Tuesday, March 01, 2011

රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසීලිස්සා



                      අපේ පවුලේ පරම්පරා 3ක විතර ළමා කාලය සුන්දර කළ ලස්සන වසීලිස්සා පොත

ලස්සන වසිලිස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම ඒක කියවන්න කියල මුලින් ම කියන්නම්... මොකද ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා  වගේ කට්ටිය අදුරන්නේ නැතුව මේක කියවන එක වැඩක් නෑ. අඩුම තරමේ නපුරු බිරියෝසා ගස් ගැනවත් දැනුමක් නම් තියෙන්නම ඕනේ.. හප්පා.. නැති රටේ ඉන්න නැවුං මස්සිනාව අමතක වුණා නේ... අනේ සොරි මචං...

 බාබායිගා යකින්න වංගෙඩියක් උඩ නැගල කොස්සෙන් පාර පිහදම දමා අහසින් යන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ නහය ගොඩාක් දිග නිසා රාක්කයක් උඩ තමා තියල තියෙන්නෙ... යටිපතුල් පොරවගෙන තමා නිදා ගන්නේ... ඔය ලොකුවට තියෙන්නෙ නපුරු බිරියෝසා ගහ.  ළඟට එන මිනිස්සුන්ගේ ඇස් උගුල්ලලා දානව ඔය ගහ. හරිම භයානකයි... වසිලිස්ස ඉතින් කාටත් කරුණාවෙන් සළකන නිසා නපුරු බිරියෝසා ගහත් මෙල්ල වුණා.


කුකුලෙකුගේ කකුලක් උඩ කරකැවෙන යකින්නගේ ගේ පොඩිත්ත. වටේටම තියෙන්නෙ මිනී ඔළු ගහපු වැට. වැට ගාව තියෙනවා නපුරු බිරියෝසා ගහක්.. සෙල්ලං නෑ... ගේ ලඟට ආපූ කෙනෙක් ලේසියෙන් යකින්නගෙන් ගැලවිලා නම් යන්නෙ නෑ... බොහෝම හිත හොඳ කරුණාවන්ත, බුද්ධිමත්, දක්ෂ අයට විතරයි බේරිලා යන්න පුළුවන්...ඒකත් යකින්න පවරන වැඩ ටික ඉවර කලොත් විතරයි...
නිදිමන්තර කාර පූසා තමයි පූසා... ඌ කියන නින්ද යන කතන්දර අහගෙන මෙලෝ මිනිහෙකුට ඇහැරගෙන ඉන්න බෑ... අනිත් එක පේනවනේ නපුරු කම, අන්ද්‍රේ යාන්තම් ගැලවුණේ එයාගේ බිරිඳගේ මොලේ නිසා තමා.  අන්දරේ ඉතින් අහිංසක මනුස්සයනේ හැබැයි එයාගේ ලස්සන නෝනා එහෙම නෑ.. එයා මායා කාරියක්...
    
ඉවාන් කුමාරය ලස්සන යෙලේනා කුමරියත් එක්ක රන්කෙඳි අශ්වයා පිටේ එන අපූරුව බලන්න එපෑ... අල්ලගත්ත ගිනි කුරුල්ලවත් කූඩුවේ දාගෙන... මොන සටනක් දීල ද මේ තුන් දෙනාව ලබා ගත්තේ... ඉවාන් කුමාරයට රජ්ජුරුවන් ගෙන් තියෙන කරදර ගැන නම් කියල වැඩක් නෑ...දැන් කාලේ වගේම තමා...ලස්සන කෙල්ලෙකුට ඉස්සරත් නිදහසේ ඉන්න නෑ... කොහොම උනත් අන්තිමට ඉතින් දුෂ්ටයට කෙල වෙනවා..


මේ ඉන්නේ නොමැරෙන කසෙයි රාක්ෂයා... මෙයාව කවදාවත් මරන්න බෑ... බොහෝම ලස්සන මාර්යා මොරෙව්නා ගේ ආදරේ වෙනුවෙන් නිර්භීත කුමාරයෙක් නොමැරෙන කසෙයි රාක්ෂයා එක්ක කරන දරුණු සටන්...  අන්තිමට මොකෝ වෙන්නේ කියන එක කියවලම තමා බලාගන්න වෙන්නෙ.... බාබායිගා යකින්න ගේ අස්ස ඉස්තාලේ ඉන්නව නේ කසෙයි ගේ අශ්වයට වඩා බලවත් අශ්වයෙක්...


ඕං රීං.... පුදුම අශ්වයා වරේන් කියල පාළු සොහොනකට ගිහින් මතුරල බලන්නකෝ... හැබැයි ඉතින් දෙමව්පියන්ට සළකන අය විතරයි ... මෝඩ ඉවාන් කොච්චර මෝඩ උණත් ගති ගුණ අතින් බොහෝම උසස්.. අන්තිමට ඉතින් තට්ටු ගානක් උඩට පුදුම අස්සයව පන්නල රටේ ලස්සනම කුමාරිව සිප ගන්න තරම් මෝඩ ඉවාන් දක්ෂයෙක් වෙනවා...


