සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවීම ගැන පෝස්ට් එකක් දාන්න හිතුණා... හිතුනෙ නම් හමුවීම වුණ දවසෙමයි..
වෙලාවක් ලැබුණෙ අද..
මේ සයිබර් ලෝකේ හමු වෙලා කතා බහ කරල.. දැන හඳුන ගත්ත අයව සැබැවින් හමුවීම ඇත්තටම හරිම වැදගත් දෙයක්... ජාලේ අස්සෙ තියෙන වැඩකට නැති සමූහ, අඩවි ලක්ෂ ගානින් කීයෙන කීයක් මේ වගේ සාර්ථක වෙනවද කියල නම් සැකයි... කොහොම වුණත් සමූහයේ අරමුණ හොඳ වීම මේ සාර්ථකත්වයට හේතු වෙන්න ඇති කියන එක තමා මට නම් හිතෙන්නෙ... ඒ වගේම තමා ඒ අරමුණ වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන පිරිසක් ඉන්න එක හරිම වැදගත්...
සිංහල යුනිකේත නිසා බොහෝ පිරිසක් හඳුනා ගන්න ලැබීම යුනිකේත වලට වඩා වටිනව...
මීළඟ හමුවීම වෙනකොට අපිට බොහෝ ඉදිරියට ගිහින් ඉන්න පුළුවන් වෙයි... මේ යන විදියට කරගෙන යමු.. (මම නම් ඉතින් ඉඳල හිටල පෝස්ට් එකක් දානවට වඩා වැඩි යමක් කරන්නෙ නෑ... :) )
කොහොම වුණත් SBU එකට ජයෙන් ජය...
පෙට්ටගමින් අනං-මනං -2
-
මගේ විද්යුත් පෙට්ටගමෙන් ඇබින්දක් මං ඔයාලත් එක්ක *බෙදා ගත්තා* මතකයිනේ-
පෙට්ටගමින් අනං-මනං-1 post එකෙන්. අද ඔන්න තව ටිකක්.
Blogකාරයන් හෙවත් බොග දමන්නන් ගැ...
16 hours ago
ඇත්ත ඇත්ත
ReplyDeleteවටිනේනේ යුනිකේත නෙවෙයි.. ඒයිට පිටිපසින් හැදෙන යාළුමිත්රකම්.