ජීවිතය තියෙන්නේ කොහෙද...? අපි ට ජිවත් වෙනව කියල දැනෙන්නේ මොනවා කරන කොටද? මම කියන්නේ හොඳට ජිවිතේ දැනෙන විදියට ජිවත් වෙන්න අපි මොනවා කරන්න ඕනේ ද?
එක එක්කෙනාට ජීවිතය දැනෙන විදිය වෙනස් ඇති.. සමහරු වැඩ කරන එක ජිවත් වෙනවා කියල හිතනවා.. තව කෙනෙක් මොකක් හරි නිර්මාණයක් කරන එක තුල ජිවත් වෙනවා කියන එක දකිනවා ඇති.. අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් එක්ක ඉන්න එකෙන් ජීවිතය දකිනවා ඇති.. සමහරවිට මොකුත් නොකර ඔහේ ඉන්න එක තුලත් ජීවිතය දකින අය ඇති..
මට හිතෙනවා අපි හැමෝම තමන් ජිවත් වෙනවා කියල දැනෙන දේ කරන්න බොහොම කැමතියි ... ඒක අපේ ඇතුලෙන් එන දෙයක් මිසක් බාහිර සමාජයෙන් අපිට කාවද්දන දේවල් කිරීම තුලින් ඒ හැගීම ගන්න බෑ කියලයි මට හිතෙන්නේ.. බොහෝ වෙලාවට අපි හැමෝම කරන්නේ කවුරු හරි අපිට කරන්න හොඳයි කියල ඔළුවට දාපු රස්සාවක්, වැඩක්, සේවාවක් වගේ දෙයක් මුළු ජිවිත කාලෙම කර කර ඉඳල ඔහේ මැරිලා යන එක.. ඒ අතරේ මොකක් හරි ආගමක් තුලින් තමන්ට අහිමි වෙච්ච සැබෑ ජීවිතය හොයන්න දඟලන එක..
ගොඩක් වෙලාවට මේ වගේ සියුම් දේ ගැන අපි හිතන්නේ නෑ... ඒ කියන්නේ මම මේ කරන්නේ මට ජිවිතේ ජිවත් වෙනවා කියල දැනෙන රස්සාවද? නැත්නම් මේක මේ සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න ඕනේ නිසා සමාජ සම්මත වලින් එකක් තෝරාගෙන ඔහේ කරගෙන යන තව එක වැඩක් විතරද කියන එක හිතල බලල තියෙනවද?
මට හිතෙනවා අපි කරන බොහෝ දේවල් අපි කරන්නේ යාන්ත්‍රිකව කියල.. ඒ කියන්නේ සිස්ටම් එක හැදිලා තියෙන විදියට අපි ඒක ඔහේ කරනවා.. එතනින් එහාට අපි ගැන (මම ගැන) සියුම් ව හිතල බලන්න අපි දන්නේ නෑ වගේ.. (මම අතාරින්න කලින් මම කියන්නේ මොකාද කියල හරියටම දැන ගෙන ඉන්න ඕනේ නේද)...
ඔහොම හිතල බලනකොට තේරුම් යනවා අපි ඇතුලේ සියුම් ව තියෙන සැබෑ චරිතය කවුද කියන එක ගැන.. මම කියන්නේ අහවල් රස්සාව කරන, අහවල් සුදුසුකම් තියෙන, අහවල් පවුල් පසුබිමේ හැදුන.. මෙන්න මේ වගේ දුක සැප වලට මුහුණ දුන්න, සමාජයේ මෙන්න මේ තැන ඉන්න/ බොහොම හොඳ /වැදගත් /පාඩුවේ ඉන්න/ අහිංසක චරිතයක් කියල මතුපිටින් ඉන්න මම ගැන අපිට ඉතින් සරලව හිතා ගන්න පුළුවන්..
ඔය හිතුවිල්ලෙන් හිතන දේට වඩා සියුම් විදියට අපි අපිව ඇනලයිස් කරලා බැලුවොත් අපිට ඔය මතුපිටින් ඉන්න එකාට යටින් ඉන්න සියුම් එකාව හොයා ගන්න පුළුවන් .. ඌ ඔය කියන තරම් වැදගත් , අහිංසක ,උගත් පොරක් ද යන එක ගැන අපිම හිතල බලන්න ඕනේ..
