Friday, January 08, 2010

මගේ ඡන්දය...

මගේ මහා ඡන්ද අයිතිය... මීට කලින් නම් මගේ ඡන්දය මෙච්චර වටිනව කියල මට කවදාවත් දැනිල තිබුණෙ නෑ... ඒත් දැන් නම් ඒක හොඳට දැනෙනවා...
මේ වෙලාවෙදි මේක ලියන්නේ සිහිවටනයක් විදියට... අනාගතයේ කවද හරි දවසක කියවනකොට හිතෙයි හරි දේ කළා කියල...

අනිත් අය හිතන එක කොහොම වුණත් මගේ හිතට එකඟව මම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙනවා... වෙන මොනවත් හින්ද නෙවෙයි යුද්දෙ ඉවර කරපු නිසා... ඒක කළේ කවුද කොහොමද කියන එක වැදගත් නෑ...සියුම් ව විග්‍රහ කර කර බයිල කියවන්න ඕනේත් නෑ... මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ත්‍රිවිද හමුදාවන්ගේ ශක්තියෙන් යුද්දෙ දිනුවා... මම දකින සරලම ඇත්ත ඒකයි...

තමුන්ගේ හැකියාවන්ගෙන් හම්බ කරගෙන නිදහසේ ඕනෑ තරම් සැපට ජීවත් වෙන්න පුළුවන් රටක් දැන් අපට තියෙනවා...තව වෙන මොනවද...

සියළු දේ ආන්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඕනේ දෙවල් දෙන්න හිටපු යුධ හමුදාපති තුමා වගේ සීයක් ඇවිත් දෙන්නම් කිව්වත් දීල බේරෙන්න බෑ... අපූරුවට බනියි මාස 6ක් යනකොට...

දන්න කාලේ ඉදන් තිබුන යුද්දෙ ඉවර වෙච්ච දවසෙ දැනුන සහනය සහ සතුට අවංකව කාට හරි දැනුන නම් ඒ සහනයේ හා සතුටේ අයිතිය, මූලිකත්වය දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ යුද්දෙ ඉවර වෙන්න කලින් දවස වෙනකම් හමුදාවට බැඳිච්ච සියළු සහෝදර සහෝදරියන්ට එක හා සමානව අයිතියි කියන එකත් අවංකව හිතට දැනෙන්න ඕනේ කියල මට හිතෙනවා... ඒ සහනය ලබාදීම වෙනුවෙන් මට කරන්න පුළුවන් සරලම දේ ලෙස හිතල මගේ මහා ඡන්දය මම මහින්දට දෙනවා...

මගේ ලේ නම් ඉතින් රතු පාටයි...

එච්චරයි...

මගේ බිත්තියේ මට කැමති දෙයක් ලියාගැනීමේ පූර්ණ අයිතිය මට ඇතැයි සිතා මෙය ලීවෙමි... මෙහි ඇති සදාචාරාත්මක හෝ දේශපාලනික පසුබිම ගැන මම නොහිතනවා සේම අන් කිසිවෙකුත් ඒ ගැන WORRY නොවේවා යැයි සිතමි.

8 comments:

  1. Weldone brother! correct decision.

    ReplyDelete
  2. ජයවේවා! අනිවා මහින්ද දිනනවා

    ReplyDelete
  3. මා නම් මහින්දට ඡන්දය දෙන්නේ, ගුණමකු කම පරද්දන්න.

    ReplyDelete
  4. අනේ මන්දා. යුද්දේ ගැන හිතලා නම් දීලා වැඩක් නැහැ. දැන් හිතන්න ඕනා ඉස්සරහට මහ රජා මොනවා කරයිද කියලා. දරුණු ලෙස සොරකම් කිරීම අනුමත කල නොහැකිය. ( ඔවා ඔප්පු කරන්න කිවුවට විධායක බලතල එක්ක බෑ කියලා දන්න කට්ටිය දන්නවා.)

    කවුරු දිනුවත් ඉතින් අපිට කොහොමත් හුලන්. වැඩක් නෑ ඒ ගැන කතා කරලා.

    (Anonymous දැම්මේ සුදු වෑන් රථ දකින්ට වෙයි කියලා හිතුනු හන්දා.)

    ReplyDelete
  5. කවුරු මොනවා කිව්වත් ඕක තමයි ඈත්ත.හොද තීරනයක්.

    ReplyDelete
  6. වැඩිය කතා කල යුතු නැහැ.මහින්දගෙන් පස්සේ අද මේ රටට වී ඇති විනාශය දැනෙන්නම තියෙනවා.ඔබ ඉතා බුද්ධිමත් තරුණයෙක්.ඔබ වැනි අය අඩුවීම තමයි අද ප්‍රශ්නය.

    ReplyDelete