මේක හරි සරල ක්‍රමයක්... මම හිතන්නෙ ගොඩක් අය දන්නවත් ඇති.. ඉස්සර මම මේ වැඩේ ගොඩක් කළා.. නියමෙට වැඩ.. අදත් හදිසියෙම ඕනේ වුණා.. ඉතින් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුනා..
ගූග්ල් එක කියන්නෙ අන්තර්ජාලේ පුරාම කරක් ගහන හැම දෙයක් ගැනම හෝදිසියෙන් ඉන්න ලෝකෙ ඉන්න ඉස්තරම් මොළ වලින් සැකසූ පද්ධතියක් නේ... මේකෙන් අපි එදිනෙදා කරන සෙවුමට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන්... ඒ වැඩ වලින් එකක් තමා මේ hack කිරීම... මේක හැක් කිරීමක් කියල කිව්වට එහෙමම දේකුත් නෙවෙයි... මේකෙන් කරන්නෙ අන්තර්ජාලේ තියෙන අඩවි වල නිවැරදි ලෙස ආරක්ෂාවක් දීල ගබඩා කරල නැති ෆයිල්ස් ලේසියෙන් හොයාගන්න එක... ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්... උත්සාහ කරල බලන්න.. එක සැරෙන්ම සමහර විට හොඳ ප්‍රතිඵල එන එකක් නෑ.. නමුත් ටිකක් හොයනකොට ගොඩක් දේවල් හොයන්න පුළුවන්..
කරන්න තියෙන්නෙ මෙච්චරයි
?intitle:index.of? mp3
මෙන්න මේ වචන ටික මේ විදියට ගූග්ල් එකෙ සෙවුම් කොටුවට දාල සර්ච් බට්න් එක ක්ලික් කරන එක විතරයි...mp3 කියන කොටසට පස්සෙ ගායකයගෙ,සින්දුවෙ හෝ ඇල්බම් එකේ නමත් එක්ක දැම්මනම් තවත් ලේසියි... mp3 වෙනුවට pdf,jpeg,mov,mpg වගේ ගොඩක් දේවල් හොයන්න පුළුවන්
උදා:
?intitle:index.of? mp3 jackson
කට්ටිය ට්‍රයි කරල බලන්නකෝ..
ඕනේ කරන එක ගොඩක් වෙලාවට නොමිලේම හොයාගන්න පුළුවන්...
තව අනිත් අයගේ සෙකියුරිටි කැමරා වලින් එන දර්ශනත් ගූග්ල් ගෙන් අපට බලන්න පුළුවන්. ඒකත් හරි ජොලි වැඩේ...
ඒ වැඩේ කරන්න මේකෙන් පුළුවන්...
inurl:"ViewerFrame?Mode=refresh"
වඩා හොඳ ප්‍රතිඵල සඳහා
සෙවුමේ මුලින්ම එන පිටුවට වඩා දේවල් තියෙන්නෙ පහු පිටුවල 1,2,3 වගේ ගිහින් බලන්නකෝ..
අවවාදයක් විදියට මේ වගේ වැඩ රාජකාරි ස්ථාන වලදි නොකර ඉන්නවනම් හොඳයි...
Psychological and Anthropological Analysis of the Pattini Cult's Role in
Sri Lankan Culture
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD*
In The Cult of the Goddess Pattini (1984), Gananath Obeyesekere analyzes
the historical, sociological, and psyc...
3 hours ago
ප්රවේශමෙන්!!!
ReplyDeletehttp://tinyurl.com/y8s84kl
ශාකුන්තල,
ReplyDeleteඔයාගේ කතාව හරි... හැබැයි ඒක හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ... පොඩ්ඩක් සැලකිළිමත් වුණාම ඔය වගේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන්... මේකේ තියෙන අනිත් සෙල්ලම තමයි හොයාගත්ත කියල පෙන්නන ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනව වෙනුවට ලින්ක් එක කෙලින්ම සයිට් එකට දීල තියෙන එක... හොරු අතරමං වෙනව එතකොට නම්.. හික්...
මාත් ඉස්සර ඔය ක්‍රමේට mp3 හෙව්වා මචන්..පස්සේ
ReplyDeleteඉතින් ඕව එහෙමම යටපත් වෙලා ගියා ..ස්තූතියි මේ ගැන
දැම්මට..නොදන්නා කෙනෙක් දැනුවත් වෙනවනේ...