මේක අපි ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් හරි ජොලි වැඩක්... නිතරම මඟ තොටේ වැඩ වලට හිරවෙන නැත්නම් මිනිස්සු එක්ක වැඩි හරියක් ගැවසෙන වෙලාවට වගේ ආතල් එකේ කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති වැඩක්... වැඩි විස්තර ඕනෙ නෑ...
අවශ්‍ය ද්‍රව්‍ය..
මිනිසුන් සහිත තැනක ඔහේ චාටර් වෙන වෙලාවක්.. හොඳම තැන් ආණ්ඩුවේ කන්තෝරු වල පෝලිම්,බැංකු පෝලිම්,බස් පෝලිම්, ටවුමක් මැද්දේ කවුරු හරි එනකං ඉන්න වෙලාවක්, සභ්‍ය විදියට බස් එකේ වාඩි වෙලා හෝ හිටගෙන යන අවස්තාවක්, කම්මැලි පාටියක්... වගේ මෙලෝ රහක් නැති වෙලාවක් සහ කට්ටියක්...
කරන්නෙ මෙහෙමයි..
දැන් ඔය කලින් කිව්ව වගේ තැනක ඉන්න කොට අපිට දැනෙන්නේ මහ එපා කරපු හැඟීමක් නේ.. කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නෙ කියල බලාගෙන අපි හිටියට අපිට ඕනෙ වෙලාවට ඉවර වෙන්නෙ නෑනේ.. අන්න ඒ වෙලාවට තමයි මම නම් මේ වැඩේ කරන්නේ..
ඉස්සෙල්ලාම හොඳට පේන මනුස්සයෙක් ව තෝර ගන්නව.. ලස්සන කෙල්ලෝ ඉන්නකොට මේ වැඩේ කරන්න යන්න එපා ඒ වෙලාවට මීට වඩා වැදගත් වැඩ තියෙනවනේ.. මේක හරියන්නේ වයසක හෝ මැදි වයස් වල අයත් එක්ක ඉන්න කොට.. අපේම වයසේ අය උනත් අවුලක් නෑ.. පොඩි උන් හිටියත් අවුලක් නෑ..
දැන් කරන්න තියෙන්නෙ ඒ මනුස්සය දිහා ෂේප් එකේ ටිකක් බලල මුහුණේ ඉරියව් වලයි හැසිරීම් වල ස්භාවයයි පොඩ්ඩක් බලල ඒ මනුස්සය වගේ එකෙක් ඉස්කෝලේ අපේ යාළුවන් අතර හිටියද කියල හිතල බලන එක.. නැත්නම් අපිත් එක්ක පොඩි කාලේ හිටපු එකෙක් නාකි වුනහම මේන් මේ වගේ ඉඳී කියල පොඩ්ඩක් සසඳල බලන එක...
අපිට තියෙන්නෙ එක් එක් මනුස්සය වගේ හිටපු මම දන්න එකා(එකී) කවුද කියල මතක් කරල බලන එක..
ඒ කියන්නේ ගොඩක් අය පොඩි කාලෙදි කතා බහ කරන විලාසය, බලන විදිය, එහෙට මෙහෙට ඇවිදින විදිය.. ඇඳුම් අඳින විදිය වගේ දේවල් ලොකු වුණහමත් එහෙමම තියෙනවා කියල මට නම් තේරිලා තියෙනවා.. ගතිගුණ ලොකු වෙනකොට වෙනස් උනත් හැසිරීම් වල සියුම් තැන් තියෙනව 100% මැච් කරන්න පුළුවන්..
මේකෙ ආතල් එක තියෙන්නෙ එහෙම මැච් වෙන කෙනෙක් ව දැක්කම සිරාවට මේ මනුස්සයත් අන්න අරූ වගේ ඉන්න ඇති නේ කියල ඒ මනුස්සය තුළින් අපේ යහළුවාව දකින්න හැකි වෙන එක. ඔන්නම් ඒ වෙලාවේදි ඉස්කෝලෙ කාලේ කරපු ආතල් දේවල් පොඩ්ඩක් මතක් කර ගන්න පුළුවන් ආතල් පොරකට මැච් වුනොත් එහෙම.. ඉස්කෝලෙත් හිටපු එපාම කරපු ඩයල් එකකට මැච් උනොත් කරන්න තියෙන්නෙ ටක් ගාල අනිත් මනුස්සය දිහා බලල මැච් වෙන එකෙක් ව හොයන එක...
පෝලිම් වල බස් වල එහෙම පොඩි උන් ඉන්නකොට කරන්න තියෙන්නෙ මේ පොඩි එකා ලොකු උණාම අපි දන්න මොකා වගේ වෙයි ද කියල මැච් කරල බලන එක...
10ක් ඉන්න පෝලිමක මේ වැඩේ කලොත් අඩුම තරමේ 3-4ක් වත් මැච් වෙන අය ඉන්නව. ඔහොම 3-4ක් මැච් කරල පොඩි ආතල් එකක් අරන් ඉස්කෝලේ කාලේට ආයෙත් ගිහින් එනකොට පෝලිම නිකම් ම ඉවර වෙලා තියෙනවා.. නැත්නම් බස් එක බහින හෝල්ට් එකට කිට්ටු කරල තියෙයි..
පෝලිම් හැදෙන්න හේතුවයි.. බස් වල කොට කොට යෑම් ගැනයි.... ඔපිස් වල ප්‍රස්නයි.... ගෙවල වල ප්‍රස්නයි කල්පනා කර කර හිත නරක් කරගෙන ආන්ඩුවටයි රටටයි මිනිස්සුන්ටයි හිතින් බැන බැන යන්නේ නැතුව මේ වගේ අහිංසක ආතල් එකක් ගන්න එකෙන් නොදැනීම දවස සතුටින් ගෙවන්න පුළුවන්..
කරල බලන්න.. එතකොට තේරෙයි මේ අපි අවට ඉන්න මිනිස්සු ඔක්කොම එකම වගේ අය කියල.. එකම වගේ ගති ගුණ තියෙන අපි හොඳට දන්න කියන අය නේ ද මේ හැම තැනම ඉන්නේ අපි මොකටද කාත් එක්ක වත් ගහ මරා ගන්නේ කියල හිතෙයි.. ගහ මරා ගත්තත් මූත් අර ඉස්කෝලේ දි වලි දාගෙන පස්සේ බුදු ෆිට් වෙච්ච එකා වගේ නේද කියල හිතල ඕනේ ගැටුමක් අල්ලල දාල නිකන් ඉන්න පුළුවන් වෙයි..
නැවතත් මතක් කරන්නේ ලස්සන ගෑනූ ලමයි ඉන්න පුද්ගලික ආයතන වල පෝලිම් වල,බස් වල,පාටි වල සිටින විට මෙවැනි කම්මැලි කාරී, විකාර වැඩ නොකර තම තමන්ට ප්‍රයෝජනවත් වෙන වෙනත් වැදගත් කාර්යයන් වල නිරත වන්න.. තනිකඩ ගෑල්ලමයිනුත් සිරා කොල්ලන් ගැන මෙවැනි මෝඩ දේ නොසිතා ඒ ඒ අවස්තාවට ගැලපෙන සේ වැඩකටයුතු කර ගන්න.
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago

