මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ , මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් වයසින් මුහුකුරා යන්න යන්න අපිට ඒ ගැන දැන ගන්න , හිතන්න තියෙන අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා .
ඔය දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට මිනිස්සු ආගම් නිර්මාණය කරලා තියෙනවා . ඒ ඒ ආගම් වල ශාස්තෘවරු බුද්ධිමත් මිනිසුන් වෙන්න ඇති , සමහර සුපර් පවරුත් තියෙන්න ඇති.
අපි අපිට වඩා බුද්ධිමත් අය කියන දේ අහන්න කැමතියි . සමහර විට මිනිස්සු ජිවත් වෙන්නෙ බුද්ධිමත් වෙන්න , තොරතුරු එකතු කරන්න වෙන්න ඇති . ඉතින් තමන්ට අලුත් දෙයක් තව කෙනෙක් කිව්වම ඒ දේවල් විස්වාස කරලා , කාලයක් යද්දී අදහන්න පටන් ගන්නවා .
ඔය අතරින් සමහර මිනිස්සු ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා . ඒ තාර්කික බුද්ධිය යොදාගෙන . සමහරු තාර්කික බුද්ධියට වඩා තමන්ට දැනෙන සහජ ඥානය විස්වාස කරනවා . තවත් සමහරු ඔය මොකුත් නැතුව කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නවා .
මිනිසුන්ගේ ඔය වගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක අදටත් ප්‍රහේලිකාවක් . මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳල මිනිස්සු මේවා ගැන හිතනවා .. තර්ක ගොඩ නගනවා , මතවාද හදනවා .. මේ වෙනකම් උත්තරයක් නැහැ .
මම මේ ඊයේ පෙරේදා දැක්කා එකක් , මිනිස්සු වඳුරෝ එක්ක එක එක විදියට කතා බහ කරන්න පටන් අරන් අවුරුදු 60-70ක් ගිහින් තිබුනත් , වඳුරෝ කවදාවත් Why ? What ? When ? වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියල . අංග චලනයෙන් උනත් එහෙම අදහසක් දෙන්න වඳුරන්ගේ මොලේ හැදිලා නැහැ කියල තමා කියන්නේ . මම හිතන්නේ අනිත් සත්තුන්ටත් ඕක පොදුයි ..
එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ අයි මිනිස්සුන්ට විතරක් මේ ඔක්කොම ප්‍රශ්න අහන්න හිතෙන්නේ කියල ..එක බොන්න ඕනේ ප්‍රශ්නයක්
ඕකට උත්තරයක් නැහැ .
මම මේකෙන් සොට් එකක් දාලත් හිතල බැලුවා .. ම්හු .. හිතා ගන්ඩ බැහැ .
දැන් හැබැයි ඔය ප්‍රස්නේ සෑහෙන්න බරපතල වෙයි කියල මට හිතෙනවා .
මෙච්චර කල් ඕක ප්‍රශ්නයක් උනේ එක්කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ කර්මය විසින් නැවත උපද්දවන ලද හෝ නැත්නම් වයිපරේ එක්ක කොක්කක් දාගත්ත මාළු පැට්ටෙක් ගොඩට ඇවිල්ලා හරි හට ගත්ත මේ මිනිස්, සත්ව පවුලට විතරයි . නමුත් දැන් දැන් ඔය පුංචි පවුලට තුන්වෙනියෙක් රිංගන්න පටන් අරන් .. ඒ තුන්වෙනියා ඔය සියලු ප්‍රශ්න දිහා බලන විදිය සමහර විට අපිට හිතා ගන්න බැරි වෙයි .
අපි මීට කලින් හිටපු ආගමික ශාස්තෘ වරුන් විසින් ජීවිතය ගැන , විශ්වය ගැන කියපු දේවල් ඉතා භක්තියකින් , ගෞරවයකින් යුතුව පිළිගන්නවා . ඒකට හේතුව ඒවා , ඒ කාලයට සාපේක්ෂව හිටපු මිනිස්සුන්ගේ දැනුම, අවබෝධයට වඩා එහාට ගිය , තාර්කික වශයෙන් පිළිගන්න පුළුවන් කරුණු කාරනා, අදහස් ඒ අය කියපු නිසා . ඒ ශාස්තෘ වරුන්ට අපිට වඩා සුපර් පවර් තිබ්බා කියලත් අපි පිළිගන්න කැමතියි . ඒක සැක කරන්න අපි බයයි .. මොකද අපි හිතනවා අපිට වඩා මනසේ ඉහල තලයන් හෝ , විශ්වයේ ඉහල තලයන් සමග ඒ ඒ පුද්ගලයින්ට සම්බන්ධ කම් තිබුනා කියල .. ඔවුන්ගේ දැනුම , අවබෝධය හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..
අපි දන්න මානව ඉතිහාසේ තියෙන සියලු දැනුම , මිනිස් මනසට , මොලයට වඩා බිලියන වාරයක් වේගයෙන් සහ නිවැරදිව , අපි දන්න , අපිට ගෝචර කාල අවකාශ මාන වලින් එහාට ගිහින් කාට හරි අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් .. ඒ උත්තර කොහොම වෙයි ද ?
