Thursday, July 03, 2025

ලියනාඩෝ මෙල්බන් ආපු හැටි The Lume "Leonardo da Vinci – 500 Years of Genius"

මම ඉඳල හිටලා ජිවිතේ බුද්ධිමත් වැඩ කරනවා .  ඒ කියන්නේ ජිවත් වෙන්ඩ කියක් හරි හම්බ කරලා දෙන රස්සාවට බම්බු ගහ ගන්ඩ කියල , බොරුවට හොර ලෙඩ නිවාඩු දාල , (Not Well කියන්න ලෙඩක් තියෙන්න ඕනෙම නෑනේ .. උපන්දා ඉඳල අපි Well හිටියා කියල නම් මතකයක් නෑ .. හැමදාම Not Well .. හෙහ් හෙහ් ) රස්තියාදු ගහන්න යනවා .. 

මේ ලඟදි දැන් අවුරුද්දකට විතර කලින් මම ඔහොම බුද්දිමත් වැඩක් කළා ..

(මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ මේකට ගිහින් ඇවිල්ලා මාසෙකට විතර පස්සේ .. නමුත් ඉතින් ලියල ඉවර කරන්නේ මේ දැන්  කෝච්චිය ගියාට පස්සේ . )

මෙල්බන් හන්දියේ ඉස්ටේසමේ ඉඳල පයින් යන දුරින් තිබුණ මරු තැනක් 

The Lume

ඔය immersive කියල සිංහලෙන් කියන ජාතියේ අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මේ ..  

වැඩි විස්තර ඕනේ නැහැ . ෆොටෝ බලන්න . 

Leonardo da Vinci ගැන සෑහෙන වටින විස්තර ගොඩක් තිබුනා , ඔහුගේ නිර්මාණ ඒ විදියටම හදල , ගොඩක් ලිපි ලේඛන වල නම් මුල් පිටපත් මට්ටමේ ඒවා තිබුනා .. නමුත් ඔරිජිනල් එකමද කියල කියන්න බැහැ .




මේ තියෙන්නේ ඩා වින්චි ගේ සමහර ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණ වල ආකෘති 





මිනිස් ශරීරය මේ තරම් දක්ෂ ලෙස අඳින එකම විශ්මය ජනකයි 
CV එක 
කටු සටහන් 



සිය ආලේඛ්‍යය පින්තුරය 


මොනාලිසාගේ ඇස් 
දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා ගේ පින්තුරේ දැනට තියෙන වර්ණ වම්පස රුපයේත් , එම චිත්‍රයේ තිබුණු ඇත්තම පාට දකුණු පස පින්තුරයේත් තියෙනවා . මේ පින්තුරේ ගැන සෑහෙන විස්තර ගොඩක් තිබ්බා .


මේ තියෙන්නේ මොනා ලීසා ගේ කොපිය 

මේ තියෙන්නේ ඔය immersive දර්ශන 

මම පොඩි VR එකක නැගල ෆ්ලොරන්ස් නගරය උඩින් පියාඹන ආකාරය . වැඩිහරියක් හැබැයි වහලවල් උඩට වැටිච්ච එක තමා උනේ 






මේ තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු අදහස් වල ආකෘති . තව ගොඩක් ඒවා තිබුනා 




වෙලාව තියෙනවා නම් Data ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන් 


වැඩේ කියන්නේ මේ තැන මේ පෙන්නන shows පසු ගිය ජුනි 1 වෙනිදා ඉඳල නතර කළා . අන්තිමට තිබුනේ Vincent Van Goah ගැන මෙහෙම එකක් , මම එක බලන්න යන්නම් කියල හිත හිත හිටියටත් යන්න බැරි උනා .

අඩුම තරමේ මේ පොස්ටුව ගිය අවුරුද්දේ ලියා ගන්න පුළුවන් උනා නම් තව නොදැක්ක කෙනෙකුට දැනුවත් වෙන්න හරි තිබ්බා .. 

නමුත් ඔවුන් නැවතත් අලුත්ම විදියකට මේ දේවල් අරගෙන එන කතාවක් මම දැක්ක . සමහරවිට ඉස්සරහට මිට වඩා Immersive විදියට මේවා තියෙයි .

29 comments:

  1. හානේ මේ දාවින් නේද?

