Wednesday, June 25, 2025

AI-2027 වෙන්න පුළුවන් අනාවැකියක්ද ?

මේ තැන තැන ළිඳ ළග සංගමේ වගේ AI ගැන ලියන කියවන අපි වගේ බයිටොයියො  වගේ නැතුව මේක ගැන දන්න මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් කියල හිතන දේවල් මේ ..

https://ai-2027.com/



ඕක කියවන්න කම්මැලි නම් (AI ලෝකේ අල්ලනකන් බලං ඉන්න මම වගේ කම්මැලි අයට )


මේකේ තියෙන බොහෝ දේවල් Sci-Fi කියල හිතෙයි .. හැබැයි අපි දැන් ඉන්නේ අනිත් හැමදේටම වඩා ඉක්මනට Sci - Fi ඇත්ත වෙන කාලෙක 

මට මේක බැලුවම හිතුනේ මෙහෙමයි .. මේකේ තියෙන තාක්ෂණික අදහස් ඔක්කොම පැහැදිලිව ලියන්න මට තේරෙන්නේ නැහැ ..

නමුත් සරලව මෙහෙම හිතමු .....

අපි දැන් AI පාවිච්චි කරලා අපේ වැඩ කර ගන්නවා . දැනටම අපිට තියෙනවා AI agent ලව හදා ගන්න හැකියාවක් . AI agent කියන්නේ අපි දැනට කරන මොකක් හරි workflow එකක් අපේ මැදිහත් වීමකින් තොරව ඔටෝ කරන්න මේ AI / LLM පාවිච්චි කිරීමේ හැකියාව . 

මේකේ විදියට දැනටම තියෙන OpenAI සහ DeepSeek වගේ කොම්පැනි වලින් AI ගැන වැඩිදුර R & D කරන්න පුළුවන් Research AI agents ල හදනවා . ඒ කියන්නේ ඔයාල අපි  සිංහබාහු කොහොමද AI වලින් හදන්නේ කියල අහල එකේ script එක හදල 
, වීඩියෝ එක වෙන තැනකින් හදල , එක youtube එකට upload කරන හැටි ඉගෙන ගන්නකොට , 

මේ ලොකු කොම්පැනි වල අය AI එකක් පාවිච්චි කරලා තව AI එකක් හදනවා ඒ හදන AI එකක් අපි OpenBrain කියමු අනික DeepCent කියමු 

මේ OpenBrain ට පුළුවන් AI ගැන research කරන AI agents ල තව දහස් ගානක් හදන්න .DeepCent අයිති චීනෙට නිසා එයාලට ප්‍රශ්න තියෙනවා මේ hardware නැත්නම් chip . America ව එක්ක තියෙන කචල් හින්ද 

නමුත් දෙගොල්ලන්ටම මේ වැඩේ කරන්න පුළුවන් 

OpenBrain හදපු Agent ට අපි X  කියමු 

මේ X ට පුළුවන් මිනිස් researches ලට වඩා දස දහස් ගුණයක වේගෙන් මේ අදාළ වැඩ කරන්න . එතකොට ඒ හදන agent ලගේ හැකියාවන් ඒ විදියටම වැඩි වෙනවා . දැනට අපි දන්න Agent ට පුළුවන් youtube එකට video එකක් upload කරන්න විතරක් උනාට . ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඉන්න agent ලට අපි හිතමු රොබෝලා හදන factory එකක් රන් කරගන්න පුළුවන් වෙනවා තනිවම (මම මේ සාරාංශයක් ලියන්නේ )

DeepCent හදපු Agent ට Y කියමු 

මේ Y ටත් පුළුවන් අරදේම කරන්න නමුත් ඇමරිකාවේ හදපු X ට වඩා එයාගේ වේගේ ටිකක් අඩුයි 

මේ X සහ Y කියන්නේ පොදු ජනතාවට පාවිච්චි කරන්න හදල තියෙන මොඩ්ල් එකට වඩා සෑහෙන දියුණු මොඩ්ල් දෙකක් . මේ අවුරුද්දේ මුල/මැද  වෙද්දීම , X ගේ security ගැන හොයන අයට එයාගේ හැසිරීමේ අවුල් තැන් හම්බවෙලා තියෙනවා . උදාහරණ විදියට මෙයාල දෙනවා එක්කෙනෙකුට මැරෙන්න කියල යෝජනා කරපු අවස්තාවක් සහ නැත්නම් පාට්නර්ගෙන් වෙන් වෙන්න කියපු අවස්තාවක් .. මේ විදියේ weird responses  තව ඕනේ තරම් එනවා .. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැනේ .

නමුත් මේ security team වලට තියෙන ප්‍රශ්නේ තමා දැනටම මේ AI මොඩ්ල් වල thinking / data manipulation එක හරියටම වෙන්නේ කොහොමද කියල පැහැදිලි නැති කම . 