සමහර විට ඇතුලේ ඉන්න මම බොහොම දක්ෂ සංගීත කාරයෙක් / චිත්‍ර ශිල්පියෙක්/ ගොවියෙක් /ලේඛකයෙක්/කම්කරුවෙක් වෙන්න පුළුවන්.. අපි ඒ අපේ ඔරිජිනල් චරිතෙට සාධාරණයක් වෙන විදියට දැන් ජිවත් වෙන්නේ කියල හිතල බලන්න.. සමහර විට අහසට පොලොව වගේ වෙනස් චරිත දෙකක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා ඇති.. සමාජ සම්මත වලට බයේ..
ඔය වෙනස අඳුන ගත්තත් අපිට ඒක අපිට ඕනේ විදියට ආපහු වෙනස් කරන එක පහසු නෑ.. මොකද ඒ තරමට අපි මේ සමාජ සම්මත වලට බැඳිලා ඉන්න නිසා.. සම්මත බිඳින්න අපිට බෑ අපි මත යැපෙන අය තව ඉන්න නිසා.. (මේ ගැලවීම ගැන තමයි අපේ ආගමේ කියන්නේ කියල එකට වන්දනා කරන එක නැතුව අපිට බැරිද මේකෙන් මේ ඉන්න ගමන්ම ගැලවිලා අපේ ඇත්ත ජීවිතය ඇතුලේ ජිවත් වෙන්න...)
මට ඔය හැඟීම බොහොම තදට දැනෙන්න ගත්තේ මෙහට ආවට පස්සේ... මම ඉස්සර ඉඳන් ලංකාවේ ඉන්න, ලංකාවට වැඩ කරන්න කැමතියි.. අලි දෙන්නම් කොටි දෙන්නම් කියල එන්න කිව්ව නිසා ඇවිල්ල බැලුව මිසක් අවංකවම ආවේ හෙන උනන්දුවකින් නෙවෙයි.. (බැංකු ණය නිසා ) ටික කාලයක් යනකොට මට මොකක්දෝ දෙයක් මිසින් කියන හැඟීම එන්න ගත්තා... ඒක පාළුව වත් තනිකම වත් නෙවෙයි.. (ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්.. හෙහ් හෙහ්)
ගිය සුමානේ හදිසියේම ලංකාවට ගියා මේ බස්ටි නංගිගේ පොඩි ඩෙන්ටල් කේස් එකක් වෙලා (මෙහෙ පට්ට ගණන් ) .. ඔය ගිය වෙලාවේ අර මිසින් වෙලා තිබ්බ දේ ආයෙත් දැනුන කියල මට හිතුන.. ඒ කියන්නේ ලංකාවේ තියෙන පිළිවෙලක් නැති, කුණු පිරිච්ච ,ඔහේ දුවන, ප්‍රශ්න වලින් හෙම්බත් වුණ.. එහෙත් ගැඹුරු හදවත් තියෙන මිනිස්සු එක්ක මට ජීවිතය පෙනුනා කියල හිතුනා... ලංකාවයි මෙහෙයි භෞතික විදියට සංසන්දනයෙන් ඔය දේ විඳින්න බෑ.. ඉන්දියාවට ගියත් සමහර විට මට ඔය ගතිය දැනෙයි..
මෙහෙ ජීවිතය සැපයි.. පහසුයි.. හැබැයි මම මෙහෙ ඉන්නවා මිසක් ජිවත් වෙන්නේ නෑ... පිළිවෙලට රොබෝලා වගේ කන්ඩිෂන් වෙච්ච .. හරි විදියට ජිවත් වෙන්න ට්‍රයි කරන (සුද්දෝ හරි කියල හිතාගෙන ඉන්න ) මිනිස්සුන්ට වඩා.. හිත් වලට එන නැචුරල් තරහට/ආදරයට/කම්මැලි කමට / මුස්පේන්තු කමට පොඩ්ඩක් ඉඩ දීලා .. එක එකාට බැන බැන ... දුෂ්ට කම් කර කර .. හිතට එන දේ කරන ඔහේ ගෙවන ජිවිත තියෙන අපේ මිනිස්සු අතර ජීවිතය තියෙනවා කියල මට හිතුනා...
