දෙකඩ වෙලා මාස 6ක් ගෙවිල ගිහිල්ලා.... පිස්සුවෙන් වගේ ඔහේ ඉන්න එක තමයි වැඩි හරියක් කරන්නේ.... ආදරයයි තේරුම් ගැනීමයි තරම් සතුටින් ජීවත් වෙන්න හේතු වෙන කිසිම දෙයක් නෑ කියල හිතෙනවා.... එකම දේ එකම වෙලාවට දෙන්නෙක් හිතන එක හෙන සිරා... ටෙලිපති වගේ ඉබේම තේරුම් යනවා... මමයි මමයි කියල මම කියන්නේ ඒකයි... දෙකක් නෙවෙයි එකක්...
අපි විතරක් නෙවෙයි පවුල් වල ඉන්න අයත් හිත්වල කිසි කහටක් නැතුව අවංක සිතින් සතුටු වෙලා ඉන්න එක ගැනත් තියෙන්නෙ අප්‍රමාණ සතුටක්.... හැමදේම හොඳින් සිද්ද වෙන්න ඉඩ අරිනවට වඩා හැමදෙයක් ගැනම හොඳට හිතල මතල හොඳින් සිද්ද කරගන්න එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්නේ... එතකොට හැමෝම සතුටින්...
වනේ වන සතා වගේ හෙන පිළිවෙලට ජීවත් වෙච්ච මට පිළිවෙල ඉගැන්නුවා... එතකොට මම කිසිම දෙයක් ඔළුවට ගන්නේ නැතුව සැහැල්ලුවෙන් යන්න අරින හැටි උගන්නනවා...
හරියට ප්ලෑන් කරල වැඩ කරන හැටි මට උගන්නනකොට සතුට තියෙන්නෙ මේ දැන් මිස හෙට නෙවෙයි කියල තේරුම් කරල දෙනවා...
අපේ සහ අනිත් අයගේ සතුට වෙනුවෙන් උත්සාහයෙන් වැඩකරන්න මාව උනන්දු කරන කොට... ලද දෙයින් සතුටු වෙන හැටි තේරුම් කරල දෙන්නයි මට ඕනේ....
හැදෙන පොඩි පොඩි ලෙඩට දුකට ලඟින් ඉන්න,බෙහෙත් දෙන්න,පරිස්සම් කරන්න හදනකොට දුක දරාගෙන ජීවත් වෙන හැටි උගන්නන්න මට හිතෙනවා....
කිසිකෙනෙකුගෙන් වචනයක් අහන්නෙ නැති විදියට ජීවත්වෙන්න මාව උනන්දු කරන කොට අනිත් අයගේ කතාවලින් නොසැලී ඉන්න හැටි මම කියල දෙනවා...
අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි මට කියල දෙනකොට... ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියල ගුටිත් කනවා....
ඔන්න ඔහොම තමා ඉතින් පහුගිය මාස 6 ගෙවිල ගියේ... වචනයෙන් කියන්න බැරි තරම් සතුටක් සැහැල්ලුවක් හැම මොහොතෙම තිබුණා.... ජොලියට වගේ කරන වැඩ නිසා දුක හිතිච්ච වෙලාවලුත් අතේ ඇඟිලි ගානට තිබුණට පස්සේ ඒවත් ඉතින් හරි ජොලි...
මාසෙකට එකක් ගානේ ට්‍රිප් යන වැඩෙත් නොකඩවාම කෙරුනා... ලබන මාසේ ට්‍රිප් එක තාම ප්‍රොසෙසින්...
අපේ ෆිල්ප් ෆෙස්ටිවල් එකේ සතියට 2පාරක් විතර පෙන්නන චිත්‍රපටි බැලිල්ලත් නැඟලම ගියා...
මට පාඩුවේ Star Gate බලන්න දීලා ඔයා නිදාගන්න යන එකෙන් අපි දෙන්න කොච්චර හොඳට ගැලපෙන දෙන්නෙක් ද කියල මට හැමදාම හිතෙනවා...හික්
ජීවිතේ සතුට මේ විදියට හැමදාම තියාගන්න පුළුවන් කියන එක තමයි මේ කාලේ ඇතුලත තේරුම් ගත්ත දේ... ඒකට ඕනේ කරන්නේ ආදරය,අවබෝධය,තේරුම් ගැනීම,අවංක කම,අදහස් වලට ගරු කිරිම සහ එක හිතින් පිස්සු කෙලීම වගේ සරල දේවල් ටිකක්...
ජිවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුලැලි බිඳක්... හසරැලි පොදක්....
එකට එක් වූ විට දැනේවී.....
පෙර නොවිඳි රසයක්.....
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
17 hours ago
අදයි ආවෙ.සුභපැතුම්. සතුට continue තියාගන්න එකයි වැදගත්ම දේ.
ReplyDeleteලේසි වැඩක් නෙවෙයි...
ReplyDeleteනමුත් කරලා පෙන්නුවා නේ..??
ආයේ මොනවද...
සිරාම සිරා මචෝ.. . . . ඔය විදියටම ගොඩාක් සතුටින් . . . චූටි චූටි ආතල් වලි වලිං ජීවිතේ දිගටම ගෙවන්න ලැබෙන්නයි කියල පතනව
ReplyDeleteසුභ පැතුම් !!!!
ReplyDeleteමගෙනුත් සුභ පැතුම් ඕං... ජයවේවා !!!
ReplyDelete