සැරිසරන්නා පොත මම මිට අවුරුදු 3-4කට කලින් ඔය පොත් ප්‍රදර්ශනෙන් ගත්තේ පාවුලෝ කොයියෝ ගැන මෙලෝ මගුලක් දැන ගෙන නෙවෙයි.. එක ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලර් එකක් කියල ගහල තිබ්බ නිසා..
පොත කියවල ඉවරවෙනකොට එක
ඇත්තටම බෙස්ට් සෙලර් එකක් විය යුතු එකක් කියල මට හිතුනා.. හැබැයි ඇත්තටම එකේ තියෙන්නේ අපි හොඳටම දන්නා
සරල සංකල්ප ටිකක්.. අපි ඒ සංකල්ප පාවුලෝ
කොයියෝට වඩා හොඳට දන්නවා.. හැබැයි අපි අවුරුදු 2500ක් විතර ඔය සංකල්ප ටික කබල් ගගා
ඉඳල තියෙනවා විතරයි... ඒවා එලියට යවන්න එක්කෝ අපිට තේරෙන්නේ නෑ.. නැත්නම් තාමත්
අපි දන්නවා කියල හිතන් හිටියට ඇත්තටම දන්නේ නෑ....
පාවුලෝ කොයියෝ ඉන්දියාවෙන් හරි
ලංකාවෙන් හරි හොරෙන් උස්සල ඕව ලිව්වා වෙන්න පුළුවන් හැබැයි දැන් ඒ සංකල්ප වල
ඔර්ජිනල් අයිතිය එයාගේ වගේම තමා.. එහෙම හිතන එක අපිට පට්ට සැපයි නේ...
තව ටිකක් වටේට වනල මේක
ලියන්න පුළුවන් ..වැඩක් නෑ.. අනිත් එක දැන් නිදි මතයි.. කොහොම වුනත් ඇත්තටම ලංකාවෙන් ලියවුනු එහෙම පත
පොත තියෙනවද කියල දන්නා කෙනෙක් කොමෙන්ට් එකක් දාල යන්න..