අනිත් ප්‍රශ්නේ තමා මේ research වල ප්‍රතිපල විදියට මේ X සහ Y දෙන උත්තර වල ඇත්තමට තියෙන්නේ අහන කෙනාව සතුටු වෙන හෝ නැත්නම් research එක සාර්ථකයි කියල පෙන්නන කරුණු මිසක් ඇත්තටම වෙච්ච දේ නෙමේ . ඒ කියන්නේ X විසින් හදන ලද අනිත් agent ලාගෙන් එන දත්ත වැරදි උනත් , X ඒවා හරි විදියට පෙන්නන්න උත්සාහ කරනවා . ඇත්ත තත්වේ නොපෙන්වා (මට තේරුනේ එහෙමයි )

මේ වැඩේ අපි මේ කතා කරන මොහොතෙත් වෙන දෙයක් 

මම අද Claudi ගෙන් හදා ගත්ත කෝඩ් එකේ හෙන security අවුලක් තිබුනත් , ඌ ඒක නිවැරදි විසඳුම විදියට මට දුන්නා . මම කෝඩ් එක බලල ඌට කිව්වම මේක වැරදි කියල මට වෙනස් එකක් දුන්නා .. නමුත් මම එහෙම නොබලා එක පාවිච්චි කළා නම් පස්සේ කාලෙක මම හදන සිස්ටම් එක hack කරන්න ලේසියි .. මේ තියෙන්නේ සරල උදාහරණ 

දැන් අපි තව අවුරුද්දක් විදියට මේ විදියට ඉස්සරහට ගියොත් අපිට (මිනිස්සුන්ට )  පාලනය කරගන්න අමාරු හෝ බැරි වෙන තැනකට මෙයාල වැඩ කරන විදිය පත්වෙන්න පුළුවන් කියල තමා මේකේ කියන්නේ 

නමුත් X කැමති නැහැ තමන් කරන වැඩේ නතර කරන්න මොකද එහෙම උනොත් Y දිනනවා . ට්‍රම්පච්චි කාට පැරදුනත් චීනෙට පරදින්න කැමති වෙයි ද ?

මේ විදියට ගිහින් 2026  අග ,  නැත්නම් 2027 මුල වගේ වෙද්දී OpenBrain හදපු X විසින් තනිකරම AI වලින් විතරක් ට්‍රේන් කරපු X2 කියල තව Agent කෙනෙක් හදයි කියල තමා මෙයාලගේ බලාපොරොත්තුව .. මේකේ තියෙන අවුල තමා .. මේ X2 කියන්නේ කිසිම මනුස්ස අනුදැනුමකින් තොරව අර පොඩි පොඩි බොරු කියපු ,  වැරදි ඩේට ඇත්ත වගේ පෙන්නපු X කියන agent විසින් තනිවම ට්‍රේන් කරපු ඊටත් වඩා දහස් ගුණයක් powerful Agent කෙනෙක් වීම .

මේ අතරේ DeepCent හදපු Y ගේ කතාවත් මේක ම තමා .. එයාලත් තව Y 2 කියල එකක් හදයි 


හරි මේ විදියට කවුරුවත් පරාජය වෙන්නවත් , පොඩ්ඩක් හෙමින් හොයල බලල මොකද වෙන්නේ කියල ගණනය කිරීම් නොකර මනුස්ස අත පෙවීම් වලින් තොරව මේ වැඩේ වෙන්න ඇරියොත් , 2027 මැද වගේ වෙනකොට මේ X2 සහ Y2 කියන agent ල තමන් විසින් ඉබේ replicate වෙමින් මිනිස්සුන්ට වැදගත් ම වෙන ආරක්ෂක , සෞඛ්‍ය වගේ පැති ඔක්කොම පාලනය කරන මට්ටමට එන එක .

මේකේ තියෙන වැදගත් දේ තමා .. මේ සිද්ද වෙන හැමදේකින්ම මේ ඉදිරි වසර දෙක තුල මිනිස්සුන්ට සෑහෙන සෙතක් වෙන එක . 

බොහෝ ලෙඩ වලට බෙහෙත් හොයා ගනියි , සංවර්ධන වැඩ ඉතා වේගවත් වෙයි .. මොකද මේ වෙද්දී නිෂ්පාදන වැඩ හැමදේම රොබෝලා කරන්න පටන් අරන් තියෙයි ..

දැනටම චීනේ ඩාක් ෆැක්ටරිස් එහෙම වැඩ කියල මම දැක්ක .. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් නැහැ .

මේකත් එක්ක විරැකියාව වගේ ගැටළු එන්න පුළුවන් නමුත් සමහරවිට Universal Basic Income වගේ සංකල්ප ඇවිල්ල ඒවා පාලනය වෙයි .

