Thursday, April 16, 2020

කාල යක්ෂ - 1


අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා ගියේ වසන්තයේ සුවදායක බව පෙරදිග රාජ්‍යයට ගෙන එමිනි. කඳු ප්‍රපාතය පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී ගියෝය. සිතුවමක් බඳු වූ හාත්පස දර්ශනය සිය උදෑසන ව්‍යායාමය සිත පිනායන ක්‍රියාවක් බවට පත්වීම ගැන ඇය සිටියේ ප්‍රබෝධයෙනි. 

නිල් පාට ආකාශයේ නිකැළැල් බව, කඳු පෙළ සහ මහා සයුරේ අපූරු සුසංයෝගය නීෂා ගේ සිත කුල්මත් කළාය…එයින් ඇගේ මයින්ඩ්ජෙට් යානාවේ වේගය තවත් වැඩි වී පායා එන සුර්ය රශ්මියෙන් රන්වන් පැහැ වූ සිය මන්දිරය වෙත ඈ රැගෙන ගියේය…

මන්දිරය ඉදිරිපිට අංගනයේ යානාව නැවැත්වූ ඇය සිනා සලමින් ඉන් බැස සිය පියාණන් වෙත පිය නැගුවාය. ඇගේ සිත සතුටින් පිරී තිබිණි.

සිනා සලමින් මලක් සේ පියකරුව එන සිය දියණිය දෙස බලා සිටි නෙමින්දේර් රජුට සිය බිරිඳ සිහි විය… දිනපතා උදෑසන සිය මන්දිර අංගනයේ සිට නෙත් මානයේ පෙනෙන ලෝකයේ සොඳුරු බව විඳින නෙමින්දේර් රජු බොහෝ වෙලාවක් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ගෙවී යන අයුරු මෙනෙහි කලේය. කළකට පෙර ජීවිතයෙන් නිදහස් වූ සිය බිරිඳ සමඟ ගෙවූ කාලය සිහි කලේය.

එය ඔහුගේ දින චර්‍යාවේ කොටසක් විය. නීෂාගේ පැමිණීමෙන් ඔහුගේ එම දැහැන මදකට බිඳී ගියේය.

“තාත්තා උදේට කෑව ද? මම හැමදාම කියනවනේ මම එනකම් ඉන්න එපා කියල. “

“මට තාම බඩ ගිනි නැහැ. මම ඔයා එනකම් හිටියේ. කොහොම ද එන ගමන් මගේ පණිවිඩේ දෙන්න පුළුවන් උනා ද?

“ඔව් තාත්තා. ඩෙලෝ ගේ ගෙදරට මම ගිහින් ආවේ. හවසට තාත්තව හම්බ වෙන්න එන්නම් කිව්ව.”

“ඔය මනුස්සය හැමදාම කියන්නේ එන්නම් කියල තමා. “ අපි යමු කන්න.

රස මසවුළු පිරි කෑම මේසය පෙරදිග රාජ්‍යයේ යතා තත්වය ගැන නෙමින්දේර් රජුට දල අදහසක් ලබා දුන්නේය. එහි වුයේ රාජ බෝජන ලෙස විශේෂයෙන් පිළියෙළ කල දෑ නොව, රාජධානියේ වැසියන් සැමට ලැබෙන කෑම වර්ග පමණි. වසන්තයේ එළැඹීමත් සමග අටුකොටු පිරී යන බව රජ ගෙදර මේසය රජුට දැන් වුවේය.

ඉන්ටෙ, කො මගේ ඇඳුම, ඇඳ සිටි ඇඳුම් උනා දමමින් සිය සේවිකාවට කෑ ගසමින් නීෂා ඇසුවාය. 


“අනේ මන්ද තියෙන කලබලේට මෙච්චර මේ පේනන තියෙන ගවුම පෙන්නේ නෑනේ.. “ සිනාවෙමින් ඉන්ටෙ ඇසුවේය.

“අනේ අනේ ඉන්ටෙ, මගේ අලුත් සපත්තු දෙකත් හොයල දෙන්නකෝ… “

මේ කෙල්ලට අද නම් පිස්සු ද කොහෙද… මේ තියෙන්නේ .. ඉන්ටෙ සිනා පිරිණු කාරුණික බවින් පාවහන් යුවල ඈ වෙත පෑවාය.

ආ..ඔයා ආවද ? මම මේ බලාගෙන හිටියෙ…රිදී පැහැති නවීන මයින්ඩ්ජෙට් යානයෙන් බිමට බට සිය පෙම්වතා වෙත වූ ආදරණීය බැල්මකින් යුතුව නීෂා ඇසුවාය…කොහොමද කුමාරියෙ ඉතින්…සිය ප්‍රියාවියගේ දෑස දෙස ආදරයෙන් බැලූ ඔහු පැවසුවේය…එකිනෙකාගේ දෑසින් ආදර වදන් තෙපලමින් ඔහු හා ඇය මාළිඟාව වෙත පිය නැගුවෝය…

මාළිඟාව තුල සිටි නෙමින්දේර් රජු සිය අනාගත බෑනාව සෙනෙහසින් යුතුව පිළිගත්තේය…

ටිටී…..ටිටී….ටිටි මල්ලී…කෝ ඔයා…ඔයා කොහෙද ගියේ..මෙහෙ එන්නකෝ…කොහෙ යනවද මන්ද..කොයි වෙලේවත් ගෙදර නැහැ…ටිටි මල්ලියෝ…

ඩිං ඩොං ඩිං ඩොං…ලල්ල ලලා..ඩිං ඩිං..ටිටී ටිටී….ආව්…ෂික්..මේ මොන ජරාවක් ද..මගෙ කකුලත් වැදුනා…මල වදේ..කෝ මේ ටිටියා…

අයියෝ අමතක වුණා නෙ…දැන් වත් යන්න ඕනේ…ඉවරද දන්නෙත් නැහැ….ටිටි මල්ලී ඔයා ඉන්න තැනකින් එනවද නැද්ද…මට බැහැ මුළු දවසම ඔයාව හොය හොය ඉන්න…ටිටීඊඊඊ……

මම යනව යන්න…එනවකො අද ගෙදර….මෝඩ ටිටියා….

අම්මා..ටිටියා ආවොත් අල්ලලා ගෙදර තියා ගන්න කොහෙවත් යන්න නොදී..මම යනවා…නීෂා බලාගෙනත් ඇති…

දෙතුන් වතාවක් ගැස්සුනු මයින්ඩ්ජෙට් යානය ඉහලට නැඟුනේය…එහි වූ නොඟිනිය හැකි තරම් වූ සීරීම් ලකුණු…අසරණ ටිටී ගේ සහෝදරිය ගැන අවට ලෝකයා දැනුවත් කළේය..

අනේ මම පරක්කු නැහැ නේද..? මම හිතුවෙ ඉවරත් ඇති කියලා…අසළ තිබූ මල් බදුනක් පෙරලමින් පැමිණි ටිටීගේ සොයුරිය ඇසුවාය..

ආ…මේ එන්නෙ අනිත් එක්කෙනත්..කොහොමද දුවේ ඉතින්…රජු සිනා සෙමින් විත් ඇසුවේය..හ්ම් හ්ම්..හොඳා හොඳා…මම හොඳින්..මාමණ්ඩිට කොහොමද..? මම පරක්කු නැහැ නේද..? මම හිතුව ඔක්කොම ටික ඉවර වෙලා ඇති කියලා…

පිස්සු කෙල්ල…කෝ අද ඔයාගෙ මල්ලි ආවෙ නැද්ද..?

අනේ මම දන්නෑ ඒ මෝඩය කොහෙ ගිහිල්ලද කියල..හොයල හොයල බැරිම තැන මම ආව…

ඇති යන්තම් දැන්වත් ආව..මම හිතුව අමතක වෙලා ඇති කියල…නීෂා සිනා සෙමින් සිය ඇයව පිළි ගත්තාය…

ආ…කොහොමද..ටිටීගෙ අක්කේ…මොකද මේ හති දා ගෙන…ගෙදර ඉඳන් ම දුවගෙනද ආවේ..?

අනේ යනව මෝඩය යන්න…මම මොකටද දුවන්නෙ මට තියෙනවා නියම වාහනයක්…ඔහේගෙ කබල වගේ නෙවෙයි…

ඔව් ඔව් මම දන්නව අර හැඩේ ඇද වෙච්ච එකනේද…පුදුමයි ඒක තාම වැඩ කරනවද..?