(ඕක හරියටම දැනෙන්න මම ඒ.සී කාර් එකේ සහ අනිත් උන් දුක් විඳගෙන පයින්/බස් වල යන්න ඕනේ.. පැත්ත මාරු වෙච්ච ගමන් ..අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි රටක් .. )
වෙලාවකට මටත් ඔහොමම හිතිලා තියෙනවා.
ReplyDeleteඑහෙම හිතුන වෙලාවට ඇත්තටම සියුම් විදියට අපි ගැනම ඇනලයිස් කරන්න පුළුවන්..
Deleteඕක සාමාන්‍ය සිතිවිල්ලක්...
ReplyDeleteවෙන්න ඇති..
Deleteඅනේ මන්ද අප්පා :)
ReplyDeleteවැඩිය සීරියස් ගන්න එපා.. නිකමට හිතල බලන්න ඇතුලේ ඉන්න ඔයා ගැන...
Deleteරට ඉන්න හැමෝටම වගේ තියෙන සිතුවීල්ලක්...ඒත් ලංකාවට ඇවිල්ලා ටික දවසකින් නැති වෙන දෙයක්.......
ReplyDeleteඅර පුරුද්දට කරන දේවල් ගැන බුද්ධාගමේ මෙහෙම තියෙනවා..
/////බෞද්ධ දර්ශනයේ උපාදාන කියන්නේ විවිධාකර වූ අල්ලා ගැනිම්, ඇලීම් කීපයකට...
තුන්වෙනි උපාදානය වෙන්නේ ''සීලබ්බත උපාදානය'...මේ කියන්නේ අපේ විවිධාකාර පුරුදු වලට, ශීලයන්ට තියෙන කැමැත්ත...උදාහරනක් විදිහට ආතල් එකටත් වඩා පුරුද්දට අපි කරන සමහර වැඩ ගැන මෙතැනදී කථා කරනවා...///
බුද්ධාගම කෝකටත් තෛලයද?
ටික කාලෙකින් ලංකාව එපා වීම කියන එක එක එක පුද්ගලයට වෙනස් බන්... අපිට ඇත්තටම ඕනේ දේ එක එක දේවල් වලින් වහගෙන ජිවත් වෙන බව අපි අඳුර ගත්තම අපිට පුළුවන් ඇත්තටම ඕනේ දේ කරන්න..
Deleteඋඹ මේ කියන මේ ගැඹුරු හදවත් තියන මිනිස්සු සහ ඔය රටේ තියන සැප පහසුව කියන දෙකම එකවර ලඟා කරගන්න අපිට කවදාවත් බෑ කියල හිතනවද?
ReplyDeleteඑහෙම එකක් ගැන නෙවෙයි බන් මම මෙතන කතා කලේ.. බොහෝ වෙලාවට මේ රටවල් වල ඉන්නකොට මේවායේ ඉන්න මිනිස්සු බහුතරයකගේ ඇතුල හිස් කියල දැනෙනවා... උන් අපිට වඩා දියුණුයි භෞතිකව ... හැබැයි ජිවිතේ දකින විදිය ගැඹුරු නෑ...
Deleteඅපේ මිනිස්සු ඔය සම්මත දේවල් වලදී පස්සෙන් හිටියට (පිළිවෙල/පිරිසුදු කම/වැදගත් කම) පුද්ගලයෝ විදියට අභ්‍යන්තර ගතිගුණ මාර පොහොසත්.. ඒක බටහිර සම්මත මිමි වලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි...
මම හිටපු ටික කාලෙට මට දැනුන දෙයක් මේක..
සැප පහසුව ලඟා කරගන්න එක තම තමන් අතේ තියෙන දෙයක්.. සැපට ජිවත් වෙන අපේ රටේ මිනිස්සු කොච්චර ඉන්නවද ඔරිජිනල් ලංකාවේ (දකුණු ආසියාතික ගති ) තියාගෙන..
