ගෝර්ඩන් අයියගේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන වැඩි විස්තර එදා ලියන්න හිටියට ලියන්න බැරි වුණා නේ...
කටුගෙදර ගැන ලියන්න කලින් ගෝර්ඩන් අයියා ගැන විස්තර ටිකක් ලියන එක වටිනව කියල හිතුණා..
ගෝර්ඩන් ද සිල්වා කියන්නෙ ඇත්තටම අපූරු චරිතයක්...
කාටූන් සහ ඇනිමේශන් ක්ෂේත්‍රයේ දක්ෂයෙක්, ඒ වගේම හොඳ එකතු කරන්නෙක්...
ගෝර්ඩන් ගේ විනෝදාංශය තමා මුද්දර,කාසි,නෝට්ටු,මුල් දින කවර ආදිය එකතු කර සුරැකීම...සෑහෙන හොඳ එකතුවක් ඔහු ගාව තියෙනවා හරීම පිළිවෙලට ක්‍රමානූකූලව තමන්ගේ එකතුව පවත්වාගෙන යනවා...
එහෙම එකතු කරල ඔහුගේ මහන්සියෙන් සහ වියදමින් පවත්වාගෙන යන අපූරු තැනක් තමා මේ සෙලෝලයිඩ් කටුගෙදර කියන්නෙ...
නිශ්චල ඡායාරූපකරණය,
සිනමාකරණය,
පුවත්පත් මුද්‍රණය,
ගුවන් විදුලිය,
රූපවාහිනිය
යන ක්ෂේත්‍රයන්හි පෞරාණික භාණ්ඩ එකතුවක් සහ ඒ ආශ්‍රිත ලිපි ලේඛණ, චිත්‍ර පට හා ප්‍රචාරක දැන්වීම් කලාව සහ ඒ ඒ පෞරාණික භණ්ඩයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව හැදෑරීමට කැමති කෙනෙකුට නොමිලේම ඒ අවස්ථාව සලසා දෙන ස්ථානයක් විදියට මේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන කියන්න පුළුවන්...
පසුගිය නොවැම්බර් 20 වෙනිදා තමයි මේක නිල වශයෙන් විවෘත කළේ... විවෘත කෙරුණේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ අතින්...
ලංකාවට සෑහෙන කාලෙක ඉඳල තිබුණු අවශ්‍යතාවක් තනි පුද්ගලයෙකුගෙ උත්සාහයක් ලෙස මෙසේ රටට දායාද කරදීම ඇත්තටම අගය කළ යුතුයි
ඕනෙම කෙනෙකුට ගිහින් නරඹන්න... විස්තර දැන ගන්න පුළුවන්
ලිපිනය - 61/2C මාලපල්ල,නුගගහලන්ද,හෝමගම,
ගෝර්ඩන් ගේ දුරකථනය - 0714064647
Review - Is Grokking Algorithms book by Aditya Bhargava worth it?
-
Hello guys, I have read many books on data structures and algorithms like Introduction
to Algorithms by Thomas H. Corman and Algorithm design manual by Ste...
7 hours ago
No comments:
Post a Comment