Monday, March 05, 2012

වීරයෝ

වීරයෝ ගොඩක් ඉන්නවා.. එක එක කාලෙට මේ වීරයෝ වෙනස් වෙනවා.. ඉස්සර හිටපු වීරයෝ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ අද ටී.වී එකේ සිටුවර මොන්ට ක්‍රිස්ටෝ බැලුවට පස්සේ... රූපවාහිනය ඉපදුනේ මම ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ.. අපිට ටී.වී එකක් බලන්න හම්බවුණේ ඉපදිලා අවුරුදු 7-8ක් ගියාට පස්සේ.. ටී.වී එක දකින්න කලින් පොත පතින් කියවල තිබ්බ.. සුරංගනා කතාවල වීරයෝ ගැන.. ඊට පස්සේ තුන් යහළු වික්‍රමය,කල්ලන්දූවේ මුතු කොල්ලය,මඩොල් දූව වගේ පොත් වලින් තවත් වීර චරිත හම්බ වුණා... ඉස්කෝලෙදි ඉතින් දුටුගැමුණු,වළගම්බා,දසමහ යෝධයෝ වගේ පුරාණ වීරයෝ ගැන ඔළුවට දැම්මා..  පස්සෙ පස්සේ සැබෑ ලෝකයේ අය වීරයෝ වුණා.. ඒ කිව්වේ තෝමස් අල්වා එඩිසන්,මාර්කෝනී,ලොගී බෙයාර්ඩ් ඒවත් ඔය පොඩි පොඩි පොත පත කියවල දැන ගත්තේ...

ටික කාලෙකින් ටී.වී එකෙන් හිතා ගන්න බැරි විදියේ වීර චරිත දැක්කා.. මැගයිවර්,රොබින් හුඩ්,ටාසන්,නයිට් රයිඩර්,ස්ට්‍රීට් හෝක්,කාටුන් වල හිටපු ගලිවර්,හී මෑන්,මන්කි මෑන්.. හිතා ගන්න බැරි තරම් වීරයෝ විදියට අපේ පුංචි හිත් වලට කා වැදිල තිබුණා...

රොබින් හුඩ් ගේ දුන් සෙල්ලම්,ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්න.. ඊට වැඩිය දෙයක් තිබ්බෙ නෑ.. මේ තාක්ෂණික රැකියාවල් වලට එන්න අපේ හිත් යොමු කළේ මයිකල් නයිට් ද මන්ද... අපේ අක්කට ලැම්බට් කියන නම අද දක්වාම පවුලේම ජනප්‍රිය නමක් ලෙස මා විසින් රෙජිස්ටර් කළේ ඒ දවස් වල තිබ්බ ටයිම් ට්‍රැක්ස් කියන කතාවේ වීරයගේ නම.. සිරා සීන් එක කියන්නේ..කතාව පටන් ගන්න කලින් පොඩි පොඩි කමිං කෑලී දානකොට අක්ක කිව්ව ඔන්න ඔය කතාවේ ඉන්න වීරය නම් මමයි ඈ කියල.. හික් හික්.. වීරයගේ නම ඩැරියන් ලැම්බට්... එදා ඉඳන් මට අපේ අක්ක ලැම්බට් තමා..(අක්ක මේක බලන්නෙ නෑ.. ඒ නිසා අවුලක් නෑ)

පස්සෙ පස්සේ මනුතාපය,මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයා, කුංෆූ වගේ කතා මාලාවල් වලින් අපේ ජීවිත වලට වෙනස්ම විදියේ වීර චරිත ඇතුලත් කළා.. ජෝන් වැල් ජෝන් ගේ අසරණ කම.. අසරණ කම තුළින් ජීවිතය දිනන හැටි.. බඩගින්නට පාන් ගෙඩියක් හොරකම් කලත් ජීවිත කාලයක් දුක් විඳින්න සිද්ද වෙන්න පුළුවන් කියන පුංචි පාඩම් අපේ ඔලුවල තැන්පත් කළා.. ක්වායි චෑන් කේන් ගේ ජීවිතය,පළගැටියා,ගුරුතුමා.. සංකීර්ණ ජීවිත පාඩම් හරීම ලස්සන විදියට අපේ හිත්වලට කාවැද්දුවා... (කුංෆූ සීරීස් එක නම් ආයේ බලන්න නියම කාලේ දැන්)... මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයාගේ හිරෙන් පැනීම, ඔහුගේ කුමන්ත්‍රණ.. හැමදාම හිතේ තිබුණා....

ටී.වී එක දියුණු වෙලා තොරතුරු වැඩි වැඩියෙන් එනකොට.. චිත්‍ර පටි වලින් විජය,ජීවන්, බෘස් ලී,ආනෝල්ඩ්,ජැකී චෑන්,වෑන් ඩෑම්,චක්නෝරිස් අපිට හම්බ වුණා.. ඒ වෙනකොට ටාසන්,රොබින් හුඩ් ටිකක් යල් පැනල...
ආනෝල්ඩ්ගේ, බෘස් ලී ගේ පිංතූර කොල ගන්න එක තරම් වෙන ආතල් වැඩක් තිබ්බේ නෑ.. ඉස්කෝලේ ගාව ස්ටිකර් විකුණන සීයලගෙන් හොයන්නෙම ඕවා තමා...

