Monday, September 07, 2020

අපි මීඩියම් යමුද ?


      මම මේ බ්ලොගේ ලියන්න අරං දැන් අවුරුදු 14ක්  වෙනවා. ඒ දවස් වල සිංහල අකුරු වලින් ඉන්ටර්නෙට් එකේ කියවන්න දේවල් ඒ හැටි නොතිබුණු නිසා  ආසාවට ලියන්න අරන් කොහොම හරි අද වෙනකම් ඇදගෙන ඇවිල්ල මටත් නොදැනිම.

කාට හරි මේ සිංහල බ්ලොග් සහ යුනිකේත වල ඉතිහාසේ ගැන සරල විස්තරයක් දැන ගන්න ඕනේ නම් මෙන්න මේකේ මම දන්නා දේවල් ටික ලිව්වා  .  

අද මේ පොඩි සටහන ලියන්න හිතුනේ මේ සිංහල බ්ලොග් අවකාශේ සෑහෙන කාලයක් තිස්සේ රසවත් කරන අපේ බ්ලොග් කරුවන් හැමදෙනාටම පොඩි යෝජනාවක් කරන්න.

මම හිතන්නේ  හැමෝම දන්නවා ඇති මේ https://medium.com/ වෙබ් අඩවිය ගැන.  නොදන්නා කෙනෙක් ඉන්නවනම් Medium කියන්නේ මේ වෙද්දී ලෝකේ තියෙන ජනප්‍රියම Publishing Platform එකක්.  ඒ කියන්නේ බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් වගේ තවත් අඩවියක්. නමුත් මීඩියම් වල වෙනස තමා අපි ලියන ලිපි කියවන පාටක සංඛ්‍යාව සහ ලිපි වල තියෙන ගුණාත්මක බව අනුව ඔවුන් ගෙවීමක් කරන එක. හරියට යුටියුබ් වගේ.

නමුත්  දැනට තියෙන තත්වේ හැටියට නම් ලොකු ආදායමක් ගන්න එතරම් ලේසි නැහැ. නමුත් මසකට USD  30,000ක්  පමණ ආදායමක් ගන්න අය පවා Medium වල ඉන්නවා. ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නෙමේ. මම හොයාගත්ත විදියට සාමාන්‍යයෙන් සතියට පැය කිහිපයක් මහන්සි වෙලා හොඳ ලිපි 5-6ක්  ලියන කෙනෙකුට ආසන්න වශයෙන් USD 100ක්  වගේ මාසෙකට හොයන්න පුළුවන්. නමුත් මේ දත්ත දැනට අදාළ වෙන්නේ English  වලින් ලියන ලිපි වලට තමා.

මගේ යෝජනාව අපිට පුළුවන් Medium වල සිංහල කන්ටෙන්ට් එක වැඩි කරලා, Medium අවකාශය තුල සිංහල ජනප්‍රිය කරන්න. ඔවුන්ගේ සමහර සේවාවන් තවම ලංකාවට දීලත්  නැහැ මම දන්න විදියට  නමුත්  අපිට පුළුවන් කාලයත් එක්ක ටිකෙන් ටික සිංහල භාෂාව Medium  වල ප්‍රචලිත කරලා ඔය සේවාවන් ලබා ගන්න.   

මම දන්න විදියට මේ සිංහල බ්ලොග් ලියන බොහෝ අය මේ වැඩේ කරන්නේ හුදෙක් ආසාවට සහ තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. සල්ලි හොයන්න සිංහල බ්ලොග් ලියන අයත් නැතුව නෙමේ නමුත් බොහෝ වෙලාවට එහෙම කරන බ්ලොග් වල තියෙන්නේ දැන්වීම් සහ ඕපාදුප  තමා වැඩි හරියක්.  නමුත් Medium වල සල්ලි හම්බ කරන්න ගුණාත්මක බව සහ උසස් තත්වයේ ලිපි ලියවෙන්න ඕනේ. පාටක ප්‍රතිචාර අනුව ගෙවීම වැඩියි. 

අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා සල්ලි බලාගෙන වැඩ කරන්න හොඳ නැහැ කියන එක. නමුත් මගේ අදහස නම් උසස් තත්වයේ දෙයක් කරලා ඒ වෙනුවට යම් මුදලක් ලබා ගැනීම කියන්නේ අපි කල යුතු දෙයක් කියන එක. ඒකෙන්  අපි කරන වැඩේ තත්වය සහ අපේ තෘප්තිය දෙකම ඉහල යනවා.  කොහොමත් තමන්ගේ රස්සාව වශයෙන් ලියන අයට Medium වලින්  ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.   

මම මුලින්ම Medium එකේ ලිව්වේ 2013 දී වගේ. හැබැයි ඊට පස්සේ එහෙමම නතර වුණා. ඇවිද්ද පය ලියන සුදීක අයියගේ ලිපියක් දැකල තමා ඒක ලිව්වෙත්.  මේ තියෙන්නේ සුදීක අයියා මීඩියම් ආපු මුල්ම කාලේ ඒ ගැන ලියපු ලිපියක්  පස්සේ මේ ළඟදී තමා මේ අදහස ආයේ ආවේ . 

එකටත් හේතුව මම මේ ලියන්න පටන් ගත්තු කාල යක්ෂ කතාව හින්ද. මොකද මම මේ බ්ලොග් එකේ මට ඒ ඒ වෙලාවට හිතෙන දේවල් ඔහේ ලියල දානවා මිසක් පිළිවෙලකට යමක් ලිව්වේ නැහැ මෙච්චර කාලෙකට. නමුත් කතාවක් ලියන්න ගත්තම ඒ විදියට ලියන්න බැරි නිසා මට ඒක පොඩි වදයක් වුණා. ඒ කියන්නේ දිගටම කතාව ලියන්න ගත්තොත් අර මට හිටපු ගමන් ලියන්න හිතෙන දේවල් ලියා ගන්න බැරි ගතියක්. හැම වෙලේම බ්ලොග් එක ගැන හිතුවොත් කතාව ලියන්න ඕනේ කියන එක තමා ඔළුවට එන්නේ. එතකොට අර මම මෙච්චර කල් බ්ලොග් එක ලියල ගත්ත හීනි ආතල් එක පොඩ්ඩක් අවුල් වෙනවා වගේ දැනුනා.. හෙහ් හෙහ් .. ඉතින් මට හිතුනා අපි උනන්දු වෙලා, මහන්සි වෙලා ලියන සමහර දේවල් Medium වගේ තැනක දැම්ම නම් හොඳයි කියල. එකෙන් බ්ලොග් එක ඒ විදියටම තියාගෙන,  අපේ මහන්සියට පොඩි ගානක් හම්බ කර ගන්නත් පුළුවන් වෙයි.

මට හිතෙනවා බ්ලොග් ලියන හැමෝම මේ වෙද්දී තම තමන් ලියල තියෙන කතා සහ වෙනත් දීර්ඝ ලිපි ටික Medium වල දැම්මොත් අපිට ගොඩක් කෙටි කාලෙකින් සෑහෙන සිංහල ප්‍රමාණයක් ගොඩ නගන්න පුළුවන් වෙයි කියල. 

මගේ යෝජනාව තමා අපි Medium එකේ ලියන දේට ලින්ක් එකක් දාල පොඩි පෝස්ට්  එකක් බ්ලොග් එකෙත් දාමු කියන එක. උදාහරණෙකට මම දැනටම මම ලියපු කතාව Medium එකට දැම්ම. මේ තියෙන්නේ. සමහර විට ඉතිරි කොටස් මම දිගටම Medium එකේම ලියන්න ඉඩ තියෙනවා. නමුත් බ්ලොග් එකේ කොටසක් දාල දැනුවත් කරනවා.     

Medium වලත් මේ වගේම කොමෙන්ට් වලින් මරා ගන්නත්, අප්පුඩියක් ගහල සපෝට් එක දෙන්නත් ඒ මහත්තුරු පහසුකම් දීල තියෙනවා.

