Tuesday, October 26, 2021

අධික බුසී හෙවත් හෙන වැඩ


        රට්ටු නම් කියයි කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් එකක් ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කියල ... හැබැයි රට්ටු දන්නේ නැහැ මම අලුතින් දාපු දේවල් කියවන්න කියල මාසයක් විතර බ්‍රව්සරේ වහන්නේ නැතුව තිබිච්ච බ්ලොග් එකක් රිෆ්‍රෙස් කරලා, ඒක රිෆ්‍රෙස් වෙන ටිකට වෙන වැඩකට ගිහින් ආයේ අර රිෆ්‍රෙස් වෙච්ච එක බලන්න ආවේ දවස් තුනකට පස්සේ කියල ... වෙන කොහෙවත් ගිහිල්ලා නෙමේ .. ඒ කොම්පුටරේම උදේ ඉදන් හවස් වෙනකම් වෙන වැඩ .. අරක රිෆ්‍රෙස් වෙන්න යන වෙලාව වත් බලන් ඉන්න බැරි තරම් වැඩ තියෙනකොට කොහොමද මනුස්සයෙක් බ්ලොග් ලියන්නේ ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

දැන් කියයි ඔය කොච්චර කිව්වත් බ්ලොග් එකේ බොරු ටිකක් ලියන්න පැයක් හොයා ගන්න බැරි මොකද කියල ... එහෙම කරන්ඩ තිබ්බා පහුගිය කාලේ මේ රටේ Disney+ දුන්නේ නැත්නම්, මෙච්චර කල් කාලේ කන්ඩ හිටියේ Netflix විතරයි .. Disney+ ආවට පස්සේ මොකක් බලන්නද කියල හිතන්නම විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ ඒකෙයි මේකෙයි තියෙන කතා ටික බලන්න තව විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ කතාවක් හොයාගෙන බලන්න හදද්දී එක්කෝ චු බරයි , එක්කෝ තේ බොන්න ඕනේ .. අරව මෙව්වා ඒවා ඉවර වෙලා කතාව බලන්න තියෙන්නේ පැය බාගයයි ..  ඔය කතාවක් පැය බාගෙන් බලන්න බෑනේ .. කොහොමත් එක සැරේට කොටස් 3-4ක් වත් බලන්ඩ ඕනේ ... එතකොට කොහෙද ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

මේ බ්ලොග් කලාව නගා හිටවන්න ඕනේ කියල ඔය ඔක්කොම බාධක මැඩගෙන මම මේ දැන් මාසෙකට විතර කලින් ඔන්න ලියන්න හිතුවා .. ඒ හිතද්දීම මෙන්න Apple TV එකේ Foundation යන්න ගත්තා .. Foundation කිව්වේ මේ ඔය අල්ලපු ගෙදර මනුස්සය ගේ හදන්න දාන Foundation නෙමේ .. Asimov ගේ Foundation. ඉතිං දැන් කාටද පුළුවන් ඕක නොබලා බ්ලොග් ලියන්න ... බ්ලොග් කලාව යකාට පලයන් කියල මම Foundation බැලුවා..   Disney+, Netflix වගේද Apple TV.  රට්ටු දන්න බම්බුව ...හුහ් ..

රට්ටුන්ටයි , බ්ලොග් වලටයි  බම්බු ගහන්න කියල ඔන්න ඔහොම ගැලක්ටික් එම්පයර් වල ප්‍රස්න ඔලුවේ දාගෙන අධික බුසි වෙලා ඉද්දි තමා අපේ හිතාදර නීදී ඊයේ දාපු කොමෙන්ට් එක දැක්කේ ..... අන්න ඒ වෙලාවේ තමා ඔන්න බ්ලොග් කියන්නෙත් යකඩෝ හෙනම ආතල් ජනක මෙව්වා එකක් නේද , මේ අපබ්‍රංස බල බල ඉන්නේ නැතුව අච්චර අපුරු මිනිස්සු පොඩ්ඩක් ආස්සරේ කරන්න ඕනේ නේද කියන මෙව්වා එක මගේ මෙව්වා එකට මෙව්වා උනේ ...

එහෙම මෙව්වා වෙලා මේක බැලුවම තමා මතක් වුනේ ... අන්න අර කෙල්ලෙකුයි , රාස්සයෙකුයි  දාගෙන ලියපු කතාවකුත් තිබ්බ නේද බොලේ කියල ...  මම හිතන්නේ ඒ කතාව දැන් වෙන විදියකට ඒ විශ්වය ඇතුලේ ඉවර වෙලා ඇති .. මම ඕක ආයේ ලියන්න ගිහින් නිකං මොකටද ඒ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්නේ ... සමහරවිට ස්කෘලොක් කියන්නේ හෙන බොරුවක් කියල ඔය රටේ එකෙක් වර්ගපුර්නිකාවක් ලියල ස්කෘලොක්ව චාටර්ම කරලා දාල ඇති ...  අර ඇලෙන්ඩි  කෙල්ලත් දැන් පවුලක් පන්සලක් වෙලා ඇති ... නහින දෙහින කාලේ හිටපු නෙමින්දෙර් රජ්ජුරුවන්ටත් ඇල්සයිමර් හැදිලා ඇති .. ආයේ ඕවා ඇදල අරං තේරුමක් නැහැ ..ඒ මිනිස්සු  ඔන්න ඔහේ හිටපුවාවේ .. 

අධික බුසි නැති වෙලාවක ආයේ මොනවා හරි ලියන එක ලියනවාමයි ...එතකං  බායි !


39 comments:

  1. දැන් නං සහසුද්දෙන්ම තේරුනා. ඔය රට්ටු, ඔහොම්ම තමා, අහිම්සකයොන්ටමයි කයි-කතන්දර කියන්නෙ.

    ඇලන්ඩි කෙලීට දැන්, ලමයි-බමයි හේමත් ඇති නේද?
    ස්කෲලොක්කයියා නං ඉඳලා හිටලා මේ පැත්තෙ කැරකිලා යනවා. කනමොදා වගේ කොච්චරවත් "ගසමුද?" කියලමයි අහන්නෙ. ඔහොම ගිහින්, එයාම කතාවෙ ඉතුරු ටික ලියන්නත් බැරි නෑ.🤔😂

    ReplyDelete
    Replies
    1. බස්සා රට්ටු කියන ඒවා අහල සැලෙන්ඩ නරකයි ... බම්බු තියෙන්නේ ඒ වෙලාවට පාවිච්චි කරන්න තමා ...

      අලෙන්ඩිව මතක් වෙද්දී තමා පොඩ්ඩක් මෙව්වා වෙලා යන්නේ ... බැඳලා එකලාසයක් උනා කියල එහෙම අමතක කරන්නත් බෑනේ ..

      Delete
    2. අනේ ස්කෘලෝකයියේ ඉන්න තැනකින් නැගිටලා ඇවිල්ල මොකක් හරි එකලාසයක් කරලා දාපන් ඕක ඊට පස්සේ මාත් එන්නං ඔය සෙට් වෙන තැනකට ...

      Delete
  2. දැන් මට තේරුනා. පැතුමාට decision fatigue හැදිලා. මක් කරන්නයැ ඉතිං.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා , අපිට සිද්ද වෙන හැම විකාරකාරි ගතියකටම දැන් ඉංග්‍රීසියෙන් ලෙඩකුත් තියෙනවා නේද ... හෙහ් හෙහ්

      decision fatigue කියන්නේ මම ඔෆිස් ප්‍රොජෙක්ට් දෙකක සහ ගෙදර ප්‍රොජෙක්ට් දෙකක එක සැරේ වැඩ කළා එක දිගට මාස දෙක තුනක් .. ගත්ත decision වලදී බ්ලොග් වලට දුන්නේ අන්තිම තැන.

      Delete
  3. ආ..මෙයත් ඇවිත් හොදා හොදා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් මේ හන්දියට ගිහින් එන්න ගියා .... හෙහ් හෙහ් ..

      Delete
  4. "නගා" හිටවන්ඩ කලිං මාව ගොඩගං!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ නගාට යටවෙලා ද ඉන්නෙ.

      Delete
    2. පොඩ්ඩක් හිටපං බලන්ඩ ... නගා ගැනවත් හිතල ගොඩ දාගන්න විදියක් තියෙනවද කියල ..

      Delete
    3. ප්‍රසා, නගාට යට වෙලා නම් ඉතිං මූ ආයේ නැගිටින එකක් නෑ...

      Delete
  5. Replies
    1. මගෙන්ය ඇහුවේ කියලා හිතෙනවා. Dune අන්තිම හරිය ඩවුන්ලෝඩ් වෙවී තියෙන්නේ.

      Delete
    2. Dune ආපු බව දැක්ක විතරයි... බලන්න ගියේ නැහැ.. ෆිල්ම් හෝල් නම් ඇරලා ඒත් යන එක තාම ෂුවර් නෑ වගේ ..

      නිදී, හොඳ කොපි තියෙනවද ඩවුන්ලෝඩ් කරන්න ?

      Delete
    3. මගෙ ඩීවීඩී මෑන්ගෙන් ගත්ත ගිය සති අන්තෙ. අද බලනවා.හුගක් ඉස්සර පලවෙනි පොත කියෙව්වා. ඉතිරි ඒවා z library එකෙන් ඩවුන්ලෝඩ් කලෑකි. ඒත් කියවෙයිද ශුවර් නෑ.

      Delete
    4. පැතුම්, මම සමහර ෆිම්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙන්:
      https://yts.mx/
      බයිස්කෝප් ඩවුන්ලෝඩ් අදවින්ත් ල්න්ක්ස් දෙනා- එක එක මට්ටමේ flies

      Delete
    5. මොකක්ද බොලේ ඇලිස් උඩින් දාපු comment එකේ අග පේළි දෙකට වෙලා තියෙන්නේ? මම නිඳාගෙනඩ කමෙන්ටුව කෙටුවේ... ඒ පේළි දෙක මෙහෙම විය යුතුයි.

      "බයිස්කෝප් ඩවුන්ලෝඩ් එක links දෙනවා එක එක මට්ටමේ files" එකම film එකේ.

      Delete
  6. පැතුම්, ස්තුතියි පොස්ට් එකක් දැම්මට සහ මගේ කෙටි comment එකෙන් උත්තේජනයක් ලැබුවාට.

    මාත් ඔයා වැටිලා ඉන්න අමාරුවේම වැටුණා, වතාවක්. ප්‍රිස්න් බ්‍රේක් එකට ඇබ්බැහි වෙලා. අන්තිමේ ගණන් හැදුවාම (මට මතක තියෙන ව්දිහට) පැය 80ටත් වැඩියි- ඒකටම.
    ඊට පස්සේ තීරණයක් ගත්තා සීරීස් හා මෙගා ටෙලි බලන්නේ නෑ කියලා- කොච්චර හොඳ වුණත්.

    ඒ වගෙමයි ස්වයං වාරණයක් දමාගෙන ඉන්නේ- එන්ටටේනින් සීමා සහිතව කියලා. ඒ නිසා trip එකක් ගියෝතින් ඒ සතියෙ films එහෙම බැලිල්ල අඩු කරනවා. එහෙමයි මම නං බ්ලොගය ලියන්න වෙලාව හොයා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. මාස දෙක තුනක් තිබ්බ වැඩ ටික යන්තම් ඉවර වෙද්දී තමා නිදී ගේ කොමෙන්ට් එක දැක්කේ ... හෙහ් .. නියම වෙලාවට .

      මම ඇත්තටම TV එකට ඇබ්බැහි වීමක් නිසා නෙමේ නොලියා හිටියේ... ඔෆිස් සහ ගෙදර වැඩ වලට හිර වෙච්ච හින්දා... පොඩි විවේකයක් ආවත් කලේ TV බලන එක තමා .. එහෙම දවසෙම වැඩ කලාම ආයේ ලැප්ටොප් එක අරගෙන බ්ලොග් ලියන්න හිතෙන්නේ නැහැ ..

      බලමු ආයේ පටන් ගන්න ..

      Delete
  7. ඔය ඔක්කොම බැලිල්ල නවත්තල ලංකාවෙ ටීවී චැනල් එකක් බලහං. දවසෙන් ටීවී බැලිල්ල එපා වෙන බවට 100% ගැරන්ටියක් දෙන්න පුලුවං. ඊට පස්සෙ බැරියැ බ්ලොග් ලියන්න.

    ReplyDelete
    Replies
    1. චි ලංකාවේ නාට්ටි යු බටෙන් බල බල හිටියා .. එකත් දැන් මතක ඇති කාලෙකින් බලන්න බැරි උනා බන් .. වෙන TV බැලිල්ලක් නම් නෑ ඉතින් ..


      Delete
    2. ප්‍රසන්න 100%ක් හරි.
      මං ගෙදර tv එක අයින් කරලා දාලා තියෙන්නේ.

