Friday, October 13, 2023

New Scientist ඇසුරෙනි


   ඉස්සර ඔය වචන තුන විදුසර පත්තරේ දැක්කම ඒ ලිපිය නොවරදවාම කියවනවා .. අවුරුදු 20-25 කට විතර කලින් ඒ කියවපු දේවල් හරියට නොතේරුණත් ,  හිතන පතන විදිය වෙනස් වෙලා, අලුත් දැනුම හොයන්න කුතුහලයත්, යල්පැන ගිය බොරු සංකල්ප  වලින් නිදහස් වෙන්නත් ඒ කියවපු ලිපි හේතු වෙන්න ඇති..

ඒ දවස් වල සතිපතා පත්තරේ ගන්න හැකියාවක් තිබ්බට සඟරා අරන් කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ .. විශේෂයෙන්ම New Scientist කියන්නේ මට මේ ලඟක් වෙනකම් දකින්නවත් නොලැබුණු සඟරාවක් .

ආස කරන දේවල් ගැන හින විතරක් දකින්න උරුම වෙච්ච ළමා කාලයක්   තිබ්බ අපිට ඒ හීන වැඩිය නාකි වෙන්න කලින් සැබෑ වෙනවා දකින්න ලැබිල තියෙන්නේ මේ වගේ සඟරා වලට කරුණු හොයන, ලියන , ඒවා පරිවර්තනය කරලා ලෝකේ පුරා බෙදන දහස් ගණන් මිනිස්සු කරන ඒ මෙහෙවර හින්ද කියල මට හිතෙනවා ..

මේ සඟරාවල තියෙන කරුණු, මිට වඩා ගැඹුරින්, ලේසියෙන් සහ නොමිලේ ලබා ගන්න දැන් හැකියාව තියෙනවා නමුත් 1956 නොවැම්බර් 22  වෙනිදා  එංගලන්තේ ලන්ඩන් නගරයේ  නිකුත්  වෙච්ච පළවෙනි මුද්‍රණයේ  ඉඳල දශක 6 කට වැඩි කාලයක් සතිපතා ඉතාම උසස් සහ නිවැරදි විද්‍යා තොරතුරු ගෙනාපු මේ සඟරාව මේ වෙනකොට App එකක් , වෙබ් අඩවියක් සහ කඩදාසි මුද්‍රණයක් වශයෙන් තුන් ආකාරයකට පලවෙනවා .

AI වලින් ලෝකේ දුවන්න පටන් ගත්ත මේ කාලේ උනත් මෙහි තියෙන කරුණු මගේ දැනුමේ හැටියට නම් නිවැරදි සහ අලුත් ..   ඒ වගේම යන්තම් උඩින් පල්ලෙන් මොනවා හරි ලියල දාන ගතිය වෙනුවට හොඳ දැනුමක් තියෙන ලේඛකයෝ මහන්සි වෙලා කරුණු  හොයල  ලියන සඟරාවක්. මේ හා සමාන කල හැකි වෙනත් සඟරා ලෝකේ තියෙනවා නම් ඉතාම කිහිපයක් විතරයි ඇත්තේ ..Scientific American සමහරවිට මේ වගේ ඇති .

මේ කාලේ සඟරා  අරගෙන කියවන අය කොපමණ ඉන්නවද කියල හිතාගන්න අමාරුයි .. නමුත් මම හිතනවා අපි තොරතුරු  හුවමාරුව නොදියුණු  කාලේ  අපිට  දැනුම  ලබා  දීම වෙනුවෙන් ඒ මිනිස්සුන්ට කරන උපහාරයක් වශයෙන් මෙවැනි සඟරා, පත්තර වල පැවැත්මට ආධාර කරන්න ඕනේ කියල .

ඉතින් ඔන්න ඔහොම හිතල පොඩි කාලේ English  කියවන්න බැරි උනත් දකින්න හරි ආස වෙච්ච New Scientist සඟරාවේ දායකත්වය (Subscription)  මම ගත්තා ... (පන්සලේ දායකයෙක් වෙන්න තව ටිකක් නාකි වෙලා හිතල බලනවා )

දැන් සතිපතා තැපෑලෙන් මට වර්ණ කඩදාසියේ මුද්‍රිත සඟරාවක් එනවා  , App එකට සහ වෙබ් අඩවියේ පිවිසුමත් තියෙනවා ... ගත්ත අනිත් හැම පොතම වගේ මේ සඟරාවත් මට  කියවන්න වෙන්නේ අඩුවෙන් .. නමුත් මට කවද හරි කියවන්න වෙලාවක් ලැබෙන කන්  මේ මිනිස්සුන්ට මේ වැඩේ කරගෙන යන්න උදව්වක් වෙනවා නේද කියන පිං  චේතනාවෙන් මම මේක කරගෙන යනවා.

මේ වෙනකම් ලැබුණු සඟරා වලින් කිහිපයක් .. 