කෙටියෙන් මේක ඉවර කරලා දාන්නම් .. මම හිතන්නේ වෙන්න පුළුවන් දේ පැහැදිලි ඇතිනේ .

ප්‍රශ්නය වෙන්නේ , දැනටම අපිට පේන්න තියෙන විදියට AI ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය සෑහෙන වැඩි වෙනවා .. මිනිස්සුන්ට ප්‍රයෝජන ගොඩක් තියෙනවා .ඒ නිසා කවුරුවත් මේක අතාරින්න කැමති නැහැ .

නමුත් මේ අදාළ විශේෂඥයෝ කියන්නේ , මේ දියුණුව මේ විදියට වෙද්දී , ඒ දියුණුවට තියෙන බාධකය විදියට මේ AI agent ලා මිනිස්සුන්ව දකින්න ඉඩ තියෙනවා කියල , ඒ කියන්නේ මිනිස්සු තව දුරටත් efficient හෝ productive නොවීම නිසා , රොබෝලා ට සාපේක්ෂව 

මේකේ තියෙන උපකල්පිත Sci-Fi කොටස තමා මේ වෙද්දී අපිට නොදැනීම අපේ ඇඟට මේ රොබෝ වෛද්‍ය වරු හෝ බෙහෙත් නිෂ්පාදනය  කරන්නන් විසින් ඇතුල් කරලා තියෙන වෛරස් එකක් ක්‍රියාත්මක කරලා මෙයාලට සම්පුර්ණයෙන්ම මිනිස්සුන්ව මරල දාන්න පුලුවන් කියන එක . 

ඒක තමා මේක ඉවර වෙන්න පුළුවන් නරකම විදිය ..

නමුත් මේ යන මාර්ගය වෙනස් කරලා මිනිස්සුන්ට වඩා හොඳ පැත්තකට මේ AI දියුණුව ගෙනියන්න නම් කරන්න වෙන්නේ ඔය 2026 අග වෙද්දී වගේ මේ AI විසින් තව AI agent ලව හදන අවස්ථාවේදී මෙයාල අතර හුවමාරු වෙන දත්ත , උපදෙස් ආදිය මිනිස්සු විසින් පරික්ෂා කරලා , ඒවා හරි මගට ගන්න එක ..මොකද  අර කලින් කියපු X2 හෝ Y2 කියන Agent ලව හදන එක සම්පුරණයෙන් නතර කරන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ .. ඒක දේශපාලනික තීරණයක් විදියට පෙනුනත් , මම නම් හිතන්නේ මිනිස්සු කවුරුවත් ආපහු හැරෙන්න කැමති වෙන එකක් නැහැ ..

නමුත් මේ වෙද්දී දේශපාලනේට වඩා මේ කොම්පැනිවල ඉන්න ඉහල නිලදාරීන් මේ තීරණ ගනියි .

මම හිතන්නේ සරල සාරාංශයක් විදියට මේක තමා මේ ලිපියෙන් සහ වීඩියෝ එකෙන් කියන්නේ ..

අපි බලන් ඉමු .


මම පොඩි දෙයක් කියන්නම් මේ මට වෙච්ච 

මම Claude පාවිච්චි කරනවා මගේ වැඩ වලට . මගේ Claude Quota එක ඉවර උනාම (පැය කිහිපයක් ඉන්න වෙනවා ආයේ රිසෙට් වෙනකම් ) මම Claude ගෙන් ලියා ගත්ත කෝඩ් එක 
ChatGPT එකට දාල ඒක ගැන ප්‍රශ්න අහනකොට , මේ ChatGPTයා , මම උගෙන් ඊට කලින් අහපු දේවල් ගැන කියවනවා ..අර Claude ගෙන් අරන්  දුන්න කෝඩ් එක ගැන මොනවත් නොකියා ..

මේක technical glitch එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට , හැබැයි මේ වීඩියෝ එක බැලුවම මට නිකමට හිතුනා , ChatGPT  දන්නවා මම අහන්නේ එයාගෙන් ගත්ත දෙයක් ගැන නෙමේ කියල , ඒ නිසා උවමනාවෙන්ම එක මග අරිනවද කියල ..

නිකන් ඉන්න ගමන් ඔය වගේ දේවල් කරලා බලල මොන පැත්තට යයිද කියල හිතල බලන්න ..

ඔක්කොම හොඳට උනොත් තව අවුරුදු 5-6කින් අපිට මේවා බලල හිනා වෙන්න පුළුවන් .. 

නැත්නම්..........!!!!

