මට ඉස්සර ඉඳලම හෙන ආසාවක් තියෙනවා ඉක්මනට පැන්ෂන් අරන් ඔහේ ගෙදරට වෙලා ඉන්න. පැන්ෂන් ගන්න ආස වුණාට මොකද තාම වැඩ කරන්න පටන් අරගෙනත් අවුරුදු 6 ක් විතර...අනේ අම්මෝ තව ඉතින් අවුරුදු කීයක් කියල වැඩට යන්නද... ඉක්මනට වයසට යාමේ වැදගත් කම පේනව නේ...
අද මේක ලියන්න හිතුණේ මම වැඩ කරපු කාලෙන් හරියටම 2/3ක් විතර හිටිය හැමදාම ආසාවෙන් වගේ වැඩ කරපු (හැමදාම උදේට පට්ට කම්මැලි වීම වෙනම කතාවක්)ආයතනයෙන් වැඩ කරපු අවසන් දවස ඊයේ වීම.
ලංකාවේ ඉන්න හැමෝම නම කිව්ව පමණින් දන්න කොම්පැණියක හොඳ (හොඳ කියන එකත් සාපේක්ෂතා වාදයට අදාලයි ඉතින්)රැකියාවක් අත ඇරපු එක තාම අපේ වට පිට ගෙවල් වල කට්ටිය ඔය නෑදෑ පරම්පරාව දන්නේ නෑ... අද හෙට ඕක දැන ගත්තම ඉතින් "අනේ අපරාදේ නෙ පුතේ අස් වුණේ... හරි ෂෝක් තැන නේ", "අච්චර හොඳ ජොබ් එකක් දාල ඔය ඉතින් කොහෙද යන්න හඳන්නේ.." ඕවා තමා අහගන්න වෙන්නේ... ලබන් සතියෙ ඉඳන් ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන 10ට විතර යනකොට ඔය වටේ ඉන්න වැඩිය ෆිට් නැති කස්ටිය ෂුවර් එකට හිතන්නේ මූට ජොබ් එක නැති වෙලා දැන් ඉතින් රස්තියාදු ගගහ ඉන්නව කියල... ඕව ඉතින් ඔහොම තමා.
කොහොම වුණත් කොම්පැණියෙන් අස් නොවී ඉන්න තිබුණනම් මමත් කැමතියි... හැබැයි අස් නොවී හිටියනම් මට ගෙදර ඉන්න බැරි වෙන සීන් එකක් වෙන්න තිබුණ තව ටික කාලෙකින්... ගෙදරද කොම්පැණියද වඩා වටින්නෙ කියල හිතල බලල තමා මේ තීරණේ ගත්තේ...
වැදගත් ම දේ තමා ජිවීතේ බොහෝ දේ ඉගෙන ගත්ත, බොහෝම හොඳ යාළුවෝ ටිකක් (බොරු පොෂ් නැති හිත හොඳ කොල්ලෝ කෙල්ලො ටිකක්) සෙට් වෙච්ච තැනක් වීම...
කොහොම වුණත් කිසිදෙයක් ගැන එපාවීමක් වත් කලකිරීමක් වත් හිතේ නැති එක නම් හිතට මාර සහනයක්... කොම්පැණියට කොහෙද වැරදුණේ...(නැත්නම් අපිට වැරදුණා ද)කියල තාම හිතාගන්න බැහැ (අපිට ඉතින් ඔය හෙන මැනේජ්මන්ට් තේරෙන්නෙ නෑ නේ). සමහර විට මේ දවස් වල පල්ලම් බැස්සට හෙට අනිද්දට ආයේ කන්දක් නඟියි (කොම්පැණි ගැන කතා කරන කොට කන්දයි පල්ලමයි මාරු වෙන හැටි පේනව නේද... හික්.. හික්)
කොහොම වුණත් සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ... සියර්ටට වැඩිය පිටරට අපිව අගය කරන කොට ඉතින් (අපි ඉතින් තාම පෘතග්ජනයෝ නේ අනේ)
මම ගෙදර හිටියට ඉතින් අම්ම වැඩනේ.. දැන් අම්මව එක්කගෙන යන්න ඕනේ... පස්සේ ලියන්නම්
අපේ කස්ටියට හිතෙන දේවල් සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි කඩුසිංහලෙන් හරි ලියල දාන්න. සිංහල මැෂිමේ දාල නැත්නම් මගේ මැෂිමේ පබ්ලික් ෂෙයාර්ඩ් එකෙ මම දාල තියෙනවා සිංහල යුනිකෝඩ් පැක් එක (අයි.පී එක 159)
නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිල්ල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න.ඒක හරි වටිනවා
මම සිංහල යුනිකෝඩ් ගැන හැමදේම ඉගෙන ගත්තේ ඔහෙට ආවට පස්සේ ... හික් හික් සිංහලෙන් ඇස්.ඇම්.ඇස් යවන්න හදල බැරි උණාට හෙන වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා...
අවසාන වතාවට කේ.අයි.ටී (KIT) කියල කියන්නම්. කියන්නේ ඇත්තටම.. ඕනේ වෙලාවක ඕනේ දේකට මම එමි.(පේනවනේ නිවැරදි සිංහල භාවිතය.. හික්)
SPECIAL FORCES: ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces
Units - PART 01 ]
-
ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces Units - PART 01 ]
NOTE: මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇත
Brigade des Forces Spéciales ...
1 day ago
සමුගැන්ම නම් දුකයි තමයි.
ReplyDeleteඒත් රඳවා තබා ගැනීමට අවශ්‍යතාවයක් නැත්නම්...
ඔයා ලියල තියෙන දෙයක් අදම ආයෙත් උනා කියල තමයි කියන්න වෙන්නේ..
"සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ" කියන කතාව අපි බලාපොරොත්තු නොවෙනවා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ....
sfsdfsd
ReplyDeleteඔබ යන්න ඉතින් මිතුරේ
ReplyDeleteකාමරයේ පුරා රැදුණු
සුවදත් අරගෙන
ඒ සුවද ඇවිත් අපේ හිත පාරයි
සුභ අනාගතයක්..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් ඔය වගේම ගිය මාසෙ අග කොම්පැනියෙන් අස් උනා. හැබැයි මම දැන් වැඩ කරන්න මගෙම තැනක.
ReplyDeleteමේකට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ.වැඩ නොකර නිකන් ඉන්නකොට පඩි ගෙවන කොම්පැනි නෑනෙ අම්මප!!ඔන්න උඹට comment එකක් දැම්මා.
ReplyDeleteහැමදේම වෙන්නේ හොඳටයි කියලා කියනවානේ.... ඔබත් එහෙම හිතනවා කියලා හිතෙනවා......... හැමදේම හොඳ විදිහට සිදුවේවා !!!!! කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteමලිති වෙත,
ReplyDeleteලද දෙයින් සතුටු වීම කියන ඉතාම උසස් ගුණාංගය අපිට පුරුදු කරන්න තමා ඔහොම දේවල් කරන්නෙ... කණගාටු වෙන්න එපා.. හික්
uksinhalaya වෙත,
බොහෝම ස්තූතියි යාළුවා
කසුන් මල්ලී වෙත,
එසේම වේවා.
Gayan Balasooriya වෙත,
මම යන්නේ මගේම තැනකට නම් නෙවෙයි. හැබැයි ලඟදි පටන් ගත්ත පොඩි තැනකට.. ගිහින් මගේ වගේ වැඩකරන්න පුළුවන් තැනක් කියල හිතෙනවා
dinesh වෙත,
කතාව හරි, හැබැයි කරන වැඩෙන් කොම්පැනියට හරි අපිට හරි වැඩක් තියෙන්නෙ ඕනේ. ඒ දෙකම නැතුව ඉන්න එක තේරුමක් නෑ නේ...
RanDil වෙත,
බොහෝම ස්තූතියි..