විදුසර කියන්නේ ලංකාවේ   New Scientist කියලයි මට හිතෙන්නේ .. මේක ලියන ගමන් https://epaper.upali.lk/ එකට ගිහින් නොමිලේම දෙන විදුසර දායකත්වයත් ගත්ත .. 


එකේ තිබ්බ  අවසන් කලාපේ නම් New Scientist ඇසුරෙනි කියල යටින් ලියපු ලිපියක් දකින්න බැරි උනා . නමුත් තවමත් විදුසර උසස තත්වයෙන් තියෙනවා දැකීම සතුටක් ...




27 comments:

  1. ගොඩක් ස්තුතියි පැතුම්. ඔයාගේ පොස්ට් එක විදුසරට උපහාරයක්. විදුසර මුද්‍රණය නවතින තුරුම ගත්ත කෙනෙක් ම. වෙබ් එකට ගිහින් නං බැලෙන්නේ කලාතුරකින්.
    විදුසර වගේම දැන්ම බෙදන පත්තරයක් ලේක්හවුස් එකෙනුත් පළ කෙරුනා, නම විද්‍යාදීප වගෙයි මතක. පැතුම් ඒක කියවලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. විදුසර දැන් නවත්තලද? ජීවිතේට මග පෙන්වපු පත්තර තමා. ඇයිසෙක් ඇසිමෝව්ගෙ කතා එහෙම නොවරදවා කියෙව්වා ඉස්සර විදුසරෙන්..කාලෙකින් පත්තරේ ගත්තෙ නැති වුනත්, ඒක නැවතිලා කියලා අහපුවම යාළුවෙක් මිය ගියා වගේ හැඟීමක් ආවෙ..

      Delete
    2. ඇයිසෙක් ඇසිමෝව්ගෙ කතා - Foundation සීරිස් එක පටන් ගත්තට ඉවර උනේ නැහැ නේද ? මම Foundation ගැන දැන ගත්තේ එකෙන් .. මේ ලඟදි පොත නම් කියෙව්වා (අවුරුදු 3-4
      කට කලින් )

      මම හිතාගෙන හිටියේ පත්තරේ තාම මුද්‍රණය වෙනවා කියල

      Delete
    3. නිදී , විද්‍යාදීප දැකල නැහැ මම ... විදුසර නතර වෙලා කියල ෂුවර් ද ? අපරාදයක් ..

      නමුත් දැන් ළමයි ඔන්ලයින් කියවනවා ඇති අපිට වඩා ...

      Delete
    4. විද්යාදීපේ පෙනුමින් අඩුයි- දැනුමෙන් වැඩියි. OL කරන කාලේ එයින් සක්‍රීයතා ශ්‍රේණිය මතක තියා ගන්න කවියක් පළ කරලා තිබ්බා. මුල හරිය විතරයි මතක.
      පොට්ට කැලේ (පොටෑසියම්) සෝමා (සෝඩියම්) මැගී (මැන්ගනීස්) ඇලිස් (ඇලුමිනියම්) තුන් දෙනා (තුත්තනාගම්) යනකොට (යකඩ)... විදිහටයි ඒක තිබ්බේ- පැතුම්.

      Delete
  2. විදුසර අපිත් කාලයක් කියෝපු එකක් තමයි.

    කඩදාසියක ප්‍රින්ට් කරල එන එකක් කියෝන තරං ආතල් එකක් ඔන්ලයින් කියවල ගන්න බෑ කියන එකයි මගේ මෙවුව එක.

    ඇනෝ னයා

    ReplyDelete
    Replies
    1. ඇනෝ னයා, ප්‍රෝපයිල් னයා ට ලබා දුන් මගේ උත්තරය බලා සතුටු වන්න

      Delete
  3. විදුසර අපිත් කාලයක් කියෝපු එකක් තමයි.

    කඩදාසියක ප්‍රින්ට් කරල එන එකක් කියෝන තරං ආතල් එකක් ඔන්ලයින් කියවල ගන්න බෑ කියන එකයි මගේ මෙවුව එක.

    ප්‍රෝපයිල් னයා

    ReplyDelete
    Replies
    1. මගෙත් මෙව්වා එක ඒක තමා ...
      ආතල් නැතත් දැන් කියවන මොකක් හරි දෙයක් කඩදාසි නැතුව තමා ඉතින් ..
      කඩදාසියක් පෙරලලා යමක් කියවන්න තරම් වෙලාවක් නැති තරමට බොරු බිසී නේ ..

      Delete
    2. දැන් එතකොට ඔහේලා බ්ලොග් කියෙව්වේ, කියවන්නේ ප්‍රින්ට් කරලා ද?

      එහෙම නැතිනම් මේ කියන්නේ බ්ලොග් කියවීමෙන් ආතල් එකක් ලැබුණේ නෑ කියා ද?

      Delete
    3. හොඳ ප්‍රස්නයක් !... පිටු පෙරලන ආතල් එක නැති වීම ද මන්ද ...