ඊඊඊ….යනව යන්න…

නීෂා කෝ අනේ ඔයා හදපු කෑම..මට බඩගිනියි…

මම කෑම හදන්න… මම කවුරු කියල ද හිතන්නේ… ඔය තියෙන්නේ මේසේ පිරෙන්න… කන එකයි ඇත්තේ…

රජතුමනි, පණිවිඩයක් ඇවිල්ල තියෙනවා… ඔවුන්ගේ සතුටු සාමීචියට පැමිණි රැකවල් සෙබළා පැවසිය. 

“අහ් මට මගේ හෙල්මට් එක අමතක වුණා නේ… මම පණිවිඩ කාමරේට ඇවිල්ල බලන්නම්. හෙල්මට් එක ඇත්තේ උඩ නිදන කාමරේ. දැන් ඒක ගන්න යන්න ඕනේ නැහැ.”

“මම එහෙනම් යනවා. ඔයාල කතා කර කර ඉන්න.” රජු හුන් තැනින් නැගිට සෙබලා සමග ශාලාව දෙසට ගියේය. පණිවිඩ හුවමාරු වුයේ ශාලාවේ ඇතුළු කොනින් ආරම්භ වූ කොරිඩෝවේ පිහිටි දෙවැනි කාමරයේය. ශාලාවෙන් එපිටට විහිදුනු උස් ආරුක්කු සහිත කොරිඩෝවේ පළමු කොටස රජුගේ නිල ජෙට් රථය සහ පෞද්ගලික ආරක්ෂක රථ වෙනුවෙන් වෙන් කර තිබුණි. ශතවර්ශ ගණනාවක් තිස්සේ පෙරදිග රාජ්‍යයේ අගනුවර වූ ෆ්රීදොම් කන්දේ වූ මේ මාළිගය පෙරදිග රාජ්‍යයේ බලවත්ම ස්ථාන වලින් එකක් විය. සාමකාමී නෙමින්දෙර් රජු එතරම් පාවිච්චි නොකළ බොහෝ අධිතාක්ෂණික උපකරණ සහ ආරක්ෂක විදිවිධාන වලින් ස්ප්ලේන්දි මාලිගාව සමන්විත විය.

මාලිගාවේ විශාල ශාලාව සහ කෑම ගන්නා කාමරය අතර වූ උස විදුරු ජනෙල් නිසා මනා ලෙස ආලෝකවත් වූ හාත්පස පෙනෙන කොටසේ වාඩි වී සිටි ෆෝමැටෝ, නිෂා සහ නිෂා ගේ ඥාති සහෝදරිය වූ ඇලෙන්ඩි එකිනෙකාට උසුළු විසුළු කරමින් නිදහසේ එකතු වීමට සෑම තෙදිනකටම වරක් පෙරදිග මාළිගාවට පැමිණෙයි.

ෆෝමැටෝ, අසල වූ නගරයක ව්‍යාපාර හිමි ධනවත් තරුණයෙක් වූ අතර, ඇලෙන්ඩි තවමත් අධ්‍යාපනය හදාරමින් සිටියාය. නිෂා නෙමින්දෙර් රජුගේ එකම දියණිය වූ අතර, ඇය ෆෝමැටෝ ගේ ව්‍යපාර වලට සම්බන්දව වැඩ කරමින් ඉහල අධ්‍යාපනය ලබමින් සිටියාය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය කාටත් රහසක් නොවූ අතර රජු ද සිය දියණියගේ කැමැත්තට ඉඩදී සිටියේය. 

ෆෝමැටෝ, මට ඔයාලගේ කොම්පැනියෙන් මගේ රිසර්ච් වැඩකට පොඩි උදව්වක් ඕනේ. 

“මොන කොම්පැනියෙන් ද? 

අර ලේසර් වැඩ කරන එකෙන්… මට එකේ නම මතක නෑ…

“මොකක් ද කරන රිසර්ච් එක? “

“ලේසර් වල ස්පේට්ල් කොහෙරන්ස් (Spatial Coherence) එක ගැන කරන පොඩි වැඩක්. “ විස්තර දැන් කියන්න මට කම්මැලියි. 

“මෙයා මේ පිස්සු විකාරේ වගේ බල්ලොත් එක්ක එහෙ මෙහෙ නට නට හිටියට ලේසර් කොහෙරන්ස් ගැන රිසර්ච් කරන්නේ නේද…? ෆෝමැටෝ සිනාසෙමින් ඇසුවේය.

