ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ..මේකේ ආරම්භය සහ විකාශනය ගැන මම දන්න දේවල් ටික ලියන්න ලියල දාන්නම්.. පහුගිය කාළේ කිහිප දෙනෙක්ම පරණ බ්ලොග් සහ මීට වසර 5-6කට කලින් කොහොමද මේ සිංහල යුනිකේත සහ බ්ලොග් කලාව තිබුණේ කියන එක ගැන උනන්දු වෙලා තිබ්බා.. ඉතින් දන්න දේවල් ටික ලියල දාන්න හිතුවා...මට මඟ හැරුනු පුද්ගලයින් සහ බ්ලොග් පිළිබ්ඳව මට වඩා මේ ගැන දන්නා කෙනෙක් විසින් අප සැම දැනුවත් කරයි කියල බලාපොරොත්තු වෙනවා..
සිංහල යුනිකේතයේ ආරම්භය ගැන නිල වශයෙන් දැන ගැනීමට දැනට ඇති හොඳම අඩවිය http://www.siyabas.lk/history ලෙස සළකන්න පුළුවන් මේක රාජ්‍ය මට්ටමින් දියුණු වෙච්ච තාක්ෂණයක් ඒ නිසා බොහෝ වගකිව යුතු අය ඉන්නවා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිංහල යුනිකේත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහය සහ වර්තමානයේ දී ලබා දෙන සහය පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැක.
යුනිකේත භාවිතා කරන්නන් හට මුල් කාලයේ ඇතිවූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිණිස පිහිටුවා ගත් සිංහල යුනිකෝඩ් සමූහය 2006 වසරේදී ආරම්භ කරන කළා.
යුනිකේත භාවිතා කරන්නන් හට මුල් කාලයේ ඇතිවූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිණිස පිහිටුවා ගත් සිංහල යුනිකෝඩ් සමූහය 2006 වසරේදී ආරම්භ කරන කළා.
සිංහල යුනිකේත සමූහයේ ආරම්භය සඳහා මුලීකත්වය ගැන ඇත්තේ අප සැවොම දන්නා කපුටා සිංහල අකුරු සෑදූ ඊ ෆියුෂන් සමාගමේ සාමාජිකයින් විසින්. සමූහයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ නිරංජන් මීගම්මන මහතා, කපුටා කට්ටියත් එක්ක හිටපු රන්දුනු සහෝදරයාවත් මතක් කළ යුතුයි.
මා සිංහල යුනිකේත සමූහය හා සම්බන්ධ වූ ආකාරය මෙහි සරලව දක්වා ඇත.
මුල්ම කාලේදි තිබිච්ච ගැටලු
- සිංහල යුනිකේත අකුරු වල ඉස්පිලි පාපිලි කොම්බුව ආදී දේවල නිවැරදිව නොපෙන්වීම,
- ගොඩක් වෙලාවට යුනිකේත අකුරු නිවැරදිව දර්ශනය නොවීමේ රෙන්ඩරින් ගැටලු තිබුණා.
- අනිත් එක විවිධ බ්‍රව්සර් වලදි ආපු ගැටළු..
- ඊට පස්සේ වින්ඩෝස් ඔෆිස්,ෆොටො ෂොප් වගේ එදිනෙදා අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලදි ආපු ගැටළු...
- ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වැඩ වලදි අතීතයේ පාවිච්චි කරපු විවිධ ෆොන්ට් වර්ග වෙනුවට යුනිකේත භාවිතා කිරීම සහ ඒ සම්බන්ද ගැටළු
- ලිනක්ස් වල සිංහල පිහිටුවීමේදී සහ භාවිතයේදී ආපු ගැටළු
- සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර සහ ඒවායේ යෙදීම් ගැනත් කතා බහ වුණා.. ගොඩක් වෙලාවට අන්තර්ජාතික සම්මත සමඟ සිංහල භාෂාව සම්බන්ධ වීමේදී ඇතිවූ ගැටළු.
සිංහල ටයිප් කිරීමේ ගැටළුවත් ගොඩක් දෙනෙකුට තිබ්බා.. ඒකට විසඳුම් වශයෙන්
මීට අමතරව තව බොහෝ අය විසින් විවිධ දේ කළා.. මම නම් කළේ සිංහලෙන් එක එක බයිල ලිය ලිය හිටපු එක තමා.. හැබැයි ඒ කාලේ මම දන්න කියන හැමෝගෙම මැෂින් වලට යුනිකෝඩ් දාල හීන් සැරේ පොඩි පොඩි පබ්ලිසිටි වැඩ කළා..