      මට හිතෙන්නේ ඉස්සරහට කියවීම කියන ආතල් එකත් සම්පුර්ණයෙන් නැති වෙලා වීඩියෝ බැලීමටම යයි ..

      Delete
  4. Christian Science එකෙන් කරන පබ්ලිකේශන්ස් කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. නෑනේ ... සෑහෙන කාලෙකින් කිසිම දෙයක් කියෙව්වේ නැහැ

      Delete
  5. මතකය අලුත් වුනා කියවද්දි. ස්තූතිය
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මතක රැසක් රස කර කර ඉන්න එකනේ අපි කරන්නේ

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ලින්ක් එකට රොම්බ තෑන්ක්ස්. විදුසර දායකත්වයත් ගත්තාම අනිත් පත්තර ටිකත් ආවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ...එක නොමිලේ ... උඩින් පල්ලෙන් විදුසර දිහා බැලුවා විතරයි .. අනිත් පත්තර කියවන්න කොහොමත් හිතෙන්නේ නැහැ .. නමුත් ඒක වටින වැඩක් කියවන අයට

      Delete
  8. විදුසර පත්තරේ ප්රධාන සංස්කාරක වුනේ ඒ. ආර්. කුලසිංහ මගේ පාසැලේ පංති සගයෙක්! ඒ කාලේ ප්රධාන කතෘ හිටියේ; පසුකලෙක අයි ටී එන් එකේ සභාපති උනු සිරිවර්ධන මහත්තයා.
    පසුව කුලේ පත්තරේ අතට අරං වැඩකලා.
    පත්තරේ ප්රධාන කතෲ දර්ශණ කරුණාතිලක!
    අපිට සමකාලීනව ආනන්දේ ඉගෙන ගත්තු කෙනෙක්.

    මම පසු කාලීනව ගමට ගිහින් "සමුදුර" කියලා; අතින් ලියපු පත්තරයක් කලා. ඒ ලක්බිම කන්තෝරුවෙන් "සමුදුර" පටන් ගන්න බොහෝ කලකට පෙර!

    ඉතින් මගේ පත්තරේ හෙඩිම ඇන්දේ කුලේම තමයි; විදුසර පත්තරේ කන්තෝරුවේ ඉඳගෙන.

    ඒකාලේ කුලේ හමුවන්න ගියාම එයා මට සුනිල් මාධව ප්රේමතිලක මහත්තයා පෙන්වන්න එක්කගෙන ගියා.
    දෙනගම සිරිවර්ධන මහත්තයාව ඈත් තියලා පෙන්නුවා!

    ඕවා සියල්ල මතක.
    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මා ළඟ විදුසර සහ නවයුගය පත්තර එකතුවක් තියෙනවා: කාට හරි ප්රයෝජනයක් ගන්න කෙනෙකුට දෙන්න.

    අවශ්ය කෙනෙක් ඉන්නවානම් ඉල්ලන්න!

    ReplyDelete
    Replies
    1. දිගු අදහසට ස්තුතියි!

      මම හිතන්නේ මට දර්ශන කරුණාතිලක මහතාව ද කොහෙද වරක් හමුවෙලා තියෙනවා .

      ඔහු තෙල් ගාල කොණ්ඩය පැත්තට පීරන කෙනක් වගේ මට මතක ...

      මම විදුසරේ ගිය විද්‍යා ප්‍රබන්ධ තරගෙකින් දිනලාද කොහෙද වරක් ඔහුව හමුවෙන්න අවස්තාවක් ලැබුනා

      Delete
  9. මමත් විදුසර කියෙව්වා විතරක් නෙමේ ඒවා එකතු කලා. පරණ පත්තර අවුරුදු වලට බන්ඩල් කරලා එකතු කලා. පසුකාලෙක ඒවා දිරාපත් වෙලාම ගිහින් විසි කරන්න සිද්ධ උනා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි ... ලංකාවෙන් එනකම් එකතු කරපුව තිබ්බ .. දැන් නම් දිරල ගිහින් ඇති

      Delete
  10. පත්තරේ කියවලා නැහැ. ලිපිය නම් කියෙව්වා. NS නම් ඉස්සර ගත්ත. දැන් RAS එකේ සඟරාව එන නිසා මොන සඟරාවක් වත් ගන්නේ නැහැ. වෙලාවක් නැහැ කියවන්න.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙවැනි අපහාසාත්මක බොරු ඔබේ බ්ලොග් අඩවියෙන් ඉවත් කරන්න.

      Delete
    2. අජිත් ඒ කොමෙන්ට් එක අයින් කළා

      Delete
    3. මම සඟරාව ගත්තේ ආසාවට සහ ඇත්තටම පොඩි උදව්වක් කරනවා නේද කියන චේතනාවෙන් ... කියවන්න පුළුවන් වෙයි ද කියල ෂුවර් නෑ .. RAS කියන්නේ මොකක් ද

      Delete
    4. Royal Astronomical Society - A & G සඟරා ගොඩක් තියනව . කට හරි දෙන්න පුලුවන්නම් හොඳයි

      Delete