මේක මගේ අදහසක් නෙවෙයි... හෙන සම්භාව්‍ය ගතියක් තිබුණට මේක උපුට ගත්තෙ කාගෙවත් පොතකිනුත් නෙවෙයි...
ත්‍රී වීල් වල පිටිපස්සෙ ගහල තියෙන ඒව කියවන එක හරි ජොලි වැඩේ නේ... මගේ ප්‍රියතම වැඩ වලින් එකක්... හික් හික්..
මේ අදහස අද මම දැක්කෙත් ත්‍රී වීල් එකකම තමා.. මම ත්‍රී වීල් එක ඉස්සර කරල මිනිහා දිහා හැරිලත් බැලුවා පොඩි ගරු කිරීමක් විදියට...
ජනමාධ්‍ය හැසිරුවීමේ මනෝවිද්‍යාත්මක කලාව
-
ධවල පත්‍රිකාවේ සාධනීය දේවල් තිබ්බා. මාලිමාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත්
එකල ධවල පත්‍රිකාවේ ධනාත්මක දේවල් අරගෙන තිබුනා. නමුත් ධවල පත්‍රිකාවට එදා
පාසල...
1 day ago
ඒක ඇත්ත...
ReplyDeleteටිකක් වැඩිපුර ලියන්නකෝ...
තව ඒවගෙ ඒවා නැද්ද?
ReplyDeleteඇත්ත කතාව.
ReplyDeleteමිනිහෙක් තමන්ට පුළුවන් විදියට සූදානං වෙලා ආවම සමාජේ කියනවා මෙහෙමයි මෙහෙමයි මෙතන හරි නෑ, මේක සංස්කෘතියට විරුද්ධයි, මේක සදාචාරේට විරුද්ධයි, මේක අපේ අවුරුදු 2500ක ඉතිහාසයට විරුද්ධයි බයිල ගොඩයි.
කවදාවත් මිනිහෙක්ට සමාජෙට ගැළපෙන්න සූදානං වෙන්න බෑ, මොකක් හරි වැරැද්දක් තියනවා නේ.
ඉතින් හොඳම දේ අපිට ගැළපෙන විදියට අපි ජීවත් වෙන එකයි!
පරිස්සමෙන් ලංකාවේ ඉතින් වාහනයක් ඉස්සර කරලා හැරිලා බැලුවොත් එන්නේ වලියටනෙ
ReplyDeleteඔය කතාව සම්භාව්‍ය පොතක තිබුනු බවක් මම දැනගෙන හිටියෙ නෑ. ඒත් මම අහල තියනවා මගෙ යාලුවෙකුගෙ තාත්තා කෙනෙකුගෙන්. මම බොහොම ගරු කරන ශක්තිමත්, තේජාන්විත පුරුෂයෙක් ඔහු. මහා වනාන්තරයක් තිබුන තැනක ගම්මානයක් බිහිකල කෙනෙක්. එච්චර හරියක් කරපු මනුස්සයා දවසක් මට කියනවා "පුතේ මම මේ මොනවා කලත් මෙච්චර කල් කරල තියෙන්නෙ ජීවත් වෙන්න ඉගෙන ගන්න එක විතරයි" කියල. එතකොට මම ඒ කතාවෙ බර පතල කම තේරුම් ගන්න තරම් මෝරල හිටියෙ නෑ...
ReplyDelete