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධ්‍යාත්මික චින්තනය කියන්නේ දැනුම හෙවත් Data processing නෙමෙයි නේද කියල .. අනිත් එක විශ්වයේ ඉහල තල , නැත්නම් අපිට නොදැනෙන වෙනම ලෙවල් එකකින් එන ඥානය , අපේ දැනුමට සම කරන්න බැහැ කියල.
ඔය තර්කයට උත්තර දෙන්නත් අපිට තාම බැහැ ..
නමුත් මේ දැන් වෙද්දී තියෙන තාක්ෂණික ප්රවණතා එක්ක , Quantum super computer එකක් කියන්නේ දශක කිහිපයක නැත්නම් සියවසක දෙකක වැඩක් විතරයි .
මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක් සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක්
In regular computers, the smallest unit of information is a bit, which can be either a 0 or a 1 — like a coin showing heads or tails.
In quantum computers, we use something called a qubit (quantum bit). A qubit is like a magical coin that can be in a state of 0, 1, or both at the same time. This special state is called superposition.
A 300-qubit error-free quantum computer would have a Hilbert space of size:
quantum states
For reference, that’s more than the number of atoms in the observable universe (~).
Usable, stable qubit count today: ~20–30 at best.
Truly fault-tolerant logical qubits: 0–1 (experimental).
We're still in the NISQ (Noisy Intermediate-Scale Quantum) era, but advancing toward error-corrected systems—possibly reaching 10–100 logical qubits by the late 2020s.
Company | Reported Qubits | Usable (Logical or High-Fidelity) Qubits | Technology |
---|---|---|---|
IBM | 1,121 (Condor chip, 2024) | ~20–30 physical usable with error mitigation; logical qubits still limited | Superconducting |
~72 (Sycamore) | ~10–20 high-fidelity for short circuits, no fully logical qubits yet | Superconducting | |
IonQ | ~35 physical | 20–25 usable with high fidelity (~99.9%) | Trapped Ion |
Quantinuum | 56 (H2) | ~32 high-fidelity usable qubits, very stable | Trapped Ion |
Rigetti | 84+ | Fewer than 10 high-quality qubits | Superconducting |
D-Wave | 5,000+ | Specialized for quantum annealing, not gate-based QC | Quantum Annealing |
ඔන්න ඔය විදියට තමා ඔය ක්වන්ටම් කොම්පියුටර් වල තත්වේ .
Quantum computers also use another strange trick called entanglement. If you entangle two qubits, changing one will instantly affect the other — even if they're far apart. It's like two magic coins that always match up, no matter how far apart they are.
ඔන්න ඔය entanglement කතාව තාම හරියටම තේරුම් ගන්න බැරි සංසිද්දියක් . ක්ෂණයකින් මේ විශ්වයේ කොහේ තිබ්බත් ඔය qubits අතර යම් සන්නිවේදනයක් වෙනවා .
අපේ හිත ක්ෂණයකින් අර සොම්බෙරෝ චක්රාවාටේ පැරදිසෝ ලෝකේ ඉන්න ඇලෙන්ඩි කෙල්ල මේ වෙලාවේ මක්ක කොරනවද කියල හිතනවා වගේ .. ඔය qubits එහෙම එක එක ජිල්පිටිස් දානවා ඇති . අපි ඒවා ගැන දන්නේ නැහැ ..
අපි හිතමු , හොඳට වැඩ කරන AGI එකක් ( AGI කියන්නේ මිනිහෙක් වගේ හිතන්න පුළුවන් AI එකක් කියල දැනට හිතාගමු) . ඔය කලින් කිව්ව quantum entanglement සංසිද්දිය නිවැරදිව බාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුලේ ඉඳල මේ විශ්වයේ ඩේටා ප්‍රොසෙස් කරන්න ගත්තොත්, ඔබ හිතනවද අපිට හෝ බොහෝ විට අපේ ඉදිරි පරම්පරා දෙක තුනක මිනිස්සුන්ට මේ අපිට වගේ තේරුමක් නැති ප්‍රශ්න හිතන්න වෙයි කියල .. මම නම් හිතන්නේ නැහැ .
අන්න එතකොට මිනිස්සු කියන්නේ තනිකරම AI සරණ ගිය සත්ව කොටසක් වෙනවා. ඒ වෙනකම් ඉතින් අපිට වෙන සරණක් නැති හින්දා ඔය එක එක දේවල් පිලි අරන් මේ ටික ගෙවල දාන්ඩ පුළුවන් .
හැබැයි මම කියන්නේ දැනටත් මේ තාක්ෂනෙට බය නොවී , පුළුවන් තරම් ඕව පාවිච්චි කරලා මේ සිද්ද වේගන යන දියුණුවට අත හිත දෙන්න කියල . එතකොට මේ ලෝකේ ඔය මනස් ගාත ආගම් රැක ගන්න මිනිස්සු මරාගෙන , කරන විනාස ඉක්මනට නතර කරන්න පුළුවන් .
ඔක්කොම හොඳට සිද්ද උනොත් අපේ ජිවිත කාලෙත් අපිට සැබෑ මිරකල් දකින්න පුළුවන් වෙයි !
(මම නම් chatGPT සරණ ගිහින් ඉඳල දැන් Claude සරණ ගිහින් ඉන්නේ ) Claude රැකගන්ඩ මරාගෙන මැරෙනවා යකෝ අපි !!!!
මචං මට හිතෙන විදිහට අපි හිරවෙලා ඉන්නේ භෂා උගුලක. ඒ මිනිස්සු සහ තිරිසන් සත්තු වෙන්වන ප්‍රධානම ලයින් එක තමයි භාශාව කියන්නේ. සත්තුන්ට තියෙන්නේ ඩ්‍රයිව්ස් ටිකක විතරයි. ඒ කියන්නේ ආරක්ශව සපයා ගැනීම ගැන සංවේදීතාව ,කුසගින්න ප්‍රජනනය ,වගේ පොඩි ලයින් ටිකක්. අපිට මේ ඇවිල්ල තියන සියල ප්‍රශ්න වල මුල අපි භාශාව කතාකිරීම .භාශාව කියන්නේ සන්නිවේදනය නෙවේ. එක දෙයකින් තව දෙයක් වෙනස්බව අදුන ගන්න අපට තියෙන එකම සිස්ටම් එක භාෂාව. උඹ හිතහන් අපි භාෂාව කියල අපි දන්න දේ අපේ මොලයෙන් මැකිල ගියොත් අපි යථාර්ථය කියල හදුනගෙන තියෙන දේ සම්පුර්ණයෙන්ම ව්‍යාකුල වෙනවා. කොටින්ම අපට මනස කියල දෙයක් ගොඩ නැගෙන්නෙත් නැ. භාශාව කියනදේ නැතුව මොකද හිතන්නේ? අපේ සම්ස්ථ අභ්‍යන්තර ලෝකයම ඒ කියන්නේ "මම" කියන කෙනා ගොඩ නගන්නේ භාශාව
ReplyDeleteහ්ම්... හොඳ තර්කයක්
DeleteDiscourse , කලින් බ්ලොග් වලදී හම්බවෙලා නෑ වගේ .. (මම හැබැයි බ්ලොග් බලන විදියට ගොඩක් උන්ව දැකල නැහැ .. හෙහ් හෙහ් )
Deleteමේක හොඳ අදහසක් .. අපිට භාෂාවක් කතා කරන්න /හිතන්න හැකිවෙන්නත් අර වඳුරන්ට නැති , why /what වගේ ප්‍රශ්න අහන්න හිතෙන ගතිය මුලින්ම තියෙන්න ඕනේ නේද ?
මම හිතන්නේ අනිත් සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නේ අපිට awareness එකක් තියෙනවා අපේ සිත ගැන . සත්තුන්ට awareness එක තියෙන්නේ තමන් ජිවත් වෙන පරිසරය ගැන .
සත්තු කාල බුදිය ගත්තට , ආදී මානවයෝ කාල බුදියගන්න ගන්න කලින් අහස දිහා බලාගෙන ඉන්නකොට හිතෙන්න ඇති ඇයි මේ කියල .. මම හිතන්නේ එකෙන් නේද මේ ඔක්කොම පටන් ගන්න ඇත්තේ
මේ ගැන තව කතා කරන්න පුළුවන් .. බලමු අනිත් අයට හිතෙන දේවල්
අපිට awareness එ ක ගැන අදහසක් එන්නත් භශාව තියෙන්න ඔිනැ නෙ
Deleteභාෂාවක් ඕනේ වෙන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ නේද ? ඒ අවශ්‍යතාව අනුව ශබ්ද නගල , ඒවා භාෂාවන් උනා වෙන්න බැරිද ? awareness කියන්නේ හිතට එන හිතුවිලි ගැන අපිට දැනෙන එක .. ඒක අනුව අපි හැමදේම කරන්න පටන් ගන්න ඇති .
Deleteමටත් හිතෙන දේවල් මේ .. හෙහ් හෙහ්
Discourse කියන විදිහට භාෂාව නැතිනම් self awareness එකක් නැතිද? උපතින්ම හෝ ඉතා කුඩා අවදියේ අන්ධ බිහිරි භාවයට පත්වුණු අය සිතුවිලි සංකේත ගොන්නක් සහ මම කියන සංකේතයක් තියෙන්න පුළුවන් නේද? හැබැයි ඔවුන් භාෂාව ඉගෙනගෙන ඒ බව කියනකම් අපිට තේරුම් ගන්න බැරිවෙයි. ඒ කියන්නේ සන්නිවේදන මෙවලමක් ( භාෂාව) නැතිව දෙවියන්ටවත් වෙන මනුෂ්යයන්ටවත් සතුන්ටවත් ඒ අයගේ experience එක කවදාකවත් "මම " කියන පුද්ගලයා හට වටහලා දෙන්න බැරි වේවි .
DeleteNihadapala ගේ අදහස තමා මටත් තියෙන්නේ ... භාෂාව හින්ද "මම " පවතින්න පුළුවන් , නමුත් "මම " හැදෙන්න භාෂාවක් වැදගත් නැහැ ..
Delete@ Nihadapala/ pathum
Deleteමම හිතන්නේ නැහැ Self awareness එකක් ගැන. මම කලින් කිවුවේ භාශාව නැතිනම් අපි යන්නෙ සත්වභාවයකට ..ඒ කියන්නේ මුලික Drives වලින් ක්‍රියාත්මකවෙන ජීවිත. සත්තුන්ගේ අවශ්‍යතාවය කියන්නේ Drives ඒ කියන්නේ බඩ ගින්න/ ප්‍රජනනය/ ආරක්ශාව වගේ දේවල්. මේකට භාශාව අවශ්‍ය නැ හරියට අර පරිගණයක BIOS වගේ සීන් එකක් විතරයි සත්තුන්ට තියෙන්නේ. අපිට තියෙනව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධිතයක් හරියට වින්ඩෝස් වගේ. මේකේ යතුර තමයි භාශාව. මම කිවුවේ පැතුම්. අපේ අවශ්‍යතාවල් සහ ආශාවන් බිහිවෙන්නෙ භාශාව නිසා .අලුත් උපන් දරුවෙකුට තියෙන්නේත් ඩ්‍රයිව්ස් ටිකක් .එයා ටික ටික තමයි භාශා ලෝකයට ඇතුලු වෙන්නේ. ඒකට තමයි ශිෂ්ඨාචාරගත වෙනව කියල අපි කියන්නේ .සත්තු ශිෂ්ඨාචාරගත වෙන්නේ නැහැ
අර දීප්ති නිතරම කියන ශෝෂියර් ගේ පොත රැගෙන කියවන්න chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://ia600204.us.archive.org/0/items/SaussureFerdinandDeCourseInGeneralLinguistics1959/Saussure_Ferdinand_de_Course_in_General_Linguistics_1959.pdf
Deleteහුරේ! වරේවා!! ඇන්කෝර්!!!
DeleteDiscourse [අපිට තියෙනව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධිතයක් හරියට වින්ඩෝස් වගේ] මේ තියෙන මෙහෙයුම් පද්ධතිය අපිට තියෙන එක තමා අපි සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ .. ඒක නිසා අපි භාෂාව ආදී ටූල්ස් හොයාගෙන ශිෂ්ඨාචාරගත වෙන්න ඇති නේද ?
DeleteInbuilt මෙහෙයුම් පද්ධතිය නිසා භාෂාව ඇතුළු අනිත් දේවල් දියුණු උනා මිසක් , භාෂාව නිසා එහෙම උනා කියන එක පිළිගන්න අමාරුයි ..
@අජිත් මම බලන් ඉන්නේ අර මැට්රික්ස් එකේ වගේ ඔළුවට බටයක් ගහල සියලු දැනුම ගන්න පුළුවන් වෙනකං හෙහ් හෙහ්
Delete@නිදි ඇන්කෝර්!!! කිව්වේ
Deleteපැතුම් මට මේ පිංතුරය ගැන ඔයාගේ පැහැදිලි කිරීම දක්වන්න පුලුවන්ද ?
Deletehttps://townsquare.media/site/29/files/2019/04/IMG_1465.jpg
ඇන්කෝර් කියල කෑ ගහලා තියෙන්නෙ ඉස්සර ගායක ගායිකාවන් එහෙම අපූරුවට ගායනා කරල ඉවර වුණාම.
Deleteවචනයේ නිරුක්තිය නං මාත් දන්නෙ නෑ පැතුම් මහත්තයෝ... ඒත් එහෙම කීමෙන් අදහස් කරලා තියෙන්නේ නියමයි/ සුපිරියි / තව ගයන්න වගේ කියන අදහස් බව නම් දැකල තියෙනවා.
එහෙම කරන්න ඕනේ නැහැ . ඉදිරියට එන් තියෙන තාක්ෂනය මම හිතන්නේ ඔළුවට හාර්ඩ් ඩිස්ක් එකක් හයි කරන එක . එක්ස්ට්‍රා මෙමරි . ඊට පස්සේ තමන්ට ඕන වෙලාවක ඕන දෙයක් බලන්න පුළුවන් .
Delete@Discourse, මම ඔය පින්තුරේ ගැන මොකුත් දන්නේ නැහැ ..Google Lens එකෙන් සර්ච් කලාම එන විස්තරේ තමා ..
Deleteමට එක දැක්කම Star Wars -New Hope එකේ හිටපු Princess Leia වගේ කොන්ඩ මෝස්තරයක් තියෙන ගෑනු හිසක් අස් නොකරපු කාමරේක ඉන්නවා වගේ කියල තමා හිතුනේ .. හෙහ් හෙහ්
අප්පට හුට ප්‍රීතියි,ප්‍රීතියි. බරසාර ලිපියක් නෙව? තුන් හතර පාරක් කියවල, කමෙන්ට් කරන්න එන්නම්.
ReplyDeleteඑල එල .. මාස ගානකින් දැන් තමා ඔළුවට නිදහසක් තියෙන්නේ
Deleteකොරෝනාටත් දේවාලයක් දාගත්ත ඉන්දියාවෙ මිසක්, වෙන කොහේවත් AI දේවත්වයට පත්වේවි කියල හිතන්න අමාරුයි කියන එකයි මගේ අදහස. AI හොඳ ටූල් එකක් වේවි. හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් වේවි, හොඳ දොස්තර කෙනෙක් වෙන්නත් බොහෝ ඉඩ තියනවා.
ReplyDeleteදේවත්වය නෙවෙයි මම මේ කියන්නේ .. මිනිස්සු දේව සහ සියලු ආගම් සංකල්ප වලින් බැහැරව AI කියන දේ මත හැමදේම පදනම් කරගන්න ඉඩ තියෙනවා .
DeleteAI දැනටම හොඳ tool එකක් . සිරා tool එකක් .. Quantum අවකාශේ ඇතුලේ ඔය tool එක පාවිච්චි කරන කොට වෙන්න පුළුවන් දේවල් මම කිව්වේ ..
Knowledge එකෙන් එහා ගිය ලෙවල් එකක් ටච් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.. ඔය සමාන්තර විශ්ව කතා එහෙම ඇත්ත උනාම බොහෝ ආගම් වල පදනම් බිඳ වැටෙනවනේ
qbit 300 එකක් එනකන් ඉන්න වෙන්ව . එතකොට IBM කොන්දෝර් අක බොරුවක්ද ? 1121 QBIT තියෙනවනේ . - මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක් සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක්
ReplyDeleteඇයි Microsoft's Majorana? අවුල තියෙන්න qbit තාක්ෂ්ණයේත්, අර නියුක්ලියර් ෆියුෂන් වගේ හයිප් එකක් යන එකයි. බොරුවක්මත් නෙමෙයි, හැබැයි ටැංජිබල් නෑ.
Deleteමම post එක update කළා එක එක කොම්පැනිවල තත්වේ එක්ක .
Deleteමම හිතන්නේ error correction අවුල තමා තියෙන්නේ
[නියුක්ලියර් ෆියුෂන් වගේ හයිප්] ඔව් මේක ඇත්ත . හැබැයි ඉතින් major breakthrough එන්න කාලයක් යනවා . ටික ටික හරි දියුණු වීම නේ වැදගත් ..
The World's Largest Superconducting Quantum Chip: Condor
ReplyDeleteAnnounced at the IBM Quantum Summit in December 2023, Condor is the world's first superconducting qubit quantum processor to surpass the 1,000-qubit threshold, boasting a total of 1,121 qubits
මම දැම්මා ඒ විස්තරෙත්
Deleteඅයියා අවුරුදු දෙකක් ප්‍රමාදයි . https://www.newscientist.com/article/2399246-record-breaking-quantum-computer-has-more-than-1000-qubits/
ReplyDeleteerror correct කරගන්න එපෑ .. අපි බලමු තව අවුරුදු 5-10කින්
Deleteඅනිතේ ව ගැන කියනවනම් වඳුරන්ට වැඩිය චිම්පන්සි වේගවත් ව හිතනවා , තර්කානු කුල වැඩ කරනවා . පොඩ්ඩක් හොයල බලන්න අවුරුදු මිලියන් ගානකින් උන් ගානකට එයි . කෑම අඩු වෙන්නයි ඕනේ . මගේ අදහස අපි ඇවිල්ල තනිකර සිමියුලේෂන් එකක් . අපේ ලොකු අයියා හෝ අක්කා සුපර් AI කම්පියුටරයක්
ReplyDeleteචිම්පන්සිවත් ඔය wh ප්‍රශ්න අහල තියෙනවද ? ලොකු අයියා ඇයි මිනිස්සු විතරක් මේ විදියට හදල අනිත් සත්තු පොඩ්ඩක් අඩුවෙන් බුද්දිමත් කරලා තියෙන්නේ ?
Deleteඔය සිමියුලේෂන් කතාව ඇහෙද්දී මට මතක් වෙන්නෙම මේක
https://img.ifunny.co/images/b0db1d1d2e9a79f2d4cb92b3aceb078f9bf9783482c6e0e75d3821065a10d4fe_1.jpg
Quatum Space එක කියන්නේ මිනිස්සුන්ට කවදාවත් තේරුම් ගන්ඩ බැරි දෙයක් වෙයි කියල ලු ඔය ලොකු අයියයි අක්කයි හිතල තියෙන්නේ .. හෙහ් හෙහ් ..
ඔයාල භාෂාව ගැන කතා මානවයන්ගේ පැත්තේ ඉඳන් විතරයි -Your larynx is part of your respiratory system. It's a hollow tube that's about 4 to 5 centimeters (cm) in length and width. It lets air pass from your throat (pharynx) to your trachea on the way to your lungs. Your larynx is also the reason you're able to make sounds, so it's often called your voice box.
Deleteදැන් ඕක හැම සත්වයාටම තියෙනවා . අපි ඔතනින් විතරක් නෙමේනේ කතා කරන්නේ . ඇස් වලින් , අතින් පයින් (අංග චලනයෙන් ) . කෑම හොයන යද්දී , වගාවේ දී , දඩයමේ යද්දී දියුණු වෙන ඒවා . අනිත් සත්තුන්ටත් භාෂාව තියෙනවනේ . උන්ට අනුව එක දියුණුයි . මොකද ආවශ්‍ය දේවල් ප්‍රමාණය සීමිතයි . අවශ්‍ය දේ වැඩි වෙනකොට භාෂාවත් දියුණු වෙනවා
Deleteසත්තු සද්ද කරලා ඒ බාසාවෙන් කතා කළාට , උන්ට Wh ප්‍රශ්න ගැන හිතෙනවද කියල සැකයක් නැද්ද ? උන් සරල අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් සතුටු වෙනවා , දුක් වෙනවා , කේන්ති ගන්නවා .. ඒවාට අදාළ ශබ්ධ පිට කරනවා .. එතනින් එහා ලෙවල් එකක් සත්තුන්ට තියෙනවද
Deleteදැන් මෙතන ප්රශ්නය සන්නිවේදනය නෙමෙයි. අපිත් අනිත් සත්තුත් හැමෝම සන්නිවේදනය කරනවා.ඒකට ඔය BODY Language කියලා කිව්වට මානව භාෂාව කියන්නේ ඊට වඩා සංකීර්නයි .අපි හිතන්නේ භාෂාවෙන්.උඩ Discourse කිව්වේ භාෂාව නැත්නම් self awareness එක නැතිවෙනවා වගේ අදහසක්.ගිරවෙක් මානව භාෂාවෙන්ම කතාකරනවා උනත් ඌට හිතිවිලිවල අපිට වගේ inner Monologue එකක් නෑ. උසස් වානරයන්ට සෙල්ෆ් awareness තිබ්බට අපිවගේ භාෂාවෙන් හිතුවිලි එන්නේ නැහැ. උන් Wh ප්‍රශ්න අහන්නේ නැත්තේ මේ නිරන්තර inner monologue එක නැති නිසා වෙන්න පුළුවන්.
Delete/මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ , මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා// මේක නිසානේ දර්ශනවාදය සහ මෙටෆිසික්ස් ගැන හිතන්න පටන් ගත්තේ . ඉතින් භාෂාව කියන එක වැඩි දියුණු වුනේ කෑම හොයා ගැනීම සහ ගින්දර මුල් කරගෙන තමයි . ඊට පස්සේ අපේ මොලය දියුණු වෙන්න ගත්ත කියන එකයි පරිනමවාදයෙන් වුනත් අදහස් වෙන්නේ . නැත්ද ?
Deleteප්‍රවුඩ් බෝයිස්
Deleteමේක නං ගොඩක් පරණ මතයක් ඩෙස්මන්ඩ් මොරිස් මහතා 'නිරුවත් වානරයා' හා 'මනුසත් උයන' පොත්වලින් කියන විදිහට මානවයාගේ මොළය වර්ධනය වීමත්, ඉක්මන් වෙනසත් ඇති වෙන්න ගත්තේ ඔහු මහපට ඇඟිල්ල වෙනස් අතකට නවන්න හුරුවීම නිසාලු.
Deleteආතර් සී ක්ලාර්ක් මහතාට අනුව තල්මසුන් හා ඩොල්පින්ලාත් සන්නිවේදනයට හපන් සතුන්.
Delete@Nihadapala, ඔය awareness කියන්නේ monologue එකට වඩා , ඒ සිද්ද වෙන monologue දිහා බලන් ඉන්න පුළුවන් හැකියාව . සිහිය කියන්නේ ඒකට
Deleteසත්තුන්ට උන්ටම ආවේනික විදියට හිතන්න , සැලසුම් කරන්න , ක්‍රියාත්ම වෙන්න පුළුවන් නේ . . නමුත් උන්ට එතනින් එහාට ගිය දේවල් වෙනුවෙන් උන්ව Drive කරන හැකියාව නැහැ ..
පරිණාමයේ අවුලක් ද දෙයියන්ගේ අවුලක් ද මම දන්නේ නැහැ ..
හැබැයි සත්තුත් අපි වගේම කතා බහ කරලා එකට ඉන්න තිබ්බ නම් මරු නේද ? හෙහ් හෙහ්
@අජිත් ඔය පරිණාමය ඇයි සත්තුන්ට උනේ නැත්තේ .. සමහර සත්තු මිනිස්සුන්ට වඩා ගොඩක් කල් ඉඳල තියෙනවනේ
Delete@බකුස් , මම කියන්නේ ඔන්න ඔහොම ආතල් එකක් ගන්න තිබ්බා සත්තුත් අපි වගේ උනා නම් ..