“බල්ලොත් එක නටනවා… මම… මේ හලෝ මම ඇවිල්ලා මේ රටේ උපරිම IQ තියෙන 3න් දෙනාගෙන් එක්කෙනෙක්.. හරි ද... අනිත් එක ටිටියා කියන්නේ බල්ලෙක් නෙමේ… ඌ මගේ පණ… “

කෑම මේසයෙන් රැගෙන විත් තිබුණු රස කැවිලි ඇඟපුරා හැලෙන සේ ගස්සා දමමින් ඇලෙන්ඩි නැගිට්ටාය.

“හෙට හවස මම එනවා පීනන්න. නිෂා එනවද? “ ඇලෙන්ඩි ඇසුවාය.

“හෙට හවස පුළුවන් වෙයි. මට හෙට වැඩක් නැහැ.”

“එහෙනම් මම දැන් යනවා. අම්මෝ කෑව වැඩියි. ඒයි ෆෝමැට්ටො එහෙනම් මට ඇපොයින්මන්ට් එකක් අරන් දෙන්න හරි ද? තව දවස් 6කින් වගේ හොඳයි. 

එහෙනම් මම යනවා… 

සිය මයින්ඩ් ජෙට් යානය වෙත අසිහියෙන් මෙන් ඇවිද යන ඇලෙන්ඩි වෙත මාලිගාවේ තව දෑසක් යොමුවී තිබුණු බව එකිනෙකාට තුරුළු වෙමින් ශාලාව හරහා එලියට පිය නගමින් සිටි පෙම්වතුන් යුවල නොදුටුවෝය.

ඉතා උසැති මාලිගාවේ ප්‍රධාන දොරටුව දෙපස සිටි හිස්වැසුම් ලූ මුර සෙබළුන් දෙදෙනා සිය කුමාරියට එලියට යාමට ඉඩහැර පසෙකට විය. 

සෙබළුන් වෙත අවධානයක් නොදැක්වූ ඔවුන්ගේ දෑස් යොමුවී තිබුනේ ගැස්සෙමින් ඉහලට ආ ඇලෙන්ඩිගේ යානය වෙතයි. 

************

වයිට් හාර්ට් තැබෑරුම සිය සුපුරුදු ගැනුම්කරුවන්ගේ අල්ලාප සල්ලාපයන්ට ඉඩ හැර බැස යන හිරුගේ වර්ණයන්ගෙන් හැඩවෙමින් පැවතිණි. තැබෑරුම් අයිතිකරුගේ දියණිය කවුන්ටරයට පැමිණ සිටීම ළඟක සිට ගැටවර වයසේ ගනුදෙනු කරුවන්ගේ තිප්පොල බවට එය පත් වීමට හේතුව බව නාකි ව්ල්ස්කෝ තර්ක කළේය .

“කොහොමටත් උඹල අපි වගේ උන් තව වැඩි කාලයක් ඉන්නේ නැති හින්ද අලුත් කොල්ලෝ මේවට පුරුදු වෙන එක හොඳයි. අනිත් එක බීර වඩියක් , හැලි අරක්කු ටිකක් බොන්න ඕනේ කොල්ලෝ වුනාම.” සොල්දර ගෙදර මහලු ජෙප් මාමා එකඟ විය. 

“හොහ් හොහ් …ඒ කතාව ඇත්ත. මේ සිද්ද වෙන දේවල් එක්ක අපිට නම් තව වැඩි කාලයක් ඉන්න වෙන්නේ නෑ . එකැස් සෙබලා තව බීර උගුරකට ඉව කරමින් පැවසිය.

මොකද හිතන්නේ මේ අලුත් වෙළඳ සම්මුතිය ගැන? නෙමින්දෙර් රජ්ජුරුවෝ අනිත් මොන දේ ගැන දැන ගත්තත් හයිලැන්ඩර්ල එක්ක ගනුදෙනු කරන සාස්තරේ නම් තාම ඉගෙන ගෙන නෑ. උන් මහ කපටි මිනිස්සු. ජෙප් මාමා පැවසුවේය.

හ්ම්ම්… හයිලැන්ඩර්ල එක්ක මොන වැඩෙත් ලේසි නැහැ.

