මම සාමාන්‍ය පෙළ සඳහා උගනිමින් සිටියෙමි. සැන්දෑ කාලයේ හා සති අන්ත වල සෙල්ලමෙහි නොයෙදී,
නිවසේ රැඳී සිට ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ලෙස මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ.
සාමාන්‍ය පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.
මම ඔවුන්ගේ අවවාදය පිළිපැද සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත් වීමී. නමුත් මට එයින් එතරම්
සතුටක් අත් නොවූයේ, මගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය වශයෙන් තවත් අවුරුදු දෙකක්, පෙරටත් වඩා මහන්සි වී
උසස් පෙළ විභාගය සදහා ඉගෙනීමේ කටයුතුවල යෙදිය යුතු වීම නිසයි.
සන්ධ්‍යා කාලයේ හා සති අන්ත වල නිවසින් පිට නොයන ලෙසත්, සෙල්ලමෙහි නොයෙදෙන ලෙසත් කීම වෙනුවට,මෙවර කෙල්ලන් පසු පස නොගොස් නිවසේ රැඳී සිට, ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ලෙසත් මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ. උසස් පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.
නැවත වරක් මම ඔවුන්ගේ අවවදය පිළිගෙන උසස් පෙළ විභාගය හොඳින් සමත් වීමි. එවර ද මට සතුටක්
අත් නොවූයේ, වෙන කවරදාටවත් වඩා අමාරුවෙන් තවත් අවුරුදු 4ක් උපාධිය සඳහා විශ්ව විද්‍යාලයේ ඉගෙනීමේ
යෙදිය යුතු බැවිනි. මගේ දෙමාපියන් සහ ගුරුවරු මට මත් පැන් වලින් සහ සම්භාෂණවලින් ඉවත්ව සිට,
ඉගෙනීමේ කටයුතුවලට කැපවන ලෙස අවවාද කළහ. විශ්ව විද්‍යාල උපාධියක් කොතරම් වැදගත් ද යන්නත්
එය සමත් වුවහොත් මට සතුටෙන් සිටිය හැකි බවත් ඔවූහූ කියා දුන්හ.
මේ අවස්ථාවේ දී මම සැක උපදවන්නට පටන් ගතිමි...
මගේ සමහර මිතුරන් බොහෝ වෙහෙස මහන්සි වී උපාධි ලබා ගනු මම දුටුවෙමි. දැන් ඔවුන් ඊටත් වඩා අතිශයින් ම මහන්සියෙන් තම මුල් රැකියාවෙහි වැඩ කරන්නේ කිසියම් වැදගත් යමක්, මෝටර් රියක් වැනි දෙයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරිකර ගැනීමටයි. කාරයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත්
මුදලක් තිබුණ විටක සතුටු විය හැකි යැයි ඔවූහු මා සමඟ කීහ.
මෝටර් රියක් මිලට ගැනීම සඳහා මුදල් උපයාගෙන මෝටර් රියක් මිලට ගත් පසුවද ඔවූහූ සතුටට පත් නොවූහ. දැන් ඔවූහු ප්‍රේමයෙන් කුල්මත් වී ජීවිත සහකාරියක් සෙවීමේ අරගලයක යෙදී සිටිති. විවාහ වී තැන්පත් වූ විට සතුටින් සිටිය හැකි වේ යැයි ඔවූහු මා සමඟ කීහ.
විවාහ වීමෙන් පසුව වුව ද ඔවුන් සතුටට පත් වී නැත. කුඩා නිවසක් හෝ නිවසකින් කොටසක් සඳහා මුදල් තැන්පතුවක් කිරීමට තව තවත් වෙහෙසී වැඩ කරන්නටත්, අමතර රැකියාවල් සොයන්නටත් සිදු වී ඇත. අපේම කියා නිවහනක් සාදා ගත් දිනෙක සතුටු විය හැකි යැයි ඔවූහූ කියති.
අවාසනාවකට මෙන් නිවාස ණය සඳහා වූ මාසික වාරිකය ගෙවීමට සිදුවීමෙන් වුව ද අදහස් වූයේ ඔවුන් සතුටින් නොසිටි වගයි. එපමණක් නොව දැන් ඔවුන් පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත.