කියන්න දේවල් ගොඩක් තියෙන මාතෘකාවක් පැතුම්.. අපි කොච්චර ලංකාවට බැන්නත් , දොස් කිව්වත් අපිට මේ රට දාලා යන්න බැහැ.. අපි ආසයි කුණු බක්කිය අවුස්සන්න.. කුණු රසට මාළු කෑල්ලක් කන්න නැතිව දුකින් ඉන්න පූසෝ වගේ අපි...
ReplyDeleteමිළ මුදල් ටිකක් හොයාගෙන එන්න.. සල්ලි ඕනේ ජීවිතේට.. අන්තිමට ඉතුරු වෙන්නේ සල්ලි විතරයි ... ! මන් මේ කියන්නේ ඇත්ත...
අපේ තාත්තලාගේ ජෙනරේෂන් එකේදී තමයි මිනිස්සු ඉතුරු උනේ .. අපේ ජෙනරේෂන් එකේදී ඉතුරු වෙන්නේ සල්ලි විතරයි...ඒ නිසා සල්ලි ටිකක් හොයන් ඇවිත් දෙයියනේ කියලා ඉන්න කුණු මාළු කෑල්ලක් කාලා ...
කුණු මාළු උනත් සල්ලි වලට එපැයි ගන්න...
_____________________________
තව දෙයක් පැතුම් දැකලා තියෙනවද සිංහරාජේ වගේ ගියාම .. ? ඒ වගේ තැනක හැමදාම ජීවත් වෙන්න ආස හිතෙනවා නේද ටාර්සන් වගේ ....? ඒත් ඇත්තටම එහෙම තැනක ජීවත් වෙන්න උණොත් එහෙම මොනවා වේවිද ...? එක සති දෙකක් ඉන්න පුලුවන්ද කැලේට වෙලා ...?
සියලු මිනිස්සු වැඩියම ආස තමන් උපන් පරිසරයට .. කොහේ ගියත් ඒ පරිසරය හොයන් එන්නයි කැමති... බාහිර සාධක නිසා කරගන්න බැරි කම මිසක් ... !
මට නම් දෙයියනේ කියලා මගේම ගෙදර , තනියම මට ඕනේ විදිහට ඉන්න ලැබිලා තියෙනවා.. ඒ ටික හොඳටම ඇති...
"මට නම් දෙයියනේ කියලා මගේම ගෙදර , තනියම මට ඕනේ විදිහට ඉන්න ලැබිලා තියෙනවා.. ඒ ටික හොඳටම ඇති..."
Deleteමෙන්න මේ ටිකෙන් අපි සංතෘප්ත වෙන්න ඉගෙන ගන්න කම් අපි කොච්චර දුරක් දුවනවද කියන එක තමා මටත් කියන්න ඕනේ කලේ.. වටේ දුවල දුවල අන්තිමට එන්න ඕනේ කරන්නේ ඔතෙන්ට.. අපේ ජීවිතය ඇත්තටම තියෙන තැන අපේ ගෙදර තමා.. ඕක එක එක විදියේ දවටන වලින් වහගෙන අපි ජිවත් වෙනවා..
හැබැයි ඕක ප්‍රත්‍යක්ෂයෙන් දැනෙන්න බොහෝ දවටන වල රස බලන්නම වෙනවා.. සමහරු දවටන රස බලද්දිම මැරිලා යනවා.. තව සමහරු යාන්තම් අන්තිම කාලේ තමන්ට ඇත්තටම ඕනේ දේ තේරුම් ගන්නවා..
බොහෝ වෙලාවට තරුණ කාලේ අපි කරන්නේ විවිද දවටන පස්සේ දුව දුව ඉන්න එක..
සහන්ගේ කළු වලාවේ තියෙන රත්තරන් ඉර සහන්ට පේන එක ගැන මට සතුටුයි...
