2009 ට දාන අන්තිම පෝස්ට් එක මේක...
බ්ලොග් එක පටන් අරන් අවුරුදු 3ක් විතර වුණාට වැඩියෙන්ම ලිව්වෙ මේ අවුරුද්දේ... බ්ලොග් ලියන උනන්දුව වැඩි වෙන්න ප්‍රධානම හේතුව විදියට දකින්නෙ කියවන්න අය ඉන්නව කියල දැන ගත්ත එක...
සි.බ්.සමූහයට ස්තූතියි... සින්ඩියට සහ සින්ඩිගේ එන්ජිම බලා කියා ගන්න අයටත් ස්තුතියි...
ගෙවුන වසර දිහා ආපහු හැරිල බලන්න මම කැමති නෑ... තේරුමක් නෑ කියල හිතෙනවා... වෙන්න ඕනේ දේවල් වුණා... හැම දේම හොඳට වුණා කියල සරලව කියන්න පුළුවන්...
ජීවිතේ තමන්ට හරියටම හරි යන දේවල් කවද හරි අපිට ලැබෙනවා.. ඒ ඒ දේවල් ලැබෙන්නෙ තමන් ජීවත් වෙන විදිය අනුව... ජීවිතේ සැබෑ සතුට අපට දැනෙන්නෙ එතකොට...ඒ සතුට මේ අවුරුද්ද මට දුන්නා...
ලබන අවුරුද්ද ගැන ප්ලෑන් ගහන්නෙ නම් නෑ... මම කවදාවත් නොකරන දෙයක් තමයි ප්ලෑන් කරන එක...මහ කම්මැලි වැඩක්.. සිද්ද වෙන්න තියෙන දේ කොහොමත් ඒ විදියට වෙනවා...වෙන දේට මූණ දෙන්න ලෑස්ති වෙන එක තමයි හොඳම දේ...
කොහොම වුණත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්සරහට එයි කියල හිතෙනව... හැබැයි මීට වඩා පිළිවෙලකට ඉන්න වෙයි වගේ... (අමාරුම වැඩේ ඕකනෙ ඉතින්...)
බොලොග් ලියන එකටත් ටිකක් කම්මැලි නැතුව එන්න හිතාගෙන ඉන්නවා... ඉස්සරහට ලියන්න දේවල් නම් ගොඩක් තියෙයි...
2010 ඉස්සර ඉඳල මම කැමතිම අවුරුද්දක්.... හේතුව නම් කියන්න තේරෙන්නෙ නෑ... මම හිතන්නෙ 2010 ස්පේස් ඔඩෙසි එක නිසා වෙන්න ඇති...සර් ක්ලාක් ගේ සිහින වලට පිස්සු වැටිල තියෙන තරම...
දැන් තමා අමාරුම වැඩේ තියෙන්නෙ... අවුරුද්දට විෂ් කරල එන මැසේජ් බලන එක සහ රිප්ලයි කරන එක... හොඳට නිදාගන්න තියෙන චාන්ස් එක මිස් වෙනව මේ මැසේජ් සෙල්ලම නිසා... මොකක් හරි ජිල්පිටිස් එකක් දාල නිදා ගන්න ඕනේ...
එහෙනම් දැන් ඇති.. ආයේ ලබන අවුරුද්දෙ හමු වෙමු... බොලොග් ලියන, කියවන හැමෝටම සහ මේ දුකින් සැපෙන් පිරි ජීවිතේ අපිත් එක්ක එකට ඉන්න සියළු වානර වර්ගයාට (පරිණාමය වුණේ වඳුරගෙන් නෙවෙයි කියල කිව්වට තාම වඳුරව අමතක කරන්න බෑ වගේ) සුභ අළුත් අවුරුද්දක් වේවා... මටත් එසේම වේවා..
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago
No comments:
Post a Comment