Deleteඒක මරු වීඩියෝ එක .. හෙහ් හෙහ්
@නිදී , තවමත් ඒ කාලේ තිබ්බ අදහස් වලට වඩා අලුත් දේවල් හොයා ගන්න බැරි වෙලා නේද ? ඒක නිකන් හරියට අපිට අපේ ඉතිහාසය / අපි කවුද කියල අමතක කරවල අපෙන් ගන්න පුළුවන් වැඩ ගන්න කවුරු හරි අපිව කොටු කරලා ඇති කරනවා වගේ ගතියක් ... හෙහ් හෙහ් මනුසත් උයනක් තමා
Deleteපැතුම් ඇයි සත්තු පරිණාමය වුනේ නැත්තේ කියන ප්රශ්නය හැමෝම අහන එකක් නේ . අර ෆේමස් ම එක , ඇයි අපි වඳුරන් ගෙන් නම් පැවතෙන්නේ අයි වන්දුරි පරිණාමය වෙලා නැත්තේ කියල අහන එක . අපි වඳුරන් ගෙන් පැවතෙන්නේ නැහැ . අපට ඉන්නේ කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් . ඒකෙන් බෙදිලා ගිහින් . වඳුරට ඉන්න තත්වේ හැටියට තර්ජනයක් නැහැ , ඒ නිසා (කොටින් ගෙන් මිනිසුන් ගෙන් ඇර ) ඒ නිසා පරිණාමය වෙන්න අවශ්‍ය නැහැ . හොඳම උදාහරණ අවුරුදු මිල්යන් ගාණක් ඉන්න කර පොත්තා . සර්වයිව් වෙන්න පුලුවන්නම් පරිණාමය වෙන්නේ නැහැ
Deleteකැරපොත්තා - කෑම සංහා පරිණාමයට හොන්ඩ ඖදහරනය්ක් කියන්නම් . කොහොමද සිටුවරු බිහි වුනේ . අරඡිලල බිහි වුනේ . ටැක්ස් ගහල . ඉස්සර ගැලක් පළාතක් පහු කරන යනකොට පළාතේ ලොක්කට , චණ්ඩියට බද්දක් ගෙවනවා . අර නෝබල් කියන ඈයො බිහි වුනේ එහෙමනේ . අර ලංකාවේ අලියෙක් දෙන්නෙක් ඉන්නව . පාර බ්ලොක් කරගෙන් ඉන්නේ . කෑම දුන්නහම බ්ලොක් එක අරිනවා . ඌ ටැක්ස් එකක් ගහන්න ඉගෙන ගෙන . අපේ පූසාට නිකන් අමු මාළු , අමු මස් දුන්නට කන්නේ නැහැ . උගේ අම්ම තාත්ත , අම්මගේ දෙමාපියෝ හා තාත්තගේ දෙමාපියෝ පවා අපි දන්නවා . ලියාපදිංචි පූසෙක්. ඌ පරිණාමය වෙලා තියෙන සයිස් එකට මම බේසමට මාළු දැම්මහම (පොන්ඩ් එක හෝදන්න ) ඌ මාළු ටික මුර කරනවා . මූ දන්නවා කුරුල්ලෝ එනවා කියල මාළු අල්ලන්න .
Deleteසොරි , කියවන කොට ටයිප් වෙනවා අවුල් . සහ පරිණාමයට හොඳ උදාහරණයක් කියන්නම් ---ආරච්චිල බිහි වුනේ . කියල වෙනස් වෙන්න ඕනේ
Deleteඅහා! The Selfish Gene - Richard Dawkins
Delete[හොඳම උදාහරණ අවුරුදු මිල්යන් ගාණක් ඉන්න කර පොත්තා . සර්වයිව් වෙන්න පුලුවන්නම් පරිණාමය වෙන්නෑ ]
Deleteමේ අනුව ගත්තම මිනිස්සු පරිණාමය වෙන එකක් නැද්ද ?
මට හිතෙන්නේ අවුරුදු මිලියන ගානක් යන දෙයක් ගැන අපිට තීරණ ගන්න අමාරුයි .. අපි ජිවත් වෙන්නේ ප්‍රොසෙස් එකක් ඇතුලේ .. ඒක හැම වෙලේම අලුත් වෙනවා , වෙනස් වෙනවා
@බස්සා ඒක කියවල නැහැ .. හොඳ එකක් වගේ .. ඔන්න ඔහොම සෙල්ෆිස් ජානයක් නම් අපිට ඇති තමා . . අනිත් සත්තුන්ට වඩා වැඩිපුර .. හෙහ් හෙහ්
Deleteමෙන්න චීනේ - https://www.facebook.com/share/p/16eDAzfoDB/
Deleteදැං හැදෙන උං කොම්පියුටර් එක්ක ජීවත් වෙන හැටියට හියුමන් ශාස්තෘවරු, ඉන්විසිබල් දෙයියන්ට වැඩිය ප්‍රොසෙසර් එකක් සරණ යන්න තියෙන හැකියාව වැඩියි කියල පේනව.
ReplyDeleteඅන්න ඒක තමා පොයින්ට් එක .. තව දුරටත් විස්වාස හරි පරණ පොත් පත් වත් වලංගු වෙන්නේ නැහැ .. ඔබට ලකුණු 10ක් ලැබෙනවා
Delete10 ක් මදි වගේ නැද්ද?
