Saturday, January 09, 2010

Prison Break

ඔන්න මම යාන්තම් Prison Break බලල ඉවර කර ගත්තා..  කතාව ගැන අටුවා ටීකා ලියන්න නෙමේ මේ හදන්නේ... බලපු අය දන්නව ඇති කතාව කොහොමද කියල... වැදගත්ම දේ තමයි සාධාරණ කොටස් ගානකට පසුව නියමාකාරයෙන් කතාව ඉවර කිරීම... බොහෝ කතා මාලා වල දක්නට නොලැබෙන ලක්ෂණයක් විදියට මම ඒක දැක්ක... මම හිතන්නේ ලොකේ පුරාම අතිශයින් ජනප්‍රිය වූ මෙවැනි කතා මාලාවක් මෙලෙස වැදගත් විදියට ඉවර කිරීම පැසසිය යුතුයි... අපේ පවුලේ නාලිකා සහ ජනතාවගේ නාලිකා කරන විගඩම් එක්ක ඉතින් කවර කතා ද... PB Season 3 කොටස් 13කින් ඉවර කළේ රචකයින් විසින් පඩි වැඩි කරන්න කියල කරපු වර්ජනයක් නිසා. සමහර විට සම්පූර්ණ කතාවම මේ වගේ නතර කරන්න ඇත්තේ ඒ වගේ අභ්‍යන්තර ගැටළුවක් නිසා වෙන්න ඇති. හැබැයි වැදගත්ම දේ ප්‍රේක්ෂකයා අතරමං නොකර නියමාකාරයෙන් කතාව අවසන් කිරීම... Prison Break වගේ කතා මාලාවකින් ඒ වගේ සරල දෙයක් වත් අපේ කතා රචකයො ඉගෙන ගන්නවනම් ඒකත් ලොකු දෙයක්...

ලංකාවේ මිනිස්සු ගොඩක් දක්ෂයි නිර්මාණශිලීයි කියල හැමවේලාවකදිම අපි කියනවා නමුත් මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියේ ගත යුතු දෙයක් තියෙන නිර්මාණ හරිම අඩුයි... අපේ තියෙන වටිනාකම් උපතින්ම අපට උරුම වෙලා තියෙන හොඳ ගතිගුණ, අපේ සංවේදීකම් අපි බොහෝවිට දකින්නෙ විදේශීය නිර්මාණ වලින්... අපේ නිර්මාණ වල තියෙන්නෙ බොහෝම බොළඳ වාණිජ කතාවක් විතරයි... අඩුව තියෙන්නෙ අපේ නිර්මාණ කරුවන්ගෙද... අපේ රටේ ද... 

Prison Break බලල ඉවර වෙනකොට මට හිතුනෙ ඔහොමයි...

5 comments:

  1. මමත් බැලුවා.. ඔයා කියනදෙ හරි නමුත් තාක්ෂණය යත් හරහට හිටිනවා. අනිත් එක කලාකරුවො දැන් නැහැ.. හම්බ කරගන්න ඔනාවට මොනවහරි කරන අය තමයි ඉන්නෙ.. එ රටවල් වල ඉන්නෙ.. හොද දෙයක් කරලා එක මාර්කට් කරන අය.. මෙ රටවල් වල ඉන්නෙ. ගැලපෙන්නෙ නැති දෙයක් කරලා, එක පැය විසිහතරෙම ටි වි එක ඇඩ් දාලා කොහොම හරි ජනප්‍රිය කරලා( පැය විසි හතරෙම පෙන්න න කෙනා ඉබෙටම ස්ටාර් වෙනවා) මිනිස්සුන්ට ඔබ්බවන අය.. prison break ගැන දැනගත්තට මම බලන්න් ගියෙ නැහැ. නමුත් කතාවෙ කොටසක් දෙකක් බලද්දි දිගටම බලන්න හිතෙනවා නෙද.. අනිත් එක ගොන් පාට් නැහැ..
    ඔයා බලන්න
    The Shawshank Redemption 1994
    මෙ ෆිල්ම් එකත් ලස්සනයි..

    ReplyDelete
  2. යනු රූපවානී ජනප්‍රියතා දර්ශක වල පහල ස්ථානයක රැදුනු නමුත් අන්තර්ජාලයේ බාගතකිරීම අතර ඉහලින් ම රැදුනු කතා මාලාවකි.
    ඉතා සාර්තක පලමු දෙවන හා තුනවන කතාමාලාවන්ගෙන් සමන්විත දුර්ලභ ඇබ්බහිකාරකයකි . අසාර්තක අවසාන කතාමාලාවක් හා අති අසාර්තක අවසානයක් මෙයට උරුම වූයෙ ලේකකයන්ගේ වැඩවැරුමක නිසාවෙන බව කියවේ.
    ප්‍රධාන චරිතයට නැවත පනලැබීමක් අපේක්ෂාවෙන් මම ද පසුවෙමි.

    ReplyDelete
  3. Prison Break මාත් කැමතිම සීරිස් එකක් තමයි

    ඔක්කොම කොටස් බැලුවෙ නිදි මරාගෙන පිස්සුවෙන් වගේ ;-)

    @ රවා

    The Shawshank Redemption මගේ කැමතිම ‍ෆිල්ම් එකක්.. ;-)

    ReplyDelete
  4. රවා වෙත,
    තාක්ෂණය හරහට හිටිනවා කියන දේට මම එකඟ නෑ... තාක්ෂණය තුළ කතාවේ හරය නැහැ... කතාවේ ලස්සන විතරයි තියෙන්නෙ... ප්‍රිස්න් බ්‍රේක් කතා මාලාවේ තියෙන්නෙ ආදරය, කැපවීම, උත්සාහය වගේ මානුෂික දේවල්, ඒ දේවල් මුසු කරල කතාවක් හදන්න තාක්ෂණය ඕනේ නෑ..

    චන්දිම වෙත,
    අවසානය ඔය වගේ වීම ගැන අපේ හිතට දුකක් දැනෙන්නෙ හරි නැවත පණ එනකම් බලාගෙන ඉන්නෙ හරි කතාව සාර්ථක වුණ නිසා කියලයි මට නම් හිතුණේ... වැදගත්ම දේ විදියට මම දකින්නෙ කතා මාලාව ඉවර වීම...

    LG වෙත,

    මමත් එහෙමයි.. කොහොමත් සිකුරාද නම් පාන්දර 2.00 විතර වෙනකම් බලනවම තමා.. අනිත් දවස් වල ඉතින් ඔෆිස් නිසා එක කොටසකට වඩා බැහැනේ.. කොහොමින් හරි බලල ඉවර වෙච්ච එක ලොකු දෙයක්

    ReplyDelete
  5. මේ සීරීස් එක මම දැකපු අතිශයින්ම නිර්මාණශීලී කතාවක්. මුල සිට අගට පිස්සුවෙන් වගෙ ‍රැ එලි වෙනකන් බලන්න ඇහැකි අතාත්වික විහිලු නැති අමරණීය කතා මාලාවක්. !

    කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් පිස්සුවෙන් වගේ ඒ නිර්මාණශීලිත්වයට වහ වැ‍ටුනු වගට මම වහන්සෙත් එක සාක්ෂියක්.

    මගෙ පෞද්ගලික මතය නම්, ලංකාවෙ ප්‍රශ්නය තාක්ෂණය නෙමෙයි, හොඳින් හිතුවොත් ඒකෙ තියෙන්නෙ 'A''ණ්'I'ඹ්Aඨ්Eඪ්' ඉන්ද්‍රජාල ටිකක් නෙමෙයි, බුද්ධිය මෙහෙයවල බලන් ඉඳන් තේරුම් ගන්න පුලුවන් නිර්මාණශීලි මනසක ප්‍රතිපලයක් කියලයි මගෙ හැගීම...

    අපේ රටට ඒ අඩුව තියනවද? එහෙම නැත්නම් මාකට් එකේ ඒ තරමට තරඟකාරී නිර්මාණයකට ධන ආයෝජනය කරන්න තරම් ආයෝජක බුද්ධියක් තියනවද කියන එකයි සැකය????????

    ReplyDelete