- ගාර්ප් සිංහල යතුරු ලියනය,
- අපි කවුරුත් දන්න විජේසේකර කී බෝඩ් එක
- ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදපු එසැනින් පරිවර්තකය
- ෆයර් ෆොක්ස් වලට හදපු ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂය ගොඩක් ම ජනප්‍රිය වෙලා තිබුණා.. මම හිතන්නේ දැන් නම් ඒක වැඩ නැද්ද කොහෙද.. මේක හැදුවේ අසංක වාසල කියල සහෝදරයෙක් මට මතක විදියට
- ඩනිෂ්ක නවීන් සහෝදරයා විසින් ෆයර් ෆොක්ස් සිංහල වර්ෂන් එකක් නිකුත් කිරීම..
- මලින්ත මල්ලි ගේ වර්ඩ්ප්‍රෙස් සිංහල සංස්කරණයක් නිකුත් කිරීම,
- දසුන් සමීර මල්ලි ගේ ෆොන්ට්ස් සම්බන්ධ ගැටළු විසඳීම් එහෙම ගොඩක් තිබ්බා...
මීට අමතරව තව බොහෝ අය විසින් විවිධ දේ කළා.. මම නම් කළේ සිංහලෙන් එක එක බයිල ලිය ලිය හිටපු එක තමා.. හැබැයි ඒ කාලේ මම දන්න කියන හැමෝගෙම මැෂින් වලට යුනිකෝඩ් දාල හීන් සැරේ පොඩි පොඩි පබ්ලිසිටි වැඩ කළා..
සිංහල යුනිකේත සඳහා විවිධ අකුරු වර්ග හැදීම ගැනත් අවධානය යොමු වෙලා තිබුණා.. මම හිතන්නේ කපුටා ෆොන්ට් එක හදපු ඊ ෆියුෂන් සමාගමේ කට්ටිය ඒ වෙනුවෙන් වැඩ කළා..
ජංගම දුරකතන සඳහා සිංහල යුනිකේත සහය ගැනත් අපි හෙව්වා බැලුවා.. (මම ඕකට සැට් උනේ CDMA වලට සිංහල දාන්න පුළුවන් ද බලන්න ගිහින් නේ)
සිංහලෙන් ලියන්න ආස නිසා මම මුලින් ම ගෙදර ගිහින් වර්ඩ් වල සිංහලෙන් ලිව්වා.. එහෙම ලියපු ලෝකෝපකාරය පොතේ පිටු කිහිපයක් මම පස්සේ බ්ලොග් එකට දැම්මා.. ලෝකෝපකාරය ලියන්න හේතුව වුණේ ඒ දවස් වල මගෙ ළඟ ඔය විවිධ සිංහල මහාප්‍රාණ අකුරු තියෙන පොතකට තිබ්බේ ඕක විතරක් නිසා... ඕකෙ තියෙන එක එක අකුරු ලියන්න පුළුවන් ද බැරිද කියන එක ටෙස්ට් කරන්නත් එක්ක මම ඕක වර්ඩ් වල ටයිප් කළා..
සිංහලෙන් අකුරු ලියන්න ඇත්තටම ඒ දවස් වල මම නම් හෙන ආස කළා.. මොකද එක එක ෆොන්ට්ස් වර්ග දාගෙන අකුරු ගලප ගලප හොය හොය ලියනවට වඩා සිංහල යුනිකේත භාවිතාව මාර විදියට ලේසි වෙච්ච නිසා.. මට කොහොමත් විජේසේකර කී බෝඩ් එක එච්චර බැරි නිසා මම හුරු උනේ ගාර්ප් එකට.. එදා සිට අද දක්වා ගාර්ප් ම තමා.
සිංහල යුනිකෝඩ් සමූහයේ හෙන රසවත් දේවල් තිබ්බා.. ඒ කියන්නේ මුලින්ම සමහර අයට තිබ්බා කොම්පුටරේ සිංහලෙන් වැඩ කරන්න හදන එක මහ විකාරයක් අපී තාම ඉන්නේ දූපත් මානසිකත්වයේ ඒ නිසා මේව මහ තේරුමක් නැති වැඩ කියල තර්ක දාපු අයට උත්තර දෙන එක නැඟල ගියා... වලි හෝ ගාලා..
