Monday, February 08, 2021

කාල යක්ෂ - 11- අමුත්තෝ

මෙතෙක් කතාවේ සාරාංශයක් මෙතන තියෙනවා...

 9 වෙනි කොටසේදී අලෙන්ඩි ව පැහැර ගෙන ගිය කණ්ඩායම  ඇයව අමුතු ගොඩනැගිල්ලක් තුලට අරන් යනවා.. එහි යම් ප්‍රතිමා වන්දනාවක් මෙන්ම අධි තාක්ෂණික කර්මාන්තශාලාවකුත් ඇයට දකින්න ලැබෙනවා..  ඒ වගේම අමුතු ඇඳුමක් අද ගත්ත මනුස්සයෙක් ඇය සමග කතා කිරීමට කාමරයක් තුලට ආරාධනා කරලා ඇගේ වෙහෙස නිවා ගැනීමට ඇයට කාමරය ඉහලින් වූ නාන කාමරයක් වෙත යන්න කියනවා..

ඒ අතරේ ප්‍රයිකුල් ඇතුළු සෙබළ පිරිස එක දිගට එල්ල වෙච්ච අමනුෂ්‍ය ප්‍රහාර වලින් හොඳටම හෙම්බත් වෙලා විවේක ගන්න තීරණය කරනවා. ඒ අතරේ ප්‍රයිකුල් සහ සෙන්ට්‍රිනෝ ඊළඟට වෙන්න පුළුවන් ප්‍රහාරය ගැන සාකච්චා කරනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ කෙසේ හෝ ඒ ප්‍රහාරයෙන් ජීවිතය බේරා ගන්න එක.

10 වෙනි කොටසේ කර්වියෝ සහ විටාසෝ ඔවුන් රඳවා සිටි තැනින් උපක්‍රමශිලිව එලියට ගිහින් නිෂාට ඇමතුමක් දෙනවා. ඒ සිදුවීම් හැම දෙයක් ඇතුලෙම ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියල කර්වියෝ තේරුම් ගන්නවා. ඒ අතරේ නෙමින්දෙර් රජු නීෂා සහ ෆොර්මැටෝ එක්ක යනවා බ්‍රයිටෝ ව මරා දාල ඇලෙන්ඩි ව  පැහැර ගත්ත ලැබ් එක බලන්න. කර්වියෝ කලින් නීෂා ට  කියනවා ඔහුට ෆොර්මැටෝ ගැන සැකයක් තියෙනවා කියල. ලැබ් එකට ගිහින් එද්දී සිදුවන කතා බහේදී නිෂාටත්  ෆෝමැටෝ  ගේ හැසිරීම ගැන සියුම් සැකයක් ඇති වෙනවා.          

9 වෙනි කොටස ඉවර උනේ මෙහෙම 

එහි බිම එලා තිබුනු තද වර්ණයෙන් ‍‍‍‍‍‍‍‍‍‍යුතු බුමුතුරුණු මත වූ පැතලි ආසන 4ක් විය. කාමරයේ බිත්ති යම් කිසි රටාවක් සහිත අකුරු සහ රූපාක්ශර වැනි සිතුවම් වලින් පිරී තිබිනි. එහි ඇතුලු බිත්තියෙ වූ වසා තිබුනු දොර හැරුනුකොට කාමරයෙහි වෙන කිසිවක් නොවීය. කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු කාමරයේ කොන් වල තබා තිබුනි.

"මම හිතන්නෙ ඔබට දැන් මහන්සි ඇති. ඒ වගේම මේ සිද්ද වෙච්ච දේවල් නිසා ඔබ කැළඹිලා ඇති. පොඩ්ඩක් ඉන්න යැයි පැවසූ ජඩ්, අත්පුඩියක් ගැසීය.

කාමරයේ අඳුරු වහලය විවර වී තරමක වේදිකාවක් එහි හරි මැදට පහත් විය.

"උඩට ගිහින් සූදානම් වෙලා එන්න. ඊට පස්සෙ අපි කතා කරමු." ජඩ් කාරුණික ලෙස පැවසීය.

අද එතැන් සිට..... 

වෙහෙසට පත්ව සිටි ඇලෙන්ඩි නාන කාමරය තුල වූ කුඩා තටාකයට බැස සිය සිරුර සැහැල්ලුවට පත් කර ගත්තාය. ඇගේ සෑම ක්‍රියාවක්ම නීරීක්ශනය වන බව දැන සිටියත් මෙවෙලෙහි ඇය ඒ ගැන වද නොවූවාය. ඇයට අවශ්‍ය වී තිබුනේ නිදහසේ මද වේලාවක් ගත කරමින් සිදුවූ සහ සිදුවන සියල්ල ගැන සිතා බැලීමට සහ සියල්ල මොහොතකට අමතක කර සැහැල්ලු වීමටත් ය. කුඩා ජල තටාකයේ වූ පිරිසිදු ජලය ඇයට ඒ අවස්ථාව ලබා දී තිබිණි. 



ඉතිරි ටික කියවන්න මෙතෙන්ට යන්න ....

මේ කතාව මීට පස්සේ දිගටම මිඩියම් එකේ ලියන්න මම තීරණය කළා.  මේ විදියට  කොටසක් දැම්ම කියල පොඩි පෝස්ට් එකක් එක්ක ලින්ක් එක විතරක් බ්ලොග් එකේ දාන්නම්. ඒකට හේතුව මම මේක දිගටම බ්ලොග් එකේ දානකොට මට අනිත් දේවල් ලියන්න හිතෙන්නේ නැති එක.  මම කැමති මේ බ්ලොග් එක මට හිතෙන දේවල් හිතෙන වෙලාවට ඔහේ ලියල දාන තැනක් කරන්න. කතන්දර ලියන්න ගියාම මට ඒ ආතල් එක ගන්න බැහැ .... හෙහ් හෙහ් ..

කතාව උනන්දුවෙන් බලන අයට සිදුවන පොඩි මෙව්වා එකට මගේ බලවත් කණගාටුව... තරහ නැතුව ඔය ලින්ක් එක ක්ලික් කරලා මිඩියම් එක බලන්න කියල ඉල්ලා සිටිනවා...  මිඩියම්  එකේ කමෙන්ට් කරන්න අපහසු නම්  බ්ලොග් එකේ ඕනෑම පොස්ට් එකක කමෙන්ට් එකක් දාන්න... 

මේ විදියට අත්හදා බලන්නම් කොටස් කිහිපයක්...  

  

18 comments:

  1. පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
    ඩ්රෑකීගේ කතාවත් එක්ක කිට්ටුවෙන් යයි!
    වැඩියත්ම පරක්කු වෙවී ලියද්දී...

    ReplyDelete
    Replies
    1. මම මේ දවස්වල හෙණ ස්ටඩියක යන්නෙ. ලෝණගිරියේ ධර්මකීර්ති තෙරුන් එක්ක ගන්තලාවේ නිමල් දිසානායක රටේ මහත්තයාගේ පළහිලව්වක් ඉදිරියට බලාපොරොත්තු වන්න.

      Delete
    2. නිදී,ඩ්‍රැකී තරම් මම මහන්සි වෙන්නේ නැහැ මේක ලියන්න.. පරක්කු නොවී ලියන්න බලන්නම්... ලියල ඉවර වෙලා පබ්ලිෂ් කරන්නත් දවස් දෙකක් විතර ගියා මේ සැරේ හෙහ් හෙහ්....

      Delete
    3. පරණ පිනක් මගෙ ඉහේ කඩාගෙන වැටුණා!
      කෝලම් මේව තමා දෙයියනේ!
      දිසානායක රටේ මහත්තයට පත්වීම ආවාම සන්තෝසෙට කියල නටන්ඩ සිංදු දෙකකුත් තෝරා ගත්තා ආයුබොවන්... හොඳාද?

      Delete
    4. ඔය පළවෙනි සිංදුව රේඩියෝ එකේ දැම්මෙ ඩී. බී. විජේතුංග මැතිතුමා, ජනාධිපති වුණු අවස්ථාවෙ...

      Delete
    5. ඩී. බී. විජේතුංග මැතිතුමා කාටවත් කරදරයක් නැතිව හිටපු එකම ජනාධිපති ද මන්ද ...

      Delete
    6. [පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
      ඩ්රෑකීගේ කතාවත් එක්ක කිට්ටුවෙන් යයි!]

      නීදී මේකෙන් අදහස් කරන දේ මට දැනුයි තේරුම් ගියේ ...
      මට ඕනේ වුනේ Jedi නයිට්වරු වගේ කට්ටියකුත් ගාව ගන්න ... ඩ්‍රැකීගේ එකේ ඉන්නෙත් ඒ ජාතිය කට්ටියක් නේද කියල මීටර් වුණේ දැන්.. හෙහ් හෙහ්...

      මට ඕනේ බොරුවක් ලියන්න පුළුවන් නේ... බලමු වෙනසක් කරන්න...

      Delete
  2. 👍👍👍👍 මේවා දාන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නැහැනේ ..

    ReplyDelete
  3. මට හිතෙන්නෙ, කතාවක කොටස් අතරෙ තව තව දේවල් ලියන්න පුළුවන්. රවි, නිදි එහෙම ඒ විදිහට කරනව. මාත් කීපයක් කරල බැලුවා. අවුලක් වුනේ නෑ කියවන අයට. ඒ නිසා බ්ලොග් එකේ ම ලියහං... සමහරු කැමති නෑ එක පාරටම මීඩියම්වලට මාරු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලියන්න බැරි කමක් නැහැ බන්.... හැබැයි මම ආපහු මගේ බ්ලොග් එක බලනකොට මට පේන්නෙ මේ කතාව විතරයි... එතකොට අර වෙන ලියන්න හිතෙන දේවල් යටපත් වෙලා මම ලියන්නෙත් මේකම තමා... හෙහ් හෙහ් .. එහෙම ලියන්න අරන් බාගෙට නතර වෙච්ච කීපයක් තියෙනවා

      මේ විදියට කොටස් දෙක තුනක් ලියල බලනවා.. මීඩියම් එකත් අමතක වෙන්නේ නැහැනේ එතකොට

      Delete
    2. ඩ්රැකී කියන කතාව ඇත්ත පැතුම්.
      මුල් කාලේ මං එකවර ලේබල් හතරක් යටතේ posts දැම්මා. දැන් දාන්නේ දෙකක් යටතේ විතරයි, එක දිගට. එතකොට විවිධත්වයත් රැකෙනවා.
      බ්ලොග් කියවන අයට හොඳ රසිකත්වයක් හා මතකයක් තියෙන නිසා අවුලක් වෙන පාටකුත් මට නම් දැනිලා නෑ. හැබැයි, ගොඩක් පරක්කු නොවී ඊළඟ කොටස දාන්නට වෙනවා. නැත්තං එයාලට කරන්නේ අසාධාරණයක් කියලයි මම හිතන්නේ.

      Delete
    3. පැතුම්, අමතක නොකර මීඩියම් එකට වගේම මෙතනටත් දාන්න, මේ සැරේ වගේ.

      Delete
    4. මම මේ පොඩි අත්හදා බැලීමක් කරන්නේ... මීඩියම් එකත් දිගටම ඇදගෙන යන්න ක්‍රමයක්... බලමු

      මම ඉක්මනට ලියන්න හිතුවට හැමදාම කල් යනවා... තේරුමක් නැතිව බිසී වෙන ජිවිතනේ අපි ගෙවන්නේ .... හෙහ් හෙහ්

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Awith kathawa liyanna matak karala yanna hithuwa witharayi. Menna ekak dala...

    ReplyDelete
    Replies
    1. ජීවන්ත බලනවා කියල මට මතක් වෙනවා ලියද්දි .. බ්ලොග් එකක් ලියන්නේ නැද්ද ?

      Delete
  6. බොහොම අපූරු විද්‍යාත්මක කතාවක්. කොහොම මට මඟහැරුනද මන්දා? ස්තූතියි, මුල ඉඳලා කියවගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. D.G.M බස්සා ගේ පැමිණීම මහත් සතුටක්... :) අඩුපාඩු කියන්නේ නම් ඉතා සතුටුයි.... :) :)

      Delete