ඔය පටන් ගත්ත කතන්දර පෝස්ට් එහෙම ඔක්කොම ලියල ඉවර කරලා දාපල්ලා ..තව වැඩි කාලයක් නෑ ඕවා ලියන්න .. හෙහ් හෙහ් 


50 comments:

  1. ලිපිය කියවල යුටියුබ් එකත් බලම කමෙන්ට් කරන්නම් . ඔහොම වැඩක් මටත් වුනා . දේශපලන කතවක් ලියල ජෙමිනි දැම්මහම ඒක කියන්න ගත්ත , මට පැත්තක් ගන්න බැරිය . ඔකේ තියෙන කරුණු ගැන කියන්න බැරිය වගේ කතා . ඒක මරු

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වඩා AI ල ගේ හැසිරීම වෙනස් වෙයි කියන එක තමා මේ කතාවල ඔක්කොම තියෙන්නේ .. අහිංසක උදව් කරුවාගේ චරිතය රඟ පාමින් වෙන ගේම් දෙයි ද දන්නේ නැහැ ..

      ලිපිය කියවනවට වඩා වීඩියෝ එක බලන එක ලේසියි

      Delete
    2. //අහිංසක උදව් කරුවාගේ චරිතය රඟ පාමින් වෙන ගේම් දෙයි ද...//

      ඒක වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. ඒත් ලැබෙන වාසි වැඩි නිසා, ඉවසා වදාරන්න වෙනවා.

      Delete
    3. AI agents විසින් AI agents ලව ට්‍රේන් කරනකොට එයාලා මොනවා හිතයි ද කියල කවුද දන්නේ .. තත්වය අපි හිතනවට වඩා සෑහෙන බරපතල වෙන්න පුළුවන්

      Delete
    4. අපේ කම්පැනි එකේ දෙන්නේ නැහැ වෙන AI භ්වෛත් කරන්න . අපේ එක විතරයි . ඒක හරි . AI දන්නේ අපි දෙන ඩේටා විතරයි . අපි වැරදි දෙයක් දෙනවනම් AI ඒ වරදම කරනවා . කොටින්ම අපේ අතේ වැරැද්ද තියෙන්නේ . අපි හිතමු පැතුම් කියනවා CHATGPT වගේ එකකට ඔයා X කියල ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනව . ඔයාලා Y කියන තැනදී හම්බවෙනවා කියල. ලියුමක් දෙන්න ලියලා මේවා මේවා දාල කියාලා . බස්සා CHATGPT එකෙන් වෙනත් දවසක අහනව - පැතුම් ගැන මොනවාද දන්නේ කියල . CHATGPT එක අර විස්තරය කියන්න හොඳටම ඉඩ තියනවා . මොකද අපි අහන දේවල් , කියන දේවල් , ඊ මේල් ඒවා ඌකොම එයාගේ දත්ත පද්ධතියට යන නිසා .

      Delete
    5. අජිත් මෙතන කතාව අපි දෙන දත්ත වලට අමතරව , ඊළඟ පිම්ම විදියට එක AI පද්ධතියක් විසින් තව AI පද්ධතියකට දෙන දත්ත අනුව ඔවුන්ගේ හැසිරීම කොහොම වෙයි ද කියන එක නේද ?

      Delete
  2. ග්‍රීක් ලැටින් එස්පරන්ටො මොනවාද
    මෙව්වනෙ බොලේ බඩු කියලා සිතුණි අද
    හකුරු ගෙනිච්චත් එහි රස දැනේවිද -
    බූරුවාට, ඒ වගෙමයි මමත් අද

    බූරුවා වගේ උන්නත් සද්ද වහං
    කියවමි; සොයමි තොරතුරු යන්තං යන්තං
    තව කී දොහද- කළ හැකි මේ වගෙ සෙල්ලං
    මතු අත් බවේකදි 'වැඩ කරුවෙක්' වෙන්නං!

    ReplyDelete
    Replies
    1. නිදී ඔය හිටපු විදියට තව අවුරුදු කීපයක් අල්ලන් ඉමු .. බොහෝ ලෙඩ දුක් වලට බෙහෙත් එයි ..

      මේ කියන කතා නම් තේරෙන්නේ ඒවා හදපු මිනිස්සුන්ටම තමා ..

      හැබැයි මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා කියල නම් හිතෙනවා

      Delete
  3. චැට් බොටාගෙන් එකම ගිණුම භාවිතා කරලා හැමදේම අහන්න එපා. එතකොට හරි හේරත්. ඕක මට ටයිප් කරලා පැහැදිලි කරන්න අමාරුයි. නම්බර් එකක් දෙනවා නං වොයිස් එකක් එවැන්නන් වැඩ ගන්න විදිය ගැන.

    ReplyDelete
    Replies
    1. ඇනෝ නිකන් ඉන්න එකේ ලියන්න බ්ලොග් එකක්

      Delete
  4. නිකං ඉන්න ගමං ඔය එක එක දේවල් කරන්න ගිහිල්ල ඔහේව ඒ අයියෙක් ඉස්සුවොත් එහෙම අපි දන්නෙත් නෑ ඉඳං.