//////මෙහෙ ජීවිතය සැපයි.. පහසුයි.. හැබැයි මම මෙහෙ ඉන්නවා මිසක් ජිවත් වෙන්නේ නෑ... ////////
ReplyDeleteමේ කතාව හරියටම හරි.....මට ජීවත් වෙන්න එන්න ඕනි. මම කොහොමද ඒ වැඩේ කරන්නේ? මගේ බැඳීම් මට ඒකට ඉඩ හරියිද? ඒවා නොසලකා හැර මට ජීවත්වෙන්න පුළුවන්ද? ආර්ථික ප්‍රශ්න ඉවරකර ගන්න ගමන්ම තව තවත් අපි බැඳීම් ඇති කර ගන්නවා නේද? ඒ බැඳීම් අපිව අපි අකැමති තැනම තව කාලයකට ඉන්න හරිනවා නේද? විත්ත්කරුවෝ නැති චෝදනා පත්‍ර බං....
ඕක සංකීර්ණ කර ගන්නේ අපිම තමා.. බැඳීම නැති වෙන්නේ නෑ.. මැරිලා යන කම් ඔය ටික තියෙයි...එකම දේ ඒ බැඳීම් අපි කොච්චරක් දුරට හිතින් අල්ලගන්නවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ... ප්‍රශ්න ඔක්කොම ඉවර කරලා නිදහස් වෙනවා කියල ඉන්න කම් අපට කවදාවත් ජිවත් වෙන්න බෑ.. මොකද ඒවා කවදාවත් ඉවර වෙන්නේ නෑ..
Deleteඅපි කැමති ජීවිතය හැමවෙලේම අපිත් එක්ක තියෙනවා.. එකම දේ අපි ඒ ජීවිතය අඳුන ගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ.. ප්‍රශ්න ටික ඉවර වෙලාම කරන්න හිටියොත් ප්‍රශ්න අතරේදීම මැරිලා යනවා මිසක් අපිට ජිවත් වෙන්න වෙන්නේ නෑ..
ජීවිතය තියෙන්නේ මේ මොහොතේ විතරයි.. අතීතයේ වත් අනාගතයේවත් අපේ ජිවිතේ නෑ නේ.. ඉතින් මේ දැන් අපි කරන දේ මත අපි ජිවත් වෙන සැබෑ අරමුණ අපිට අත්දකින්න පුළුවන්..
අපට අපේ ජීවිතය දැනෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කලාතුරකින් එන අවස්ථෘවේදී මේ දේවල් මේ විදියට හිතන්න වෙනවා.. ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොනවටද?
ReplyDeleteමම නම් ජිවත් වෙන්නේ කන්නයි නිදා ගන්නයි (අර ප්‍රසිද්ධියේ නොකියන වැඩ ටිකටයි ) තමා.. හෙහ් හෙහ් .. ඔයිට වැඩිය ලොකු අරමුණු වලට යන්න ට්‍රයි කරන්න කරන්න අපි ඇත්තටම ජිවත් වෙන්නේ මොකට කියල අපිට අමතක වෙන එක තමා වෙන්නේ..
Deleteජිවත් වෙන එක සංකීර්ණ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට විතරනේ නලින් අයියේ..
'ඕක හරියටම දැනෙන්න මම ඒ.සී කාර් එකේ සහ අනිත් උන් දුක් විඳගෙන පයින්/බස් වල යන්න ඕනේ.. පැත්ත මාරු වෙච්ච ගමන් ..අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි රටක් .. ' ඒක තමයි මරු කෑල්ල. :D
ReplyDeleteවෙන රටක ඉන්න ගොඩක් අය කරන්නෙ රස්සාවක් කරල පඩියක් ගන්න එක විතරයි නිසා එයාට එහෙ කිසිම බැඳීමක් නැතිවෙන්න පුලුවං. නමුත් ලංකාවෙදි තමංගෙ පවුල, නෑදෑයොත් එක්ක ඉන්නකොට ඒ මිනිස්සුංගෙ ප්‍රශ්නවලටත් මැදිහත් වෙන්න වෙනවනෙ.
ඔව් රස්සාව කරනවා පඩි ගන්නවා ඒක වියදම් කරනවා.. ඕක තම ඉතින් ... අර පවුලේ අයගේ ප්‍රශ්න වලට එහෙන් මෙහෙන් හොම්බ දාන්න බැරි වෙන එකත් බලාගෙන යනකොට හෙන ප්‍රශ්නයක්...
