මම ඔය රට යන වැඩේට එච්චරම කැමති නෑ... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල බීලා පවුලේ කට්ටියත් එක්ක දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමා ඉතින් මම කැමති. හැබැයි NASA එකට යනවා කියන්නේ පොඩි කාලේ ඉඳල මගෙ හිතේ තිබුණ ලොකුම ආශාව... ඉස්සර මගේ කාමරේ බිත්ති 4 පිරෙන්නම ගහල තිබුණේ NASA එකෙන් එවපු පින්තූර. මීට අවුරුදු 2-3කට කලින් තමයි මම ඒ ටික බිත්තිවලින් ගැලෙව්වේ. කල වයස හරි ගිහින් ඔය එක එක වැඩ වලට ගේ රෙපයාර් කරන කොට තමයි හිතුණේ දැන් ලොකුයි නේ මේව දැන් සුදුසු නෑ කියලා. බොහෝම දුකින් ඒ ටික ගලවලා මම වගේ උණ තියෙන තව පොඩි එකෙකුට දුන්නා.
කොහොම හරි ඉතින් NASA එකට යන එක හීනයක් විතරක් වෙලා තිබුණේ මීට මාස 2-3ක් වෙනකම්.
කෙටියෙන් කිව්වොත් මේකයි වුණේ. අනාගතේ ගැන ටිකක් සිරාවට හිතල බලල කරන්න තියෙන වැඩ ටික ගොඩ දාගන්න තියෙන එක විසදුමක් විදියට ඇම්.ඇස්.සී එකක් කරන්න කියල හිතාගෙන පිට රටකට යන්න සෙට් වුණා. ලංකාවේ අපි වගේ අයට බොහෝම හොඳට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හොයාගෙන බොහෝම අමාරුවෙන් පාඩම් කරල ඒකට යන්න කරන්න ඕනේ විභාග පාස් කරල රටේ නැති වැඩ කෝටියක් විතර කරල යන්න ඔක්කෝම සෙට් කර ගත්තා. ඇමරිකාවට යන්න ලැබුණ මේ චාන්ස් එකේ මම දැක්ක එකම ආතල් සීන් එක තමා NASA එක බලන්න යන්න පොටක් පාදා ගැනීම. වෙන මොකුත් නෙවෙයි NASA එකේ බෝඩ් එක ඉස්සරල ඉඳල පොඩි පොටෝ කෑල්ලක් අල්ල ගන්න තිබ්බනම් ඇති.
අපරාදේ කියන්න බෑ.. අර මට තිබ්බ මිලියනපතියෙක් වෙන සිහිනෙත් ඕං හරි ගියා. අපේ මාමට පිං සිද්ද වෙන්න වීසා එක ගන්නකං කියල මාව මිලියනපතියෙකුත් කලා. මම යි මගේ කෙලිපොඩ්ඩයි දෙන්නම එකම ක්‍රියාමාර්ගය අනුගමනය කරල කැම්පස් එකේ ඔක්තෝබර් වාරේට යන්න ඉත සිතින් සෙට් වුණා.
අපි එලෝ කෝටියක් දේවල් කලත් ඉතින් අන්තිමට සුද්දනේ වීසා එක දෙන්නේ. දෙවියන්ට බුදුන්ට වැඳල ගියා කෙලිපොඩ්ඩ ගියා ඉතින් හා හපුරා කියල වීසාව ගන්න. අපරාදේ කියන්න බෑ වීසා දෙන්න හිටපු සුද්දිත් බොහෝම ලස්සනට හිනා වෙලා වීසාව රිජෙක්ට් කලානේ. ඒ කැම්පස් එකට කලින් ගිය කවුරුත් ආයේ ඇවිත් නෑ ඇම්.ඇස්.සී කරන්න වෙන කැම්පොස් එකක් හොයාගන්න කියලා. කාට කියන්න ද ඊට පස්සේ.... මම ඉතින් නාසා එක බලන්න ඕනේ කියල වීසා ඉල්ලන්නයෑ...
දැන් ඉතින් NASA ගැන හිත හිත උඩ බලාගෙන ඉන්නවා... හික්...
Psychological and Anthropological Analysis of the Pattini Cult's Role in
Sri Lankan Culture
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD*
In The Cult of the Goddess Pattini (1984), Gananath Obeyesekere analyzes
the historical, sociological, and psyc...
3 hours ago
උඹත් දේශප්‍රේමියෙක් විධියට රජතුමාව අනුගමනය කරල ෆොටෝෂොප් පාරක් දාල නාසා එකේ පින්තූරයක් ඉස්සරහට උඹේ එකක් සෙට් කරල ගත්තනම් ඉවරයිනේ බං :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමචන් ඔයාට MSC කරන්න ඕනම නම් මම උදව් කරන්නම් හැබැයි UK යන්න.. මචන් ඔන නම් මගේ මේල් ඇඩ්‍රස් එකට පොඩි මේල් එකක් දාන්න..
ReplyDeleteDo not giveup
ReplyDeletetry again
good luck