Sunday, December 27, 2009

මගේ පොත...

මම කැමතිම දේවල් වලින් එකක් ලියන එක... කවි සහ විද්‍යා ප්‍රබන්ධ තමයි වැඩිපුරම... කොම්පියුටරයක් දැකලවත් නැති කාලේ පෑනයි අහුවෙන ඕනෙම කොල කෑල්ලකුයි තිබුනම ඇති පොඩි නිසදැසක් ලියන්න... උ.පෙ කාලෙ පන්ති වල දෙන හෑන්ඩ් බිල්ස් වල අනන්ත කවි ලියල ඇති... ලව් සික් තදේටම කියන කාලෙ නෙ ඉතින්...ඕනේ වෙලාවක කවියක් ලියන්න පුළුවන්...
 
පොඩි කාලෙ ඉඳලම හොඳට කියවන්න පුරුදු වෙච්ච නිසා වෙන්න ඇති... වැඩියෙන්ම කියෙව්වෙ පරිවර්තන... වැඩියෙන්ම කැමති ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ට... සයි-ෆයි උණ තදේටම තිබුණා උ.පෙ කාලෙදි.. හැබැයි ඉන්ටර්නෙට් කියන්නෙ මොකක් ද කියලවත් දැනගෙන හිටියෙ නෑ ඒ දවස් වල.

 ( ඒ දවස් කියල කිව්වෙ 2000-2001 දි.. වැඩි ඈතකදි නෙවෙයි..).

ඉන්න ගමන් පොඩි කතාවක් ලියල දැම්ම විදුසරට... පත්තරේ ගියෙ නෑ... ඊට පස්සෙ ලිව්ව තව එකක්... ඒක විදුසරේ ගියා.. වැඩ ඔක්කොම නතර කරල විද්‍යා ප්‍රබන්ධ ලියන්න ගත්තා.. ඊට පස්සෙ විදුසරට දාපු එකත් ගියා...සතුට වැඩි කමට විද්‍යා ප්‍රබන්ධ 8ක් විතර එකතු කරල ලිව්ව පොතක්...

පොතේ නම "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා"

වැදගත් ම දේ තමයි පොතේ පිටිපස්සෙ පොත ගැන ලියන අදහස ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ගෙන් ලබා ගැනීමට හැකි වීම... 

පොතේ පිටපතක් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාට පිළිගන්වන්න ලැබීම මගේ ජීවිතේ වැදගත්ම දෙවල් වලින් එකක්...සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවක් ලැබුණ කියල කියන්න පුළුවන්...

කර්තෘ ප්‍රකාශනයක් විදියට එළි දක්වපු පොතේ පිටපත් 1000ක් ගැහුවා.. සෑහෙන්න විකුණ ගන්නත් පුළුවන් වුණා... ගෙදර තියෙන ඉතිරි පොත් ටික දැක්කහම තම පොත ගැන ආයෙ මතක් වුණේ...

පෝස්ට් එක දැම්මෙ පොත් ගැන ප්‍රචාරයක් දෙන අරමුණින් නම් නෙවෙයි... කැමති කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන්...

මං ගැන පුංචි පොර ටෝක් එකක්... හික් හික්...

මේ තියෙන්නෙ පොතේ කවරෙ..





ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමඟ...








පොර ටෝක් එක ඉවරයි... කියවූ ඔබ සැමට බොහෝම ස්තූතියි෴

19 comments:

Charith Weerakkody said...

මචන් මටත් පුලුවන්නම් පිටපතක් ගන්න විදිහක් කියන්න.මම email එකකුත් එව්ව.ඒකත් පොඩ්ඩක් බලන්න.

.::පිස්සා::. said...

අප්පා, කොල්ලා වැඩ කාරයෙක් නේ...
මටත් පොතක් ඕනේ.. ඕකේ ඊ-බුක්ස් නැද්ද?

දිගටම බ්ලොග් එකත් ලියන්න .. අපි බලනවා..

පැතුම්..... said...

බොහොම ස්තූතියි දෙන්නටම... ඊ-බුක්ස් නම් නෑ... ඇඩ්‍රස් එක ඊමේල් කරන්න මම පොතක් එවන්නම්...

වැප් said...

