යන්ත්‍ර සහ අප අතර ඇති වෙනස මොකක් ද කියල නිකමට හිතල බැලුව දවසක්
බලපුවහම වෙනසක් නෑ...
මම කියන්නෙ පරමාණු ලෙවල් එකෙන් ගත්තහම යන්ත්‍රයි ජීවීනුයි අතර වෙනසක් තියෙන්නෙ බැහැ.
මේක මේ එකපාරටම හිතිච්ච අදහසක්. කෙස් පැලෙන තර්ක දාන්න බැහැ.
මේ ලෝකේ ජීවය ඇති වුණේ ලෝකය තුළ ඇති මූලද්‍රව්‍ය එකතු වෙලානේ (ජීවීන් පිටසක්වලින් ආවා කියන කතාව ටිකකට අමතක කරල බලමුකෝ)
ඒ ජීවීන් මිනිස්සු බවට පරිණාමය වෙලා මේ හදන යන්ත්‍ර සූත්‍ර වල තියෙන්නෙත් අර මූලද්‍රව්‍ය සැට් එකමනේ.
පරමාණු ලෙවල් එකෙන් ගත්තම පරමාණු සැකැස්ම නිසා ඇති වෙච්ච ගුණාගුණ වෙනසක් තමා අපි යන්තර හදන්න බාවිතා කරන අමුද්‍රව්‍ය වලයි අපේ ශරීරය හැදිල තියෙන අමුද්‍රව්‍ය වලයි තියෙන්නෙ (ඔය තියෙන්නෙ මම දන්න කෙමෙස්ට්‍රි සහ බයෝ)
අපි ඔක්කොම හැදිල තියෙන්නෙ එකම තැනකින් ගත්ත වෙනස් අමුද්‍රව්‍ය වලින් නේ. මට හිතුණේ ගුණාගුණ කොහොම වුණත් අර එකම තැනකින් ලබාගත් කම නිසා ජීවී සහ අජීවී යන කොටස් දෙක අතර ලොකු බැඳීමක් තියෙන්න ඕනෙ කියන එක. මේක පරණ කතාවක්. එහෙම බැඳීමක් තියෙනවා කියන එක ඔප්පු වෙලත් තියෙනවා
මම කියන්නෙ ඒ බැඳීම අපිට දැනුත් පාවිච්චි කරන්න පුළුවන් කියල. ඒ බැඳීම යන්ත්‍ර එක්ක ඇති කරගන්න පුළුවන් නම් හිතාගන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙයි. (ඔය ඕනෙ තරම් ෆිල්ම්ස් වල තියන්නෙ)
මම මේ සංකල්පය ඉස්සර ඉඳල ට්‍රයි කරල බලල තියෙනවා. සාක්කි වලින් ඔප්පු කරන්න බැරි උණාට මම අත්දැකල තියෙනවා එහෙම බැඳීමක් තියෙනවා කියන එක.
මට තියෙනවා බොහෝම අමාරුවෙන් ගත්ත ලැප්ටොප් එකක්. මම හම්බකරපු සල්ලි වලින් මීට අවුරුදු 3.5 කට විතර කලින් ගත්ත දුකට සැපට ඕනේ දේකට ඉන්නෙ ඔය ලැපා තමයි. බයික් එකේ නැඟල කරේ එල්ලිලා කදු පල්ලම් ඕනේ එකක යන්න ඉන්න එකම හිතවතා තම ඉතින්.
ඉතින් ඕකේ මොකක් හරි ලෙඩක් එනවා කියන්නේ සියදිවි නසා ගන්න වෙන කේස් එකක් නේ. මම ඉතින් කරන්නෙ ලැපාට හොඳට සලකන එක. හැබැයි මේ කියන්නෙ හෝදල පිහදාල වයිරස් වලට බෙහෙත් දීල බර වැඩ ගන්නේ නැතුව බබා වගේ තියන් ඉන්න එක නෙවෙයි. මගේ ලැපාගේ බාහිර පෙනුම දැක්කම අනේ සංසාරේ කියල මටම හිතෙනවා. (මම වගේම තමා). හැබැයි මම ලැපාට කොයි වෙලේවත් දුකක් දෙන්නේ නෑ.. ඒ කියන්නෙ මොන දේ කරන්න බැරි උණත් මම ඌට බනින්නේ නෑ.
පහු ගිය දවස් වල ඩිස්ප්ලේ එකේ පොඩි අවුලක් තිබුණා. ඔන් වෙනකොට දිගටම ඩිස්ප්ලේ එක ගැස්සෙනවා පොඩ්ඩක් එහාට මෙහාට හෙල්ලුවහම හරි යනවා. ඔය විදියට හොල්ල හොල්ල සෑහෙන්න දවසක් මම පාවිච්චි කළා
එක දවසක් ඩිස්ප්ලේ එක එන්නෙම නැතුව ගිහින් ෆුල්ම කෙලා වෙලා ගියා. මට ඉතින් දෙලෝ රත්වුණා. ඩිස්ප්ලේ එකක් දාන්න වෙන්න නම් එපා කියල දෙයියන්ටත් කිය කිය පොඩි වැඩක් කළා.
ලැප් එක හොඳට වහල. ඒක උඩින් අත් දෙක තියල හිත සම්පූර්ණයෙන්ම ලැපාගේ පරමාණු ලෙවල් එකටම ෆෝකස් කලා. එහෙම කරල ඇතුළේ තියෙන අයි.සී,චිප්,ප්‍රොසෙසර්, ඊටීසී.. ඊටීසී.. ඔක්කොම වල තියෙන සියළු ගැටළු විසදෙන්න කියල තදින්නම හිතලා මැද ඉදන් දෙපැත්තට කිහිප සැරයක් අත ගෑවා.
ඊට පස්සෙ දෙයියනේ කියල ඔන් කරල බැලුවා
මෙන්න බබා වගේ බඩු වැඩ... කිසි ගැස්සිල්ලක් පැද්දිල්ලක් නැතුව මාර සතුටෙන් වගේ ලැපා වැඩ.
විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැ හැබැයි ඒක එහෙම වුණා.
මම කොහොමත් මගේ බයික් එකයි,කාර් එකයි එක්කත් ඔන්න ඔය වගේ වැඩ කරනවා අද වෙනකම් එක දවසකවත් මඟ හිටල නෑ. කැඩුනත් කැඩෙන්නෙ ගෙදරදිම තමා (කරුමෙට අදම මඟ හිටියි ද දන්නෑ ඉතින්)
මේක ගැන දිගින් දිගට හිතල බලලා හෙන ෆැන්ටසි ආතල් එකක් ගන්න පුළුවන්. මම ඉස්සර නම් වැඩියෙන්ම කරන්නෙ ඒක.
දැන් 5යි.. හෙට ඉතිරිය...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
19 hours ago