මොකද කියන්නේ බ්ලොග් වල දෙවන අදියර විදියට Medium වලට ගිහින් බලමුද ?


32 comments:

  1. Replies
    1. ලොකු මහත්තයා, මීඩියම් වලට දාමුකෝ හොඳ ලිපි ටිකක්. ඉංග්‍රීසි වුනත් අවුලක් නැහැ.

      Delete
  2. 2XL නැද්ද? මීඩියම් නම් හිතන්නවත් බෑ.. :)))))))

    ReplyDelete
    Replies
    1. 2XL වලින්වත් නතර කර ගනින්. :))))))

      Delete
  3. සල්ලි නම් වැඩක් නෑ මට උතුරන්න සල්ලි නේ.. මේ තියෙන ඒවාට කරගන්න දේකුත් නැතුව ඉන්නේ.. ඒ උනාට ඔන්නොහෙ ට්‍රයි කරන්න ඕනි ඔය කියපු එක.. යුසර් ෆ්‍රෙන්ඩ්ලි නම් ඕනේ එකක්. හයිටෙක් ඒවා තමයි ටිකක් ඇලජික්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි දන්නේ නැද්ද ... සල්ලි වගේ ද සිංහල.

      යුසර් ෆ්‍රෙන්ඩ්ලි කියල තමා මට නම් හිතෙන්නේ. බ්ලොගර් වගේ නෙමේ හැබැයි. ඊට වඩා වෙනස් ලේසි විදියකට තියෙන්නේ.

      ඔය බ්ලොග් එකේ ලියල තියෙන එකක් දෙකක් කොපි කරලා දාපන් ඉස්සෙල්ල .

      Delete
  4. කැමති කට්ටියක් එකතු කරගෙන මේ වැඩිදුරටත් දැනුවත් කිරිිමේ වැඩමුලුවක් කරන්නේ මැනවි.කට්ටියේ ගනන 4-5 වුවද කම් නැත.

    ReplyDelete
    Replies
    1. රන්ජිත් මහත්මයා, වැඩමුළු කරන්න තරම් දෙයක් නම් නැහැ කියල මට හිතෙන්නේ . නමුත් මම කොහොමද කරන්නේ කියල තව බ්ලොග් පෝස්ට් එකක් ලියල දාන්නම්

      ස්තුතියි අදහසට.

      Delete
  5. වැඩිදුරටත් දැනුවත් කරවිමට කෙටි වැඩමුලුවක් කරන්නේ නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. අද හෙටම බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම්කො

      Delete
    2. ස්තුතියි.මම අදහස් කෙරුවේ අලුතින් පිවිසෙන්න බලාපොරොත්තු වෙන අයට මග පෙන්වන කාර්යයක් වැනි දෙයක් තමයි.

      Delete
  6. තව්සේ මාර බඩ්ඩක් නෙහ්. ඩොලර් 5 ක් මාසෙට ඕනලු. අනේ යනවා මනුත්තයෝ යන්න මං ඒක තියාගෙන බාගයක් ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් අයිසේ ඩොලර් 5 ගානේ එහෙම ටිකෙන් ටික හම්බු කොරල තමා ඒ මිනිස්සු අපිට ගෙවන්නේ. තවුසෙල බලන් ඉන්නේ සතයක් වත් වියදම් නොකර කෝටිපතියෝ වෙන්ඩනේ. මේවා වියත් ගොල්ල හොඳට හිතල මතල කරලා තියෙන වැඩ. ඉස්සර වගේ බෑ දැන්

      Delete
  7. මාත් මගේ බ්ලොග් එකේ තියෙන ඒව කොපි කරල ඕකෙ දාන්නෝන හිටං.

    ReplyDelete
    Replies
    1. බඩ ගියා හිනා වෙලා ඕයි!

