ඔය කැටගරි වලට අපි දාගෙන ඉන්න ඔක්කොම මිනිස්සු අපි වගේමයි කියල නිකමට හිතෙන්නෙ නැද්ද? එක එක්කෙනා ජීවිතේ ජීවත් වෙලා තියෙන විදිය අනුව, එයාලට ජීවිතෙන් ලැබිල තියෙන දේ අනුව, ජීවත් වෙච්ච සමාජය හා පරිසරය අනුව ඒ මිනිස්සු ඒ ඒ විදියේ චරිත වෙනවා... ඒ චරිත අපිත් එක්ක ජීවත් වෙනකොට එක එක විදියේ ගති ගුණ අපිට පේනවා... ඒ පෙනෙන දේ අනුව අපි ඒ මනුස්සය ගැන තීරණ ගන්න එක කොච්චර හරිද වැරදිද කියල හිතල බලන්න හිතෙන්නෙ නැද්ද.... එහෙම තීරණ ගතයුතු අවස්තා සහ නොගත යුතු අවස්තා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ... එහෙම නොකලොත් අපි අමාරුවේ.. හැබැයි ඒක ඒ මොහොතට විතරක් සීමා කරල අවස්තාවට හරි යන විදියට හැසිරිලා හිත ඇතුලින් ඒ මනුස්සයව මැනල එයා ගැන අපි තීරණ අරගෙන ඒ මනුස්සයගේ පවුල,රැකියාව,කතා බහ,හැසිරීම් ඔක්කොම අපේ ඔලුවට අරගෙන.. සිතිවිලි ජාලයක් ගොඩනඟාගෙන ඉන්න එක හෙන තේරුමක් නෑ නේද..
අපි කොච්චර මිනුම් වලින් මිනිස්සු මැනල ඒ මිනිස්සු ගැන තීරණ අරගෙන ජීවත් වෙනවද..? එහෙම මිනිස්සු තේරුම් අරගෙන ජීවත් වෙන එක අනිවාර්‍යයෙන් ම කරන්න ඕනේ දෙයක්... එහෙම නොවුනොත් මේ සමාජේ අපිට ඉන්න අමාරුයි... හැබැයි ඒ මනුස්සය ගැන අපේ හිත ඇතුළේ තියෙන්න ඕනේ හැඟීම හරිම සරල වෙන්න ඕනේ.. මේ යකා මෙහෙම කරන්න මේ නිසා මිසක් වෙන මොකුත් නිසා නෙවෙයි කියල සරල ව හිතල අර හිත ඇතුලේ ස්ටාර්ට් වෙන්න ට්‍රයි කරන සිතිවිලි එන්ජින් එක නතර කරල දාන්න පුළුවන් නම් අපිට මේ සමාජේ ඕනේම තැනක ඕනෙම කෙනෙක් එක්ක කිසි අවුලක් නැතුව ඉන්න පුළුවන්...
වැදගත් ම දේ අපි කාත් එක්ක හෝ ගත කරන මොහොත ඒ මනුස්සය සමඟ අදාල කාරණේට පමණක් සීමා කරගෙන ඉන්න එක.. අපි කාත් එක්ක හරි ඉන්න අතරේ අර සිතිවිලි එන්ජිම ස්ටාර්ට් කරගෙන මම කවුද මූ කවුද වගේ හිතන්න පටන් ගත්තම වෙන්නේ.. ඌ උගේ විදියට ඉඳල උගේ වැඩේ කරගෙන යයි.. අපි ඔක්කොම පැත්තක දාලා මෙහෙම කලේ ඇයි, මෙහෙම කරන එක හරිද වැරදිද.. හරි ෂෝක් අනේ, මට නම් පේන්න බෑ, මහ කපටියෙක්, නියම පොරක්, මම නම් එයා එහෙමයි කියල හිතුවා.. මට නම් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න බෑ... ඊ.ටී.සී,ඊ.ටී.සී
මම හිතන්නේ මේ දේවල් අපි හැමෝම දන්නවා.. හැබැයි ප්‍රායෝගිකව කරන්නෙ නෑ.... ප්‍රායෝගිකව කලත් කරන්නේ බාගෙට.. හිත හදාගන්නව කියල අර ස්ටාර්ට් කරගත්ත එන්ජිම ටිකක් ලෝ ගියර් එකකට දා ගන්නව වගේ දෙයක් කරල තාවකාලිකව පොඩ්ඩක් සැනසෙනවා.. හැබැයි ආයෙත් අර සිද්ධියට මූණ දෙනකොට ටොප් ගියර් එකට ඔටෝ වැටිල හතර අතේ ගා ගන්නවා...
