Tuesday, September 30, 2008

අපේ ප්‍රශ්න...

ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න, ප්‍රශ්න ද කියල හිතෙනව සමහර වෙලාවට...
අපි බොහෝ දෙනෙක් කණගාටු වෙන්නෙ හොඳම දේ නොලැබීම නිසා...
අවශ්‍ය දේ ඕනෑවටත් වඩා තියෙද්දි අපි කණගාටු වෙන එක මහා විහිළුවක් වගේ...

ජීවිත කාලයෙන් භාගයක් අපරාධ කරපු, තක්කඩි කම් කරපු, වංචාවෙන් තර්ජනයෙන් සැප විඳපු
බොහෝම නිර්භීත මනුස්සයෙක් තමන් කළ කී දෑ ගැන පසු තැවෙන කොට... තමන් අතින් වැරදි සිද්ද වුණු මිනිස්සුන්ට
හද පත්ලෙන්ම අනුකම්පා කරනකොට... තමන්ට තලා පෙළා තමාව මුලා කොට දුසිරිතෙහි යොදවපු මිනිසුන්ට හදවතින්ම මෛත්‍රී කරනව දකිනකොට හිතෙනව...
අනේ අපේ හිත්වල තියෙන දුක් මොනවද කියල...

අංගුලිමාල කතාවෙ මොඩර්න් වර්ෂන් එකක් වගේ... ඒ මනුස්සයගෙ ඇස්වල තිබුණු සතුට... හිනාවෙ තිබුණ අවංක කම...

සර්.. මට මිනිහෙක් ගෙ බෙල්ල කපන එක මහ ලොකු දෙයක් නෙවෙයි... ඔහු එහෙම කිව්වා...අපි ඔක්කොටම ඇහෙන්න... ඒ තරම් දරුණු හිතක් තිබුණු මනුස්සයෙක්.. ඒ තරම් දරුණු හිතක්
ලෝකෙටම මෛත්‍රී කරන්න පටන් අරන්... අවංකවම...

මේක මම හිතපු දෙයක් නෙවෙයි ඇත්තටම ඇසින් දැක කනින් ඇසූ දෙයක්... ඒ වගේ මිනිස්සු අපි අතර ඕනෙ තරම් ඉන්නවා..

.................................................................................

කොල්ලුපිටිය හන්දියට ගිහින් තියෙන ඕනෙම කෙනෙක් හන්දියෙ තියෙන කොට්ටන් ගහ යට ඉන්න අන්ධ හිඟන්නිව දැකල ඇති... අද යාළුවෙකුගෙ ෆස්ට් සැලරි ට්‍රීට් එකට කේක් ගේන්න හන්දියට එනකොට අර හිඟන්නිගෙ හස්බන්ඩ් ඒ අන්ධ හිඟන්නිටයි එයාගෙ පුතාටයි බත් කවනවා... පාර අයිනෙ මුල්ලකට වෙලා වටේ යන එන හෙන බිසී මිනිස්සුට පෙනි පෙනී ඒ මනුස්සය කාගෙන් හරි පිනට හම්බ වෙච්ච බත් එක හොඳට අනල බොහෝම ආදරෙන් අර අසරණීට කවනවා.. පොඩි එකත්.. පොඩි කිව්වට අවුරුදු 10ක් 11ක් විතර ඇති.. එහාට මෙහාට කැරකි කැරකි තාත්තගෙ අතින් බත් කනවා...

අද මේ දෙවෙනි දවස මම මේ ලස්සන scene එක දැකපු... කලින් දවසෙ ඒ මිනිස්සු දවල්ට කකා හිටියෙ පාන්.. එදා නම් මම බත් එකක් අරන් දුන්න.. පොඩි එකා අසරණ බැල්මක් දාල බත් එක අතට ගත්තා.......

මමයි යාළුවයි ඉතින් කේක් අරන් ගියා... කේක් කෑල්ලක් නොකෑවොත් අපේ ෆන් ලයිෆ් එකට නිකන් මදි මදි වගේනෙ...

Wednesday, September 24, 2008

නොලැබීම සහ ලැබීම...

ජීවිතේ ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියල තියෙනව... ඒ හැම එකකම ලොකූ ඇත්තක් තියෙනවා... කෙනෙක් ජීවිතේ ගැන මොනව හරි දෙයක් කියන්නෙ බොහෝ වෙලාවට තමන් ලබපු අත්දැකීමක් නිසා ලත් අවබෝධයක් නිසා කියලයි මම හිතන්නෙ...

අපිටත් කවද හරි එවැනි අත්දැකීමක් ලැබුණු වෙලාවට කවුරුන් විසින් හෝ පවසා ඇති ඒ අදහස් කොච්චර ඇත්තද කියල තේරෙනව... ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට අත්දැකීම ලැබෙනකම් අනුන්ගේ අදහස් ගැන එතරම් ගැඹුරට හිතන්නෙ නැති එක... බොහෝ වෙලාවට අපිට අවශ්‍ය දේ ජීවිතය අපට ලබා දෙනවා නමුත් අපි ඒ දේවල ඒ විදියට බාර ගන්න කැමති නෑ... අපි විසින් සහ සමාජය විසින් අප තුළ ඇති කරල තියෙන සම්මුතීන් වලට ගැලපෙන විදියට ඒ දේ ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා... ඇත්තටම නම් ජීවිතේ අපිට ලබා දෙන දේ බාර අරගෙන සතුටු වෙන එක තරම් ජීවිතේ විඳින්න පුළුවන් දෙයක් තවත් නැහැ... හැබැයි ඒක කරන එක බොහෝම අමාරු වැඩක්...

ලබා දෙන හැම දේම ඒ විදියටම බාර ගන්න එක නොවෙයි මම හිතන්නෙ අපි කරන්න ඕනේ ඒ දේ අවබෝධයෙන් යුතුව භාර ගන්න එක. අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියකුත් අපිට තියෙනවා...ලැබෙන දේ අපි ආසම දේ නොවෙන්න පුළුවන් හැබැයි ආසම දේ ලබා ගන්න උත්සාහ කරන්නෙ නැතුව ලැබෙන දේ අවබෝධයෙන් යුතුව බාර ගත්තොත් ජීවිතේ අපි හැමදාම හොයපු සතුට එයින් ලබා ගන්න පුළුවන් වෙයි...

ටිකක් හිතල බැලුවොත් මේ ලෝකෙ සැබැවින්ම සතුටින් ඉන්න මිනිස්සු ඒ වගේ අය... සැබෑ සතුට කියන්නෙ සම්මුතීන්ගෙන තොර වූ සතුට...

කියන්න ලේසියි කරන්න තමයි බැරි... මටත් වෙලා තියෙන්න ඒක..

මම මේ ලිව්වෙ මට හිතෙන දේ... මම මේව ගැන හිතන්න හේතු වුණේ කල්‍යාණ මිත්‍ර ඇසුර වෙන්න ඇති...

මේ තියෙන්නෙ එතුමාගේ ලිපිනය...

Holistic Living

ගිහින් බලන්න... බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයයෙක් නමුත් ජීවිත අවබෝධය නම් බොහෝම උසස්...