ඊට පස්සේ ආයේ එකක් තිබ්බා සිංහලට මුර්ධජ අකුරු අවශ්‍යද නැද්ද කියන එක ගැන කතාබහක්.. ඒකත් හොඳට නැඟල ගියා වගේ මතකයි.. වෙබ් අලෝචනා බ්ලොග් එක ලියන ආනන්දවර්දන මහත්තයා එයාගේ සයිට් එකේ කිසිම
මුර්ධජ අකුරක් භාවිතා නොකරනව කියල ඒ දවස්වල
මුර්ධජ නැතුව බ්ලොග් ලිව්වා.. තාමත් ඒක එහෙම ද කියල මම බැලුවෙ නම් නෑ.. නමුත් ඒ දවස් වල නම්
මුර්ධජ නැතුව බ්ලොග් ලිව්වා..
තව සිරාම සංවාදයක් ගියා ජැක්සන් ඇන්තනීගේ අබා ෆිල්ම් එක හදපු දවස් වල... මහාචාර්‍යය නලින් ද සිල්වා මහත්මයගේ චින්තන පර්ෂදයේ කට්ටියක් සෙට් වෙලා හෙන ටෝක්ස් දුන්නා.. ෆිල්ම් ඒකේ තිබිච්ච සිංහලට විරුද්ධ සමහර දර්ශන ගැනයි ෆිල්ම් එක ගැනයි.. බොහොම රසවත් කතා බහක් උනා ඒකත්..
ඒ වගේම සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණයත් මේ වෙනකොට පටන් අරං තිබුණා... ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මූලිකත්වය ගෙන පටන් ගත් නැණසල මධ්‍යස්තාන වල සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම, ශිල්ප සයුර වැනි අධ්‍යාපනික වෙබ් අඩවි නිර්මාණය, ශිල්ප සයුරේ තේමා පාඨය ගැන අදහස් විමසිම් එහෙම සිංහල යුනිකේත සමූහයේ කතා බහ වුණා.. ඒ වගේම එම අඩවියේ මූලික වටයේ ටෙස්ටින් වලටත් අපි සහභාගි වුණා..
ඔය අතරේ එක් එක් අය පුද්ගලික් බ්ලොග් ලියන්න පටන් ගත්තා..
ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් තමා වෙබ් අලෝචනා... ඒක ලියන ආනන්දවර්දන මහත්මයගේ සැබෑ නම මොකක් ද කියල මම නම් අද වෙනකන් දන්නෙ නෑ.. නමුත් ඒක හරි ජනප්‍රිය උණා... තව ධම්මිකගේ බ්ලොග් සටහන් කියල එකක් ලිව්වා ධම්මික කියල මහත්මයෙක් සිංහල බ්ලොග් කියවනයේ අන්තිම පිටුවට ගිහින් බැලුවොත් ඒක තමා අන්තිමටම තියෙන්නෙ.. ඒ කියන්නේ මුලින් ම සින්ඩිකේට් වෙලා තියෙන්නෙ ඒක..
මට මතක හැටියට මලින්තගේ සටහන්, හර්ෂණ ගේ බ්ලොග් එක,ශ්‍රී ශානු ගේ බ්ලොග් එක, ඒ දවස් වල ලියවුණා. සුපුන් සුදාරක මල්ලිත් සිංහල යුනිකේත සමූහයේ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගි වුණා. කොත්තු සයිට් එක ඒ කාලෙත් තිබුණා සිංඩිකේටරයක් විදියට. හැබැයි ගොඩක් සිංඩිකේට් කළේ ඉංග්‍රීසි බ්ලොග්..
ඔය බ්ලොග් සහ සාකච්ඡා යන අතරේ මට මතක විදියට කාලිංගත් සිංහල යුනිකෝඩ් ගෘප් එකේ තාක්ෂණික ගැටළු සාකච්ඡා කරන්න එකතු වුණා. ඔය කතා බහ යන අතරේ මලින්ත මල්ලිගේ යෝජනාවකින් ද කොහෙද මේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගත්තා.. ඊට පස්සේ සිංඩිකේටරේ පටන් අරං ටිකෙන් ටිකෙ මේ බ්ලොග් ලියවිල්ල මේ අද දක්වා ඇවිල්ල තියෙනවා..
පස්සේ ටිරෝන් වික්‍රමරත්න කියල කෙනෙක් අපිත් එක්ක එකතු වුණා.. ගොඩක් තාක්ෂණික කරනු වලදි කතාබහට එකතු වෙලා පස්සේ සිංහලෙන් ලංකාවේ ඉතිහාසය ගැන වෙබ් අඩවියක් කිරීමේ අදහසක් ගෙනල්ලා ඒ වෙනුවෙන් වැඩ කළා. Lanka History Portal කියල ගූග්ල් සමූහයක හදාගෙන අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා.. දවසක් නුවර ගිහින් පෙරාදෙණිය කැම්පස් එකේදී මීට් වෙලා අපි ඔය ඉතිහාස ප්‍රොජෙක්ට් එක ගැන සාකච්ඡා කළා (මම බයික් එකේ මුලින් ම නුවර ගියේ එදා හික්). ටිරෝන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.. මලින්ත මල්ලි ලස්සන සයිට් එකකුත් ඩිසයින් කළා මතකයි.. චාමර පීරිස් ,වරුණ එහෙම ඒ කාළේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා. ශ්‍රී ලංකාවට විජය කුමාරය එන්න කලින් ඉතිහාසය හොයල ඒක ලියන වැඩේ මම බාර ගත්තා.. රාවණා උණ හැදිල තිබිච්ච කාලේ නිසා.. හැබැයි වැඩි දෙයක් හොයා ගත්තේ නෑ.. ලංකා වත කියල මරු පොතක් හොයා ගෙන බැලුවා... හරි ලස්සන ප්‍රබන්ධ කතාවක්.. හැබැයි ඇත්ත නෙවෙයි..
අපිට වෙඩ් අඩවියට ගන්න ඕනේ වෙච්ච ඩොමේන් නේම් එක ගැනීමේ ගැටළුවක් නිසා ඒ වැඩේ ටිකෙන් ටික මඟ ඇරිලා ගියා.
පස්සේ ටිරෝන් වික්‍රමරත්න කියල කෙනෙක් අපිත් එක්ක එකතු වුණා.. ගොඩක් තාක්ෂණික කරනු වලදි කතාබහට එකතු වෙලා පස්සේ සිංහලෙන් ලංකාවේ ඉතිහාසය ගැන වෙබ් අඩවියක් කිරීමේ අදහසක් ගෙනල්ලා ඒ වෙනුවෙන් වැඩ කළා. Lanka History Portal කියල ගූග්ල් සමූහයක හදාගෙන අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා.. දවසක් නුවර ගිහින් පෙරාදෙණිය කැම්පස් එකේදී මීට් වෙලා අපි ඔය ඉතිහාස ප්‍රොජෙක්ට් එක ගැන සාකච්ඡා කළා (මම බයික් එකේ මුලින් ම නුවර ගියේ එදා හික්). ටිරෝන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.. මලින්ත මල්ලි ලස්සන සයිට් එකකුත් ඩිසයින් කළා මතකයි.. චාමර පීරිස් ,වරුණ එහෙම ඒ කාළේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා. ශ්‍රී ලංකාවට විජය කුමාරය එන්න කලින් ඉතිහාසය හොයල ඒක ලියන වැඩේ මම බාර ගත්තා.. රාවණා උණ හැදිල තිබිච්ච කාලේ නිසා.. හැබැයි වැඩි දෙයක් හොයා ගත්තේ නෑ.. ලංකා වත කියල මරු පොතක් හොයා ගෙන බැලුවා... හරි ලස්සන ප්‍රබන්ධ කතාවක්.. හැබැයි ඇත්ත නෙවෙයි..
අපිට වෙඩ් අඩවියට ගන්න ඕනේ වෙච්ච ඩොමේන් නේම් එක ගැනීමේ ගැටළුවක් නිසා ඒ වැඩේ ටිකෙන් ටික මඟ ඇරිලා ගියා.
මම දන්න විදියට 2006 සිට සිංහල යුනිකේතය සහ සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙන යන්න විවිධාකාර වශයෙන් සහයෝගය දීලා ඒ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරපු අය ගොඩාක් හිටියා... මෙතන ඒ අය හැමෝගෙම නම් කියවෙලා නෑ.. මම අවංකවම ඒ අය ගැන දන්නෙ නෑ.. නමුත් එහෙම පිරිසක් සිටි බව විතරක් දන්නවා.
මට මඟහැරුණු නම් සහ බ්ලොග් අඩවි තව ගොඩක් ඇති.. ඒ අයෙගෙන් අවංකවම සමාව ඉල්ලන ගමන් අපි නොදන්න විස්තර ලබා දෙන්න කියලත් මතක් කරන්නම්.