සිමියොන්ලා හත් දෙනා තරම් දක්ෂ වැඩ කාරයෝ මුලු ලෝකෙම නෑ... කියන පරක්කුවෙන් ඕනේ දෙයක් කරන්න එයාලට පුළුවන්...සිමියොන් වඩුවා,සිමියොන් නාවිකයා, සිමියොන් ගණන් කාරයා ඒ විතරක් යැ.. පුංචි සිමියොන්... පුංචි සිමියොන් දක්ෂ බටනලා වාදනයට.. නපුරු යුධ නායකයගේ නපුරු වැඩ මේ අයියල මල්ලිලා ගේ දක්ෂ කමින් පරද්දන හැටි කියල වැඩක් නෑ... අන්න කතා..

අලෝනුෂ්කා අක්කගෙයි ඉවානුෂ්කා මල්ලිගෙයි සහෝදර ප්‍රේමය, රතු එළදෙනගේ ආදරය, හිම සීයා නපුරු කුඩම්මට දෙන දඩුවම්... මෝඩ එමලිය මාළුවට අණ දි දී කරන පිස්සු වැඩ... දුප්පත් ඉවාන් ට ඉර,සුළඟ දුන්න තෑගි... රාජ අලියගේ පිහාටුවට මතුරන අහිංසක මර්යුෂ්කාගේ ආදරය, රිදී පීරිසිය සහ රත්තරන් හදවත

අනේ මන් ද මේ දැනුත් මම ඉන්නේ ඒ ලෝකේ වගේ...

පින්තූරයක් දාන්න බැරි උණාට නැවුං මස්සිනා ගැන නම් මොකුත් නොකියම බෑ.. පින්තූර දාන්නෙ කොහොම ද ඉතින් නැති දේක... කාට හරි කරන්න බැරි වැඩක් පවරන්න ඕනේ නම් මෙන්න වැඩේ... කියන්න ගිහින් නැති රටෙන් නැති දේ හොයාගෙන එන්න කියල... හික්.. හික්... ගිය මිනිහෙක් ආයෙ එන්නෙ නෑ... අපායට ගිහින් ඉන්නෙ කෙනෙක් ගේ දුක සැප හොයාගෙන එන්න පුළුවන් නැති රටෙන් නැති දෙයක් නම් කාටවත් ගේන්න බෑ...

කොහොම වුණත් ඉගෙන ගන්න තියෙන්නෙ එකම පාඩමයි.. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඒ නිසා ඔය ඔළුවේ නට් බුරුල් වෙනකම දවස තිස්සේ හිත හිත දඟලන ප්‍රශ්නයක් ආවම රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියල 3න් පාරක මතුරල ගිහින් නිදා ගන්න... (ඊට පස්සෙ පහුවදාට ආයේ මුල ඉඳල හිතල අරක කොහොම හරි ගොඩ දාන්න..)

25 comments:

  1. සදා අමරනීය සෝවියට් සාහිත්ය.
    ගොඩක් ස්තූතියි මතක්කලාට ආය.

    ReplyDelete
  2. මාත් පොඩිකාලෙ හුඟක් ආසාවෙන් කියවපු පොතක් තමා ඕක.ගියපාර BMICH එකේ Book Fair එකට ගියවෙලේ ඕක තිබුන.ඒත් ඒ වෙද්දි ගෙදර එන්න විතරයි සල්ලි ඉතුරුවෙලා තිබුනෙ.කවදහරි ඔය පොත ගන්නම ඕන.

    ReplyDelete
  3. අඩේ මමත් ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්.. පහ වසරෙදි විතර කියෙව්වේ. අද වෙනකං මට ඕකෙ නම මතකයි.. හැබැයි රුසියන් සුරංගනා කතා කියලා.. ‍පුලුවන් නම් පොත ගන්න තැනක් හොයලා දෙන්න.. මම ඉස්සර ඔය කතා කියවලා ඉස්කෝලෙ ගිහිං පන්තිය ඉස්සරහා කියනවා.. පිස්සු කො‍ර :D

    ReplyDelete
  4. අපේ ගෙදරත් මේ පොතක් තිබුනා. මම පොඩි කාලේ ආසම කරපු පොත. ඒත් අපෙ ගෙදර තිබුන පොත කවුරු හරි අරන් ගියාට පස්සේ ගෙනත් දුන්නේ නෑ. මට හරි ආසයි ඒක මගේ පොඩි උන්ට පෙන්නන්න. ඒත් නෑනේ. අද විකුණන්න තියෙන්නේ ලාබ බාල කොලේ මුද්‍රණය කරපු එකක්. ඒකත් රු.600/= ක් වෙනවා.

    ReplyDelete
  5. මන් ගාව තාමත් තියෙනවා ඒ කාලේ ගත්ත පොත

    ReplyDelete
  6. පරණ මතකෙ අළුත් කලාට තෑන්ක්ස්.