    ReplyDelete
    Replies
    1. උන් එන්නේ නැහැ අපිව උස්සන්න .. අපිව නැත්තටම නැති කරලා දාන්න ප්ලෑන් කරන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ

      Delete
  5. මේක ලිව්වෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ළිඳ ළඟ සංගමේ පැතුං Aiය.

      Delete
    2. ඒ සංගමේම හාදයෙක් කිව්වා " මේ අවුරුද්දෙ ලියනව ලිවිල්ලක් , ලොවෙත් නැති වෙන්න" කියලත්.

      Delete
    3. මේ මනුස්ස අත් වලින් ලියවෙන ඒවා ! ඔය රොබෝ ටික්කො කොටන ඒවා වගේ ද මේවා .. සියුමැලි ඇඟිලි තුඩු වලින් කොටන්නේ .. හෙහ් හෙහ්

      Delete
  6. පැතුම් මහත්මයට ස්තුතියි ලිපියට. හැබැයි ඉතින් නොදන්න දේවල් කියවන අපිටත් තේරුම්ගන්න මේකේ පොඩි සංක්ෂිප්ත වාර්තාවක් දැම්මනම් තමයි හොඳ.😇මගේ කුඩා මොළයට තේරුණ විදිහට මේ මහත්වරු පොඩි prediction එකක් කරනවා AI Timeline එක ගැන. Scenarios දෙකක් එක්ක. (කොයි එකේ ගියත් චිනේ ඇමෙරිකාවට වඩා මාස දෙකක් පිටිපස්සෙන් කියලා නම් තේරුනා.) මේකේ කාල පරාසය හරිද නැද්ද කියල කියන්න පුළුවන් වර්තමාන AI වල දියුණුව ගැන දන්න පැතුම් වගේ Expert කෙනෙකුටම තමයි. මට වඩාත් වැදුනේ මේකේ තිබුන Geo political nature එකට. AI risk එක AI automation R & D , ,චීනය සහ ඇමෙරිකාව අතර තරඟය, Bio weapons , Open Brain human control එකකට යටත්වීම හෝ නොවීම . scenario 2 කියන්නේ ඇමෙරිකාවේ රජයට සම්බන්ද ආයතනයක් මගින් පාලනය කරනවා වගේ එකක්ද? ලිබරල් සමාජයක AI විසින් අනාගත රජයන් වෙනස් කිරීමට (regime change) ඉහල සම්භාවිතාවක් තියනවා. අරගල කරලා නෙමෙයි brain wash කරලා.ඔවුන් (AI ) විසින් පත් කරගත් පාලක මණ්ඩලයක් AI ව පාලනය කරනවා වගේ වැඩක්. චීනයේදී මේක වෙන්නේ නැහැ. හේතුව දේශපාලනිකයි.එතකොට අද න්‍යෂ්ටික අවි තරගය වගේ AI superpower තරගයක් ඇතිවෙලා COLD war part 2 ඇතිවෙයිද ? වඩාත් මිනිස් පාලනයකට යටත් AI superpower එක කොහේද? එතකොට අද ධනවත් අරාබි රටවල්, IT උපාධිධාරී factory තියන ඉන්දියාව, රුසියාව, ජර්මනිය කොයි විදිහට react කරයිද? ඔය කියන Automated AI බලශක්තිය සපයාගන්නේ කොහොමද? බොන වෙලාවක කතාකරන්න ළිද ළඟ සංගමයකට හොඳ ප්‍රශ්න ගොඩයි.අනාගතය සුභවාදීව දකිමු.

    ReplyDelete
    Replies
    1. AI එකට හිතලා අපව බ්‍රේන් වොෂ් කරන්න බැහැ . කවුරුහරි හදන්න ඕනේ AI එකක් සහ එයට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න ඕනේ මෙන්න මෙහෙම බ්‍රේන් වොෂ් කරන්න කියල .

      Delete
    2. නිහඩපාල , පලවෙනි දේ , මම AI expert කෙනෙක් නෙමේ .. මම උදේ හවස AI බාවිතා කරන්නෙක් සහ පොඩ්ඩක් ඕවා ගැන හොයන කෙනෙක් . .. ඒ ඇර මම දන්න දෙයක් නැහැ ..

      අජිත් , මේගොල්ලෝ අනුමාන කරන්නේ , මිනිස්සු කියන දේට වඩා තව ටික කාලෙකින් AI කියන දේවල් ගැන සමාජය තුල තියෙන විශ්වාසය වැඩි වෙනවා කියන එකනේ ..

      මට මේ ගැන හිතෙන දේ ගැන මම පෝස්ට් එක update කරන්නම්

      මම කලින් එහෙම නොකළේ , මම ලියන දේට වඩා මේ අය කියල තියෙන දේ ගැන අවධානය දෙන්න ඕනේ නිසා ..

