හොඳටම තෙමුණා... අපේ අම්මා ගැන කියන්න මට වචන නෑ... කිසි දෙයක් සිද්ද වුණේ නෑ වගේ ෆුල් ෆිට් එකේ මාත් එක්ක හිටියා...දැනුත් එහෙමයි...ඊයේ එහෙම එකක් වුණා ද කියල ගානක් වත් නෑ..ඒක ආදරේ ද ජීවිතේ තේරුම් ගැනීම ද කියල හිතා ගන්න බැහැ... අම්මගේ වයස 60යි...
ජීවිතේට මූණ දෙනව කියන්නෙ මෙන්න මේකට නේද කියල හිතුනා... හැමදේම හොඳට වෙනකම්, අපිට ඕනේ විදියට වැඩටික කෙරෙන කම් ජීවිතේ ගැන ලස්සන කතා කියන්න හැමෝටම පුළුවන්... බලාපොරොත්තු නොවෙන දේවල් නොහිතන වෙලාවට සිද්ද වෙනකොට නොසැලී වචනෙකින් හෝ අඩුම තරමේ හැඟීමකින් වත් වෙනසක් නැතුව මොකුත් වුණේ නෑ වගේ ඉන්න පුළුවන් වීමේ ගුණය පුරුදු පුහුණු වුණේ ජීවිතේට මුහුණ දීලම විතරයි කියලයි මම දන්නේ...ඒක ඉගෙන ගන්න වෙන ක්‍රම තියෙන්නෙ විදියක් නෑ...
අපේ අම්මට මේ ආත්මෙදිම මේ සංසාරෙ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ..ලබන ආත්මෙදිත් මගේම අම්ම වෙන්න කියන්න තරම් ආත්මාර්තකාමී වෙන්න බැහැ...මට කරන්න පුළුවන් එකම දේ මෙච්චර කාලයක් හිටිය වගේ අම්මගේ හිතට දුකක් නොදී බරක් නොවී ඉන්න එක විතරයි...අම්මට මේ සංසාරෙන් ගැලවිලා යන්න තියෙන බැඳීම් එකින් එක අයින් කරගන්න උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ... භෞතික සැප සම්පත් ගොඩ ගහල තාවකාලික සතුටක් දීල මගේ යුතුකම මම කලා කියල අතපිහ දා ගන්න එක මහ පුහු දෙයක්... සතුටු වෙන්න කිසිදෙයක් ඕනේ නෑ කියන එක අපේ අම්ම ඕනවටත් වඩා පෙන්නල තියෙනවා...තිබ්බත් සතුටුයි නැතත් සතුටුයි...
කරන්න පුළුවන් උපරිමෙන් කරල අපිට දෙන්න පුළුවන් දේ දුන්න... හොඳ නරක කියන්නෙ මොකක් ද කියල විතරක් කියල දීල අපිට අපේ ගමන යන්න ඉඩ ඇරියා... අපිට හරියන කොටත් හිටියා වරදින කොටත් හිටියා... උපේක්ෂාවෙන් ඕනේ දෙයක් දිහා බලන්න ඉගැන්නුවා... රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගහන ගහන පදවලට නටන්නේ නැතුව තමන්ගේ තරමට තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්න විදිය ඉගැන්නුවා... අපිට තියෙන දෙයින් හැමදාම සතුටු වුණා...අපිට මීට වැඩිය දේවල් කරන්න පුළුවන් කියන එක කියල දුන්න විතරයි... අපි ඒ දේ කලත් නොකලත් එකම හිතින් අපි එක්ක හිටියා දැනුත් ඉන්නවා ඉස්සරහත් ඉඳියි.
උපතින් කිසිදෙයක් නොලැබුණ හැමදේම උත්සාහයෙන් ලබා ගත්ත මිනිසුන් තුළ විතරයි ගොඩක් වෙලාවට මේ වගේ ගුණ පිහිටන්නේ... උත්සාහයෙන් ලබා ගත් දෙයිනුත් සෑහීමට පත්වෙලා සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ජීවිතේ හරියටම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි කියලයි මම හිතන්නේ.
අම්ම තෙමෙනකොට මගේ ඇස්වලින් කඳුලු ආවා...ආයේ කවදාවත් අම්මට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ කියල හිතුවා.. හැබැයි අම්මගේ මුහුණේ තිබුණ සැහැල්ලුව දැක්කට පස්සේ මම මේ අඪන්නේ තේරුමක් නැතුව නේද කියන එක තේරුම් ගියා. මොකද කවදාවත් භෞතිකව දෙන දුක සැප කියන එක තීරණේ කරන්න අපිට බැහැ කියන තේරුම් ගියේ එතකොට... භෞතික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපේ පාලනයෙන් තොරව... හැබැයි ආධ්‍යාත්මික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපි ළඟ. ඒක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම පුද්ගලය තමන් විතරයි.
ගෙදර ආවට පස්සේ "කිසි කරදරයක් නැතුව ආපූ එකනම් ලොකු දෙයක්" එච්චරයි කිව්වේ... ඊට පස්සෙ සුපුරුදු විදියට නාට්ටි ටික බලල කඩෙන් ගෙනාපු කොත්තු රොටියයි,ආප්පයි කාලා... හොඳට නිදා ගත්තා...
අම්මත් එක්ක ජීවිතේ ඔන්න ඔහොමයි...
හැම අම්ම කෙනෙක් ම මෙහෙම ඇති...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago


