Tuesday, October 08, 2013

ඉංග්‍රීසි බැරිවීමේ සාපය හෙවත් උසස් පෙල වීර ක්‍රියා ...

දැන් මේ x-ban  ප්‍රදර්ශනේට හෝ ගාල ලෑස්තිවෙන (පටන් අරන් ද මන්දා ) ගම්පහ  බණ්ඩාරනායකේ මල්ලි කෙනෙක් මට ඊ මේල් එකක් එවල අර අපි හදපු කාල යානේ විස්තර අහල තිබ්බා .. එයාල මේ සැරේ එකට එහෙම එකක් හදනවලු.. මම ඉතින් මතක විදියට ටිකක් කියල දුන්න .. මම හිතන්නේ මම ඉස්කෝලේ ගිහින් කරපු වැඩකින් මනුස්සයෙක් පරෝජනයක් ගන්නවමද කොහෙද ඔය .. :) කොහොම උනත් ඒ මල්ලිලා කරන ඒ වැඩේ නිසා මට ඇත්තටම  හරි සතුටක් ආව .. මේ දේවල් ලියල තියෙන එක කොච්චර වටිනවද කියල... 

ඉතින් ඔය ඉස්කෝලේ කාලේ කරපු ඒ වගේ වැඩ කිහිපයක් ලියන්න ඕනේ කියල මම හිතුවා .. මොකද ජිවිතේ කවද හරි මතක තියෙන්නේ ඉස්කෝලේදී කරපු ඔය වගේ වැඩ විතරයි .. ඉගෙන ගන්න මෙලෝ දෙයක් ඔලුවේ හිටින්නේ නෑ .. (එහෙම හිටින උන් ඉන්නවා' .. මම කිව්වේ අපි වගේ හුදී ජනයා ගැන ). 

මම උපතින්ම ටිකක් මන්ද බුද්ධික නිසා අණ්ඩපාල වැඩ එච්චරම කලේ නෑ .. කරන උන්ට හින් සීරුවෙ සපෝර්ට් එක දුන්න විතරයි ... 6-11 වෙනකම් බොහොම හැදිච්ච ගුණයහපත් දරුවා .. 12 දී ටිකාක් විතර හොඳයි .. 13 දී  "අයිසේ හේරත් තමුසෙට මම හැමදාම  කියල තියෙනවා නේද කෙමිස්ට්‍රි වෙලාවේදී ඉස්සරහ පේලියට එන්න කියල .. . කනෙන් ඇදල ගන්න කලින් එනවා මෙහාට ... තමුසෙලා ඔය පිටිපස්සේ ඉඳන් කරන මගුලක් නෑ .."

ඇත්තටම කරපු මගුලක් නම් නෑ තමා .. ලේනා සර් හරි .. 

අපිට ෆිසික්ස් සර් කෙනෙක් හිටියට කවදාවත් හරියට ෆිසික්ස් නම් ඉගෙන ගත්තද කියල මතක නෑ .. ගණන් උගන්නන්න හිටපු රන්ජන් සර් සිරා උනාට සර් ටික කාලෙකින් ගිය නිසා ගණන් හරියට කෙරුනේ නෑ  .. එහා පන්තියේ දසනායක සර් ඇවිත් බැලුවට ඉතින් අපිටම කියල සර් කෙනෙක් හිටියේ නෑ .. ඔය කෙමිස්ට්‍රි කරපු හේමචන්ද්‍ර සර් විතරයි පිළිවෙලකට පන්තියට ආවේ ..  ඒක ඔය ඒ ලෙවල් කාලේ පන්තිවල කොහොමත් හැටි කොල්ලෝ එකෙක්වත් ඉස්කෝලෙන් ඉගෙන ගන්නේ නෑනේ (එහෙම ඉගෙන ගන්න උන් ඉන්නවා .. හුදී ජනයා.. හුදී ජනයා ) සර්ල මිස්ලගේ වැරැද්දක් නෙවෙයි ..  වයසේ වැරැද්ද ..

හරි දැන් ඒ ලෙවල් පන්තිවල කරන ප්‍රධාන විෂයන් 3-4ට සැලකිල්ල ඔහොම නම් ඉංග්‍රීසි වලට කොහොම සැලකිල්ලක් තියෙන්න ඇති ද ? (මම හිතන්නේ අවුරුදු 13-14කට පස්සෙත් ඕව වෙනස් වෙන්න විදියක් නෑ )

අපේ පන්තියට ඉංග්‍රීසි ඉගැන්නුවේ කුමාරි මිස් .. දැන් නම් ඉන්නවද දන්නේ නෑ ... කොහොම හරි ඉතින් කුමාරි මිසුත් පන්තියට හැමදාම වගේ ආවා .. (අපෝ කුමාරි අක්කා ... කට්ටියගේ මුණ දෙල් ).. මිස් ඉංග්‍රීසි ඉගැන්නුවා ... කොල්ලෝ ඉගෙන ගන්නවා .. කෑ ගහනවා .. හිනා වෙනවා .. අල්ලපු එකාට ගහනවා.. පෑන් ගහනවා .. අන්තිම පීරියඩ් එක නම්  ඉතින් කොන්ඩෙ හදනවා .. කලිසම යට කරනවා ...මේකප් දානවා ඕව තමා ...   

කුමාරි මිස්ට ඉතින් ටිකක් අමාරුයි අපේ පන්තියේ හිටපු 30-35 ක් විතර කොල්ලෝ ටික බැලන්ස් කරන්න .. මොකද මිස්ටත් ඒ දවස් වල එච්චර වයස නෑ .. වැඩිම උනොත් 28-30ක් ඇති ..  මිස් ඉතින් දන්නා සෙල්ලන් දාල බනිනවා බනිනවා .. අපි ඉතින් හරි හරි මිස් කියල ඉන්නවා ..  ඕක තමා ඉතින් හැමදාම ... අපේ පන්තියේ හිටියා නම ගිය පොරවල් සෙට් එකක් ඒ කියන්නේ 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ චන්ඩි ලෙවල් එකේ හිටපු සහ ඒ ආසන්නයේ හිටපු උන් .. එකෙක් වැද්දා .. ඌට අපිට වැඩිය ඉංග්‍රීසි පුළුවන් .. ඒ කියන්නේ අපි නොදන්නා වචන ඌ දන්නවා .. හැමදාම උගේ වැඩේ මිස්ව බයිට් කරන එක ඔය මොකක් හරි වචනයක් හොයාගෙන ... නැත්නම් ඉතින් ඔය මොකක් හරි එකක් අල්ලගන්නවා .. මිස් සමහර වෙලාවට හොඳයි හැබැයි ඉතින් යකා නගිනවා හිටපු ගමන් ..

ඔන්න ඔහොම එක දවසක් ඉංග්‍රීසි මිස් පන්තියට ආවා .. සුපුරුදු සින්දුව තමා  ඉතින් .. කරුමේ කියන්නේ ඔය මොකක් හරි ගෙදර වැඩක් දීල  මිස් දැන් සිරාවට මේක බලනවා .. අම්මට හුඩු එකෙක්වත් කරලා නෑ ..(කරපු උන් හිටියා  හුදී ජනයා කරලා නෑ ..).. එල කිරි  වගේ මිස් එක එකාගේ පොත් බලන්න ගත්තා ...  මම කෙමිස්ට්‍රි වෙලාවට ඉස්සරම පේලියේ හිටියට නෝමල් ලැන්ඩ් කරන්නේ පිටිපස්සෙම පේලියේ බිත්තිය මුල්ල නෙවෙයි අනිත් මුල්ලේ ..  (අනේ ඉතින් මොනවා උනත්  ඉංග්‍රීසි මිස් ඉස්සර ඉඳන් ම මාත් එක්ක හොඳයි .. ඒ කියන්නේ මම එයාගේ හොඳ ළමයෙක් ) අනිත් සර්ලා මිස්ල තාත්තගේ නමින් මට කතා කලාට කුමාරි මිස් පැතුම් කියල කතා කරන්නේ .. හත්හිලව්වට ගහපු කලාබරේ කිව්වා වගේ මමත් ඉතින් ඔය වැඩේ කරලා නෑ..

දැන් ඉතින් මිස් ඉස්සරහ ඉඳන් එක එකාගේ පොත් බල බල එනවා .. (කස්ටිය ලොකු ටෝක්ස් දීගෙන හිටියට මේ වගේ වෙලාවල් වල ටිකක් බයයි .. පිටි පස්සේ උන් හෝ ගාල අල්ලපු එකෙක්ගෙන් කොපි කරලා මොකක් හරි කුරුටු ගානවා .. නැත්නම් මොකක් හරි බොරුවක් ප්ලැන් කරනවා )  .. මිස්ට දැන් උපරිම තදවෙලා  කරපු වැඩේ බලනවට අමතරව මිස් නොකරපු උන්ගේ මුළු පොතම පෙරලා පෙරලා බලන්න ගත්තා .අපරාදේ කියන්න බෑ පන්තියෙන් 2/3කම වගේ ඉංග්‍රීසි පොත බාගෙට හිස් .. ඒ කියන්නේ එකෙක්වත් කවදාවත් මොකුත් ලියල නෑ .. ඔය බලි ඇඳ ඇඳ ඉඳල .. 

