මේ අවුරුද්දෙ ලියන පළවෙනි එක. එක එක දේවල් ගැන වැඩකට ඇති නැති හැම දෙයක් ම පහුගිය අවුරුදු 5 තිස්සේ මම මේකේ ලිව්වා. ලියන්න ඕනේ කියල හිතෙන වෙලාවට හිතේ තියෙන මොකක් හරි දෙයක් ගැන ඔහේ ලියල දාන එක තමා ගොඩක් වෙලාවට කළේ... මේ අවුරුද්දේ ලිවිල්ලත් ඉතින් එහෙම ම වෙයි....
හැමදාම එක එක දේවල් ගැන ලිව්වට එක දෙයක් ගැන මම කවදාවත් මේකේ ලියල නෑ... එහෙම ලියල ඉවරයක් කරල දාන්න පුළුවන් විදියෙ දෙයක් නෙවෙයි ඒක... හැමදාම හැම මොහොතෙම හිතේ තියෙන හිතේ ඉන්න දෙයක් ගැන කොහොමද පොඩ්ඩක් ලියල ඉවර කරන්නේ...
පහු ගිය අවුරුදු පහේ මගේ ජීවිතේ වෙච්ච වැදගත් සිද්ධි ගොඩක් වගේ මම එක එක විදියට ලියල තියෙනවා. ඒත් මේ සිද්ධිය ගැන මම මොකුත් ම ලිව්වෙ නෑ... මොකද ඒක මට එක සිද්ධියක් විතරක් නොවන නිසා... ඒ සිද්ධිය තමා මගේ මුළු ජීවිතේම...
මගෙන් අහනවා ඇයි මං ගැන මොනවත් ලියන්නෙ නැත්තේ කියල... මම මොනව ලියන්න ද... බොහෝම ලස්සන හැඟීම් බර හෙනම රොමෑන්ටික් වචන ටිකක් දාල පුංචි කවි ටිකක්,පොඩි වාක්‍යයක් දෙකක් මටත් ලියන්න තිබුණා... එහෙම කළා නම් ගොඩාක් සතුටු වෙයි... හැබැයි ඒක එතනින් ඉවරවෙයි... ඊට පස්සේ ආයෙත් මම වෙන වෙන වල්බූත මේකෙ ලියයි... අර ලස්සන හැඟීම් බර රොමෑන්ටික් දේවල් ඔක්කොමත් ඒ වල්බූත ගොඩටම එකතු වෙයි...
මුලු ජීවිතේම මාත් එක්ක ඉන්න... ජීවිත කාලෙන් භාගෙකටත් වඩා මුලු හිතින් ම මට ආදරේ කරපු... මොන දේ වෙනස් වුණත් එක දශමෙකින් වත් මං ගැන තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නැති...හැබෑ ආදරේ වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න.. සංසාරේ පුරාම මාත් එක්ක ඉන්න ඇති කියල මගේ හිතට අනන්තවත් දැනෙන...මගේ ලස්සන චූටි බට්ටිගේ ආදරේ ගැන මට එහෙම ලියල ඉවර කරන්න බැහැ....
තව ටික දවසකින් හැමදාම මාත් එක්ක ඉන්න එන ඒ අහිංසක ආදරේ ගැන අද මේ පුංචි සටහන ලිව්වේ... පුංචි සිහිවටනයක් විදියට... 2011 සහ අපි දෙන්නා...
10 Examples of SED Command in UNIX and Linux
-
SED command in UNIX stands for stream editor and it can perform lots of
functions on file like searching, find and replace, insertion or deletion.
Though ...
5 hours ago
දිගටම මොනවහරි ලියලා යන්ඩ ...
ReplyDeleteජය වේවා !!
Good Luck machan,
ReplyDeleteWishing you both a brighter future ;)
සුබ පැතුම් සහෝ...
ReplyDeleteසහෝ ලියපු "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" කියන විද්‍යා ප්‍රබන්ධ කතා එකතුව තාමත් මගේ විද්‍යා ප්‍රබන්ධ එකතුවේ තියෙනවා.. ඇයි ඒ වගේ කතා ආයේ නොලියන්නේ...
පහුගිය කාලේ පුරාම මාත් ඉඳල හිටල හරි මේ පැත්තේ ඇවිත් ගියා... කමෙන්ට් කළාද කියල නම් මතක නැහැ....
කෙසේ වෙතත් සහෝටත් සහෝගේ ආදරණිය බට්ට්ටත් සුබම සුබ අනාගතයකට මගෙන් උණුසුම් සුබ පැතුම් !!!
ආයෙ කවදාවත්ම මේ ගැන නොලිව්වත්, මේ සටහන අර වල් භූත ගොඩට එකතු වෙන ඵකක් නෑ.........
ReplyDeleteබොහෝම ස්තූතියි හැමෝටම...
ReplyDelete