රාත්‍රියේ දී ඔවුන් නින්දෙන් අවදි කිරීමටත්, ඉතිරි කළ මුදල් සියල්ල වැය කිරීමට සලස්වමින් කනස්සලු ස්භාවය දෙගුණ තෙගුණ කිරීමටත්,(දැන් ඔවුනට දරුවන් ද ඇත.) ඔවුන් ඉටුකර ගත යුතු යැයි සිතූ දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහාත් තවත් අවුරුදු විස්සකට වඩා ගතවනු ඇත.එම නිසා ඔවුන් මට කීවේ දරු පැටවුන් හැදී වැඩී ගෙදරින් පිටව ගොස් තැන්පත් වූ විට සතුටින් ජීවත් විය හැකි බවයි.
දරුවන් නිවෙස් හැර යාමෙන් අනතුරුව බොහෝ දෙමාපියන් බලා සිටින්නේ විශ්‍රාම දිවිය දෙසයි. ඒ අනුව ඔවූහු ජීවිතයේ සතුට දිගටම කල් දමමින් වයස්ගත දිවිය සඳහා යමක් ඉතිරිකර ගැනීමට වෙහෙස වී වැඩකරති.
ඔවුන් මා සමඟ කීවේ ව්ශ්‍රාම ගත් පසු සතුටින් සිටිය හැකි බවයි.
සමහර විට ව්ශ්‍රාම යාමට පෙර සිටමත්, නිසැකවම ඊට පසුවත් ඔවූහු ආගමානූකූල වීම හා පන්සල් පල්ලි වෙත යාම ආරම්භ කරති. පොහෝ දින වල පන්සලේ සහ දෙව් මැදුරු වල ඇති දිගු ආසනවල කොතරම් වයසක උදවිය
සිටින්නේ ද යන්න කෙදිනක හෝ ඔබේ අවධානයට ලක් වීද? දැන් පන්සල් පල්ලි යන්නෙ කුමක් නිසා දැයි මම ඔවුන්ගෙන් විමසීමි. "මක්නිසාද? අප මිය ගිය පසු සතුටින් සිටිය හැකි නිසයි", ඔවූහූ මා සමඟ කීහ.
"මට මෙය ලැබුණ විට සතුටින් සිටිය හැකි යැයි" විශ්වාස කරන අයගේ සතුට අනාගතය පිළිබඳ ව දකින සිහිනයක් පමණි. එය හරියට අඩියක් දෙකක් ඉදිරියෙන් ඇතැයි පෙනෙන දේදුන්නක් වැනි කිසි දා සමීප විය නොහැකි දෙයකි.
ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයේදීවත් ඉන් පසුවත් සතුට අවබෝධ කරගන්නේ නැත.
සතුට ඇත්තේ අතීතයේ හෝ අනාගතයේ නොව මේ මොහොතේය.
මේක මම උපුට ගත්තේ මට ආපූ ඊ මේල් එකකින්... ලිව්වේ කවුද කියල ඒකේ සඳහනක් තිබුණෙ නෑ... කවුරු ලිව්වත් මගේ හිත ඒ විදියටම ලියල තියෙනව කියල මට නම් දැනුණා.
මම සතුට සොයා යන්නෙක් නොවීම ගැන සිහින් සතුටක් හිතේ තිබුණ ද සතුට සොයා යන ගමනේ මමත් යනවා...
මේ දවස් වල මෙච්චර කල් සතුටින් හිටිය පුංවි ගේ ලොකු කරගෙන වැඩි සතුටක් ලබා ගන්න පුළුවන් විදියක් ගැන හිත හිත සැලසුම් කරනවා.
මට නොතේරුණාට සතුට ඇත්තේ ලොකු ගෙදරක වෙන්න ඇති...
කියලා වැඩක් නෑ මල්ලියා... ඕක තමයි ඔක්කොමල කරන්නේ... මම එලියට ආවා ඔතනින්... මම දැන් සතුටින්...අහිංසක ආඩම්බරයකිනුත්, වින්ද දුක් පීඩා නිසා පදම් වෙච්චි හිතකිනුත්... ජීවිතේ සරල සතුට විඳිමිනුත් ඉන්නවා.... මල්ලිගේ, සරල දිවි පැවතුමත්, සරල සුගම රසාස්වාදනයත් නිසා මල්ලිටත් ඒදේම ලබාගන්න දැනටමත් පුලුවන් වෙලා ඇති කියලා හිතනවා...