නාකි ව්ලස්කෝ මස් කෑල්ලකට ලුණු දමමින් පැවසිය.

වයිට් හාර්ටය වෙරළ බඩ පිහිටි තැබෑරුම් අතරින් වඩාත් ජනප්‍රිය විය. ඌරු මස් බිස්ටේක් සහ ගෙදර පෙරන බීර ඔවුන්ගේ අංක එක විය.

තැබෑරුමේ අනිත් කෙලවර මේසයේ සිටි කඩවසම් තරුණයින් තිදෙනා ශීත කල හැලි අරක්කු විදුරු තොල ගාමින් සාකච්චා කරමින් සිටියේ ඔවුන්ගේ නවතම අත්හදා බැලීම පිළිබඳවය. 

“මම හිතන්නේ අපිට මේ ලේසර් ඉන්ටෙන්සිටි එක පෙටාවොට් ඉඳල සෙටාවොට් පරාසයට ගෙන්න පුළුවන්.” ජනේලය අසල සිට වට පිට බලමින් බ්‍රයිටෝ පැවසීය.

1 ක්යින්ටිලියන් කියන්නේ 10 21 වෙනි බලය නේද..? 


හ්ම්… ඒ මට්ටමට ගෙන්න පුළුවන් වුනොත් අපිට සබ්ඇටොමික් ලෙවල් එකට පිවිසෙන්න පුළුවන්. 

බ්‍රයිටෝ හිතන්නේ TEMA ප්‍රොජෙක්ට් එකෙන් සපෝර්ට් එකක් ගන්න පුළුවන් වෙයි ද?

කර්වියෝ ඇසුවේය. 

TEMA  ගේ විස්තර ගන්න වැඩේ මම ඇලෙන්ඩිට කිව්වා. බලමු.

මේ තැබෑරුම අස්සේ ඉන්න නාකි සොල්දාදුවොයි, ගණිකාවොයි ඉන්න තැන අපි මේවා කතා කරන එක එච්චර හොඳ නෑ මම හිතන්නේ. නිතර සැකමුසු විටාසෝ අවට බලමින් පැවසිය.

කොහොමටත් ප්ලස් ඇම්ප්ලිෆිකේෂන් (pulse amplification) තව වැඩි දියුණු කරන්න වෙනවා . මට හිතෙන්නේ අපිට මේ තියෙන බල සැපයුම මදි වෙයි . බලමු .

බ්‍රයිටෝ දැක්ක ද අර කවුන්ටරේ ඉන්න අලුත් කෙල්ල.. අයිතිකාරයාගේ දුවලු. විටාසෝ ඒ දෙස හැරෙමින් ඇසිය. 

අහ්.. ඒක තමයි අද මට පොඩි වෙනසක් පෙනුනේ. හැබැයි මට ඕව ගැන හිතන්න වෙලාවක් නැහැ. මේක කොහොම හරි කරන්න ඕනේ.

ඒයි කර්වියෝ … අර මම හොයන්න කියපු බඩු ටික හොයා ගත්ත ද? මේ පවර් එක දරා ගන්න පුළුවන් ආවරණයක් හදන්න ක්ලවරියොන් අනිවාර්යයෙන් ඕනේ.

මම දන්න හයිලැන්ඩර් කාරයෙකුට කිව්වා. මිනිහා විශ්වාසයි. හොයා ගන්න පුළුවන් වෙයි. කර්වියෝ අන්තිම හැලිඅරක්කු උගුර ගිලදමා පැවසිය.

අපි යමුද මට පරක්කුයි.

තැබෑරුම් අංගනයේ නවතා තිබුණු නවීන මයින්ඩ් ජෙට් යානා වෙත ගිය මේ කොල්ලන් තිදෙනා දෙස කවුන්ටරයේ සිටි තරුණිය හොරැහින් බලනතුර ඔවුන් තිදෙනාගේ ගමන් බිමන් සහ සාකච්චා ගැන උනන්දු වූ තවෙකකු වයිට් හාර්ටයේ රස වැහෙන ඌරු මස් පිඟානක් අවසන් කරමින් සිටියේය . ඔහු සොල්දාදුවෙකි.

************

බටහිර ක්ෂිතිජයේ නේක වර්ණ රටා ඇඳෙමින් තිබිණි. නිමා වෙමින් තිබුණු දහවල හාත්පස පරිසරයේ සොඳුරු දසුන් මවමින් සිටියාය.

