මේවගේ දේවල් ගැන මම කතා කරන්න වැඩිය කැමති නෑ... වඩා හරි දේ මේකයි කියල මතයක් ප්‍රකාශ කරල පොඩි ආතල් එකක් ගන්නවට වඩා.. තියෙන දේ තමන්ට හරියනවනම් ගත්තා නැත්නම් නිකා හිටියා තමා මගේ උපන් හැටි...
මේක ගැන ඔලුවට ඇවිල්ල දැන් ටික කාලයක් උනාට ලිව්වෙ නෑ... නමුත් කලින් පෝස්ට් එකේ තාත්තාගේ ජීවිතය සහ මරණය ගැන ලිව්වට පස්සේ මේකත් ලියල දාන්න හිතුණා...
වැඩි විස්තර නැතුව සරලව කියල දාන්නම්...ඉතා කලාතුරකින් ලැබෙනවායැයි කියන මිනිසත් බවක් ලැබී.. හොඳ නරක තේරේන සමාජයක ජීවත් වීමේ වාසනාව තියෙන අපි මේ ලබාගත් ජීවිතය තුළ ලබා ගත හැකි වටිනාම දෙය ලෙස සලකන නිවන් (අනෙකුත් ආගම් වලටත් අදාලව) සැප කෙනෙකුට ලැබේවා යැයි ජීවත් වන සෑම වසරකම සුභ පැතීම වරදක් ද..?
මිය ගිය පසු නැවත් ඉපදීමක් ගැන අප විස්වාස කරනවානම්.. නොදන්නා තැනක උපදින්න යන අපගේ නෑයාට,හිතවතාට සුභ උපන්දිනයක් මළගමෙදී පැතීම වරදක් ද..?
ප.ලි.
ඩෝන්ට් ට්‍රයි දිස් ඇට් හෝම්...
යුද්ධයේ අපි නොදුටු පාර්ශවය කතා කරන හිටපු හමුදා නිලධාරියෙක්
-
මම යුද්ධය ගැන කතා කරන්න කැමති නැහැ.
මම විතරක් නෙමෙයි… ඇත්තටම යුද්ධයේ හිටපු ගොඩක් අය ඒ ගැන කතා කරන්න කැමති නැහැ.
මොකද ඒක වීර කතාවක් විතරක් නෙමෙයි. ඒක ඇතු...
1 day ago
උඹේ අදහස හොඳයි . . . ඕක හැබැයි ක්‍රියාවෙ යොදවන්න වෙන්නෙ උඹ එක්ක විතරම තමයි
ReplyDeleteඅදහස හොඳයි. අකුරුත් ගැලපෙයි
ReplyDelete