      Delete
    2. @ දේශකයා,
      ඕක තමයි ඕයි හරක් කටු සූප්පු කරන්න එපා කියන්නෙ හැම වෙලාවෙම. හැක්..

      Delete
    3. ප්‍රසා. එපා එපා ඔය බ්ලොග් එකේ තියෙන දේවල් ඔහොමම පාශානිභුත වෙලා පොසිල වෙන්න ඇරපන්. තව අවුරුදු 5000කින් විතර රොබෝලා ඇවිල්ල ගොඩ ගනියි.

      Delete
  8. If you're planning to earn some money in Medium, better write in English rather than in Sinhalese, buddy. Sinhalese reader base is comparatively tiny thus won't be commercially profitable to target that market.

    The good thing in Medium is if you write quality, interesting, easy to read content, many established & popular publications in Medium will contact you by themselves and ask your permission to re-publish your posts in their channels (thus increasing your reader base instantly).

    Good luck & see you in Medium!

    PS: Phew! Wrote a comment in blogger after ages. :)

    ReplyDelete
    Replies
    1. Good to see a comment of yours.
      Lucky to witness your presence in any medium.

      Delete
    2. බුරා දකින්න මීඩියම් දකින්නම උනා නෙව

      Delete
    3. බුරා දැකීමත් බුරාගේ අදහස දැකීමත් ලොකු සතුටක්.

      ඇත්ත. මීඩියම් වල දැනට ජනප්‍රිය ඉංග්‍රීසි ලිපි තමා. කොහොමත් සිංහල ඒ තරමට කවදාවත් ජනප්‍රිය වෙන එකක් නැහැ. නමුත් මේ බ්ලොග් ලියන කියවන අපිට පොඩි උත්සාහයක් දරන්න පුළුවන් කියලා හිතුනා. බ්ලොග් එකක ලියන හොඳ ලිපියකට ලැබෙන විව්ස් සහ කමෙන්ට්ස් ප්‍රමාණය මීඩියම් ලිපියකට ලැබෙන එකෙන් සමහර විට ලියන කෙනාට යම් මුදලක් උපයා ගන්න පුළුවන් වෙයි. දැනට එහෙම ගෙවනවද කියල නම් මට ෂුවර් නැහැ.

      කොහොම වුනත් මට හිතෙනවා මීඩියම් වලට අනාගතේ හොඳ වටිනාකමක් ලැබෙයි කියල.

      බුරා මීඩියම් එකේ ලියනවනම් ලින්ක් එක දාන්න .

      Delete
  9. මං ගිහිං බැලුව. කොහොමද අපට ලියන්න තැනක් හොයාගන්නෙ කියල තේරුණේ නෑ. පොඩ්ඩක් පියවර වශයෙන් දානවද?

    ReplyDelete
    Replies
    1. හරි හරි... හම්බුණා. මගෙ පළවෙනි කතාවෙ පළවෙනි කොටස දැම්ම ඒකෙ.

      මේ තියෙන්නෙ

      Delete
    2. එල එල. තියෙන ඔක්කොම දාල අපි පොඩ්ඩක් මීඩියම් නග්ගල ගමු.

      Delete
  10. මටත් තොරතුරු ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මය, මම අද හෙටම එකක් ලියල දාන්නම්. හරි පොඩි දෙයක් තියෙන්නේ.

      Delete
  11. පොඩි දේ වුනත් ලියලා කියලා දෙන්නකෝ පැතුම්!
    දැනටම හිතෙන්නේ හොඳ අදහසක් වගෙය කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා. තව නොපැහැදිලි දෙයක් තියෙනවනම් අහන්න නිදී.

      Delete
  12. මාසෙකට දෙකකට කලින් ඇමරිකාවේ ඉන්න ඇපල් එකේ වැඩ කරන මිතුරෙකු පළ කළ තාක්‍ෂණික ලිපියක් කියවන්න මං මීඩියම් ගිනුමක් ආරම්භ කළා. දැන් දවස ගානේ ඊ-මේල් එනවා. මල කරදරේ!

    ReplyDelete