“ස්කෘලොක් ආයෙ අවදි වුනොත් මේ නිහඩ බව තව දුරටත් මේ විදියට තියෙන එකක් නැහැ.” ගං තෙරේ ඇවිදිමින් සිම්ටෝන් පැවසුවේය. “අනේ මට බයයි සිම් ස්කෘලොක් ගෙ හිනාව ගැහැණුන් ව වශී කරනවලු නේද?””

ගැහැණුන් ව විතරක් නෙවෙයි යක්ෂයො පිසාචයොත් වෂී කර ගන්න ස්කෘලොක් ට පුළුවන් කියල මම අහල තියෙනව.”

නෙමින්දෙර් රජ්ජුරුවෝ හිතන් ඉන්න රට එයාට ලැබෙන්නේ නැහැ මෙහෙම ගියොත්. අසල තිබු වියලි දර කොටුවකින් කොටසක් කඩා ගත් සිම් එය ගඟට විසි කළේය.

කොහොමටත් මේ අලුත් වෙළඳ ගිවිසුම හින්දා රජ්ජුරුවෝ ඕවා ගැන හිතන්නේ නැහැ. එයාට කවදත් ස්කෘලොක් කියන්නේ මිත්‍යාවක්. 

අපි ගෙදර යමු. දැන් රෑ වෙන්නත් ළඟයි.

දෙවෙනි කොටසට 


ප.ලි 

මීට  අවුරුදු 12කට  විතර කලින්  ලියන්න පටන් ගත්ත  ෆැන්ටසි නවල් එකක්.  මේ  කොරෝනා කාලේ හින්ද ආයේ මකුළු දැල් කඩල  සුද්ද බුද්ද කරලා ගන්න හිතුණා .

ටිකක් දිගට යන විදියට  කතාව ගොතන්න තමා හිතුවේ .  මේ ටික කියෙව්වම හිතෙන දේ කියල අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .

ලෝක ඩවුන් කාලේ පුළුවන් තරම් ලියා ගන්න හිතුවේ .

12 comments:

  1. දැනටනම් කතාව තේරුම් ගන්න බෑ.. බලමු ඉස්සරහට..

    මයින්ඩ් ජෙට් කියන්නේ මොන වගේ වාහනයක් ද?

    රටේ මිනිස්සුම කන දේවල කන එහෙව් රජෙක්.. අනේ වාසනාවන්..

    ReplyDelete
    Replies
    1. සෙන්න , ඔවි තේරුම් යන එකක් නැහැ. මම මේ චරිත ටික පොඩ්ඩක් හදල පසුබිම ලැස්ති කරන ගමන්... ටිකක් දිගට ලියන්න හිතාගෙන ඉන්නේ.

      මයින්ඩ් ජෙට් කියන්නේ චිත්ත බලයෙන් යන යානාවක් කියල තමා මම හිතාගෙන ඉන්නේ. ඉස්සරහට තව විස්තර දෙන්නම්කො .

      [රටේ මිනිස්සුම කන දේවල කන එහෙව් රජෙක්.. අනේ වාසනාවන්..]

      එහෙම රජවරු ඉන්නේ ෆැන්ටසි වල විතරයිනේ ... හෙහ් හෙහ්

      Delete
  2. පැතුම්, මට හිතෙන්නේ ඔයාට ලියන්නන පුළුවන්. එත් මොකක්දෝ දුරස් ගතියක් මේ ලියලා තියෙන ටිකේ තියෙනවා. ලියලා තියලා ටක දවසකට පස්සේ ආයේ කියවලා බලන එකත් මට නම් හරි යන වැඩක්. හැබැයි පුතෝ, අමතක කරන්න එපා අර බූරුවා විකුණන්න අරගෙන ගිය තාත්තගෙයි, පුතාගෙයි කතාවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිදී, මට ඕනේ වුනේ ඔන්න ඔහොම කියවන කෙනාට දැනෙන දේ ගැන අදහසක් ගන්න තමා. මම ආයේ කියවල එඩිට් කරලා තමා මේ ටික දැම්මේ.

      හොඳ දෙයක් ලියවෙන්න නම් කියවල නැවත ලියන එක පස් වතාවක් වත් කරන්න ඕනේ කියලයි මම අහල තියෙන්නේ.