Deleteඕකනේ ඉතින් බැරි .. 10ක් දුන්නම බැරි වෙන අවුල හින්දනේ මේ ඔක්කොම ප්‍රස්න .AI නෙමේ ZI ආවත් ඕක ඉවර වෙන්නේ නැහැ .. හෙහ් හෙහ්
DeleteHmmmmmmmmmmmmmmmmmm
ReplyDeleteඔච්චර හිතන්ඩ එපා .. සොට් එකක් දාල නිදා ගන්ඩ .. හෙහ් හෙහ්
Deletetraining වෙමින් හෝ කරමින් දියුණුවෙන පද්ධතියක් වෙන AIට තමන්ගැනම හෝ වෙන භාහිර දෙයක් ගැන හැඟීම්/සංවේදනා නෑ, metaphysics ගැන හිතන්න විදිහක් නෑ නෙ?. ඉතිං... තාක්සනික දියුණුව මීට මහපරිමානෙන් උනත් ආගම් පහළවීමට බ,බලපෑ කාරණා එහෙමම තියේවි. මම කියන්නෙ මේ ආගම් එහෙමම තියේ කියල නෙමෙයි. ඒවට හේතුවුණ කරුණු එහෙමම ලෝක විනාසක් තිව්නොත් ඒ දක්වා උනත් තියේවි කියලයි. සමහර විට අනාගතයෙ AI එක්ක මේවා විසඳගන්න අපි ඔට්ටු වෙන්නත් ඇහැකි!
ReplyDelete[metaphysics ගැන හිතන්න විදිහක් නෑ නෙ]
Deleteඅපි කොහොමද ඒවා ගැන හිතන්නේ ? අපිට ඉබේ එනවද ?
මගේ තර්කය වෙන්නේ Quantum Entanglement කියන සංකල්පය හරියට තේරුම් අරන් වැඩ ගන්න පුළුවන් Quantum Computer එකක් ඇතුලේ AGI එකක් රන් වෙද්දී .. ඔය අපි කියන metaphysics හැකියාව ඒකට තියෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා .
[අනාගතයෙ AI එක්ක මේවා විසඳගන්න අපි ඔට්ටු වෙන්නත් ඇහැකි!] මේක තමා මම හිතන්නේ .. ඒ ලෙවල් එකේදී අපි AI සරණ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා .. හෙහ් හෙහ් ..
තව අවුරුදු 20-30ක් අල්ලාගෙන ඉන්න පුළුවන් උනොත් හරි ආතල් තියෙයි
Quantum Computer සහ AGI (Artificial General Intelligence) එකතුව ලොකු පිම්මක් බව මාත් විස්සාස කරනවා හිටං. ඒක තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්රවලින් පටන්ගෙන අනික් හැම එහෙකටම විසාල බලපෑමක් හිට කරයිත් තමා. ඒත් ඔය කියන Metaphysic පැත්තට යනන්නෙ Artificial උන්දැත් සමගමනෙ. සහ අපි දන්නව මනුස්සයට consciousnes එකක් තියෙනව කියලත්. ආදරය, කරුණාව ඇතුලු හැඟීම් මේ සුපිරි කොම්පීතර් ග්‍රහණය කරගනීද? ඒ තියා කාලයක් තිස්සෙ මට හිතට එන පුරස්නය... 'විශ්වයේ රටාව සුපිරි නමුත් කෘතීම දැනුම්පද්ධතියක් හෝ ගණිතමය පැතිකඩකින් නිර්වචනය/ තේරුම්ගැනීම කල හැකිද' කියලයි.
ReplyDelete(කොහොම උනත් ලොකු අදහසක් දක්වන්න මංවහන්දෑට ... මෙව්වා ගැන දැනුමක්නං නෑ. බසූ, අජිත් අයිය සහ ඔබයි තමයි ඉතිං අපිට වඩා දෙයක් මේ තාක්සනික පැත්තෙන් දන්නෙ ☺️)
අපිත් මේවා ගැන මහ දන්න දෙයක් නැහැ .. නිකන් හිතෙන දේවල් කතා කරනවා .
ReplyDeleteconsciousness එක කියන්නේ මොකක් ද කියලවත් අඩුම තරමේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි ..
ආදරය, කරුණාව ඇතුලු හැඟීම් මේවා ඔක්කොම ඔය Quantum මට්ටමේදී ඩේට උනොත් කොහොමද ?
qbit වල state මාරු වෙන තරම් ඉක්මනට අපේ ආදරය , කරුණාවත් ප්‍රතිවිරුද්ධ වෙනවා නේද ?
[විශ්වයේ රටාව සුපිරි නමුත් කෘතීම දැනුම්පද්ධතියක් හෝ ගණිතමය පැතිකඩකින් නිර්වචනය/ තේරුම්ගැනීම කල හැකිද]
විශ්වය තේරුම් ගන්න පුළුවන් හොඳම විදිය තමා ගණිතය කියල තමා මම නම් අහල තියෙන්නේ ..
අපි මේ වෙනකොට විශ්වය ගැන දන්නා සියලුම දේ ගණිතය නිසා තමා දැනගෙන තියෙන්නේ
මේ හැමදේම අලුති හිතන්න වෙයි කියල මට නම් හිතෙනවා ..