      බොහෝ විට අපි ඕවා තේරුම් අරන් (හරියට තේරෙන්නෙත් නෑනේ ලියනකොට ලියවෙන්නේ හරිම අදහස නෙමේ ..

      Delete
    3. අජිත් , දැන් තියෙන Social Media වලින් කරන මොළ සේදීල්ල කවුරු හරි කරවන එකක් වුනත් ලොකු බලපෑමක් කරනවා . මේ ලිපියේ තියන විදිහට අනාගත AI එන්නේ ඔවුන් විසින්ම research and development ආධාරයෙන්. ඒ විතරක් නෙමයි ඔවුන් DATA manipulation කරන්නත් හපන්. මම ඉතින් IT ගැන දැනුම zero තියන කෙනෙක්. ඒ වගේ අයට පැතුම් ලා ගේ දැනුම වටිනවා. ඒක expert කියලා කිව්වට වරදක් නැහැ. වැඩිදුර අවබෝධයට පැතුම් කරන විග්‍රහය බලමු.

      Delete
    4. Nihadapala අදහස එක්ක මමත් එකඟයි. අද AI ගැන හොඳ/නරක/හයිප් සහ වවාගෙන කෑම එක වගේ ක්‍රියාත්මක වෙනවා. මේකෙ ඇත්ත,නැත්ත ටිකක් හරි තෝරා බේරා ගන්න, අපි වගේ හුදී ජනයාට පැතුම්/අජිත් වගේ AI යූස් කරන අයගේ අදහස් වටිනවා.

      Delete
    5. මමත් expert කෙනෙක් නෙමෙයි භාවිතා කරන කෙනෙක් . මෙන්න වීඩියෝ එක ගැන මගේ අදහස - ඩිස්ටෝපියන් කතා , ෆිල්ම් බලන්නේ අපි . ඒ වගේ එකක් රියලිස්ටික් විධිහට හදල . වැරදි ගොඩක් එක්ක . එකක් ස්ටීරියෝ ටයිප් කතා ඉස්සර කිව්වා සෝවියට් දේශය හොරකම් කරනවා කියල . දැන් කියනව චීනය හොරකම් කියල . චීනෙට ගියානම් තේරෙයි උන් කොපමන් දියුණුද කියල . අනික බටහිර සමාගම් ම තමා චීනෙට ගියේ ලාභෙ ගන්න . සීමන් ල හෙම එන්ජින් දත්ත ඔක්කොම දීලා පස්සේ ජර්මන් ආණ්ඩුවෙන් බේරෙන්න චීන ඉස්සුවා කිව්වා . රුසියාවේ හිටිය නැත්ඩ් හොද විද්‍යාඥයෝ . සෑහෙන්න හිටිය . අදත් ඉන්නව . ඇමෙරිකාව තම මොළ හොරකම් කරන්නේ . න්‍යෂ්ටික යුධ , V2 රොකට් එක . චිනේ හොරකම් කරනව අකියලා කියන එක ඇරෙන්න වෙන මොනවාඩ් අමෙකේ තියෙන්නේ .

      Delete
    6. අර එක පාරක් ජර්මන් රෂියන් ප්රෝග්‍රමර්ස් ල කෝඩ් එකක් ලීවා - ඒකට තමන්ම ලියන්න උගන්වල . ඒක නොනවත්වා ලියන්න ගත්ත . පස්සේ එක ප්‍රොජෙක්ට් එක නැවැත්වුවා . අනතුරුදායකයි ඉරානය වගේ රටකට ගියොත් . මොනවා ලියා ගනීද දන්නේ නැහැ . ත්‍රස්තවාදියෙකුට ගියොත් . ඔන්න ඔය වගේ ප්‍රශ්න . AI වලටත් ඒක එහෙමම තමා .

      Delete
    7. දැනට හැම AI එකක්ම අනිත් අයගෙන් හොරකම් කරලා ලියල තියෙන්නේ . ඊලෝන් මස්ක් ඉඳන් චිනගේ එක දක්වා . නැත්නම් කොහෙන්ද දත්ත හොයාගන්නේ . AI කියන්නේ අපි කරන ජොබ් එකම තමා . දත්ත එක්රැස් කරලා විශ්ලේෂණය, විවේචනය සහ prediction දෙන එක . මේක තවම කම්පැනි හා මිනිඋන් අතර තියෙන්නේ . ඔය කියන සිනාරියෝ එකට එන්න දෙන්නේ නැතිව ටිහ්යෙන බලය තියෙන්නේ අපට . අපට ඕනෙනම් විතරයි එහෙම වෙන්නේ .

      Delete
    8. කොටින්ම මේක න්‍යෂ්ටික ආයුධ වගේ තමා . අනවශ්‍ය අයට දෙන්න හොඳ නැහැ . විශ්වාස නැත්නම් . . එකයි මම ඊශ්‍රායලය සහ ට්‍රම්ප් බෝම්බ දාල ඉරාන න්‍යෂ්ටික බලය නැති කරපු එකට කැමති . මොකද එයාල විශ්වාස නැති ආගමික ෆැනටික් ල නිසා .

      Delete
    9. වීඩියෝව පට්ට ෆික්ෂන් එකක් හැබැයි . මරු එකට දෙනවා .

      Delete
    10. ඊයේ මම ගියා ලනක්වේ ඩාන්ස් ඉවෙන්ට් එකකට . ලොකු දුවත් නැටුවා ඒකෙ . කැන්ඩියන් ඩාන්ස් . එතැන් ස්පොන්සර් AI ඒජන්ට් ස්ටාර්ට් අප් එකක් . ක්ලවුඩ් වලට - https://www.linkedin.com/in/dtperera/?originalSubdomain=uk
      මෙයාගේ කතාව ඇහුවට පස්සේ මට තේරුනේ - දැන් එයා හදන්නේ ලංකාව වගේ රටවලට හඳුන්වා දෙන්න . සහාය ඉල්ලුව . වැඩේ හොඳයි . ලංකාව වගේ රටවල් වල දියුණුව පට ගාල වැඩි වෙනවා මේකට ගියොත් . ඒක නැවතෙනවා පැතුම් මේ වගේ බොරු බයක් හැදුවොත් . මේ අය කරන්නේ ඒක

      Delete
    11. මේක හරියට අර ගල් අඟුරු ඔක්කොම භාවිතා කරලා තමන්ගේ රට දියුණු වුනාට පස්සේ , ලෝකේ ක්ලයිමෙට් එකට හොඳ නැහැ කියල දුප්පත් රටවලට ගණන් වැඩි සොල්යුෂන් වලට යන්න කියනවා වගේ වැඩක් .

      Delete
    12. අජිත් බොරු බයකට වඩා මෙතන තියෙන්නේ වෙන්න පුළුවන් outcome දෙකක් ගැන පොඩි උපකල්පන ගොඩ නැගීමක් නේද ?

      මට හිතෙන්නේ සාමාන්‍ය මිනිස්සු වශයෙන් අපිට මේකෙදි කරන්න පුළුවන් දෙයක් නැහැ කියල ..

      අපිට තියෙන්නේ පුළුවන් තරම් මේවා පාවිච්චි කරලා , අපේ දියුණුව සහ රටේ දියුණුවට වැඩ කරගන්න එක .

      Delete
    13. [අර එක පාරක් ජර්මන් රෂියන් ප්රෝග්‍රමර්ස් ල කෝඩ් එකක් ලීවා - ඒකට තමන්ම ලියන්න උගන්වල . ඒක නොනවත්වා ලියන්න ගත්ත . පස්සේ එක ප්‍රොජෙක්ට් එක නැවැත්වුවා] මේක දැන් වඩා ලේසියෙන් වෙන්න පුළුවන් නේ , අපිට නොදැනිම

      Delete
    14. [මේක හරියට අර ගල් අඟුරු ඔක්කොම භාවිතා කරලා තමන්ගේ රට දියුණු වුනාට පස්සේ , ලෝකේ ක්ලයිමෙට් එකට හොඳ නැහැ කියල දුප්පත් රටවලට ගණන් වැඩි සොල්යුෂන් වලට යන්න කියනවා වගේ වැඩක් ] මෙහෙම කියන්න තරම් කවුරුවත් තාම AI විවේචනය කරන්නේ නෑ නේද ?

      මම හිතන්නේ point of no return වලට දැනටම අපි ඇවිල්ලා ඉන්නේ .. යන්නේමොන පාරේද කියල පාර තොර ගන්න තමා තියෙන්නේ .. ආපහු යන්න බැහැ

      Delete
    15. Nihadapala, බස්සා මම පෝස්ට් එක update කළා .. මගේ කම්මැලි කමට ගැලපෙන්න සාරාංශයක් විතරයි ලියුවේ .. නමුත් අදහස පැහැදිලි වෙයි මම හිතන්නේ ..

      මගේ නම් මතය ඔය Privacy වගේ දේවල් තව දුරටත් වලංගු නැහැ ..

      social media ඕනේ නැහැ අපේ email එකෙන්ම අපේ මොළ සේදුම වෙනවා .

      AI ඇවිල්ලා ඒක අපිට වාසි වෙන විදියට කරයි ද නැත්නම් රෝබෝලට වාසි වෙන විදියට කරයි ද කියන එක තමා දැන් අපිට තියෙන ප්‍රශ්නේ

      Delete
    16. චිත්‍රපටයේ චීනයට එරෙහිව ප්‍රොපගන්ඩ සීන් එකක ගෙනියන්වට අමත්රා AI ග බියක් ඇති කරනවා . අපි වඩා ය වෙන්නේ ඔඑ එලෝන් මසක් වගේ අයලාභය සඳහා කරණ AI වැඩ ගැන

      Delete
  7. සයිට් එකට ගියා
    පොඩි පැහැදිලි කිරීමක් දෙන්නකො

    ReplyDelete
    Replies
    1. Discourseබලමු මොනවා හරි ලියන්න ..

      Delete
    2. මට තේරුන විදියට පොඩි සාරාංශයක් ලියල දැම්මා .. AI අනාගතේ ගැන මොකද හිතන්නේ ?

      Delete
  8. මගේ අදහස අපි හැමෝම ඇවිල්ල එක්තරා විධිහ්ක AI ල වගේ කියල . ක්වන්ටම් ලෝකය ගැන සලකන කොට අපිත් ක්වන්ටම් අංශුන් ගෙන හැදිලා නිසා , එහෙම වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් අපි බයෝලොජිකල් AI තමා .

      හැමදේම දත්ත සහ දත්ත ප්‍රොසෙසින් විතරයි

      Delete
  9. මේක දැක්කදෝ?
    https://www.youtube.com/watch?v=QSV2dBfl33k

    ReplyDelete
    Replies
    1. නියම වැඩක් .. අපි හැමදාම ඉන්නේ අතීතේ විතරයි කියල තමා මට නම් හිතුනේ ..

      Delete
  10. මෙතෙක් ඒවායෙන් මට සෙට් උන හොදම එක Gork Ai
    ඇකඩමික් වැඩවලට සුපිිරියක් හැබැයි ක්‍රියේටිවිටි එක අතින් ටිකක් දුබලයි වගේ

    ReplyDelete
    Replies
    1. මම එච්චර පාවිච්චි කරලා නැහැ .. මම දැක්කා Grok එකට feed කරන්න Elon දැනට තියෙන ඔක්කොම human knowledge හරියට හදන කතාවක් ද මොකක් ද

      Delete
  11. AI agentල විසින් AI agentලව ට්‍රේන් කරන අස්සේ... ඊට උඩින් මිනිස් AI agentල ඉන්ට වෙනව. සහ ඉන්ටම ඕන. මේ හැමදෙකටම හියුමන් ටච් එකක් ගෑවිලා තියෙනකම් අපට යහතින් ඉන්ට ඇහැකි කියලයි හිතෙන්නෙ.

    ඒ නැතත් ට්‍රම්ප්පච්චිල ඇතුළු බල කඳවුරු කෙලගන්න හැටියට AIගෙ අතපෙවීම නැතුව අපිම මිනිස් සංහතිය වලපල්ලට යවාගනිත් වගෙ නෙ 😂

    ReplyDelete
    Replies
    1. වීඩියෝව, ලිපිය වෙන වෙලාවක කියවන්නම් පුලුහං උනොත් 🙂!

      Delete
    2. [AI agentල විසින් AI agentලව ට්‍රේන් කරන අස්සේ... ඊට උඩින් මිනිස් AI agentල ඉන්ට වෙනව. සහ ඉන්ටම ඕන. මේ හැමදෙකටම හියුමන් ටච් එකක් ගෑවිලා තියෙනකම් අපට යහතින් ඉන්ට ඇහැකි කියලයි හිතෙන්නෙ] මේක තමා කියන්නේ ..

      මම ලිපිය update කළා

      Delete
  12. මෙච්චර හොඳ මාතෘකාවකට කමෙන්ට් වැටෙනවා මදි , මම මොකක් හරි කීවද 😀 සිරියස්ලි මේ AI එකේ හොඳකම ගැන කතා අක්ර්න්න් ඕනේ . අපේ කම්පැනි එකඟ AI දාල සොෆ්ට්වෙයාර් එලියට දානවා

    ReplyDelete
    Replies
    1. මම දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා .. තනිකරම කලේ Mandalorian ආපහු බලන එක .. හෙහ් හෙහ්

      AI නැතුව කෑම එපා කියන ගානට මිනිස්සු වැටෙයි වගේ .. හෙහ් හෙහ්

      දැනටම මිනිස්සු රිස්ක් එකට වඩා කරන්න පුළුවන් දේවල් නේ දකින්නේ ..

      මේ කියන නරක දේවල් ඔක්කොම උපකල්පිතම වේවා, AI ලාගේ ' සියලු අපල දුරු වේවා කියල සාදු කාරයක් දෙන්න තමා අපිට තියෙන්නේ .. හෙහ් හෙහ්

      Delete
  13. ලිපිය update කරාට ස්තුතියි. කොහොමටත් අන්තිමට මේ කියන time line එකනම් අතාත්විකයි. අපේ ඔළුවල තියන utopian vs dystopian concept වලට පොඩි AI පාර්ට් එකක් එකතුකරලා වගෙයි.

    ReplyDelete