එදා නම් කුමාරි මිස්ට 84000හස් 3ට විතර කේන්ති ගියා .. එනවා යන්න ඔක්කොමල ප්‍රින්සිපල්ගේ  ඔෆිස් එකට .. දෙන්නම් මම තමුසෙලට අද .. කොච්චර කෑ ගහ ගහ අපි උගන්නනවද .. (දන්නවනේ ඉතින්  බැනිල්ල )..

අද හරි තමා  කිය කිය කට්ටිය ඉතින් පෝලිමේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකට ගියා.. ඒ දවස් වල හිටියේ අබේරත්න සර් (මතක අය ඉන්නවනම් දන්නවා ඇති කොල්ලෝ පට්ට බයයි ...) 

සර් ඔෆිස් එකෙන් එලියට ඇවිල්ල කොරිඩෝ එකේ ඉඳන් දැන් නඩුව අහනවා .. 

මොකෝ කුමාරි මිස් .. නෑ සර් මේ ළමයි කවදාවත් මම කියන දේවල් කරන්නේ නැ .. පුදුම වදයක් දෙන්නේ .. ඉවසල ඉවසල බැරිම තැන තමා මම මේ ආවේ .. මට දැන් ඇති වෙලා  (ඔන්න ඔය වගේ ).. 

අපි ඉතින් වට වෙලා ඉන්නවා ... සමහරු උඩ බලනවා .. සමහරු වට පිට බලනවා .. 

මොනවද මේ ටීචර් කියන්නේ .. තමුසෙලා මොකද වැඩ කරන්නේ නැත්තේ ? 13ට ගියාම තමුසෙලා හිතන්නේ ඉන්නේ මහා ලොකු මිනිස්සු කියලද ..? කෝ කෝ ගන්නවා බලන්න පොත් .. 

"නෑ සර් මෙයා හරියට උගන්නන්නේ නෑ ..  කිසි දෙයක් තේරෙන්නේ නෑ .. බොරුනම් බලන්න සර් මේ අපි කවුරුත් මොකුත් ලියල නෑ  හෙන කාලෙකින් .. "

හෙන ගැහුවා වගේ වැද්ද පටන් ගත්තේ නැතැ ..එතකොටම සංජිවයද කොහෙදත් "එක තමයි සර් මේ බලන්න පොත් වල හැටි .. අපි ඉතින් මොනවා ලියන්නද මෙයා උගන්නන්නේ නැතුව .. "

කට්ටියම කොර...  අම්මට හුඩු  කියන්නේ වැඩ නොකරපු සෙට් එකම හෙන පොරවල් වගේ ඉතින් මෙන්න වෙලාව කියල සර්ට පොත් ටික පෙන්නන්න ගත්තා ... සරුත් එහෙන් මෙහෙන් බලල "හරි හරි තමුසෙලා දැන් යනවා පන්තියට  මිට පස්සේ හරියට වැඩ කරනවල  .. තමුසෙලට තව මාස කීයද විභාගෙට තියෙන්නේ .." ඔන්න ඔය වගේ පොඩි සරල ටෝක්ස් ටිකක් දාල අපිව එව්වා .. 

හැක් හැක් හැක් .. අපිට පට්ට ආතල් ..  වීරයෝ වගේ කට්ටියක් පන්තියට ගියා .. කට්ටියක් එහෙමම කැන්ටිමට ගියා .. කොහොම හරි ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල කුමාරි මිස් ආයෙත් පන්තියට ආවා ..

මිස් ගේ ඇස් වල කඳුළු පිරිලා ... ගියා මෙසේ ලඟට ගත්ත පොත් ටික.. එතකොට නම් මිස්ට හොඳටම  ඇඩුණා.. අපිත් කොර .. මම හිතුවේ නෑ කවදාවත් තමුසෙලා මට මෙහෙම කරයි කියල .. එකෙක් හරි හොඳ ළමයි ඉන්න නිසයි මම ආවේ .. මිට පස්සේ කවදාවත් මම මේ පන්තියට එන්නේ නෑ .. 

අනේ සොරි මිස් .. මිස්ට මොකද උනේ .. ප්‍රින්සිපල් බැන්නද ? කවුද එකෙක් ඇහුව .. අනේ යනවා යන්න.. තමුසෙලා ඔක්කොම එකයි .. මම ආයේ එන්නේ නෑ ...එහෙම කියල මිස් යන්න ගියා ..

ඊට පස්සේ මට මතක විදියට නම් කුමාරි මිස් අපේ පන්තියට ආවේ නෑ .. ඇත්තටම මිස්ට ප්‍රින්සිපල් බැනල හරියට උගන්නල නෑ කියල ... පස්සේ අපිට මාර අවුල් .. පස්සේ අපි ගිහින් ආයෙත් සමාව ගත්තා .. හැබැයි මිස් ආවේ නෑ .. ඊට පස්සේ එහා පන්තියට ඉංග්‍රීසි උගන්නපු ඩ්‍රකියුලා  මිස් එක පාරක් ද දෙපාරක් ද ආවා .. එච්චර තමා ...

මේවා මේ ලිව්වේ දැන් ඉන්න මල්ලිලට උනත් කියවල ආදර්ශෙට ගන්න .. ඒ කියන්නේ කොහොමද කට්ටියම සෙට් වෙලා ගේමක් දෙන්නේ වගේ .. තව පැහැදිලි කලොත් පොදු සතුරාට එරෙහිව බය නැතිව හඬ නගන්නේ කොහොමද වගේ .. තවත් පැහැදිලි කලොත් ටීම් වර්ක් කියන්නේ ඕකට .. 

හැබැයි කොල්ලනේ ඕව සහගහන වැඩ .. (ඒ ගහපු  "සහ" නිසා තාම හරියකට ඉංග්‍රීසි බෑ ..) ගුරුවරුන්ට ගෞරව කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ ...  තේරුනා ද?

ගුරු ගෞරවේ ඇඟට දැනෙන්න ඉස්කෝලෙන් අස් වෙලා කාලයක් යන්න ඕනේ ... ගුරුවරු කියන්නේ දෙවිවරු.. එකේ දෙකක් නෑ (ටියුෂන් අයත් එක්කම ). අපි හැමෝම අද මේ ඉන්න තැන වල ඉන්නේ ඒ මිනිස්සු උගුර ලේ රහ වෙනකම් කෑ ගහල උගන්නපු දේවල් වලින් 10% ක් හරි ඔළුවට ගත්ත නිසා .. ඉඳල හිටලා ඕවගේ නොසන්ඩාල වැඩ කලාට මම හිතන්නේ පහු පහු වෙනකොට ඒ අයටත්  ඕව සොඳුරු මතක වෙනවා .. අපිට වගේම ..  

ඔය වගේම ටීම් වර්ක්  නොසන්ඩාල කමකින් පස්සේ දවසක හමුවෙමු .. 

44 comments:

  1. අනේ මන්ද බන් මටත් ඒ දවස් වල ඉඳලම බැරිම එකක් තමයි ඉංග්‍රිසි.
    ඉස්කොලේ අයින් වෙනකොටනම් අර කියුවා වාගේ ගුරුවරු පන්න පන්න උගන්නපු එකෙන් වචන දෙක තුනක් කොහොමහරි ගැට ගහගන්න පුළුකන් කම තිබුනා.
    එකත් ඉතිං කඩ්ඩ බෙහෙතක නමක් ලියන්න වත් ගන්නේ නැති රටක අවුරුද්දු 5 ක් ඉඳලා , අර අමාරුවෙන් ගැට ගහ ගත්ත වචන දෙක තුනත් මතක නැහැ..:-(

    ReplyDelete
    Replies
    1. අපේ ඉංග්‍රීසි ඉගැන්නිල්ලයි ඉගෙන ගැනිල්ලයි දෙකම කවුරුත් හරියට කරන්නේ නෑ බන්.. තමන් ම තනියම උනන්දු වෙලා හදා ගන්න ඕනේ... කොහෙද ඉතින් අපි මේ දැනුත් සිංහලෙන් කොටනවනේ මෙච්චර ඉංග්‍රීසි බෑ කිය කියා.. හික්

      Delete
  2. අබේරත්න සර් පස්සේ කාලේ ආනන්දෙට ආවා..අනේ මන්දා සර් ටවත් ආනන්දෙටවත් වගතුවක් උනේ නෑ....දෙගොල්ලොම ලොස් උනා

    අපිත් ඒ ලෙවෙල් කාලේ එක වාරයක් කෙලින්ම ඉංග්‍රීසී විභාගයම වර්ජනය කලා...

    ReplyDelete
    Replies
    1. ||||අබේරත්න සර් පස්සේ කාලේ ආනන්දෙට ආවා..අනේ මන්දා සර් ටවත් ආනන්දෙටවත් වගතුවක් උනේ නෑ....දෙගොල්ලොම ලොස් උනා||||

      සිරා ටෝක් එක මයියෝ ...
      ++++++++++++++++++++++

      Delete
    2. ආනන්දේ කතාව ලියන්නත් හදල ප්‍රධාන මාතෘකාවට සම්බන්ධයක් නැති නිසා ලිව්වේ නෑ... හික් කොයි කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා බන්.. හරියට කරන්න බැරි එකා හතර වටේ ගා ගන්නවා..

      Delete
  3. ඉස්කෝලේ කාලේ කොහොමත් ඉංග්‍රීසි අරහන්. ග්‍රවුන්ඩ් එකට පැනලා ආතල් එකක් ගන්න එක තමයි අපිත් කරන්නේ

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් පුළුවන් තරම් කට් කරලා.. මග ඇරලා ඉතිරි වෙච්ච කාලේ කරපු වීර ක්‍රියා තමා ඉතින් මේ...

      Delete
  4. මරු ටීම් වර්ක් :D

    ReplyDelete
    Replies
    1. යකෝ මං දාන්න ආව කොමෙන්ට් එක මොකක්ද කියලා කවුරු හරි මට කියපියවුකෝ... ඒකත් අමතක උනා මේ සිරිමතාණන් මෙතැන ඉන්නවා දැකලා.. :D :D :D

      Delete
    2. ඩාර්ක් සයිඩ් ඔෆ් ටීම් වර්ක්...

      Delete
    3. කාට හරි කෙලවපු එකක් කියවන්න නම් සිරිමතුන් හැම එකාම එලි බහිනවා... හික්..

      Delete
  5. අපිනං ඒ ලෙවල් වලට ඉංග්‍රීසි ඉගෙන ගත්තෙම නෑ. මිස් පංතියට එනකොට අපි එලියෙ. අන්තිමට සතියකින් දෙකකින් ඒ වැඩේ නැවතුනා. පස්සෙ ඒ පීරියඩ් එකටත් ෆිසික්ස් උගන්නන්න ගත්ත.

    ReplyDelete
    Replies
    1. මෝඩ වැඩක් කරලා තියෙන්නේ.. ඉංග්‍රීසිත් නෑ.. ෆිසිකුස් නෑ.. ආතලුත් නෑ..

      Delete
  6. මම මේක කොමෙන්ටුවකට වෙනතැනකත් කෙටුවද කොහෙද ... ඉස්ක්ප්ලේ යන කලේ මටත් එපාම කරපු විෂය ඉංග්‍රීසි.... පස්සේ ඉස්කෝලෙන් අයින් වෙලා ඉංග්‍රීසි සරල පස්සෙන් ගිහිල්ලා කඩද පොඩ්ඩක් හදා ගත්තා...... අද තනිකරම වැඩ කරන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් .... සමහර රිපෝර්ට් ලියන කොට හිතෙනවා මෙහෙම උනේ පොඩිකාලේ ඉදන් ඉංග්‍රීසි උගන්නපු ගුරුවරුන්ට දීපු වදය පරිසන් දෙන නිසාවත්දෝ කියලා

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙන් පස්සේ ඉගෙන ගත්ත හැම එකම ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්ත නිසා යන්තම් රස්සාව කරගෙන ඉන්න පුළුවන් මට්ටමට තියෙනවා.. හැබැයි ඉතින් මක් කරලවත් අලුතින් ඉගෙන ගන්න නම් හිතෙන්නේ නෑ.. දන්නා ටික ඔහේ ඇදගෙන යනවා.. මම හිතන්නේ සාපයේ බලපෑම .. හික්

      Delete
  7. \\\\අපිට ෆිසික්ස් සර් කෙනෙක් හිටියට කවදාවත් හරියට ෆිසික්ස් නම් ඉගෙන ගත්තද කියල මතක නෑ .. ගණන් උගන්නන්න හිටපු රන්ජන් සර් සිරා උනාට සර් ටික කාලෙකින් ගිය නිසා ගණන් හරියට කෙරුනේ නෑ ..\\\\

    අපිටත් කම්බයින්ඩ් වලට උනේ ඕක.මෙලෝම රහක් නැති උනා. කෙම ගැන කතා කරන්න එපා.. අදටත් මට කෙම බෑ... ඉංග්‍රීසි නම් අවුලක් උනේ නැහැ හොඳ මිස් කෙනෙක් උන්නා.. හරිම කරුණාවන්තයි.. බොක්කෙන්ම එන කරුණාවන්ත කම තියෙන්නේ..අන්න ඒක..

    මිස්ට කරපු වැඩේ නම් අන්තිම ශුක්‍රාණු වැඩක් පැතුමෝ...( කොපි රයිට් අරූ )

    ReplyDelete
    Replies
    1. අපිට නම් ඇත්තටම ඉස්කෝලේ ඉගෙන ගත්ත ටික ඒ තරම් වැඩක් වුනේ නෑ.. කෙමිස්ට්‍රි සර් විතරයි උනන්දුවෙන් කලේ.. එක ඉතින් ඉස්කෝලේ වරද්දවත් ,ගුරුවරුන්ගේ වරද්දවත් නෙවෙයි.. අපිම තමා අනා ගන්නේ.. හික්..

      මිස්ට එහෙම දෙයක් කරන්න අපේ තුන් හිතකවත් තිබ්බේ නෑ.. හැබැයි ඉතින් මිස්ටත් තිබ්බා පොඩි සද්දයක් දාල නිකන් ඉන්න.. එහෙම වුණා නම් මිසුත් ගොඩ අපිත් ගොඩ..

      ශුක්‍රාණු වැඩක් වෙන්නේ හිතා මතා කළා නම් නේ.. මේක නිකන් ආත්මාරක්ෂාවට කරපු එකක් වගේ..

      Delete
  8. බාසාවක් ඉගෙනගන්න නම් ආසාවක් ඇතිවෙන්න ඕනෙ.. ඔන්න ඔතන තමයි ගුරුවරුන්ටත් අපිටත් දෙගොල්ලටම වැරදුන තැන. එක අතකින් උගන්නන්න තිබුන විෂය නිර්දේශ මහපොලොවට සමාන්තර නැ. අනිත් අතින් ගුරුවරුත් වැඩිහරියක් භාෂාවක් උගන්නන ක්‍රමය ගැන වැටහීමක් නොතිබුණ අය.. අපිත් හිටියෙ ඔය බෝට්‍ටුවේ. කොච්චර බාසාව අරහංද කීවොත් ඕ ලෙවල් වලදි ඕක අතෑරියා. ඒ ලෙවල්වලදි හොඳ ගුරෙක් හිටි නිසා තනිවම ඒක ගත්ත කඩ්ඩ නැතිව ඉස්සරහට යන්න බැරි නිසා. ඒත් කැම්පස් එනකොටත් බී ඒ ටී බැට් ආර් ඒ ටී ‍රැට් විතරයි., කැම්පස් එකේ නම් ඉංග්‍රීසි ඉගැන්නීම හොඳටම හොඳ උනත් මං රස්සාවකටත් ගිය හින්ද දවල් එකට තිබ්බ ඉංග්‍රීසි මට මග ඇරුණා. අන්තිමට කිත්සිරි ජයසූරිය මහත්තයට පිං සිද්ද වෙන්න ඉගෙනගත්තා. එතුමා කලේ බාසාව ගැන අපේ හිත්වල ආසාවක් ඇති කිරීමයි ඔන්න එතකොට තමයි බට කැලේට ගිණි ගත්තා වගෙ කියවන්න ගත්තෙ. බ්‍රිටිශ් කවුන්සල් ගියාම එක පාරට පොත් හතක් උස්සන් එන්නේ මං..එතුමාට පිං සිද්ද් වෙන්න අද මං ලෝකය දකිනවා. කියවන දරුවනේ .. ඉංග්‍රීසි නොදන්න කෙනාට ලෝකෙ බලන්න ඇස් ලැබෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මහගම සේකර මහත්තයා කියනවා “ඔබේ ඇසිනි මා දුටුවේ..“ කියලා.. ආන්න ඒ වගේ දැකපු ගොයියා කියහංකෝ ලෝකේ කොයි පාටද කියලා.. :D අපිත් එතකොට එහෙමවත් බලා ගඤ්ඤං..

      Delete
    2. සරත් අයියලා ඉතින් මේවා දැන් නේ කියන්නේ.. දැන් ඉතින් මක් කොරන්නද? මේ මාරයා කිව්වා වගේ කියමු බලන්න ඔය ලෝකේ මොන පාටද කියල..

      Delete
    3. මං කීවෙ අද මං ලෝකය දකිනවා කියලනෙ දැක්කා කියල නෙවෙයිනෙ.. මාරයා දැන් කඩුව පොලිෂ් කරනවා. පැතුම්ගෙ කඩුව හොඳයි කියලා මට දුන්න පොත් වලින් පෙනෙනවා. හ්ම්ම් දෙන්නාම තමුන්ගෙ ඇස් වලින්ම බලන එක තමයි අගේ..

      Delete
  9. අනෙ අම්මෝ අපිටත් ඉංග්‍රිසි බැරි වුනේ ඒක තමා එහෙනම්. මේ පැතුම් අපි නම් අන්තිම පීරියඩ් එකේදී යට කලා කලිසම නම් නෙමෙ කමිසෙ. ;-) ගනන් ගන්න එපා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ෂර්ට් එක යට කරන්නේ කලිසම බාගෙට ගලෝල නේ බන්.. වැඩි අවදානේ තියෙන්නේ එතකොට කලිසමට.. හික්.. ඒ දවස් වල අපිට විශේෂ අවවාදත් දීල තිබ්බ ඔය මිස්ලා ඉන්න වෙලාවට කලිසම ගලෝගෙන ෂර්ට් යට කරන්න එපා කියල..

      Delete
  10. මෙන්න තවත් බණ්ඩාරනායකයෙක් !

    ReplyDelete
    Replies
    1. ගැනල බලමුද කියක් ඉන්නවද කියල..

      Delete
  11. මෙකත් උඹලගෙම පංතියෙද? :) :) http://funlokaya.blogspot.co.uk/2012/05/5.html

    ReplyDelete
    Replies
    1. මුත් ඉතින් අපි වගේම එකෙක් තමා... ඔය කාලේ ඉන්න හැමෙකාම ඔහොමනෙ බන්..

      Delete
  12. ඉස්කොලවල ඉන්ග්‍රිසි උගන්නන ක්‍රමෙ වැරද්දක් තියෙනව මම හිතන්නෙ.කිසිම කෙනෙක් ඉස්කොලෙන් ඉගෙනගන්නෙ නැ.පුලුවන් අයත් ඉගෙන ගන්නෙ එක්කො පන්තිවලින්.නැත්තම් ගෙදරින්.
    මිස්නම් පවු නෙ

    ReplyDelete
    Replies
    1. උඹේ නමම තියෙන එකෙක් තමා මම ඔය වැද්ද කියල දාල තියෙන්නේ.. මම එත් ප්‍රොෆයිල් පික්චර් එක හොඳට බැලුව ඌමද කියල බලා ගන්න.. හික්.. ඉස්කෝල වලින් ඉගෙන ගන්න උන් ඉන්නවා හෙන කළාතුරකින්... ගොඩක් වෙලාවට ඉතින් අපි වගේ හුදී ජනයෝ තමා වැඩි...

      Delete
    2. අනෙ මචො මමනම් හරි අහින්සක සමනලයෙක්

      Delete
  13. මංනං කියන්නේ මිස්ට උනේ විය යුතුම දේ... හුගක් ගුරුවරු කරන්නේ ඉගෙන ගන්න එකෙක් දෙන්නෙක් අල්ලගෙන හරි..තමන්ට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් අල්ලගෙන එයාගේ පාඩුවේ උගන්නගෙන යන එක... හැලෙන උන් ගැන මලාට හොයන්නේ නැහැ කඩේ වහලා ඉන්නවා... ඔයිට කලින් ළමයින්ගේ පොත් බලලා නැහැ කියලනේ ඔතන උනත් පැහැදිලිම කාරණාව.. එහෙම බලලා ළමයි දුර්වලයි කියලා තේරුං අරං පොඩ්ඩක් ඒ ළමයින්වත් එකතු කරං ගියානං ඔය කුණ එයා කන්නේ නැහැනේ... මංනං කියන්නේ ගේම දීපු එක සුපිරි වැඩක්... ළමයි හුග දෙනෙක් වැඩ නොකර මග අරින්නේ ආසාවටම නෙවෙයි.. ඇත්තටම නොතේරෙන හින්දා...

    අනික රෙද්දේ සිලබස් එක.. යකෝ ඒ කාලේ ඉංග්‍රිසි පොත් දැක්කම බය හිතෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් අපේ ජාන වල අවුල නේ බන්.. උඹටයි මටයි කතා කරලා ඕක විසදන්න බෑ.. දක්ෂ ගුරුවරු හිටියට මැටි ළමයි ඉන්නවනම් වැඩක් නෑ.. ඕකෙම වයිස් වර්සත් එහෙමයි.. ඔය දෙක සමබර වෙච්ච අයිඩියල් ඉස්කෝලේ උඹ අර ජනාධිපති උනාට පස්සේ වගේ ගොඩ නගමු...

      ඇත්තටම හිතට වදින්න උගන්නන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ මිස්.. සමහර මිස්ලා ඉන්නවා... පන්තියට ආවත් ඇති.. සුදු චුටි කියල මිස් කෙනෙක් හිටියා ... අනී ආසාවේ බෑ..

      Delete
  14. පැතුම්.......මට හිතුනේ අපේ ඉස්කෝලේ අපේම පන්තියේ හිටපු එකෙක් අපේම කතාවක් ලියලා කියලා. නම් විතරයි වෙනස්. එච්චරටම සමීපයි.

    ReplyDelete
    Replies
    1. මේවා අපිට විතරක් අයිති දේවල් නෙවෙයි බන්.. ඒ ලෙවල් කාලේ ඔහොම ආතල් ගත්ත නැති පන්තියක් නම් මේ සිරි ලංකාවේ ඉස්කෝල වලින් හොයා ගන්න බැරි වෙයි..

      Delete
  15. මට නම ්සිරාවට දුක හිතුනා මිස් ගැන. මිස්ලා උගන්වන විදිය ඇත්තටම දන්න නැහැ ගොඩක් වෙලාවට. නිකං කෝප ගන්නවා.
    අපේ පිසික්ස් සර් කෙනෙක් ඉන්නවා හිටපු ගමන් මිනිහා පස්නෙ අහලා උත්තර තුන හතරක් කියනවා..

    උත්තර තුන හතරෙන් මිනිහා එක උත්තරේකට වැඩිපුර බර දාල අදිනවා..ඒක හරි උත්තරේ බව අගවන්න..සමහර වෙලාවට ඒක හරි සමාරවෙලාවට වැරදි..

    ඒ සර්ට මුලු පන්තියම කන්ටොල්...මොකක් හරි බූතයක් කලොත් පස්න අහල නෝන්ඩි කරනවා නැති වෙන්න... ඒකත් එක හැකියාවක්..එක අතකින්..

    ReplyDelete
    Replies
    1. සර්ලට කොහොමත් කොල්ලෝ බයයි.. පන්තිය ඇතුලෙදි කචල් දාන්නේ නෑ.. මිස්ලාව නම් අනාත කරනවා සමහර වෙලාවට.. ඇත්තටම තරුණ මිස්ලාව ඒ. ලෙවල් පන්ති වලට දාන එකෙන් කාටවත් සෙතක් නම් වෙන්නේ නෑ.. කොල්ලන්ට ආතල් මිසක්..

      Delete
  16. කෙල්ලෙක් වගේ මිස් කෙනෙක්ට ඔහොම කරන වටිනවද අෆ්ෆා... :(
    පව් අහිංසකී... මං නම් A/L කාලෙ පංතියෙ හිටියෙ English පීරියඩ් එකේ විතරයි..... :)
    (අපේ ඉංග්‍රීසි මිස්ට බබා හම්බ වෙලා ඒ කාලෙ දිගටම ආවෙ නෑ)

    ReplyDelete
    Replies
    1. හිතල කරන්නේ නෑ ඉතින්.. නිකන් ම කෙරෙනවා .. හෙහ් හෙහ්..

      Delete
  17. අපෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා... ඒ කාලෙ මමත් හිටපු ගමන් පංතියෙදි මොකක් හරි එකකට සෙට් වෙනවා.. එක්කො කොල්ලෙක් එක්ක ගහ ගන්නවා.. ඒ වගේ.. හැබැයි මම වැඩ නොකර හිටියෙ නම් නෑ.. දිගටම වැඩ ටික හරියට කලා... ගහගත්ත එහෙම වෙලාවට ටීචර් ඇවිත් අපේ පොත් බලනවා.. මගේ පොතේ පැවරුම් කරලා.. අනික් එකාගෙ නෑ... ඉතින් හුඟක් වෙලාවට මම බේරෙනවා.. අරූ ගුටි කනවා නැත්නම් බැනුම් අහනවා..

    පස්සෙ කාලෙක විශ්ව විද්‍යාල සහකාර කථිකාචාර්ය තනතුරකට ආවා.. ගුරු වෘත්තිය කියන්නේ මොකක්ද කියන එක එතනදි තේරුම් ගත්තා... ගෞරවය සහ ලමයින් පාලනය කිරීමේ පීඩාව යන දෙකෙන්ම...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඉස්කෝලේ කාලේ ගත්ත ආතල් උගන්නනකොට මතක් වෙන එක ඊට වඩා ආතල් ඇති... අපි කරපුවා මුන් අපිටත් කරනවනේ කියල...

      Delete
  18. තොපි ඒ මිස්ට මුකුත් නොකල එක මදෑ !!

    ReplyDelete
    Replies
    1. තව ඉතින් මොනවා කරන්නද බන්.. මිස් පට්ට කෑල්ලක් නෙවෙයි.. හෙහ් හෙහ්.. ඊට වඩා දේවල් ඉතින් කරන්න හිතෙන්නේ නෑ...

      Delete
  19. රෙජිස්ටර් වෙන්න කම්මැලියි ... ඔයා මගේ බ්ලොග් එක දා ගන්න.. අවුලක් නෑ..

    ReplyDelete
  20. ඉංග්‍රීසි රිසාල්ට් ඒක හෙන වැදගත් මචං. මාගේ A/L සහතිකේ පට්ට කැතයි. . . මම A/L කරේ 2002 කේ C.maths . A 3 යි F එකයි. මං මේක කියන්නේ මාගේ A3 යි කියන්න එහෙම නෙවෙයි. මං මේක කියන්නේ දැන් A/L කරණ එකෙක් හරි මාගේ තත්වේ තේරුම් අරගෙන අඩුමගානේ S එකක් වත් දාගනි කියලා හිතල.
    මට ලඟදි පට්ට නෝන්ඩියක් උනා interview එකක දි එකයි. උන් බලන්නේ මාගේ A දිහා නෙවෙයි අර F ඒක දිහා.

    ReplyDelete