ලව් සික් ඔළුවට ගහන් කාලේ එනකොටම මෙන්න ආවේ නැතෑ.. අමීර් කාන්,සලමන් කාන්,ෂාරුක් කාන්,අමිතා බච්චන්,ජැකී ෂරොෆ්,සංජේ දත්,මධුරි ඩික්සිත්(මගේ ප්‍රථම ප්‍රේමය),ශ්‍රී දේවී,ජූහි චව්ලා.. පිස්සු ගොඩයි..
ඉස්සර ගැමුණු විජේසූරිය රේඩියෝ එක්කෙ ඇඩ් එක කියවන්නේ..සුරූපී ශ්‍රී දේවි,ලස්සන අමීර් කාන් රඟන අලුත්ම චිත්‍රපටිය ආවා අවා ආවා.. කියල.. හික් හරි ආතල් අප්පා..

ඊට පස්සේ හින්දි ඉංග්‍රීසි ෆිල්ම් වලින් තව සෑහෙන්න වීරයෝ ටිකක් සෙට් වුණා.. පස්සෙ පස්සේ කාටුන් වලින් තවත් අමුතුම වීර චරිත හම්බ  උනා සුපර් මෑන්,ස්පයිඩර් මෑන්, බැට් මෑන්,හල්ක්, ප්‍රොෆෙසර් එක්ස්,එක්ස් මෙන් සෙට් එක,තන්ඩර් කැට්ස්,සිල්වර් හොක්ස් සිරාම ෆැන්ටසි ලෝකයක් මැව්වා... තාම මතකයි මම ත්න්ඩර් කැට්ස් එකේ තිබ්බ වාහන කඩදාසි වලින් හදන්න ට්‍රයි කරපු හැටි..(ඔරිගාමී හංසයෝ,ප්ලේන්,ගෙම්බෝ,නැව්,රුවල් නැව්) ඕව හදන්න තාම ආස හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති..

අර්ජුණ,අරවින්ද,ගුරුසිංහ,මහානාම,වකාර් යුනිස්,අක්‍රම්,ලාරා,ඇම්බ්‍රෝස්,වොල්ෂ්,ආසර්ඩීන්,අනිල් කුම්බ්ලේ,තෙන්ඩුල්කාර් කාලයක් වීරයෝ වෙලා හිටියා.. .. 

උ.පෙ ට ගණන් කරන්න ගත්තට පස්සේ අයින්ස්ටයින් තරම් පොරක් හිටියේ නෑ... ආතර් සී ක්ලාක්,අයිසැක් ඇසිමෝව්,කාල් සාගන්,ඇලික්සි ලියනොෆ්, හික් හික්.. හල් 9000,ඩේව් බෝමන් අම්මට හුඩු අන්න පොරවල්.. 

පස්සේ ඉතින් බිල් ගේට්ස්, ජේම්ස් ගොස්ලින් (ජාවා හැදුවේ මෙයා) ට තමා දෙයියන්ට වගේ සැලකුවේ..
ඉගෙන ගෙන ඉවරයක් කරල රස්සාව කරනකොට ජීවිතේ බර ටිකක් දැනිලා දැන් ඉතින් සෙල්ලං නෑ වගේ කියල හිතෙනකොට හම්බ වුණා තවත් වීරයෝ ටිකක්... මහත්මා ගාන්ධි,බලංගොඩ ආනන්ද මෙත්‍රිය හාමුදුරුවෝ, ඒබ්‍රහම් ටී කෝවුර් (පස්සෙ මට එපා උණා), ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්මයා, ජේ.ක්‍රිෂ්ණමූර්ති තුමා වගේ අය ගැන කියවනකොට සැබෑ වීර චරිත වල දැක්ක මවා ගත් ප්‍රතිරූපවලට වඩා ප්‍රතිරූප නැති අවිහිංසක චරිත වීරයෝ වුණා... 

ඉස්සරහට තව අලුත් වීරයෝ හම්බ වෙයි... හැබැයි ඒ ගොඩක් වීරයෝ මවාගත් ප්‍රතිරූප විතරයි කියන එක ගොඩක් වෙලාවට දැනෙන නිසා ඉස්සර තරම් හිතට වදින එකක් නෑ.. ඒ වෙනුවට මහමඟ යදින අසරණ මිනිස්සු ඇතුලේ තියෙන මනුස්ස කමෙන් වීරයෝ දකින්න තමයි දැන් හිත කැමති


4 comments:

  1. "...මිනිස්සු ඇතුලේ තියෙන මනුස්ස කමෙන් වීරයෝ දකින්න තමයි දැන් හිත කැමති..."

    ඒ අතින් උඹත් මගේ ලෝකයේ වීරයෙක්...!!!

    ReplyDelete
  2. ඉස්සර මාත් හරි ආසයි කඩුවක් හදාගෙන රොබින් හූඩ් වගේ ඉන්ට !

    ReplyDelete
  3. //ඉස්සරහට තව අලුත් වීරයෝ හම්බ වෙයි... //

    ඒකනේ මචං උඹට මම වගේ යාලුවෙක් ලැබිල තියෙන්නෙ

    ReplyDelete
  4. තිස්ස අයියේ,
    අපි අතර ගොඩක් ඉන්නව මේ වගේ වීරයෝ.. එකම දේ මතුපිටින් පෙන්නන්න ප්‍රතිරූපයක් නැති නිසා ඒ වීරයෝ බලු වෙලා ඔහේ ඉන්නවා.. මොනව හරි ආභරණ ටිකක් දාගෙන පිට ඔපේ හදාගන්න අයට වීරත්වය ඔටෝ ලැබෙනවා..

    මධුරංග,
    හික් හික් මම තාම අපේ අක්කගේ පුතා එක්ක කඩු ෆයිට් යනවා..

    ඕනයා,
    අනිවා, උඹේ වීර චරිතේ මොන පැත්තට යයි ද කියල හිතා ගන්න බැරුව මේ ඉන්නේ..

    ReplyDelete