ReplyDeleteඇත්ත කතාව.... ඒත් පෘථක්ඡන මිනිස්සු විදිහට අපි කවදාවත් ලද දෙයින් සතුටු වෙන්නේ නෑ............
ReplyDeleteසහතික ඇත්ත!
ReplyDeleteහැබැයි ඕකට වැරදිකරු වෙන්නේ ඔය මාර්ගයේ යන පුද්ගලයා නෙවෙයි, ඔහුව මනස විකෘති කරලා ඒතැනට ඇදළ දමන අයයි.
මටත් ඔය ප්‍රස්නෙ ඔය විදියටම තිබුනා.. අදටත් තියනවා.. මං ඉස්සර ඉඳලම ටිකක් අත්හදා බලන්න ආසයි.. ඒ නිසා උපාධියෙන් පස්සෙ ටිකක් ස්ට්‍රක්චර්ඩ් පාත් වේ එකෙන් ඩ්යිවර්ට් වෙලා බැලුවා මොකද වෙන්නෙ කියලා.. හැබැයි මට මොකද්දෝ හේතුවකට හොඳ අත්වැලක් හම්බුනා.. ඔය ඩ්යිවර්ට් වෙච්ච වෙලාවෙ මුලු ලෝකයම කැළඹුනා.. ටික දවසකින් හරි ගියා.. "සොයා යාම" කියන්නෙ ඕකට වෙන්න ඇති. (හැබැයි මම නරක වැඩ කළේ නැහැ. )
ReplyDeleteසතුට තියෙන්නෙ බාහිර දේවල් තුල කියල තමයි අපි කාටත් හිතෙන්නෙ. එහෙමයි දන්න දවසෙ ඉඳල ලෝකය අපිට කියල දීල තියෙන්නෙ. එහෙත් බාහිර දේවල් මත රඳා පවතින සතුට මහ අනතුරක තියෙන්නෙ. ඒ දේවල් අපිට පාලනය කිරීමට නොහැකි සීමාවන්ගෙන් යුතු නිසා.
ReplyDeleteමෙ තමයි ජිවිතෙ...අපි හොයනවා හොයනවා , මහන්සි වෙනවා. හෙට සැපක් ඇති.. හෙට දෙයක් ඇති කිය කිය හැමදාම හෙට තියන සැපකට අද තියන දෙ මග හරිනවා... මට හරිම සතුටුයි මෙ දැක්කට..
ReplyDeleteහැබැයි පුතෝ.. වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දිහාම බල බල ගියොත් නම් කොහෙ හරි පටලිලා වැටෙනවා ෂුවර්.(අපේ වැඩිහිටියන්ට අපිව තර්ඟෙට ඇදලා දාන්න කලින් තේරෙන්නෙ නැති දේත් ඕකමයි. )
ReplyDelete"වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දිහාම බල බල ගියොත් නම් කොහෙ හරි පටලිලා වැටෙනවා ෂුවර්" මෙන්න මේක හරිම වටින කතාවක්...
ReplyDeleteහරි අපූරුයි. අවුරුදු 2 හමාරක මහණ කමෙන් මම ඉගන ගත්තු එක පාඩමක් තමා ඔය.
ReplyDeleteකහවණු වැස්සක් වැස්සත් මිනිස්සුන්ගේ තණ්හාව, ආසාව නැති වෙන්නෙ නෑ කියල බුදු හාමුදුරුවොත් කිව්වනෙ. මට මතකයි කොට්ටව බස් ස්ටාන්ඩ් එකේ බෝධිය ලඟ බෝඩ් එක්ක ගහල තිබ්බ,
"වස්තු සියයක් ඇත්තාට දුක් සියයකි. වස්තු නැත්තාට දුක් නැත කියල."
කොහොමත් මිනිස්සු ලග නැති දේවල් වලට වැඩියෙන් කැමතියි නේ
ReplyDeleteලස්සන කතාවක් !
ReplyDelete