      හැබැයි එච්චර කරන්න හෙන කම්මැලියි.

      නිකන් ඉන්න එකේ ලියල දැම්මේ ... බලමු හදාගෙන යම් තත්වයකට හරි ගන්න ..

      [හැබැයි පුතෝ, අමතක කරන්න එපා අර බූරුවා විකුණන්න අරගෙන ගිය තාත්තගෙයි, පුතාගෙයි කතාවත්.] ඇත්ත ඇත්ත ..

      හැබැයි අඩුපාඩුව දැක්ක තැන කියන එක හෙන වැදගත්..

      Delete
  3. කතාව කියෙව්වා. ලියන්න පටන් ගත්ත එකත් අලුත් තේමාවක් තෝරා ගත්ත එකත් මාරයි . මොකුත් හිතන්නේ නැතිව දිගටම ලියාගෙන යන්න .මටත් පොඩි ප්‍රශ්න ටිකක ආවා හැලි අරක්කුයි , මයින්ඩ් ජෙට් යානායි එකට තියේවිද කියල . ඒත් මේක ෆැන්ටසියක්නේ . ඔහොම යමු .

    ReplyDelete
    Replies
    1. දිග කතාවක් ලියන එක අමාරුයි කියල තේරෙන්නේ මෙහෙම ලියද්දි තමා.

      මම ෆැන්ටසියක් ලියන්න ගත්තේ හිතෙන විදියට ලියන්න පුළුවන් කියල හිතල. හැබැයි ගලපන එක ලේසි නැහැ. මයින්ඩ් ජෙට් සහ හැලි අරක්කු ගලපන්න පුළුවන් කියල හිතාගෙන පටන් ගත්තේ .බලමු බැරිම වුනොත් ඕකට විස්කි ටිකක් දාමු ... හෙහ් හෙහ් ..

      තිලක් අයිය වගේ අත්දැකීම් තියෙන කෙනෙක් ගේ අදහස ගොඩක් වටිනවා ..

      බොහොම ස්තුතියි අයියේ ...

      Delete
  4. Replies
    1. මේ උත්තමයගෙන් වචන ගන්න අමාරු හින්ද හිත හදාගෙන ස්තුතියි කියන්නම් ඉතින් ... හෙහ් හෙහ් ..

      Delete
  5. star wars වගේ වෙනම විෂ්වයකට ගියා. ටිකක් හදිසියෙ ලියල වගේ දැනුණා. මං හදිසියෙ කියෙව්ව නිසාද දන්නෑ. ඊළඟ කොටස් කීපයත් කියවල ම අදහසක් දෙන්නං....

    ReplyDelete
    Replies
    1. star wars වගේ එකක් ලියන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියල හිතෙනවා මේක ලියද්දි.

      මම මේක 2008 දී ලියන්න ගද්දි මම attack of the clone බලල තිබුනේ නැහැ . පස්සේ ෆිල්ම් එක බලද්දී එකේ එක තැනක මම මේක ලියද්දි මවා ගත්ත පසුබිම එහෙම ම තිබුනා . ඊට පස්සේ මට හිතුනා මම මේ ලියන එකත් නිකන් එකේ කොපියක් වගේ වෙයි කියල. මෙච්චර කාලයක් නොලියන්න එකත් හේතුවක්

      දැන් මේ ඕනේ එකක් වෙන්න ලියල බලනවා. ටිකක් දිගට එකක් ලියලම නැහැ මිට කලින්

      අනිවා ආයේ ඇවිල්ල බලල අපෙන අඩුපාඩු කියපන්
      .

      Delete
  6. වයිට් හාට් ලේන් එක තියෙන්නේ අපේ ගෙවල් ළඟ , තැබෑරුම කුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔය වයිට් හාට් තැබෑරුම කියන්නේ ප්‍රසිද්ධ තැනක් ද ? මගේ ගාව තියෙනවා ආතර් සි ක්ලාක් මට දුන්න පොතක් . එකේ නම "Tales from the White Hart"

      මේ ලඟදි නෙට්ෆ්ලික්ස් එකේ කතාවක් බලද්දී එකෙත් ඔය වයිට් හාර්ට් තැබෑරුම තිබුනා.

      https://en.wikipedia.org/wiki/White_Hart

      මාත් එකම දැම්ම .. හෙහ් හෙහ්

      Delete