    ඒ මොක උනත් ඔහේ ඉඳල හිටල හරි බුද්ධියා මත් කරනව වගේ වැඩ කරනවයි කියල දැනගත්ත එකනං වටිනව හිටං.

    ReplyDelete
    Replies
    1. ඔහොම කරපු බුද්ධිමත් දෙයක් තමා අන්තිමට මතක් වෙන්න හරි ඉතුරු වෙන්නේ ..

      ආයේ වෙලාවක යන්න ඕනේ හොර ලෙඩක් අරන්

      Delete
  2. තාම පෝස්ට් එක බැලුවෙ නෑ. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්න ඕනෙ නෑ, කිව්වෙ අපේ බොක්සර් අබ්බගාත් තුමා.

    කොහොම වුනත් ඔහේ ලියන එකම , තව දාහක් වටිනවා. ඇර මාටින් හා ඔඅය නයෙකුත් ඇවිත් තියෙන්නෙ.😋

    ReplyDelete
    Replies
    1. ටොමීයා ඔය මතක් වෙන මොනවා හරි දාල ලියන ගැම්ම තියාගන්න තමා හදන්නේ .. ඕක ගියොත් ආයේ කාලෙකට ලියන්න හිතෙන්නේ නැහැ ..

      කියවන්න ඕනෙම නැහැ .. වැටක් ගහල ගියත් අපි ලියනවා ..

      Delete
  3. දෙවනි පිංතූරෙ "Lady with an Ermine" ගැන ජූසී ඕපයක් තියනවා. පිංතූරෙ ඉන්නෙ, මිලාන් වල නාකි ඩියුක්ගෙ හොර කෑල්ල. අතේ ඉන්න උරුලෑවාගෙන් නිරූපණය කරල තියෙන්නෙ "ඩියුක්ව" කියල තමයි කියවෙන්නෙ.
    https://www.youtube.com/watch?v=e9f5TYgs_Jk&t=188s

    ReplyDelete
    Replies
    1. Ermine කියන්නෙ වලිගෙ කොට weasel වර්ගයක්, උරුලෑවා කියන එකම නෙමෙයි.

      Delete
    2. අන්න ඒවා වැදගත් විස්තර , මොනාලිසා ගැන ඔය ඒවා මේවා හැමෝම දැනන් හිටියට මේ අනිත් දේවල් ගැන වැඩි දෙයක් දන්නේ නැහැනේ ...

      Delete
    3. Ermine

      an Old World weasel, Mustela erminea, having in its winter color phase a white coat with black at the tip of the tail.

      any of various weasels having a white winter coat.

      the lustrous, white, winter fur of the ermine, often having fur from the animal's black tail tip inserted at intervals for contrast.

      the rank, position, or status of a king, peer, or judge, especially one in certain European countries who wears, or formerly wore, a robe trimmed with ermine, as on official or state occasions.

      Heraldry. a fur, consisting of a conventional representation of tails, often with a pattern of dots, sable on argent.



      https://www.etsy.com/market/vintage_ermine_fur_coat

      https://en.wikipedia.org/wiki/Ermine_(heraldry)

      https://dictionary.cambridge.org/dictionary/english/ermine


      උරුලෑවා

      ෆොරීන් උරුලෑවා = Skunk
      ලෝකල් උරුලෑවා = Ring-tailed Civet (Small Indian Civet)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මේක ඉස්සර ඉඳන් ඉන්ටරෙස්ටඩ් මාතෘකාවක් නිසා ලියන්නෙ, (සොරි, ඩාවින්චි ගැනටත් වඩා, :-D)

      වීස්ල්ට or stoat or ferret or marten හරියට සිංහල නමක් තියනවද දන්නෙ නෑ. උරුලෑවට වැඩිය මුගටියා (හෝ උගුඩුවා) හරියන්න ඕනෙ බොඩි ශේප් එක අනුවනම්.
      උමං (warrens) වල ඉන්න හාවන්ව දඩයම් කරන්න (Rabbiting) හීලෑ ferrets etc. යොදා ගත්ත නිසා මුගටියා හොඳයි.
      https://en.wikipedia.org/wiki/Rabbiting
      https://foundinantiquity.com/2013/10/28/the-weasel-in-antiquity-pet-or-pest/

      වීස්ල් වර්ගයක්වන අර්මින්ගෙ එක අර්ථයකට නම් ඒ නම් ගැලපෙන්නෙ නෑ. මොකද අර්මින්ගෙ හමෙන් හැදුන ඇඳුම්වලටත් අර්මින් කියන නිසා, ඒ හම/ඇඳුම රාජකීයත්වයේ සංකේතයක් ලෙස සලකන නිසා. Wearing ermine කියන එකට උරුලෑවා ඇඳගෙන කිව්වාම වෙන අර්ථයක් එයි නේද?

