Thursday, April 13, 2023

මැලේසියන් ටොපිය , ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය සහ (බං)කලොත් ලංකාව

මීට අවුරුද්දකට විතර කලින් ලියන්න හිතල මේ වෙනකම්  ලියා ගන්න බැරි වෙච්ච මේ පෝස්ටුව අලුත් අවුරුදු ඊව්‍ එකේ  ඕස්ට්‍රේලියාවේ රෝහලක ඇඳක් උඩ ඉඳන් ලියන්න  වෙයි කියල කවුද හිතුවේ ...

ඊටත් වඩා අවුරුදු 8ක්  විතර රස කර කර ජිවත් වුණු මැලේසියාවෙන් පැය 24ක් ඇතුලත දඩ බඩ ගාල තිබ්බ බඩු වලින් බාගයක් විතර විසි කරලා දාල එන්න වෙයි කියල කවුද හිතුවේ ...

ඔය ඔක්කොමත් හරි අවුරුදු 2500ක් විතර සංවර්ධනය වෙමින් ආපු සිරි ලංකාව එක පාරට බංකලොත් වෙයි කියල කවුද හිතුවේ ...

ඔන්න ඔහොමයි ඉතින් ඕවා වෙන්නේ ..

ඔච්චර දේවල් වෙන අස්සේ මේක ලියන එක පැත්තක දාල මේ  ලැබිච්ච ආතල් වෙලාවේ Netflix එකේ ෆිල්ම් එකක් බලන්න මට  හිතෙන එක අවුලක් නැහැනේ ...

එහෙම අවුල් කියල හිතෙනවනම් මට පොඩ්ඩක් කියන්න... ලබන අවුරුද්දට කලින්  මේ  ලියන්න හිතපු ටික අනිවා ලියනවා ...  

11 comments:

  1. ඉක්මන් සුවය පතනවා !

    ReplyDelete
  2. //ලැබිච්ච ආතල් වෙලාවේ Netflix එකේ ෆිල්ම් එකක් බලන්න මට හිතෙන එක අවුලක් නැහැනේ// කිසි අවුලක් නෑනෙ. ඇඟ ලෙඩඋනාය කියල මයින්ඩ් එක ලෙඩ කරගන්න ඕනය.
    ඉක්මන් සුව වගේම... සුබ අවුරුද්දක් පතනවා. ජය!

    ReplyDelete
  3. ඔට්ටේලියා ගියාද , මරු මරු, ඒ පැත්තෙන් ලිපි එයි වගේ. සුබ නව වසරක් සහ ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  4. ඕස්ට්‍රේලියාව? ඒක හොඳ ආරම්භයක් වේවි.
    "මැලේසියාවෙන් පැය 24ක් ඇතුලත දඩ බඩ ගාල තිබ්බ බඩු වලින් බාගයක් විතර විසි කරලා දාල" ?ඇයි පිටුවහල් කලාද?🤣😂
    "ඕස්ට්‍රේලියාවේ රෝහලක ඇඳක් උඩ" ?? ඇයි ඔහේ එපාර්ට්මන් ගණන්ද?🤣😂 ඒ කතා ටිකත් හෙමීට හරි ලියමුද?

    ඉක්මන් සුව වගේම... සුබ අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය ‘බඩු‘ ටික ඔක්කොම පටවං යන්න ප්ලේන් දෙකක්වත් ගන්න වෙයි.
      මට තියෙන ප්‍රශ්නෙ අරං යන බඩු ටික තෝරගත්තෙ මොන විදියටද කියල. හැක්..

      Delete
  5. මැලේසියාවෙන් ගහල පැන්නුව නේද?

    එනිවේ සු න ව වේ.

    ReplyDelete
  6. බඩ බුරුල්වෙලානම් කොණ්ඩ කැවුමක් එවන්නම්.හපන්නෙ නැතුව ගිල්ලාම අදෝමුකයට ප්ලග් එකක් වෙනවා.
    සරත්

    ReplyDelete
  7. ඉක්මණට සනීප වේවා! මොක ද උනේ කියා අපට විස්තර දැනගන්න ලැබෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ආාා ලොක්කා... ඔහෙ මාව ගොඩ ගත්තෙ නෑනෙ. කර ඇරියා. දැන් ඉතිං සීලිම දිහා බලාගෙන ඉන්න ටිකේ, කතාව ඉවර වෙන විදිහක් කල්පනා කරමු නේද?

    ReplyDelete
  9. පමා වුණා ගොඩ වැදෙන්න
    සුව වීලා නේද ඔන්න
    වෙන රටකට ගිහිං ඉන්න
    විස්තර අපටත් කියන්න

    ReplyDelete