අපි දෙන්නගේ ෆස්ට් වෙඩින් ඇනිවසරිය පහුවෙලා දැන් සති 2ක් විතර.. ඇනිවසරි ටුවර් එකට රවුමක් ගහල ගෙදර ආපු ගමන් කොම්පීටරේට කෙල වෙච්ච නිසා මොකුත් කර ගන්න බැරි වුණා.. අලුතින් හම්බවෙච්ච එකට අවශ්‍ය අඩුවැඩිය දාලා හදා ගත්තේ මේ ඊයේ පෙරේදා...
අපි දෙන්නගේම හීනයක් වෙලා තිබ්බ දඹුල්ල කණ්ඩලම හෝටල් ගමන ෆස්ට් ඇනිවසරි එකේදි යන්න පුළුවන් වෙච්ච එක ගැන හරි සතුටුයි... පොඩි කාලේ ඉඳල තිබ්බ හීන එකින් එක හෙමින් හෙමින් හැබෑකරගන්න පුළුවන් වෙන එක හරි ජොලි... හැමදේම අපි දෙන්නම මහන්සිවෙලා හම්බකරගත්ත දේවල් වලින් කරනකොට අවංකවම හිතට සැහැල්ලුයි සතුටුයි..
කණ්ඩලම හෝටලය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ස්වභාවික පරිසරයට සිදුවෙන හානිය අවම කරගෙන හදපු විශිෂ්ට නිර්මාණයක්... මම හිතන්නේ සම්මාන පවා හම්බ වෙලා තියෙනවා පරිසරය සුරැකීම සම්බන්ධව...මීට අවුරුදු 10-15කට කලින් ඔය හෝටලේ හදපු කාලේ ඉඳල හෙන ආසාවක් තිබ්බ ඕකට යන්න.. ඒ කාලේ ඒව නිකං හීනම විතරක් වෙලා තිබුණේ..
කණ්ඩලමෙන් පස්සේ රුවන්වැලි සෑයටයි,ශ්‍රී මහා බෝධියටයි ගියා පහුවදා රෑ.. අනුරාධපුරේ ගිහින් හතරවටේ ඇවිදින්නේ නැතුව රුවන්වැලි සෑ මළුවේ ගේට්ටුව වහනකම් වාඩිවෙලා හිටියා... එහෙම ඉන්නකොට දැනෙන දේ ගැනත් ඉතින් වචන වලින් කියන්න අමාරුයි..
පහුවදා උදේම නැග්ගා සීගිරී.... ඒකත් අවුරුදු 10-15කින් තමා ගියේ.. උඩටම නඟිනකොට නම් නිකන් සුදුකොඩි, ගොක්කොල පේන ගතියක් දැනුනා .. හිකිස්...ඒතරම් ඇඟේ ෆිට්නස් නේ...
ඇනිවසරි ටුවර් එක එතනින් ඉවරයි...
වෙඩිමෙන් පස්සේ දවසේ අපි දෙන්නා කෙලින් ම ගියේ නුවර හුනස් ෆෝල්ස් හොටෙල් එකටනේ.. බැඳපු අලුත යන්න තියෙන සිරාම හොටෙල් වලින් එකක් ඒක.. ගිය අය දන්නව ඇති.. පුදුම ලස්සනක්... බඳින්න ඉන්න අය පුළුවන් නම් ගිහින් ආවට කමක් නෑ.. ජීවිතේටම මතක හිටින තැනක් වෙයි..
හෝම් කමිමෙන් පස්සේ දවසේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව තායිලන්ත සවාරියකුත් ගිහින් ආවනේ... දවස් 5ක් තායිලන්තෙ නැවතිලා රට තොට බලල එන්න එච්චර ලොකු ගානක් ගියෙ නෑ.. ලංකාවේ හිටිය හෝටලේට එක දවසට ගෙවපු ගානින් අපි දෙන්න සාමාන්‍යයෙන් 3-ස්ටාර් වගේ හොටෙල් එකක දවස් 4ක් හිටියා... හරිම ලාබයි.. කිසිම අඩුපාඩුවක් නෑ.. එහෙ ගිහින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ රවුමකුයි, මැඩම් ටුසාඩ් වැක්ස් මියුසියම් එකේ රවුමකුයි ගහල ගෙවල් වල අයටයි අපිටයි පොඩි පොඩි තෑගියි (මට හෙලිකොප්පරේ) අරන් එන්න අපිට ගියේ යන්න එන්න ටිකට් වලටත් එක්කම 120,000ක් වගේ (ගාන දැම්මේ යන කෙනෙකුට අදහසක් ගන්න)
ඒ ගමනෙන් පස්සේ අපි කීප සැරයක් හපුතලේ ගියා.. ට්‍රිප්ම නුනත් ට්‍රිප් තමා ඉතින්.. නෑදෑ ගෙවල් වලයි ප්‍රේමසිරි අයියගේ මළ ගේ, බුද්ධික මල්ලිගේ දානේ වගේ හේතු නිසා. දියළුම, බබරකන්ද දිය ඇලි බලල, දොලපාරවල් වලින් නාලා, අලි බලල, මඩවල උපාලි හාමුදුරුවන්ගේ මියුසික් තෙරපි විඳල ආපු නිසා ඒ ගමන් ටිකත් ඉතින් ට්‍රිප් ම තමා..