Deleteමේ වගේ පොර ටෝක් දාන්න අපිට හිතෙන්නේ අපිට අර බස් වල යන පයින් යන අවුවට වැස්සට තෙමෙන මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් උඩට ඇවිල්ල ඉන්න පුළුවන් කම ලැබිල තියෙන නිසා... නැත්නම් ඉතින් මහින්ද තමා ඔක්කොටම වැරදි කාරය..
මේ රට ගැනත් මිනිස්සු ගැනත් පැතුම් කියන දේ හරියට හරි.. සල්ලි පස්සෙ දිවිල්ල නිසා දියුණුවත් එක්ක මනුස්සකම් පස්සට ගිහින්.. අපේ රටත් ඒ පාරෙම තමයි යන්නෙ. අර මෙහෙ ඉඳන් එහෙ ගියාම සාපේක්ෂව වෙනසක් පෙනුනාට ඒක කාලීනයි.. ඒ කොහොම උනත් රර්ටවල් ගනනාවක රස්සව නිසා ජීවත් උන මිනිහෙක් හැටියට මම ලංකාවට තාමත් ප්‍රියයි. ඒකයි මගෙ අන්වර්ථනාමය ලංකාප්‍රිය උනේ.
ReplyDeleteනිවාඩු වෙලාවක හිතලා බලන්ඩ ඕන කාරණාවක් !
ReplyDeleteජීවිතය හරියට තෙරුම් ගන්න එක ඉතාම සංකීර්ණයි. ඒක කරන්න පුලුවන් සුපිරි මොලකාරයෙකුට විතරයි. අපි මතුපිටින් දකින දේ පුස්සක් විතරයි. අපි හිතුවට අපිට ගැඹුරට හාර ගෙන යන්න පුලුවන් කියල, අපිට ඒක කරන්න බෑ. හැමදාම වෙන්නෙ අපි මතුපිට පාවෙන එක තමයි.
ReplyDeleteඅපිට සරල වෙන්න ඕන උනත් ගෑනුන්ගෙන් බේරෙන්න තියේද බන්
ReplyDeleteමට හිතෙන්නෙ මෙහෙමයි.. මිනිසාට සහජ අවශ්‍යතාවයක් තියෙනව ඒකාකාරී බවෙන් මිදෙන්න.. හැමදාම එක විදිහට ඉන්න කමති නෑ.. ඒක නිසා වෙනස් වෙන්න ඕන කරනවා.
ReplyDeleteහුඟක් අය තමන් දැන් ඉන්න තත්වයට කැමති නෑ.. එක නිසයි වෙන රටකට හරි ගිහින් වෙනස් වෙන්න හදන්නේ... හැබැයි ටික කාලෙකින් එකත් එපා වෙනව.. එතකොට හිතෙනව කලින් විදිහ හොඳයි කියල..
එක බණ කතාවක තියෙනව දුප්පත් මනුස්සයෙක් භික්ෂූන් වහන්සෙලාට ලැබෙන ලාබ සත්කාර ගැන හිතල මහණ වෙනවා.. ටික කාලේකින් ජීවිතය නීරස වෙලා, සිවුරු ඇරල බිරිඳ ලඟට යනව... ප්‍රශ්න වලින් හෙම්බත් වෙනකොට ආයෙත් මහණ වෙනව... ආයෙත් බිරිඳ ලඟට යනව.. ආයෙත් මහණ වෙනව... ඔහොම හත් අට වතාවක් වෙනව... (හැබැයි අන්තිම වතාවෙ මහණකම හරියට කරල රහත් වෙනව )
දැන් තියෙන්නෙ මුදල් මත පදනම් වුණ සමාජ ක්‍රමයක්. පවුලේ යුතුකම් වගකීම් හරියට කරන්න නම් සරල වෙලා පුලුවන්ද බන්. උඹටත් දරු මල්ලො ඉන්න කාලෙක තේරෙයි. උඹ උන්ට හොඳට උගන්නල තැනකට ගෙනත් හොඳ කසාදයක් හෙම කරල දුන්නෙ නැත්නම් උන් උඹට කටපුරා තාත්ත කියාවිද? උන් දුක් විඳින කොට උඹට බලාගෙන් ඉන්න පුලුවන් වෙයිද?
ReplyDelete