පහු ගිය දවසක වැස්සට තෙමිච්ච හින්ද ආපු අදහසක් ද කොහෙද මේක... හිතන්න දේවල් එකසිය ගානට තියාගෙන මම ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හිතන්නත් පොඩි කාලයක් වෙන් කර ගන්නවා.
මට ආපු ප්‍රශ්නේ තමා බල්ලන් ගේ පූසන් ගේ කුරුල්ලන් ගේ ලෝකය ඇතුළේ මිනිස්සුන්ට තියෙන තැන මොකක් ද කියල. උන් කොහොම ද අපි ගැන හිතන්නේ... අපිව අඳුර ගන්නේ කොහොමද... මිනිස්සු කියන සතුන් ගැන බල්ලන්ගේ පූසන්ගේ කූඹින්ගේ ඊ.ටී.සී... ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට කොහොම පේනව ඇති ද?
බල්ලන්ට පූසන් ගැන හා පූසන්ට බල්ලන් ගැන ඇති හැඟීම් මෙන් මිනිසුන් ගැන මොනවගේ දේවල් හිතෙනව ඇත්ද නැත්නම් උන් ඔය වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නව විතර ද?
ටික කාලෙකට කලින් එක පොඩි සිද්ධියක් වුණා මටයි අම්මටයි. කොයිවෙලාවේ කොතන බෝම්බයක් පුපුරයි ද කියල බයෙන් වැඩට යන්න ගිය දවසක අම්මයි මමයි ගෙදරින් එළියට එන්න හදන කොටම අපේ ගෙදර ළඟ පාරේ ඉන්න බල්ලෙක් (නිතර ඉන්න අයාලේ යන බල්ලෙක්) අපි දෙන්නට යන්න දෙන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් අපිට යන්න නොදී වටේ කැරකි කැරකි හිටියා. ඌ අපිට මොකක් දෝ කියන්න හැදුව වගේ.. කොහොම හරි අපි දෙන්න විනාඩි 5-10 ක් විතර ඉඳල ගියා. එදා නම් බෝම්බයක් පිපිරුවෙ නැද්ද කොහෙද.. කොහොම හරි මට පස්සෙ හිතුණා බල්ල එදා ට්‍රයි කලේ බල්ලගෙ මොකක් හරි ප්‍රශ්නෙකට අපෙන් උදව්වක් ගන්න ඕනේ වෙලා ඌ අපිට ඒක කියන්න ට්‍රයි කලා වත් ද කියල.
කොහොම වුණත් බල්ලට අපිට දෙයක් කියන්න හරි මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ වුණා නම් ඌට අපි ගැන මතක් වෙන්න ඕනේ... අපි ගැන සිතිවිල්ලක් එන්න ඕනේ නේ.. අන්න ඒහෙම හිතෙන වෙලාවෙදි බල්ලගේ හිතේ ඒ මනුස්සය ගැන තියෙන්නේ මොනවගේ දේවල් ද...මොනවගේ ප්‍රතිරූපයක් ද
නිකමට වගේ හිතල බලනකොට පොඩි ෆන් ගතියක් තියෙනවා වගේ නේද? මගේ මේ ඔළුව පෙඟිච්ච නිසා ද මන් ද මට මේව හිතෙන්නේ...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
17 hours ago
මට හිතෙනවා උන්ගේ ලෝකය අපේ ලෝකයට වඩා හොඳයි කියලා. බල්ලෙක් වුනාමත් ආතල්. බැල්ලියක් පස්සේ ගිහින් සොමියක් අරන් ඇවිල්ලා කාලා නිදාගන්නවා. ඒත් කූඩුවක දාලා ඉන්නවා නම් වැඩක් නෑ
ReplyDeletemata hita ganna baaaaa.
ReplyDelete