      (ලංකාවෙ නූතන රජවරුන්ට අදාල නැත. ඇඳගෙන හිටියෙ)

      Delete
    6. Asian palm civet = උගුඩුවා

      "හෝතම්බුවා" in English translates to Civet or Civet cat. In Sinhala, it is also sometimes referred to as "උරුලෑවා"

      ලංකාවෙ උගුඩුවා, හෝතම්බුවා ගැන දන්නවා. ඒත් හරි හමන් උරුලෑවා = Skunk දැක්කෙ මෙහෙදී. උරුලෑවා ගිය පාර වගේ කියන නිසා, විරල වුනත් ලංකාවෙත් ඇති. Ring-tail තියන රැකූන්ට අපි ගාබේජ් පැන්ඩා කියලත් කියනවා.

      Delete
    7. මටත් ඔය weasel වර්ගයේ උන් ගැන අමුතු මෙව්වා එකක් තියෙනවා. මම හිතන් හිටියේ මට විතරක් තියෙන අවුලක් කියලා.. බලනකොට පොදු පුරුෂ ලක්ෂණයක් වගේ.. හෙහ් හෙහ්....

      ඔය ජාතියේ උන්ගෙන් මම කැමතිම එකා honey badger. මූ නිකන් අර I don't give a fu** ජාතියේ යකාටවත් බය නැති එකෙක් කියලනේ කියන්නේ. youtube එකේ සිංහයෝ හයිනාලා එක්ක එහෙම ගේම ඉල්ලන පට්ට interesting වීඩියෝ තියෙනවා.

      මොනාලිසාව බලලා මුගටි ගැන කියවලා, ලියලා යනවා.. ඒකත් මරු!

      DC වල national art gallery එකේ leonardo ගේ චිත්‍රයක් තියෙනවා... ඕවා බලන්න ගිහින් රෙද්ද ගැලවුන කතාවකුත් මතක් වෙනවා... ලියන්න කම්මැලියි, ලැජ්ජයි දෙකම :D

      Delete
    8. ඔය ගෑනි එහෙම ඉයන් ඉන්නේ ඒකාලයේ දැන් වගේම උන්ව පෙට් ල හැටියට ඇති කරපු නිසා . රුසියවේ කෙල්ලෝ ඔය හම්වලින් හදපු අන්දුන් අඳින්නේ සතාගේ මුණත් එක්කමයි . ඒකනම් දකකහම දුකයි

      Delete
    9. Pra Jay, මම ඔය පොඩි සත්තුන්ට හරි අකමැතියි ... පොඩි කාලේ මගේ යාලුවෙක් ඉපදිච්ච ගමන් වගේ පොඩි මී පැටව් අතේ තියාගෙන ඇවිල්ලා උන්ව පෙන්නලා අපිව බය කළා .. මම හිතන්නේ ඒ දවස් වල ඇති වෙච්ච අකමැත්ත වෙන්න ඇති ..

      ඒ දවස් වල ආව ගිය ගෑනු ළමයෙකුගේ ගෙදරදී දවසක් මීයෙක් පැනල පණ කඩාගෙන එලියට දිව්වා ... හෙහ් හෙහ්

      Delete
    10. Udaya, [මටත් ඔය weasel වර්ගයේ උන් ගැන අමුතු මෙව්වා එකක් තියෙනවා. මම හිතන් හිටියේ මට විතරක් තියෙන අවුලක් කියලා.. බලනකොට පොදු පුරුෂ ලක්ෂණයක් වගේ] මට තියෙන්නේ අකමැති මෙව්වා එකක් .. සර්පයෝ දැක්කම වගේ

      Delete
    11. අජිත් , මම නම් පෙට්ලට කැමති නැහැ .. නමුත් බල්ලෝ පුසෝ දැක්කම පොඩ්ඩක් ඔලුව අත ගානවා .. ඒ ඇරුනම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ

      Delete
  4. හපුතලේ හෙන ගොඩේ සුවාරිස් පුතා නේද මේ.