හෙ මටත් ඒකක් ඔනා!

malee_msg said...

ශා.. කොල්ලා වැඩ කාරයෙක් නේ..!
මටත් පිටපතක් ගන්න ආසයි..හැබැයි නොමිලේ එපා..
මේ වෙලාවේ ගන්න තරම් මගේ අතේ සල්ලිත් නෑ.. ඒ නිසා පුළුවන් උනු දවසක මම මේල් එකක් එවන්නම්. එතකං මං වෙනුවෙන් පිටපතක් වෙන් කරලා තියනවාද?

පැතුම්..... said...

සල්ලි ඕනේ නෑ හලෝ....මම එකක් දෙන්නම්... කියවල බලන්නකෝ...
වැප් සහෝදරයගෙ එක වීක් එන්ඩ් එකක මට ගෙනත් දෙන්නත් පුළුවන්.. මම ඉන්නෙ බියගම.. ඔය කිරිබත්ගොඩ පැත්තෙ යන වෙලාවක සෙට් වෙමු.. මම අරගෙන එන්නම්.. මට දු.ක. ඊමේල් කරන්නකෝ...

LG said...

නියමයි.. ඔයා හොද වැඩකරයෙක්නේ ;-)

ලංකාවට ආපු දවසක මටත් ඔය පොත ගන්න කොපියක් ඉතුරු වෙයිද? ;-)

පැතුම්..... said...

LG වෙත,
තියෙයි තියෙයි... ලිපිනය එවන්න පුළුවන් නම් මම තැපෑලට දාන්නම්... හම්බවෙලා දෙන්න හිටියට දෙන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට.. චරිත්වයි වැප් වයි හම්බ වෙලා දෙන්නම් කිව්වට තාම බැරි වුණා... කොහොම හරි දෙන්නම්.. ස්තූතියි..

DarKneT said...

මටත් පොතක් ගන්න පුලුවන්ද ?

පැතුම්..... said...

හරි දෙන්නම්... ඔයා කොහෙද ඉන්නෙ? ළඟපාතක නම් ඇවිත් දීල යන්න පුළුවන්.

Dar[K] said...

අය්යා මටත් ගන්න පුලුවන් වෙයිද? පොතක මිල කීයද? නිකන් නම් ගන්න බෑ :D admin[at]dcreation[dot]info වලට විස්තර එවන්නකො :) මම ඉන්නේ රාජගිරියේ

පැතුම්..... said...

ඕකෙ සල්ලි දීල ගන්න දෙයක් නෑ... :) මම රාජගිරියට එනව හැමදාම වගේ... කෝල් එකක් දීල සැට් වෙමු. වැපාට මාස 9කට විතර පස්සෙ අද දුන්න වගේ.. පුළුවන් වෙච්ච වෙලාවක ගෙනත් දෙන්නම්..

raala said...

මගේ උණුසුම් සුහ පැතුම්.
මටත් එකක් ඕන
ගාස්තුව කීයද?
නිකන් නම් එපා.....

රොකියා | Udara said...

මටත් අර LG ට වගේ ලංකාවට ඇවිල්ල ගන්න ඉතුරු වෙයිද දන්නෙ නෑ. මමත් බියගම දෙල්ගොඩට ටිකක් කිට්ටුව ඉන්නෙ බලමුකො ලංකාවට ආපු කාලෙක.

DarKneT said...

මම ඉන්නේ මහරගම

පැතුම්..... said...

මගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොතේ පිටපත් 15ක් පමණ ආරිය ප්‍රකාශකයෝ සහ තාරා ප්‍රකශන වෙත ලබා දුන්නා. ඔවුන්ගේ කුටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති තාවකාලික ගොඩ නැඟිල්ල තුළ තමා තියෙන්නෙ. හරියටම කිව්වොත් M.D ගුණසේන සමාගමේ කුටියට කෙලින් ම ඉස්සරහ තියෙන කුටිය තමා ආරිය ප්‍රකාශකයෝ. ගිය වෙලාවක නිකමට වගේ බලන්න.

mahima said...

Aiye matath ekak ganna puluwanda?

mahima said...

mama matara

සෝරෝ said...

පිටපත් තාමත් තියේද මන්දා.............. ?