ඔය අතරේ අපි දෙන්නා ආයේ ගියා මේ ළඟපාත පොඩි හොටෙල් එකකට... ඒ කියන්නේ කොළඹින් 20-30 කි.මි වගේ දුරකින් තියෙන සෙරනිටි විලේජ් කියල ලස්සන පොඩි හොටෙල් එකක්... දවස ගෙවල එන්න මරු තැනක්.. වැඩි ගානක් නෑ.. පෙට්‍රල් වියදමත් එක්කම 5000කට අඩුවෙන් ගියේ අපි දෙන්නට.. හැබැයි රෑ හිටියෙ නෑ...
ඊට පස්සේ කතරගම ටුවර් එකක් සෙට් වුණා... පවුලේ අයත් එක්ක... ඒකෙදි ලෝක ප්‍රසිද්ධ නැව් එන්නැති වරාය එහෙමත් දැකබලා ගත්තා.. හැබැයි ඇත්තටම මම නම් ගලක් දැක්කෙ නෑ... කවුරු මොනව කිව්වත්..
කලින් වැඩ කරපු කොම්පැණියේ සැට් එකත් එක්ක ගිය නුවර එළි ට්‍රිප් එකත් මරේ මරු... නුවර එළියේ ගිහින් ඉට්ටෝබෙරි ෆාම් එකේ ට්‍රැක්ටර් ගමනත් මරු.. කොත්මලේ ජලාශේ තත්වෙත් බලාගෙන තමයි ඒ රවුම කැරකිලා ආවේ...
නුවර එළියේ ටුවර් එකට කලින් (ලියපු ඕඩර් එක නම් වැරදියි... ගනන් ගන්න එපා) මම හිතන්නේ කතරගම ටුවර් එකටත් කලින් ද මන් ද... අකුරැස්සේ ගිය වෙලාවෙදි අපි ගියා කඹුරුපිටියේ එකෝ විලේජ් කියල තව පොඩි ලස්සන හොටෙල් එකකට.. ගෙදර කට්ටියත් එක්ක හවස් වෙලා ගිහින් රෑ කෑම කාල එන්න හෙන අඩු ගානක් ගියේ.. ලස්සන තැනක්...
අහ් කියන්න අමතක වෙච්ච තව සිරා ගමනක් තියෙනවනේ.. බට්ටි නංඟිගේ කොම්පැනිය ගානේ ජෙට් ලයිනර් නැව් සවාරියකුත් සැට් උණානේ... නොමිලෙම... යන්න වටින ගමනක් ඒකත්... නැව් කියන්නෙත් හෙන සිරා වාහන ජාතියක්...
අපේ කොම්පැණිය ගානෙත් වත්තල පෙගසස් හොටෙල් ගමනකුත් සැට් වුණා.. හැක්.. බැඳල මාසයයි ද කොහෙද.. කෙහෙල් ගහට ඩි.එස්.එල්.ආර් කැමරාවෙන් ගැහුව වගේ... බීච් වොලිබෝල් ගහන්න ගිහින් මගේ වෙඩින් මුද්ද නැත්තටම නැති උණා එහෙදි... හිකිස්.. කොම්පැනියේ කට්ටිය කොම්පැනිය ගානේ මට අලුත් මුද්දක් අරන් දුන්න එකත් කවදාවත් අමතක වෙන්නෙ නෑ... ඩේ ඇන්ඩ් නයිට් සේවය කළත් කමක් නෑනේ ඉතින්...
දැනට මතක් වෙන විදියට ඔන්න ඔහොම තමා අපි දෙන්න රවුම් ගැහුවේ... අවර් කාර් අවර් පැට්‍රෝල් නේ කියල අපිට හිතුනම ඉතින් ඔය වගේ රවුම් යනවා.. (බැංකු වල සතපහක් වත් නැති එක වෙනම කතාවක්)
බැඳල අවුරුද්දක් 2ක් යනකම් සල්ලි පොඩ්ඩක් නාස්ති කලාට කමක් නෑ ඔන්න ඔහේ.... (ඊට පස්සෙත් කමක් නෑ ඉතින්)... ඊලඟ මාසේ ගානට බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් (හිකිස්... බැරිම උනොත් ක්‍රෙඩිට් කාඩ් තියෙනවනේ ඉතින් )
ඉන්න ඩිංඟ ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියන පිස්සු පූසාගේ තියරියට වන්දනා මාන කරලනේ මම ඉන්නේ.. බට්ටි නංඟිත් ඉතින් මම ම තමා නේ...
ප.ලි
ගිය ගමන් වල පින්තූර සියල්ල මදර්බෝඩ් එකට කෙලවී ගිය මගේ පරණ ලැප්ටොපයේ බැවින් මේ අවස්තාවෙදී ලබා ගත නොහැක..
ප.ප.ලි
සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව අම්මාගෙන්,අක්කාගෙන් සහ දිමුතුවාගෙන් බැනුම්/ අවවාද අසමින් බට්ටි නංඟිගේ පූර්ණ අනුමැතිය සහිතව කන්ඩලම් ටුවරය යන්න ඔන්න මෙන්න තියා තකහනියේ මිලදී ගත් මගේ ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවේ පින්තූර සමඟ නැවත හමුවෙමු...
ප.ප.ප.ප.ප.ලි.ලි.ලි.ලි.ලී
කොහොමද නයාගෙ තරම.. හිකිස් බිකිස්...
Saturday, May 12, 2012
Subscribe to:
Post Comments (Atom)
kiyavamin,nayaava
ReplyDeleteEka ekkena hadapu thanwala GAL balala dan vadak nahane badala nisa.Habai putho credit card walata nam yanna epa.Lamai hadilla kese vethath hamadama "Magi Noodle" kaka naya gewa gewa inna vei.Supiri vivaha jivithayak pathami !
ReplyDeleteනයි කියන්නේ කකුල් පුටුව උඩට අරන් කියෙව්වේ ..D . ඇත්තටම ලස්සන ගමන් ටිකක්නේ . සහතික ඇත්ත . මුලදී ටිකක් අවිද්දට කමක් නැහැ . අපිටත් ඔය වගේම අත්දැකීමක් තියෙන්නේ . ෆීල්ඩ් එකේ වැඩ වලට යද්දී මාත් නිවාඩු දැම්ම ගියා . හරිම විනෝදෙන් උන්න කාලේ. පොඩ්ඩෝ ඉපදුනහම වුනත් අපි ඇවිදින එක නම් නතර වුනේ නැහැ . අපේ අම්මල කියන්නේ එක තැන ඉන්න බැරි නැකතක උපන් අය කියලයි. කණ්ඩලම හොටෙල් එකට යන්න බැරි වුනා . ඒ පැත්තේම තියෙන කල්චර් ක්ලබ් එකත් ලස්සනයි . හුනාස් ෆෝල්ස් නම් කියල වැඩක් නැහැ . රටවල් කිපෙක ගියත් තවමත් මන් කැමතිම තැන එතන . ලස්සන කාලෙක මතක නිසා වෙන්න ඇති . අපි ගිය තැන වලට ළමයිත් එක්ක යන්න ඕන කියල හිතුවට කවදාවත් බැරි වුනා . තායිලන්තේ මැඩම් ටුසාඩ් ගේ මියුසියම් එකක් තියෙනවද .
ReplyDeleteදෙන්නට තව ගොඩක් ඇවිදින්න ලැබෙන්න කියල පතනවා
තායිලන්තෙත් ගිහින් තියෙනවා එහෙනම්...
ReplyDeleteවිමුක්ති,
ReplyDeleteකකුල් උඩට අරන් කියවන්න... හිකිස්
Kenji. Japan,
ඔව් ඔව් ක්‍රෙඩිකාඩ් කියන්නේ තනිකර විනාශයක් තමා.. හැබැයි වැදගත් විදියට ණය වෙන්න තියෙන හොඳම ක්‍රමේ ඒකනේ..
බින්දි,
තව යන්න තැන් තියෙනවා සල්ලි නැති නිසා ඉවසන් ඉන්නවා.. හික්.. තායිලන්තෙ මැඩම් ටූසාඩ් එකත් හොඳයි මම දැකල තියෙන්නෙ ඒක විතරයි තාම.. ලන්ඩන් වල නේද ලොකුම එක තියෙන්නෙ..
HI CORP, හික් හික් ගියා ගියා..
ඔයකාලේ නැත්නම් කවද්ද ජොලි දන්නේ? සල්ලි එනවා යනවා වයස යනවා විතරයිනේ..
ReplyDeleteඔන්න ඔහොම ජොලියෙන් ඉන්න .සමහර උදවියට බැන්දට පස්සේ එයාලා ආදරේ කල කාලේ ගිය කොෆී ශොප් එකට ගිහින් කොෆී එකක් බොන්නවත් වෙලාවක් නැ .ඒකට මෙන්න මිනිස්සු අදහන්න වටිනවා .ගුඩ් ලක් ගයිස් තව ජොලි ගමන් සෙට් වෙවා :)
ReplyDelete