    රසික සුරියආරච්චි මහත්මයා එක දහස් නමසිය අනූවේ තමයි ඕස්ට්‍රේලියාවට ගියේ.

    ඉතින් මේවා අපට අලුත් දේවල් නෙමේ.

    හෙන ගොඩේ ඩයල් එකක්නේ ඉතින්.

    ReplyDelete
  5. මේක මරු ඇත්තටම . මමත් මේ වගේ තැන වලට යන්න කැමැතියි

    ReplyDelete
    Replies
    1. පවුල් පිටින් ගිහින් හරි යන්නේ නැහැ .. මම ආස තනියම යන්න .. එහෙම යන්න නම් ඉතින් ඔපිස් එකෙන් හොරෙන් පනින්නම වෙනවා

      Delete
  6. පැතුම් ගේ සටහන මගේ මතක තැන් කීපයකට ගෙන ගියා. ප්‍රංශයේ ලුවර් , වතිකානුවට , සියෙනා වලට , ගෙටී මියුසියම් , වැන් ගෝ මියුසියම් වගේ තැන්වලට . මට හරියට නම මතක නෑ , ඒත් ඇනිමේෂන් චිත්‍රපටයක ඩාවින්චි චිත්‍ර අදින හැටි තිබ්බත් මතකයි . අන්තිමට දාපු යූ ටියුබ් ලින්ක් එකත් වටිනවා. වැඩට යන කාලෙ මගේ ඔෆිස් එක තිබ්බෙ AGO එක ගාව ඉතින් ඉඩ ලැබෙන විදිහට ඒ පැත්තටත් ගියා මතකයි. ඔබ හොදට විදින්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් යුරෝපා රවුමක් ගැසීමේ ආසාවක් තියෙනවා .. විශේෂයෙන්ම ඉතාලියේ . මම renaissance කලාවට හරි ආසයි

      Delete
    2. පුළුවන් කමක් ලැබුණු වෙලාවක යන්න . හැබැයි චිත්‍ර රස විදින්න නම් කලබලේ යන්නෙ නැතුව උදෙන්ම පටන් අරගෙන විස්තර හොයාගෙන යන්න. එතකොට දුක හිතෙන්නෙ නැතිව රස විදින්න පුළුවන්.

      Delete
  7. කල් දැමුවම වැඩක් තව තව කල් යනවා
    ඒ බව සිහි තබා ගන්නට සිදු වෙනවා
    පරණ වුණත් 'රන්' මලකඩ කන්නැතුවා
    Post එක හොඳයි, කල් පැනලා නැතුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදී , ලියන්න අරන් බාගෙට නතර කරපුව තව තියෙනවා .. ඒ ටිකත් ලියල දාන්නම්

      Delete
  8. රසික හෙන්ද්‍රික් සුරියසේනSunday, July 06, 2025 1:53:00 PM

    ගොඩක් ලස්සනයි ලිපිය සහ පින්තුර පෙළ.

    අනික මෙල්බන් කියන්නේ රටේ බොහොම පොඩි ප්‍රාදේශීය කොටසක්.

    අප ඒවාත් මතක තබා ගත යුතුයි.

    මන්ද නැතිනම් ගොඩක් වෙලාවට මෑතක විදේශගත වුණාම හිතනවා අපි තමයි සියල්ලම දන්නේ. ඒ උනාට ගොඩක් අය දැන් අපි නම් ඉතින් දැන් අවුරුදු හතේ හතළිහකටත් වැඩියි. විදේශගත වෙලා. ඒවා ඉතින් අපිට ඒ හින්ද අපි ගොඩක් පලපුරුදුවෙ පින්තූරයක් දැක්කම වුනත් සටහනක් දැක්කම වුණත් ඒ ගැන අදහසක් පළ කරන්නේ ඒකයි.
    සමහර අය ඉතින් වෙලාවකට ලංකාවේ වුණත් කොළඹ නෙමෙයි ගොඩක් දුර බැහැර ඉන්නේ ජීවත් වෙන්න ඉතින් එයාලට කොළඹ එනවා කියන්නෙත් ලොකු දෙයක්.

    ඒ වගේ අය එක පාරම ඕස්ට්‍රේලියාවට අවගේ ආවම මොකක්ද වෙන්න හිතන්නකෝ සිංගප්පූරුවෙත් ගේ ඇවිල්ලා යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . නැවත එන්න

      Delete