    ReplyDelete
  7. රෑට නැති නුවණ උදේට පහල වෙනකන් සැනසිල්ලේ නිදාගන්න හැටි කියල දුන්න පොතක් තමයි මේ..

    ReplyDelete
  8. පොඩිකාලේ හුගක් ආසවෙන් කියවපු පොතක් , ඔය පොත දැන් ගන්න තැනක් තියෙනවද (සරසවි, ගුනසේන ? )කව්රු හරි දන්නව නම් කියනවද

    ReplyDelete
  9. කඩුල්ල ප්‍රකාශකයෝ ගාව ඔය පොත තිබ්බා. තාමත් ආසාවෙන් කියවන සෝවිය‍ට් සාහිත්‍යය.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි පොඩි කාලේ සුන්දර මතකයන් අවදි කලාට. පුලුවන් නම් පොත ස්කෑන් කරලා දාන්න.

    ReplyDelete
  11. @Malith

    http://www.sarasavi.lk/product_info.php?products_id=1321&osCsid=cdloaa5uv3kbheeekm8t09fqh3

    ReplyDelete
  12. හැබෑටම මා ලඟ ඔය පොත නෑනේ...
    නමුත් තාම මතකේ තියනවා කියෝපු දේ...
    නවූම් මස්සිනා අදවාගේ මතකයි....
    ස්කෑන් කරලා දානවනම් බොහෝම පින්....
    අලුත් පොත පරණ එකතරම් ලස්සන නෑ...

    ReplyDelete
  13. මම ලියපු කොමෙන්ට් එක ටිකක් දිග වැඩි උනාම මට හිතුන ඒක මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න.
    මේ තියෙන්නෙ ලිංක් එක
    http://ornaya.blogspot.com/2011/03/blog-post_07.html

    කාට හරි ලස්සන වසිලීස්සා පොත ගන්න ඕනෙම නං .. . . මෙන්න තැන . . .
    ප්‍රගති ප්‍රකාශන නිවස
    අංක 91 ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත,
    කොලඹ 8.
    හොයාගන්න බැරි අය ඉන්නව නං . . . . අහන්න පාර කියන්නං. . . .

    ReplyDelete
  14. හරිම ලස්සන පොතක්. කවුරු මොනව කිව්වත් ඔකෙ ලස්සනම කතාව තමය් පුදුම අෂ්වයා. Beautiful Memories of Past...

    ReplyDelete
  15. මේ පොතේ ප්‍රකාශක කවූද කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    ReplyDelete
  16. ප්‍රගති ප්‍රකාශන නිවස
    අංක 91 ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත,
    කොලඹ 8. ඕකේ බලන්න. කුරුළු ප්‍රකාශකයෝ ගාවත් තිබුණා මට මතක විදියට

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඇත්තෙන්ම ලස්සන පෝසට් එකක්.
    අප මෙම ලිපිය අපගේ බ්ලොගයේ පලකළා
    http://vidulafm.blogspot.com/2013/07/7.html?showComment=1373899741248#c4158981400510996026
    නමුත් අප එය ගත්තේ Repost තැනකින් බව SilentSahan සහෝදරයා අපට දැන්වූවා
    එහි ඇත්තෙන්ම නියම ලිංකුව තිබුනේ නැහැ.
    වහාම අප එහි නිවැරදි ලිංකුව පල කලා
    ස්තූතියි
    ළමා පරපුර වෙනුවෙන් අප කරන ඩිජිටල් උත්සාහයේදී වැරදුනු වැටුනු තැන් ඇතොත් අපට සමාවී අපව නැගිටවා දිරිගන්වන්න සැමදා

    ReplyDelete
  19. මේක පරණ පොතද?මට එකම ඕන.පොත් සාප්පුවේ මේ පොත තියෙනවාද?මම ගත්තා එකක් එක 450.00.පොඩියි පොත.පරණ ලොකු පොත නෙවෙයි.මට මේ පොත එන්.එම්.පෙරේරා මාවත 91,අවොත් ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. දැන් නම් තියෙනවද දන්නේ නෑ.. මේ පින්තුර ටික නම් ගොඩක් පරණ පොතක ඒවා.. හැබැයි මම මිට අවුරුදු 2-3කට කලින් BMICH පොත් ප්‍රදර්ශනේදි ලොකු පොත ගත්තා.. මේ විදියටම පාට පින්තුර තියෙන..

      Delete
  20. මෙන්න පොතේ scan එකක්...

    https://docs.google.com/file/d/0B01iyg-a7AIWRF9iQWtOODFkMGM/edit

    ReplyDelete
  21. මෙන්න පොතේ scan එකක්..

    https://docs.google.com/file/d/0B01iyg-a7AIWRF9iQWtOODFkMGM/edit

    ReplyDelete
  22. මේ පොත් මේ තරම් සුන්දර වුනේ, දැදිගම වී රුද්‍රිගු මහත්මයාගේ අති දක්ෂ පරිවර්තන හැකියාව නිසා

    ReplyDelete