Wednesday, April 24, 2019

අනේ අපි...

මුස්ලිම් පල්ලියේ
වෙඩි වදින විට
මුස්ලිම් දෙවියන්
පැමිණියේ නැත

කිතුනු පල්ලිය
දෙදරා යන විට
කිතුනු දෙවියන්
පැමිණියේ නැත

හින්දු කෝවිලට
බුද්ධ පන්සලට
දෙවියන් වඩිනවා
අනේ අපි...


11 comments:

  1. Replies
    1. දළදා මාළිගාව පුපුරනකොට? ශ්‍රීමහා බෝධිය ගාව කපා කොටා මරනකොට?

      Delete
    2. ඒ උන්දැලා සද්ද වලට බයයි මම හිතන්නේ ... පලතුරු සුවඳට, කාසි හඩට වෙන්ඩ ඇති මනාප .

      Delete
    3. මේ ගැන ලියන්නෙම නැහැ කියල ප්‍රතිපත්තියක ඉන්නේ. ඒ තරම් අජුවයි

      Delete
    4. හිතල මතල මහන්සි වෙලා ලියල වැඩක් නෑ මේවා. ඔන්න ඔහේ කටට එන ටික කොටලා දැම්ම.
      මට මේ ලඟදි හිතුනා කවද හරි අඟහරු වල ජනාවාස ඇති කලාට පස්සේ එහෙත් දෙවියෝ ඉඳියි ද කියල ... හෙහ් හෙහ් (රොකට් එකක නැගල යයිද දන්නේ නෑ හොරාට ...)

      Delete
  2. 33 කෝටියක් ඉන්න නිසා කාටද වැඩේ බාරදෙන්නෙ කියල තීරනේ කරන්න වෙලා යනව ඇති.

    ReplyDelete
    Replies
    1. සමහරවිට එච්චර ලොකුවට පුපුරන එකක් නෑ කියල හිතනවා ඇති. පව් අනේ

      Delete
  3. “I do not pretend to be able to prove that there is no God. I equally cannot prove that Satan is a fiction. The Christian god may exist; so may the gods of Olympus, or of ancient Egypt, or of Babylon. But no one of these hypotheses is more probable than any other: they lie outside the region of even probable knowledge, and therefore there is no reason to consider any of them.”
    ― Bertrand Russell

    ReplyDelete
  4. දෙවියන්ට භෞතික වස්තු ආරක්ෂා කරන්න බෑ මයේ හිතේ ?

    ReplyDelete
    Replies
    1. සුදික අයියා, ඔවුන් කොහොමද භෞතික නොවන හෝ කිසිවක් ආරක්ෂා කරන්නේ?

      ඔවුන් අපිව ආරක්ෂා කරනවා යයි අපි සිතනවා.

      ඔබ සිතන විදිය වෙනස් වූ සැනින් ඒ ආරක්ෂාව නැති වෙනවා.

      Delete