එහෙම නොකර ඔහේ යන්න අරින මිනිස්සු අපිට ජීවිතේ හම්බ වෙනවා.. ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද කියල අපිටම දැනෙනවා.... හැබැයි අපිත් අනිත් කෙනාට ඒ වගේ දැනෙන්න ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ නෑ... සරල කම ගැන කතා කර කර අපි සංකීර්ණව ජීවත් වෙනවා...
අපිට බැරි වුණානේ 70 ගණන් වල හදපු මේ කුංෆූ වගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරවන්න පුළුවන් අදහස් තියෙන එක කතා මාලාවක් හදා ගන්න...
අපිට නියම සභ්‍යත්වයක් සහ සිස්ටාචාරයක් උපතින්ම ලැබෙන නිසා මේ වගේ දේවල් ගැන නිර්මාණශීලීව හිතන්න හිතෙනනෙ නෑ මම හිතන්නේ.. කොහොම හරි කරල පොෂ් විදියට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න විදියක් හොයන එක තමා අපි කර ගන්න ඕනේ...
ඇයි බං උඹට මේ හදිස්සියෙ මේවගේ දේවල් හිතෙන්න පටංගත්තෙ ???
ReplyDeleteපැතුමෝ, උත්තම පුරුෂ ඇහැකින් ලෝකෙ දිහා බැලිල්ල නතරකරන කල් ඔය ගැටුම හැමදාම තියෙයි. උඹ ඔතන ඉඳං වෙනස් වෙයං. මම මෙතන ඉඳං වෙනස් වෙන්නං. කාලයක් ගියාම [ගොඩක් කල්] උඹයි මමයි අතරෙ ඉනන් උනුත් ක්‍රමයෙන් වෙනස් වෙයි. මොකද උඹටයි මටයි මෙහෙම හිතෙන්නෙ අපිට කලින් කවුරුහරි වෙනස් වෙලා පෙන්නපු නිසා.
ReplyDeleteඕනයා, මේ වගේ දේවල් හිතෙන්න පටන් අරං නම් දැන් අවුරුදු 20ක් විතර වෙනවා.. හැබැයි ප්‍රසිද්ධියේ මෙහෙම කියන්න තරම් කියන දේ හරි කියන එක ගැන විස්වාසයක් ඇති වෙලා නම් දැන් ටික දවසක් වෙනවා... එක රෑ කින් ඉගෙන ගත්ත එකක් නෙවෙයි බන්.. අවුරුදු ගානක් තිස්සේ ජීවිතේ වෙච්ච දේවල් සහ වෙන දේවල් දිහා ටිකක් අවබෝධෙන් බලාගෙන ඉන්න කොට අපිට ඉස්සර මිනිස්සු මේ වගේ දේවල් කියල තියෙන්නේ හේතුවක් ඇතුව නේද කියල හිතෙනවා... ආතල් එකේ ජීවත් වෙන අතරේ මේ පැති ගැනත් පොඩ්ඩක් හිතල බලපන්.. ජීවත් වෙන එක මාර විදියට ලේසි වෙනවා...
ReplyDeleteනවම්, අපි ඔක්කොම උත්තම පුරුෂ වෙන්න දඟලනව මිසක් අපිත් එක්කම ඉන්න අනිත් අසරණ පුරුෂ/ස්ත්‍රී ගැන බලන එක (අපි උත්තම කියන එක ඔළුවෙන් අයින් කරල බලන එක) අපිට අමතක වෙලා බන්..
කසාද බැඳලා ටික කාලෙකින් ඔක්කොම කොල්ලෝ දාර්ශනිකයෝ වෙනවා කියන්නේ එහෙනම් ඇත්ත !!
ReplyDeleteසක්කාය දිට්ඨි --> තම තම නැණ පමණින් දැන ගත යුතු
ReplyDeleteසරත් අයියා,
ReplyDeleteමේවගේ දේවල් දාර්ශනික නෑ නේද... අපි හැමෝම දන්න දේවල්.. අපි හැමෝගෙම ඇතුළේ මේ ගති ගුණ තියෙනවා.. ඒව එළියට එන්න ඉඩ දෙන්නෙ නැති එක තමයි අපි කරන වැරැද්ද..
තිස්ස අයියා,
කුංෆූ කතා මාලාවේ නම් ඔය වගේ වචන තිබුණේ නෑ.. එදිනෙදා සිදුවීම් වලින් ජීවිතේ ගැන තේරුම් කරල දෙන එක මටනම් බර වචන වලින් කියන දේට වඩා පැහැදිලියි...