      Delete
  8. මගේ බ්ලොග් රෝලේ එල්ලා ගත්තෙමි; "නොයාම බැරි තැන් දහයක්" යටතේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තට්ටයා .. දිගටම ලියන්න වෙලාවක් ඉස්සරහට ලැබෙයි කියල හිතමු ...

      Delete
  9. බවුන්ඩේසමේ එක එපියක් එන්න තියේ නේ තව. ඒක ආවම එක පාරම සෙට්ටෙකම බලනව.

    ලොස්ට් සිම්බල් විතරයි සතියෙන් සතිය බලන්නෙ. හුඟක් අටමඟල් ආවත් බලන්න වෙලා නෑ

    අද දැක්ක ආමි ඔෆ් තීව්ස් ඇවිත් තියේ
    ඒත් තාම රොකට් රෂ්මි බලල නෑ. ඩූන් එකත් ගත්ත බැලුවෙ නෑ.

    මොන බ්ලොග්ද 😃😃😃🙈🙈

    ReplyDelete
    Replies
    1. මහේෂ්, මට නං Dune හිතට ඇල්ලුවා!

      මට හිතුණේ ඒ film එකේ ගතිය එහෙම පිටින්ම රැඳිලා තියෙන්නේ Music හා sound මතය කියලයි.

      Delete
    2. මහේෂ්, මටත් Foundation බලල ඉවර කරන්න බැරි වුණා. අනිත් ෆිල්ම් නම් කිසිම එකක් බැලුවේ නැහැ .

      නීදී,
      මටත් Dune නම් බලන්න ඕනේ .. Dune පොත් කියවන්නත් ලොකු ආසාවක් තියෙනවා .

      වෙලාවට Foundation එක පොතක් කියෙව්වා සීරිස් එකට කලින් ..

      Delete
    3. Dune බලන්න.
      පැතුම් එයින් ඔයාටත් යම් උත්තේජනයක් ලැබෙයිම කියලා තමයි මගේ හිත කියන්නේ.

      Delete
  10. තවුසෙලා පෝස්ට් එකක් දැම්මම බුකියෙන් අපව දැනුවත් කරනවා. නැත්නං බ්ලොගර් ලොග් නොවෙන අපි දන්න විදියක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩක් ඔහොම බුකියට වෙලා ඉන්නවා. මම Metaverse එකෙන් හයිටෙක් හොල්මනක් වෙලා ඇවිත් තවුසෙට කියන්නම් ඊළඟ එක ලියද්දි කොහොමත් Metaverse ඇවිල්ල තියෙයි.

      මේ ඒක නෙමේ අර නෞකාව ගිලුනද .. දැක්කේ නෑ කාලෙකින් ..

      Delete
  11. කාලෙකින් දැක්ක නැති නිසා 'බිත්තිය' අමතක වෙලාම වගෙයි හිටියේ. දැන් අලුත්වැඩියා කර ඇති නිසා හොඳට පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්තයෝ, දැකපු වෙලාවේ ආපු එකත් ලොකු සතුටක් ..මටත් ඒ පැත්තේ එන්න බැරි උනානේ ... නැවත කියවන්න පටන් ගන්න ගමන් මේ ..

      Delete
  12. ඇපල් එකේ ඇසිමෝව් ගේ foundation යනවද? මෙඡාර කලින් කීවේ නැත්තේ මොකෝ පැතුමේ , මාත් යනව ඒක බල්ලන්. මොන බ්ලොග්ද

    ReplyDelete
    Replies
    1. මම හිතං හිටියේ foundation කවදාවත් සීරිස් එකක් විදියට එන එකක් නැහැ කියල .. නමුත් දැනටම තව සීසන් එකක් හදන්න තීරණේ කරලා .. බලලම කතා කරමු

      Delete
  13. අඩෙහ්...! මං මේක ට කමෙන්ට් කරල නෑනෙ.

    ReplyDelete
  14. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  15. අප්පේ... මේ ඉන්නේ.. මම ප්‍රමාදයි.. ඒ උනාට කමක් නෑ

    රට්ටු නම් කිව්වා තමයි තවත් එව්වා.... අර කියාපු තැන්වල ගියා, හරිගියේ නැහැ.. බ්ලොග් ලියවෙන්නෙත් නැහැනේ.. මොන නුහුගුණයක්ද මන්ද

    ReplyDelete